පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී-56 අවි දෙකක් (2) සොයා ගැනේ

(11.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala) හෝමාගම – පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56 අවි දෙකක් (2) පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා. එහිදී ඊට අදාළ සැකකාර කොස්තාපල් රියදුරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පසුගිය …

මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(11.07.2020 – 06:39 +0530 – hirunews.lk/sinhala) මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා. ඊයේ (10) රාත්‍රී 12:25 ට පමණ රාත්‍රී ජංගම පොලිස් මුර සංචාරයේ නිරතවූ අඟුලාන පොලීසියේ නිලධාරීන් තුන්දෙනෙකු (3) විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා ත්‍රිරෝද රථ දෙකක් (2) පරීක්ෂා කිරීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පොලිස් …

අසාද් සාලිගේ බාධාවක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි

(10.07.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala) මද්‍රසා පාසල් වල ඉගැන්වීම කටයුතු සදහා මෙරටට පැමිනෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රියාත්මක කිරීමට ගිය වැඩපිළිවෙළට එවකට බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාද් සාලි බාධා එල්ල කළ බව පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුනා. ඒ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික …

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි

(10.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala) = කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි – ආසාදිත උපදේශකවරියගේ මව, පියා ඇතුළු පවුල් 07 ක් ස්වයං නිරෝධායනයට = නාත්තන්ඩිය – කොට්රාමුල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත 27 හැවිරිදි තරුණියගේ මව, පියා ඇතුළු ආශ්‍රිත පවුල් 10 ක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. අදාළ තරුණිය මත්ද්‍රව්‍යවලට …

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57 කට කොරෝනා – උපදේශිකාවක් පොදු ප්‍රවාහන සේවාත් භාවිත කර ඇතැයි හෙළිවේ

(09.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala) කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසකට සිදුකල පී.සී.ආර්. පරීක්ෂාවන්වලදී ඉන් 56 දෙනෙකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එසේම, අද (09) උදෑසන නාත්තන්ඩිය – කොට්ටාරමුල්ල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, එම කාන්තාව ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් …

පූජිත සහ හේමසිරි යලිත් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

(09.07.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (09) පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඔහු මේ වනවිටත් එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශය ලබා දෙමින් සිටින බවයි එහි සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. එමෙන්ම …

කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි

(09.07.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala) කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි. මාළඹේ – තලාහේන ප්‍රදේශයේදී කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජනාශක දියර නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙළඳපොලේ විකිණීමට ඇති දෑත් පිරිසිදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදා ගෙන මෙම …

ජනපති කොමිසමේදී ETI තැන්පත් කරුවන් සාක්ෂි ලබා දෙයි

(08.07.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනයේ දිවයින පුරා පිහිටි ශාඛා බොහොමයක නිලධාරීන් ගනුදෙනුකරුවන් නොමග යවා ඇති බව ගනුදෙනුකරුවන් ප්‍රකාශ කරනවා. මේ බව හෙළිවුණේ ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදීයි. ගත වූ දින දෙක තුළදීම කොමිසම හමුවේ සාක්ෂි ලබා …

මත්ද්‍රව්‍ය ජාවාරමට නාකොටික් හි 18 වෙනියාත් අත්අඩංගුවට – අයි.පී. පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(08.07.2020 – 06:49 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (07) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා. රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු මෙලෙස මෙම ජාවාරමට ඇල්ලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වන නිලධාරියා වනවා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල …

සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම හිස්බුල්ලාට අයත් ඉඩමක් – පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(07.07.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට පෙර පුහුණුවක් ලෙස, සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම කලකට ඉහතදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත්ව තිබූවක් බව අනාවරණය වුණා. ඒ එම ස්ථානීය පරීක්ෂාව සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි. කොමිසම …