ජනපති සේයාරුව මැතිවරණ ප්‍රචාරණයට භාවිත නොකරන්නැයි ජනපතිගෙන් නියෝගයක්
(01.07.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala) එළඹෙන මහමැතිවරණයට තරඟවැද සිටින අපේක්ෂකයන් ප්‍රචාරක කාර්යයන් සඳහා ස්වකීය ඡායාරූප භාවිත නොකළ යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා. එසේම ආරක්ෂක සේවා, රාජ්‍ය සේවා, සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතනවල සේවයේ නිරත රාජ්‍ය සේවකයන් කිසිවකුත් දේශපාලන වැඩ නොකළ යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. මෙවර මහමැතිවරණයට තරඟවදින අපේක්ෂකයන් …