නවකවධය දරාගත නොහැකිව වැවට පැන්න සිසුවිය තොරතුරු රැසක් හෙළිකරයි

නවකවධය දරාගත නොහැකිව වැවට පැන්න සිසුවිය තොරතුරු රැසක් හෙළිකරයි


නවකවධය දරාගත නොහැකිව වැවට පැන්න සිසුවිය තොරතුරු රැසක් හෙළිකරයි

(03.06.2025 – 19:01 +0530 – sinhala.adaderana.lk)

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු (1) වසරේ සිසුවියක් නවකවධය දරාගත නොහැකිව වැවකට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කර තිබුණි.

ප්‍රදේශවාසීන් විසින් අදාළ සිසුවිය බේරාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙකු (3) හා සිසුවියක් (1) අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය පැවසීය.

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නවක සිසුවියක් ඒ අසල වූ වැවකට පැනීමේ සිදුවීම වාර්තා වුණේ ඊයේ (02) පස්වරුවේදී ය.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් අදාළ සිසුවිය බේරාගන්නා ආකාරය පුද්ගලයෙකු විසින් රූපගත කර තිබුණි.

අනතුරුව සිසුවිය කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

සිද්ධිය පිළිබඳ සිදුකරන විමර්ශනවලට අදාළව කුලියාපිටිය පොලීසිය සිසුවියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති අතර, එහිදී ඇය පවසා ඇත්තේ තමන් කුලියාපිටිය කාර්මික විද්‍යාලය තුළදී දරාගත නොහැකි ලෙස නවකවධයට ලක්වන බවය.

තමන් පැවසීමට නොහැකි ආකාරයේ වධ හිංසනයන්ට මුහුණදුන් බවද පොලීසිය හමුවේ පවසා තිබේ.

අනතුරුව අප මේ පිළිබඳව කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ විදුහල්පති චන්දන අභයලාල් ගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු පැවසුවේ, සිදුවීම සම්බන්ධයෙන් කාර්මික විද්‍යාලය මට්ටමෙන්ද විමර්ශනයක් සිදුකරන බවය.

එවන් පසුබිමක සිසුවියට නවකවධය දුන් බවට පැවසෙන කාර්මික විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනෙකු (3) හා සිසුවියක් (1) අද (03) කුලියාපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේය.

සැකකරුවන් නවකවධ පනත යටතේ හෙට (04) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කළේය ෴


මැණික් කැට දහස් ගණනික් හැදුණු මිල කරන්න බැරි මැණික් පුටුවේ වැඩ අවසන් (03.06.2025)

+


වෙඩි තියලා හෙන ගේමක් දීලා අල්ල ගත්ත “ශාන් සුද්දා” රෝහලින් පැනලා ගිහින් | වැල්ලවායේ කුඩු ජවාරමාගහපු ගේම (03.06.2025)

+


“සුක්කානම රවුම් භාගයක් නිකන් කැරකෙනවා” | හැටන් බස් නැවතුමේ බස් පරික්ෂා කළ නිලධාරීන්ගේ ඉහමොළ රත්වෙයි (03.06.2025)

+


01-06-2025

+

03-06-2025

+


ගැබිනි බිරිඳ ඝාතනය කර හිස රැගෙන පොලීසියට ගිය සැමියා අත්අඩංගුවට

(03.06.2025 – hirunews.lk)

ගැබිනි බිරිඳ ඝාතනය කොට හිස කඳින් වෙන්කර එම හිස කොටස රැගෙන පොලීසියට පැමිණ භාරවූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් වාර්තා වනවා.

සැකකරු වවුනියාවේ, පුලියන්කුලම ප්‍රදේශයේදී අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර තිබෙනවා.

මෙම සැකකාර සැමියා විසින්ම ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලීසියට පැමිණ භාරවූ බවයි පොලිසිය පවසන්නේ.

ඒ සමගම පොලීසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන, බිරිඳගේ සිරුර කැළෑවක් අසල තිබී සොයාගෙන තිබෙනවා.

ඝාතනයට ලක්වූ කාන්තාව නොච්චිකුලම ප්‍රදේශයේ ගුරුවරියක් බවයි පැවසෙන්නේ.

දීර්ඝ කාලයක සිට පැවති පවුල් ආරවුලක් මත ඝාතනය සිදුව තිබෙන බවයි පොලීසිය පවසන්නේ.

පුලියන්කුලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා ෴


ලිංගික අපචාරයක් – සමලිංගික සිද්ධියක් (03.06.2025)

+


බාලයි කියලා තහනම් කළ එන්නත් තොගයේ ඇත්තම කතාව මෙන්න | මේ කෙහෙළියගේ වතුර කවලම් බෙහෙත නෙවෙයි (02.06.2025)

+


යක්ෂ හාමුදුරුවෝ ඉන්දියන් ඍෂිට යාපනයේදී පහරදීම | සුද්දෝ අපිට කරපු හිංසා | ලක් භූමියේ ඍෂිවරු ගැන… – ධම්මරාජ මහා බෝසතානෝ (04.06.2025)

+


බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක ගින්නක්

(04.06.2025 – hirunews.lk)

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ කොළඹ මාර්ගයට මුහුණලා ඇති ලී අලෙවි සැලක ගින්නක් හටගන තිබෙනවා.

අද (04) උදෑසන පහට (05:00) පමණයි මෙම ගින්න ආරම්භ වී ඇත්තේ.

කොළඹ නගර සභාව, මොරටුව නගර සභාව සහ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවන රථ මගින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ගින්න හේතුවෙන් වෙළඳ සැල මුළුමනින්ම දැවී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගින්න නිවන අවස්ථාවේදී කොළඹ සිට පිළියන්දල දෙසට ගමන් ගන්නා මං තීරුව මුළුමනින්ම වසා දමා තිබුණා.

+++

+


පොසොන් දන්සැල් වලට භාවිත කරන ජලය ගැන අවධානයෙන් පසුවන්නැයි ඉල්ලීමක්

(04.06.2025 – hirunews.lk)

පොසොන් පොහොය වෙනුවෙන් ලබා දෙන දන්සැල් වලට භාවිතා කරන ජලය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ‘මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය’ ඉල්ලීමක් කරනවා.

එහි සභාපති උපුල් රෝහණ කියා සිටියේ, පසුගිය දිනවල පැවති අයපහත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශ වල ජල ප්‍රභවයන් අපවිත්‍රවී ඇති බවයි ෴


ලබන (2026) වසරේ සිට ‘ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක්’

(04.06.2025 – hirunews.lk)

ලබන (2026) වසරේ සිට ‘ජාතික අධ්‍යාපන දත්ත කළමනාකරණ පද්ධතියක්’ නිර්මාණය කිරීමට නියමිත බව ‘උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය’ පවසනවා.

‘ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තොරතුරු තාක්ෂණ අංශයේ’ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, උප්පැන්න සහතිකය, විභාග ප්‍රතිඵල, කුසලතා, නිපුණතා ඇතුළු පාසැල් දරුවන්ගේ සියලු‍ දත්ත මෙම පද්ධතියට ඇතුළත් කිරීමට අපේක්ෂිතයි.

ලබන (2026) වසරේ සිට පළමු (1) සහ හය (6) ශ්‍රේණිවලට ඇතුළත්වන දරුවන් මූලික කර ගනිමින් මෙය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා ෴


ශ්‍රීලංකන් සමග එක්වන නව ගුවන් යානය බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත

(04.06.2025 – hirunews.lk)

ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් අලුතින් අත්පත් කරගත් 4R-ALT ලෙස ලියාපදිංචි කර ඇති එයාර් බස් A330-200 ගුවන් යානය, ප්‍රංශයේ සිට පැමිණීමෙන් පසු විශේෂ ගුවන් ගමනකින් අනතුරුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.

ඒ අනුව උදෑසන 09:30 ට පමණ අඩි 1,500 ක පමණ උසකින් මෙම ගුවන් යානය කොළඹ වෙරළ තීරය ඔස්සේ වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා දිස්වන පිරිදි පියාසර කළා.

අනතුරුව නව ගුවන් යානා සාමාජිකයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ගුවන්යානය ගොඩබැස්වීමට පෙර බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉහළින් ප්‍රදර්ශන පියාසැරියකද නිරත වුණා.

මාතෘ භූමිය ලොවට සම්බන්ධකරන දිගු හා කෙටි ගමනාත්න මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා බල ඇණිය සමග අද (04) සිට මෙම ගුවන්යානය එක් වනු ඇති.

ප්‍රංශයේ සිට පැය 11 ක ගුවන් ගමනක යෙදෙමින් ප්‍රධාන ගුවන් නියමු රජීන් රණතුංග විසින් මෙය පදවා ගෙන පැමිණි අතර ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස තවත් ඉංජිනේරුවරුන් ඇතුළු 10 දෙනෙකු ද සහාය දක්වා තිබුණා.

එය කටුනායක ගුවන් තොටුපොළ වෙත ලඟා වීමෙන් පසුව, ජල ආචාර පවත්වා, පිළිගනු ලැබුවේ රැස්ව සිටි විශාල පිරිසකගේ අත්පොළසන් නාදය මධ්‍යයේයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මෙම ගුවන් යානයත් සමග මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව ගුවන් යානා 23 ක් ඇති අතර, ඒවා අතරින් 10 ක් පුළුල් බද සහිත ගුවන් යානා වනවා.

ඉතිරි 13 පටු බද සහිත ගුවන් යානා වන අතර තවත් පුළුල් බද සහිත ගුවන් යානා දෙකක් (2) මිළදී ගැනීම සදහා මේ වනවිට කැබිනට් අනුමැතිය හිමි වී ඇති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ සදහන් කළේ.

මෙම නවතම ඒ-330 ගුවන් යානය තුළ පිරිමැසුම්දායක පංතියේ ආසන 248 ක් සහ ව්‍යාපාරික පංතියේ ආසන 18 කින් සමන්විත වනවා.

මෙම නව ගුවන් යානය පැය 04 කට වඩා කාළය වැය වන ඔස්ට්‍රේලියාව, ලන්ඩන්, පැරිස්, ෆෑන්ක්ෆර්ට්, මැදපෙරදිග, චීනය යන ගමනාන්ත වෙත යොමු කිරීමට නියමිතයි.

+++

+++

+++

+++

+++

එයාර්බස් 330 : SriLankan ගුවන් සේවය වසර 14 ක් පැරණි ගුවන් යානයක් බදු ගත්තේ ඇයි?

(04.06.2025 – bbc.com/sinhala/)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ the gem encrusted Chair gifted to Nagadeepa temple. Full marks for blind devotion, but if this chair is made up of real gems and worth that much, then who is going to protect this at the temple from a country full of rogues. It is also an unnecessary burden of providing and maintaining a security infrastructure. What has Lord Buddha taught us in Dhamma about collecting riches, yet blind devotees keep plying monks, who after all entered the Sasana to give up all their worldly possessions and seeking Nirvana, with unbearable burdens like this while a large proportion of poor and underprivileged people are starving and struggling for life, and ministers in charge of health were stealing money allocated for medicines. Sorry, if I am critical about these silly publicity projects in the name of the Buddha that are contradictory to the teachings of the Dhamma, but I do not agree with this nonsense.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *