මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්


මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය ගැන මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලීමක්

(02.05.2026 – 12:26 +0530 – sinhala.adaderana.lk)

මහා භාණ්ඩාගාරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් සිදුකළ යුතු බව ‘දිනන දකුණ’ සංවිධානයේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ මුදල් වංචාව මාස 4 ක් පුරා වසන් කිරීම තුළ බරපතළ සැකයක් මතුව ඇති බවය.

එනිසා ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදුකරන ලෙස ඉල්ලා සිටින බවද ශිරාල් ලක්තිලක මහතා මෙහිදී ඉල්ලා සිටියේය.

“භාණ්ඩාගාර නිලධාරියාගේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් ඊයේ (01) නිල වශයෙන් කියලා තියෙනවා මේක, සියදිවි නසා ගැනීමක් කියලා. අපි දන්නවා ලංකාවේ කුප්‍රකට ඉතිහාසයක් තියෙනවා සියදිවි නසා ගැනීම් වේවා, මරණයන් ගැන වේවා අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා පිළිබඳව. තාජුඩීන් මරණ සම්බන්ධයෙනුත් නිල අධිකරණ වෛද්‍ය වාර්තා ආවා. නමුත් පස්සේ අපිට දැනගන්න ලැබුණා, ඒ නිල අධිකරණ වෛද්‍ය වාර්තා කියන තරම් නිවැරදි නොවන බව. ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලන්නේ හදිසි මරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හොඳයි; නමුත් වෛද්‍ය විද්‍යාව තුළ තව පියවරක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි කියනවා.”

“මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ කරුණු තුනක් (3). ඒ තුළින් සොයා බලනවා සියදිවි නසා ගැනීමට හේතුව කුමක් ද? ඒ හේතුවට බලපාපු ඔහුගේ චිත්තය කුමක් ද ? ඒ වගේම ඒ මරණය සිදුවු ආකාරය කුමක් ද ? මරණයට මෙපිටින් කලින් සිදුවූ සිදුවීම් සොයා බලන්න ඕනේ. ඇයි අපි මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා කියන්නේ, හර්ෂ ද සිල්වා මහත්තයා කියන විදියට මේක හොරකමක්. අපි දකිනවා මුදල් ලේකම්තුමා මාස 4 ක් තිස්සේ මේක වසන් කළා. ඒ වසන් කිරීම තුළ අපිට සැකයක් තියෙනවා මියගිය නිලධාරියාගේ ක්‍රියාකාරීත්වයෙන් එපිටට යන මේ තුළ බරපතළ ක්‍රියාකාරීත්වයක් තිබුණා කියලා. එතකොට කලින් කියපු චිත්තය වැදගත් වෙනවා. ‘මේක මගේ අත්වැරදීමක් නොවෙයි’ කියන පදනමින් තමයි අපිට කියන්න වෙන්නේ මේ සියදිවි නසා ගැනීම සිදුවුණේ. නව වතාවක් (9) ඒක කරන්නට ඒක අත්වැරදීමක් නොවෙනවා නම් අත්වැරදීම නොඑන හේතුව අපි හොයා ගන්න ඕනේ. කවුද ඔහුට ඒ හේතුව හදලා දුන්නේ ?”

මිය ගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව කුලියාපිටිය පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකිරීමට නියමිතය.

දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (01) සිදුකළ අතර එහිදී අනාවරණ වී තිබුණේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය ඔහු විසින් සිදුකරගනු ලැබූ තුවාල හේතුවෙන් සිදුවූ දිවි නසාගැනීමක් බවය.

මහා භාණ්ඩාගරයේ අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක් වෙනත් පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ‘රංග නිශාන්ත රාජපක්ෂ’ පසුගියදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

ඔහුගේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් (3) දක්නට තිබූ බව පොලීසිය පැවසුවේය.

ඒ අනුව මෙය සියදිවි නසාගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා පොලිස් විමර්ශන ආරම්භ කර තිබුණි.

සැකකටයුතු ලෙස මිය ගිය මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකු (4) ගෙන් යුත් මණ්ඩලයක් ද පත්කරනු ලැබීය.

සිද්ධිය සම්බන්ධයෙන් වන මහෙස්ත්‍රත් පරීක්ෂණය පෙරේදා (30) දිනයේ සිදුකෙරුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී ඊයේ (01) පස්වරුවේ සිදුකෙරුණි.

+++

USD මිලියන 2.5 ට මියගිය නිලධාරියාගේ මරණය ඝාතනයක්ද ? – තාජුඩීන්ගේ කේස් එකත් වගේ මේකත් අපිට සැකයි (02.05.2026)

+++

අප්පච්චි පිහියකුත් අරගෙන එළියට බහිද්දිම මං ඇහුවා … බිරිඳ සහ දියණිය සාක්ෂි දෙයි (02.05.2026)

+


ව්‍යවස්ථාවත් අපි අධිකරණයත් අපි අපිට ඕන දෙයක් කරනව මාලිමාවේ මැයි දින පනිවිඩය (02.05.2026)

+


පක්ෂයක් වෙනුවෙන් සියවසේ කෲරතම සියදිවි නසා ගැනීම ලංකාවෙන් (02.05.2026)

+


Born Again කල්ලිය ක්‍රිකට් ඇල්ලු හැටි. ශානිගේ ප්‍රංශ ගමනේ තොරතුරු එළියට. (02.05.2026)

+


අලුත්ම වංචාව ! මේක නොදැන ATM එකෙන් සල්ලි ගත්තොත් එලිවෙද්දි බැංකු ගිණුම හිස්වෙයි (02.05.2026)

+


මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක් හැකරුන් උස්සපු හැටි ! – BANKUWA | බංකුව (24.04.2026)

+


මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්

(02.05.2026 – hirunews.lk)

රුපියල් කෝටි 110 කට අධික වටිනාකමකින් යුතු කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමේ සිද්ධිවට අදාළව අත්අඩංගුවට ගත් චීවරධාරීන් 23 දෙනා ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අද (02) මීගමුව වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් සුභානී අබේසේකර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රුපියල් කෝටි 110 කට අධික වටිනාකමකින් යුත් කුෂ් සහ හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ චීවරධාරීන් 22 ක් කටුනායක ගුවන්තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 26 වනදායි.

ගමන් මළු තුළ සඟවා ගෙනැවිත් තිබූ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112 ක් පමණ එහිදී සොයාගත් අතර, පොලිසිය පැවසුවේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 110 කට අධික බවයි.

අමිතානන්ද නම් චීවරධාරියෙකු විසින් මෙම පිරිස මෙහෙයවා මෙම මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ඒමට කටයුතු කළ බවයි වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණේ.

මේ අතර, භික්ෂූන් වහන්සේ විදේශගත වීමේදී සිය විහාරාධිපති හිමියන්, ප්‍රාදේශීය නායක හිමියන් සහ අදාළ නිකායේ මහනායක හිමිවරුන්ගෙන් නිර්දේශ ලබාගත යුතු බවට පැවති නීතිය යළි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ පසුගිය කාලයේ යම් යම් හේතූන් මත මෙම ක්‍රියාවලිය නතර වී තිබූ බවයි.

+++

+++

+++

විසිදෙනමගේ කුෂ් සිද්ධියේ හජ්ජියාර් අත්අඩංගුවට! අටමස්ථානාධිපති හිමිගේ නම ගෑවුණු අපචාර සිද්ධියේ ඇත්ත! (02.05.2026)

+


ජනාධිපති කොහොමද කියන්නේ නඩු තීන්දු ගැන..? |අනුර නඩු ගැන කියූ කතාව සැරටම පත්තු වෙයි | රාජිතගෙන් චෝදනා (02.05.2026)

+


නොවැම්බර් වල නුගේගොඩට ජනතාව ගෙන්නලා පෙන්නුවා අපිත් එක්ක ජනතාව ඉන්නේ කියලා (02.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *