රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
රු. 50,000 ක අල්ලසක් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
(07.07.2025 – hirunews.lk)
රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ඉල්ලා, එය ලබාගැනීමේ සිද්ධියකට අදාළව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (07) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එහිදී, මිණිලිකරු විසින් දෙමටගොඩ, කොළොන්නාව පාරේ පවත්වාගෙන යනු ලබන ආයතනයක 2025 වර්ෂයට අදාළ බදු නිශ්කාෂණ වාර්තාව ලබා ගැනීමට කටයුතු කිරීමේදී, පසුගිය වර්ෂයන් සඳහා රුපියල් 1,100,000/- (රුපියල් ලක්ෂ එකොළහක්) ක හිඟ බදු මුදලක් ගෙවීමට ඇති බවට මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා දන්වා තිබෙනවා.
එම හිඟ මුදල ඉවත් කර, 2025 වර්ෂයට අදාළව නිශ්කාෂණ වාර්තාව ලබා දීම වෙනුවෙන් රුපියල් ලක්ෂයක (100,000) මුදලක් අල්ලස් ලෙස ඔහු ඉල්ලා ඇති අතර, පසුව මෙම මුදල රුපියල් පනස් දහස (50,000) දක්වා අඩු කර තිබෙනවා.
එම අඩු කළ මුදලින් රුපියල් හතළිස් දෙදහසක් (42,000) පසුගිය ජූලි 03 වන දින සැකකරු විසින් ලබාගෙන ඇති අතර, ඉතිරි රුපියල් අටදහසක (8,000) මුදල අද (07) දින පස්වරු 03:08 ට පමණ ලබාගැනීමේදී, ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු වන කේ.සී.කේ. කුමාර යන අයව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අදාළ කාර්යාලයේදී අත්අඩංගුවට ගත් බවයි එම නිවේදනයේ සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
+++
+
Dating App හරහා මුලාකර පානදුරේදී අයෙක්ව කොල්ලකෑ පිරිසක් අත්අඩංගුවට
(07.07.2025 – hirunews.lk)
LGBTQ+ ප්‍රජාව සඳහා වන යෙදුමක් (dating app) හරහා පුද්ගලයෙකු රවටා, ඔහු කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ තරුණයින් පස් දෙනෙකු (5) පානදුර දකුණු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර දකුණු පොලිසියෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ, මෙලෙස කොල්ලකෑමට ලක්ව ඇත්තේ පානදුර වෙරළ තීරයේදී පිහියක් පෙන්වා තර්ජනය කර මුදල්, ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් පැහැරගෙන ඇති පිරිසක් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17, 18, සහ 19 යන වයස්වල පසුවන අතර, ඔවුන් පානදුර, බෙල්ලන්විල, හිරණ, මොරොන්තුඩුව සහ වලාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කළා.
පොලිසියට ලැබී ඇති පැමිණිල්ලට අනුව, සැකකරුවන් පිරිස විසින් මෙම පුද්ගලයා පානදුර වෙරළ තීරයට රැගෙන ගොස්, ඔහුගේ ඇඳුම් ගලවා, නිරුවත් වීඩියෝවක් පටිගත කර ඇති බවත්, පසුව එම වීඩියෝව අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර තිබෙනවා.
ඉන් අනතුරුව, සැකකරුවන් විසින් අදාළ පුද්ගලයාගේ ලැප්ටොප් පරිගණකය, ජංගම දුරකථනය සහ රුපියල් 9,000 ක මුදලක් කොල්ලකා ඇති බවයි පොලිසියෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
උමා ඔයේ ගිලී සිසුන් දෙදෙනෙකු (2) මරුට
(07.07.2025 – hirunews.lk)
වැලිමඩ ප්‍රදේශයේ උමා ඔයේ ගිලී සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
පොලිසිය පැවසුවේ, වයස අවුරුදු 10 ක පිරිමි ළමුන් දෙදෙනෙකු (2) මෙසේ මිය ගොස් ඇති බවයි.
පාසල් නිමවී තම හිතවතකුගේ නිවෙසට ගොස් දහවල් ආහාර ද ගෙන ඇති මෙම දරුවන් දෙදෙනා උමාඔයේ ගල්ගේ වත්ත ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් ඇති බවද පොලිසිය සඳහන් කළා ෴
කොළඹ ඉතිහාසයේ දැවැන්තම ඉඩම් ගනුදෙණුව සිදුකෙරේ
(07.07.2025 – hirunews.lk)
කොළඹ, තුම්මුල්ල ප්‍රදේශයේ අක්කරයකට ආසන්න ඉඩමක් පර්චසයක් රුපියල් මිලියන 29 ක වාර්තාගත මුදලකට අත්පත් කර ගැනීමට ‘හෝම් ලෑන්ඩ්ස් සමූහය’ සමත්ව තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම සඳහන් කර ඇත්තේ, මෙය කොළඹ ඉඩම් ගණුදෙනුවකදී පර්චසයකට ගෙවන ලද ඉතිහාසයේ ඉහළම මුදල බවයි.
මෙම වාර්තාගත ඉඩම් මිලදී ගැනීමේ ආයෝජනය රුපියල් බිලියන 4.5 ඉක්මවා ඇති බවද සඳහන්.
මෙලෙස මිලදී ගත් තුන්මුල්ලේ ඉඩමේ මහල් 40 කින් යුත් ද්විත්ව කුළුණු නේවාසික සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර ඒ සඳහා ‘හැටන් නැෂනල් බැංකුව’ අරමුදල් සපයනු ලබන ‘ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක්’ බවටයි වාර්තා වෙන්නේ ෴
අන්තර්ජාල සේවා සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට
(07.07.2025 – hirunews.lk)
අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ට ද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සදහා වන අති විශේෂ ගැසට් නිවේදනය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව එම සේවා සැපයීම්වලට අදාළව 18% ක එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතයි.
එම බදු අය කිරීම ඔක්තෝබර් මස පළමු වැනිදා (01) සිට ක්‍රියාත්මක වනවා.
අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන පුද්ගලයින් සඳහා බදු අය කිරීමේ රජයේ සූදානම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවුණා.
එවැනි පසුබිමක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි හිමාලි ප්‍රනාන්දු මහත්මිය පසුගිය පළමු වැනිදා (01) අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, විදේශයක සිටින තැනැත්තෙකු මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත බදු ගණනය කිරීම ඔක්තෝබර් පළමු වැනිදා (01) සිට ක්‍රියාත්මක වන බවයි.
ඒ අනුව සියයට 18% ක එකතු කළ අගය මත බද්ද මේ සඳහා ද අය කෙරෙනු ඇති.
එමෙන්ම මෙම බදු අයකිරීම් අදාළ සේවාවන් ද මෙම ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.
සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම් භාවිතයේදී ද ඔක්තෝබර් පළමු වැනිදා (01) සිට එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතයි.
එමෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් කර නොමැති වුව ද විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවවාක් මෙම වැට් බද්දට අයත් වන බව ද එහි සඳහන්.
එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට සපුරාලිය යුතු අවශ්‍යතා ද මෙම ගැසට් නිවේදනයේ දක්වා තිබෙනවා.
ඒ අනුව එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම විදේශයක සිටින නැතහොත් නිර්වාසික තැනැත්තෙකු බදු ගෙවන්නා හදුනා ගැනීමේ TIN අංකයක් ලබා ගත යුතුයි.
ගෙවුණු වසරක (1) කාලසීමාව තුළ සේවා සැපයුම් වටිනාකම රුපියල් මිලියන 60 ඉක්මවන හෝ පසුගිය මාස 3 ක කාලසීමාව තුළ රුපියල් මිලියන 15 ක සීමාව ඉක්මවන නිර්වාසික තැනැත්තෙකු එකතු කළ අගය මත බදු පනතට අනුව ලියාපදිංචි වීමට බැඳී සිටින බව ද එම ගැසට් නිවේදනයේ සඳහන් ෴
SMS ගහන ගමන් ළමයි ගුරුවරු දිනවන්න වලි දාගන්නවා |සම්මානය ප්‍රතික්ෂේප කළ හේතුව දිනේෂ් මුතුගල කියයි (07.07.2025)
+
ආණ්ඩුවේ පච වැලක් මෙන්න (08.07.2025)
+
දේශබන්දු හැදුවේ මාව මරලා මුහුදට දාලා ඒකට සමන් පෙරේරාව අහු කරන්න. මාව පැහැර ගත්තේ ජනාධිපතිගේ ගෙදරදි (07.07.2025)
+
ජනාධිපතිගේ ගජ මිතුරෝ කවුද? ‘විජාතික විජායන’ කවුද? විමල්ගෙන් දැනගමු! (07.07.2025)
+
ඉන්දියානු වෙස් මුහුණ පැළඳගත් ඊශ්‍රායල දත්ත මාෆියාවට ලංකාවත් බිලිදෙනවාද? (08.07.2025)
+
1500CC ට අඩු වාහන ගෙන්වන්න සහන දෙන්නැයි ‘දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයෙන්’ ඉල්ලීමක්
(08.07.2025 – 16:53 +0530 – sinhala.adaderana.lk)
මෙරටට වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබා දෙන ලෙස දේශීය ආදායම් නිලධාරින් රජයෙන් ඉල්ලා තිබේ.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා අද (08) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යන බවය.
මේ හේතුවෙන් 1500CC ට අඩු ධාරිතාව ඇති වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන්නේ නම් ජනතාව සහ ව්‍යාපාර එවැනි වාහන ආනයනය කිරීමට පෙළඹෙන බවත් ඒ තුළින් විශාල ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා :
“අපි දන්නවා රටට විශාල වශනේ වාහන ගෙන්වලා තියෙනවා. විශේෂයෙන් මේ CC ‘කැපැසිටිය’ ඉතා විශාල වාහන ගෙන්වනවා. මේ වාහනවලට තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන්නේ ඒ නිසා අපිට වෘත්තීය සමිතියක් විදිහට යෝජනා කරන්න පුළුවන් CC ‘කැපෑසිටිය’ 1500 ට වඩා අඩු වාහන ගෙන්වන්න ඉඩ දෙනවානම්, ඒවාට වැඩි බදු සහනයක් දෙනවානම් ජනතාව, ව්‍යාපාර එවැනි වාහන ආනයනය කරයි ඒ තුළ විශාල වශයෙන් විදේශ විනිමය පිටතට යන එක නතර කරගන්න පුළුවන් වෙයි. මොකද අපි දන්නවා සමහර වාහන ගෙනල්ලා තියෙන වටිනාකම් බැලුවාම ඒවාට යන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි. එවැනි වාහනයකින් සාමාන්‍ය 1500CC ‘කැපෑසිටිය’ට අඩු වාහන 20-25 ක් ගේන්න පුළුවන් ඒ එක වාහනයක් ගේන්න යන විදේශ විනිමය ප්‍රමාණයෙන්.”
බොරැල්ලේ වෙඩි තැබීමක්
(08.07.2025 – hirunews.lk)
බොරැල්ල, ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර, වෙඩික්කරුවන් පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
+++
+
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්
(08.07.2025 – hirunews.lk)
2017 වසරේ සිට 2020 වසර දක්වා කාලසීමාව තුළ ආගමික ස්ථාන සහ විවිධ කටයුතු සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහාය ලබා දීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.
මෙම කමිටුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලකගේ සභාපතිත්වයෙන් යුක්තයි.
2025 මැයි 17 වන දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේදී මෙම අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට තීරණය වී තිබෙනවා.
ඒ අනුව, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා ෴
අල්ලස් ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් රිමාන්ඩ්
(08.07.2025 – hirunews.lk)
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් එකොලොස් ලක්ෂයක (11,00,000) පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ලබා ගැනීමට කටයුතු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කර තිබුණා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴