බොරැල්ලේ මාරක දොඹකර අනතුරෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුටත් (2) තුවාල

බොරැල්ලේ මාරක දොඹකර අනතුරෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුටත් (2) තුවාල


බොරැල්ලේ මාරක දොඹකර අනතුරෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුටත් (2) තුවාල

(28.07.2025 – hirunews.lk)

අද (28) පෙරවරුවේ බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරෙන් තුවාල ලැබූ පිරිස අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු (2) සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

ඔවුන් අපරාධ වාර්තා කොට්ඨාසයට හා අල්ලස් හා දූෂණ විමර්ශන කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන්.

එම අනතුරින් තුවල ලැබූ පුද්ගලයින් 07 දෙනෙකු තවමත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තුවාල ලැබූ පිරිස අතරින් දෙදෙනෙකු (2) කාන්තාවන් බවත්, ඉතිරි පස්දෙනා (5) පිරිමි පුද්ගලයින් බවයි කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පැවසුවේ.

බොරැල්ල කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසලදී මෙම මාරක අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගිය තැනැත්තා අවුරුදු 62 ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙක් බවද අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සිදු කළ දොඹකරයේ හිමිකරු ද බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් හෙට(29) අළුත්කඩේ අංක 02 ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා ෴

+++

+


අත්අඩංගුවට ගත් තිලිණි ප්‍රියමාලිට ඇප

(28.07.2025 – hirunews.lk)

හෝමාගම දිසා අධිකරණයේ සිතාසි බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නාගේ රාජකාරියට බාධා කිරීම, අධිකරණයේ කටයුතුවලට හිතාමතා බාධා කිරීම ඇතුලු චෝදනා 04 ක් යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තිලිනි ප්‍රියමාලි රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇපයක් මත මුදා හරින ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරීය අද (28) නියෝග කළා.

සැකකාර තිලිනි ප්‍රියමාලි නැමැත්තිය ඉකුත් ජුනි 16 වෙනි දින අධිකරණයෙහි විභාගවන නඩුවක් සදහා පෙනී සිටීමට හෝමගම අධිකරණයට පැමිණි අවස්ථාවේ සැකකාරියට ලබාදීමට තිබු සිතාසියක් අධිකරණයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සිතාසි බෙදා දෙන්නෙකු විසින් ලබාදීමට යාමේදී අයුතු අවහිරය, සාපරාධී බිය ගැන්වීම, රාජකාරීයට බාධා කිරීම, සිතාසි නිකුත් කරන්නාගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මේ සම්බන්ධයෙන් හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසුන්දර විසින් ඉකුත් ජුලි 14 වනදා නියෝගයක් සිදු කරමින් ජුලි 15 වන දින හෝමාගම මුලස්ථාන පොලිසියේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස සැකකාරියට නියෝගයක් ලබාදුන්නා.

ඒ අනුව සැකකාර ව්‍යාපාරිකා තිලිනි ප්‍රියමාලි ප්‍රකාශයක් ලබාදීමට හෝමාගම පොලිස් මූලස්ථානයට අද (28) පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

සැකකාරියට අධිකරණයට ඉදිරිපත් කළ අවස්තාවේදී හෝමාගම නීතිඥ සංගමයේ සියලුම නීතිඥයින් සැකකාරියට එරෙහිව නැගී සිටි ආකාරයද දක්කනට ලැබුණු බවයි අප අධිකරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++

+


රට දුන්නේ අවුරුදු 5 කට | ඔය පට්ටම් ඔක්කොම ගැලවෙනවා | මිහින්තලේ හිමි අනුරට දැනෙන්න අමතන හැටි (28.07.2025)

+


අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ජූලි 30 දක්වා රිමාන්ඩ්

(28.07.2025 – hirunews.lk)

ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න ජූලි 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා ෴

+++

+


රුපියල් මිලියන 50 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් රේගුවේ අත්අඩංගුවට

(28.07.2025 – hirunews.lk)

රුපියල් මිලියන 50 ක් පමණ වටිනා විදේශීය දුම්වැටි 2,239,400 ක් රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් භාණ්ඩ අංගනයක තිබියදී අත්අඩංගුවට ගත් විශාලතම දුම්වැටි තොගය මෙය බවයි රේගුව පවසන්නේ.

කටුනායක් ගුවන් භාණ්ඩ අංගනයක තිබියදී රේගුව විසින් මේවා අත්අඩංගුවට ගත් බවයි සඳහන් ෴


හැටන් නගරයේ කැලි කසළ මහවැලි ගඟේ

(28.07.2025 – hirunews.lk)

හැටන් නගරයේ දෛනිකව රැස්වන කැලි කසළවලින් කොටසක් මහවැලි ගඟට එක්වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

හැටන් දික්ඔය මහ නගර සභාව විසින් බැහැර කරන අපද්‍රව්‍ය හැටන් ඔයට එක්වීම හරහා මෙම කැලි කසළ මහවැලි ගගට එක්වන බවයි පෙන්වා දෙන්නේ.

හැටන් මල්ලිඅප්පුව මංසන්ධිය ආසන්නයේ ගලා බසින හැටන් ඔයට මෙසේ විශාල වශයෙන් කැලි කසළ බැහැර කිරීම සිදුවන බවද ප්‍රදේශවාසීන් පවසනවා.

මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුකරවන ලෙසයි ජනතාව ඉල්ලා සිටින්නේ ෴


හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට

(28.07.2025 – hirunews.lk)

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තා හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට තර්ජනය කළ බවට අසත්‍ය පැමිණිල්ලක් ගොනු කිරීම හේතුවෙන් මෙම අත්අඩංගුවට ගැනීම කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ෴


ගම්පොළ කැළඹූ කුඩ කම්හල් ගින්නේ අලුත්ම දර්ශන මෙන්න (28.07.2025)

+


ශ්‍රී ලංකා ඩිජිටල් මාධ්‍යවේදීන් අලුත් වැඩකට අත ගසයි, ඩිජිටල් මාධ්‍යවේදීන්ගේ සංගමය ස්ථාපිත කරයි (28.07.2025)

+++

පනතෙන් හිර වුණු ශ්‍රී ලංකා යූ ටියුබ් එකමුතුව මාධ්‍ය හමුවේ සියල්ල දිග හරියි… සම්පූර්ණ කතන්දරේ මෙන්න (28.07.2025)

+


මිනිස්සු කන පොල්තෙල් වලට තිරිසන්නු කරපු කැත වැඩේ (28.07.2025)

+


ගායකයෝ අසරණ කරන සංගීත ඔස්තාර්ලා කවුද ? ගායක ගායිකා සංගමයේ සභාපති කෙළින්ම කියයි ! (28.07.2025)

+


සංජය මහවත්ත දාපු පැමිනිල්ලෙන් ශ්‍රී ධරන් හොඳම එකෙන් ඇවිස්සිලා (28.07.2025)

+


සැමියා රට ඉන්න අතරේ බිරිද කැත ගේමක් ගහලා? අල්මාරියෙන් මතු වූ සුපිරි භාණ්ඩ මෙන්න (28.07.2025)

+


දඹුල්ලේ දුරකථන වෙළඳසැලකට මහ රෑ පැනලා සම්පූර්ණයෙන්ම හින්දලා | CCTV කැමරාවේ සියල්ල සටහන් වෙයි (28.07.2025)

+


මුහුණු හංගාගෙන පැමිණ උදේ පාන්දරම ෂෙඩ් දෙකක් මංකොල්ල කති | කැත්තෙන්, පොරවෙන් ගේම දෙන හැටි (28.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *