කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල


කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ වෙඩිතැබීමක් – කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) ට තුවාල

(06.07.2025 – 05:23 +0530 – sinhala.adaderana.lk)

කොස්ගම, සුදුවැල්ල ප්‍රදේශයේ අද (06) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් කුඩා දැරියක් (1) ඇතුළු තිදෙනෙකු (3) තුවාල ලබා තිබේ.

ඔවුන් තිදෙනා (3) ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව සඳහන්ය.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි මව, 12 හැවිරිදි දියණිය සහ තවත් 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි ෴

+++

+


බෞද්ධ උරුමය විනාශ කරන ආණ්ඩුවේ දැවැන්ත කුමන්ත්‍රණයක්! දිඹුලාගල හිමි කිව්ව දේ මෙන්න (29.06.2025)

+


දිවුලපිටිය ප්‍රාදේශීය සිත් සුවය – දීගොඩ කුමාර මහතා – 06-07-2025

= පවිටු අමනුෂ්‍යයන් තම ශරීරගතවී සිටි රෝගීන් බොහෝ දෙනෙකු පහසුවෙන් සුවය ලබන අයුරු =

2 න් 1 වන කොටස :

+++

2 න් 2 වන කොටස :

+


වාකරේ වැවක ගිලී දරුවන් තිදෙනෙකු (3) මරුට

(06.07.2025 – hirunews.lk)

මඩකලපුව, වාකරේ වැවක ගිලී වයස අවුරුදු 10 ත් 11 ත් අතර ළමුන් තිදෙනෙකු (3) ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගැහැණු ළමයින් දෙදෙනෙකු (2) සහ පිරිමි ළමයෙකු (1) බවයි ෴


උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කරයි

(06.07.2025 – hirunews.lk)

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය වන වේලාවන් සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, සති අන්තයේ පමණක් ධාවනය කරනු ලබන ‘නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය’ හෙට (07) සිට දිනපතා ‘ගල්කිස්ස සහ කන්කසන්තුරය’ අතර ධාවනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මීට අමතරව කොළඹ කොටුවෙන් පෙරවරු 05:45 ට කන්කසන්තුරය දක්වා ධාවනය කරන ලද ‘යාල්දේවි දුම්රිය’ ද හෙට (07) සිට කොළඹ කොටුවෙන් පිටත්වන වේලාවද සංශෝධනය කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එම දුම්රිය කොළඹ කොටුවෙන් පිටත්වන වේලාව පෙරවරු 06:40 ලෙස සංශෝධනය කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :


KDU සිසුන් බඳවා ගැනීම ගැන අමාත්‍ය නලින්දගෙන් පැහැදිලි කිරීමක්

(06.07.2025 – hirunews.lk)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම යළි ආරම්භ කළේ මීට පෙර එම පීඨයට සිසුන් බඳවාගත් ක්‍රියාවලියට අනුකූලව බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එමෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම නතර කිරීමට ගත් තීරණය තාවකාලිකව ගත් තීරණයක් බවයි අමාත්‍යවරයා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව නතර කරන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී රජය විසින් ප්‍රකාශ කළ අතර, මෙම තීරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පාර්ශ්ව රැසකගේ විරෝධය එල්ල වූ පසුබිමක ඒ සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල කමිටුවක් ද පත්කෙරුණා.

එවැනි පසුබිමක කොළඹදී මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ එම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම යළි ආරම්භ කළේ මීට පෙර එම පීඨයට සිසුන් බඳවාගත් ක්‍රියාවලියට අනුකූලව බවයි.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයද කොළඹදී කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළකළා.

එහි කැදවුම්කරු මදුෂාන් චන්ද්‍රජිත් එහිදී චෝදනා කළේ වත්මන් ආණ්ඩුවද අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් පෙළී ගැසී ඇති බවටයි.

+


කොස්ගමදී ‘කොටහෙර පොඩ්ඩා’ ඝාතන තැත, පාතාල කල්ලි අතර ගැටුමක්

(06.07.2025 – hirunews.lk)

කොස්ගම – සුදුවැල්ල ප්‍රදේශයේදී කොටහෙර පොඩ්ඩාට වෙඩි තැබීමේ සිද්ධිය පාතාල ගැටුමක ප්‍රතිඵලයක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ ‘කඳන ආරාච්චිගේ ශ්‍රියන්ත කුමාර’ හෙවත් ‘කොටහෙර පොඩ්ඩා’ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අතර ඔහුට අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කලක් ඔහු බන්ධනාගාරගතව සිට ඇති බවද පොලිසිය සඳහන් කළා.

මොහු සමඟ විරසකව සිටින වෙනත් සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ඝාතන උත්සාහය දරන්නට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

‘කොටහෙර පොඩ්ඩා’ ත්‍රිරෝද රථයකින් තවත් කාන්තාවක් සහ දැරියක් සමඟ ගමන් කරමින් සිටියදී මෙලෙස අද (06) අලුයම වෙඩි ප්‍රහාරයට ලක්වුණා.

නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු (2) යතුරු පැදියකින් පැමිණ වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

+


හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් අත්අඩංගුවට

(06.07.2025 – hirunews.lk)

හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන්ගේ සමීපතමයෙකුවන ‘ඉනිය භාරතී’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලෙයාන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශන කටයුතුවලට අදාළවයි ෴


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 20 වනදාට පෙර

(06.07.2025 – hirunews.lk)

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 20 වැනිදාට පෙර නිකුත් කරන බව, විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ‘හිරු ප්‍රවෘත්ති’ කළ විමසීමකදී සඳහන් කළේ නිශ්චිත දිනය තවමත් ප්‍රකාශයට පත් කළ නොහැකි බවයි.

පසුගිය මාර්තු මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සදහා අයදුම්කරුවන් සංඛ්‍යාව 474,147 ක් පෙනී සිටියා.

ඉන් 398,182 ක් පාසල් අයදුම්කරුවන් වනවා ෴


ගාල්ල, මාතර සහ ඇල්පිටියේ විශේෂ සෝදිසි මෙහෙයුමකින් 457 ක් අත්අඩංගුවට

(06.07.2025 – hirunews.lk)

දකුණු පළාතේ මාතර, ගාල්ල දිස්ත්‍රික්ක සහ ඇල්පිටිය යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් ඊයේ (05) රාත්‍රියේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි පුද්ගලයින් 457 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම සෝදිසි මෙහෙයුමට පොලිස් නිලධාරින් 1000 කට අධික පිරිසක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරින් 500 දෙනෙකු එක්වූ බවයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ (05) මෙම සෝදිසි මෙහෙයුම දියත් කර තිබෙනවා ෴


රුපියල් කෝටියකට අධික මත්පැන් සහ කරදමුංගු සමග 04 ක් කටුනායකදී අල්ලයි

(06.07.2025 – hirunews.lk)

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් (1,50,00,000) වටිනා මත්පැන් සහ කරදමුංගු තොගයක්, සමග ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව්දෙනෙකු (4) කටුනායක ගුවන් තොටුපොළේදි අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සන්තකයේ තිබී විදේශීය ගුවන් තොටුපොළක තීරු බදු රහිත සාප්පු සංකීර්ණයකින් මිළදී ගත් මත්පැන් බෝතල් 378 ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 132 ක් තිබී මෙලෙස රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ සහ හැටන් ප්‍රදේශවල පදිංචිකරුවන් ෴


ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (07) ජල කප්පාදුවක්

(06.07.2025 – hirunews.lk)

ලංකා විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (07) පෙරවරු 08:30 සිට පස්වරු 08:30 දක්වා විදුලිය අත්හිටුන බැවින් පැය 12 ක කාලයක් බියගම ජල පවිත්‍රාගාරයට ජල සැපයුම් අක්ෂිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව, පැලියගොඩ, වත්තල, ජා-ඇල, කටුනායක – සීදුව නගර සභා බල ප්‍රදේශ සඳහා මෙසේ ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකටත් ජල සැපයුම අත්හිටුවිමටයි කටයුතු කර ඇත්තේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *