ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ දේවිය අභාවප්‍රාප්ත වෙයි

(01.07.2020 – 09:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (30) රාත්‍රියේ මිය යන විට ඇය 92 වන වියේ පසුවුණා.

මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක් ද වන ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති 200 කට අධික සංඛ්‍යාවක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා කර තිබෙනවා.

ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ උපත ලැබූ ඇය 1956 වසරේදී නිර්මාණය කළ කුඩ හොරා කෘතිය 1986 වසරේදී ජපානයේ පළ වූ හොඳම විදේශීය ළමා කෘතිය ලෙස ද සම්මානයට පාත්‍ර වුණා.

එසේම, ඇය පසුගියදා ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබුවේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානයන් සහිත කතන්දර පොත රචනා කරමින්.

පසුගිය වසරේ ලෝක ළමා දිනයට සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් ‘වොන්ඩර් ක්‍රිස්ටල්’ හෙවත් ‘පුදුම පළිඟුව’ නමැති කතාන්දර පොත රචනා කළ ද එහි අවසානයක් නොමැතිව නිකුත් කෙරුණා.

එම පොත මෙරට කුඩා දරුවන් 20,000 කට පමණ යොමුකර තිබූ අතර, ඔවුන් රචනා කළ අවසානයන් ඇතුළත් කර මෙම කතන්දර පොත භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා.

ඒ අනුවයි, එය වැඩිම අවසානයන් සහිත කතන්දර පොත බවට ගිනස් වාර්තා අතරට එක්වුණේ.

මේ ඇය, හිරු ගොසිප් සමග වසර කිහිපයකට පෙර සොඳුරු අතීතයක මතකාවර්ජනයයි :

https://www.youtube.com/watch?v=g7PQMRklDgs

+++++++++++++++++++++

සිබිල් වෙත්තසිංහ දේවිය අද (03) දැයෙන් සමු ගනී

(03.07.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතයි.

ඒ, බොරැල්ල පොදු සුසාන භූමියේදීයි.

මිය යන විට 92 වන වියේ පසුවූ ඇය මෙරට ප්‍රවීන හා ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පිනියක්ද වනවා.

ඇය විසින් කුඩ හොරා, මැටි ගෙදර ළමයි, උඩ ගිය බබා, කුසුමලතා, දුවන රැවුල, අන්දරේ, සූත්තර පුංචා, මල්ලිටයි මටයි ආදී ළමා කෘති 200 කට අධික සංඛ්‍යාවක් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචනා කර තිබෙනවා.

ගාල්ල – ගිංතොට ප්‍රදේශයේ උපත ලැබූ ඇය 1956 වසරේදී නිර්මාණය කළ කුඩ හොරා කෘතිය 1986 වසරේදී ජපානයේ පළ වූ හොඳම විදේශීය ළමා කෘතිය ලෙස ද සම්මානයට පාත්‍ර වුණා.

එසේම, ඇය පසුගියදා ගිනස් වාර්තාවක් පිහිටුවනු ලැබුවේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ලොව වැඩිම අවසානයන් සහිත කතන්දර පොත රචනා කරමින්.

පසුගිය වසරේ ලෝක ළමා දිනයට සිබිල් වෙත්තසිංහ විසින් ‘වොන්ඩර් ක්‍රිස්ටල්’ හෙවත් ‘පුදුම පළිඟුව’ නමැති කතාන්දර පොත රචනා කළ ද එහි අවසානයක් නොමැතිව නිකුත් කෙරුණා.

එම පොත මෙරට කුඩා දරුවන් 20,000 කට පමණ යොමුකර තිබූ අතර, ඔවුන් රචනා කළ අවසානයන් ඇතුළත් කර මෙම කතන්දර පොත භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කෙරුණා.

ඒ අනුවයි, එය වැඩිම අවසානයන් සහිත කතන්දර පොත බවට ගිනස් වාර්තා අතරට එක්වුණේ.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මෙරට ළමා කතන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක් වූ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

ළමා මනස කියවූ නූතන ලේඛිකාවක ලෙස සිබිල් වෙත්තසිංහයන් දෙස් විදෙස් විද්වතුන්ගේ ඇගයීමට ලක්ව තිබුණා.

සිංහල ගැමි පරිසරය සහ ඉන් ලද අත්දැකීම් දරුවන්ගේ ලෝකය විනිවිද දැකීමටත්, ගුරු හරුකම් දීමටත් ඇය සමත් වූ බවයි ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඇයගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සිය දිවියම ළමා ලෝකයේ සතුට වෙනුවෙන් කැපකළ ඇයගේ නිර්මාණ තවත් සුවහස්කල් මෙරට ළමා ලෝකය සුන්දර කරනු ඇති බවට තමා විශ්වාසය පළ කරන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *