විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය වෙයි

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය වෙයි


විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සියදිවි නසාගැනීමක් බවට නිගමනය වෙයි

(01.05.2026 – hirunews.lk)

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 ක සිද්ධියට වැඩ තහනම්ව සිටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා පත් කරන ලද සිව් පුද්ගල (4) අධිකරණ වෛද්‍ය උපදේශක මණ්ඩලයේ වාර්තාව මේ වන විට නිකුත් වී තිබෙනවා.

අදාළ අධිකරණ වෛද්‍ය නිලධාරී මණ්ඩලය නිගමනය කර ඇත්තේ අධ්‍යක්ෂවරයාගේ සිරුරේ දක්නට ලැබුණු සියලුම තුවාල ඔහු විසින්ම සිදුකරගත් ඒවා (Self-inflicted) බවයි.

ඒ අනුව, මෙම මරණය තියුණු ආයුධයකින් සිදු වූ බහු කැපුම් තුවාල හේතුවෙන් ඇති වූ දරුණු රුධිර වහනයක් හේතුවෙන් සිදුවූ බවට එම වෛද්‍ය මණ්ඩලය නිගමනය කර තිබෙනවා.

මෙම මරණය සම්බන්ධයෙන් පැන නැගුණු සැකසහිත තත්ත්වයන් හේතුවෙන් ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට විශේෂ අධිකරණ වෛද්‍ය උපදේශකවරුන් පිරිසක් පත් කිරීමට මීට පෙර පියවර ගැනුණා.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන (3) පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ (30) කැපුම් තුවාල සහිතව ඔහුගේ ගෙවත්තේ තිබියදී සොයාගැනුණා.

මෙලෙස මියගොස් තිබුණේ ‘රංග නිශාන්ත’ නැමැති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්‍යක්ෂවරයෙක්.

මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියා දින ‍දෙකක් (2) කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බවට පළමුව වාර්තා වී තිබුණත්, පසුව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ විමර්ශන සඳහා පැමිණ ඇති ඔහු ලැප්ටොප් පරිගනක ඇතුලු දත්ත උපකරණද විමර්ශන අංශ වෙත භාරදී තිබූ බවයි ෴

+++

(තම මානසික රෝගයට නිසි ‍‍‍‍‍‍‍‍වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)

+++

මුදල් අමාත්‍යංශ සහකාර අධ්‍යක්ෂකගේ මරණය සියදිවි නසා ගැනීමක්! ඔහු දින දෙකක් නිරාහාරව ඉඳලා! (01.05.2026)

+


බයියෝ සජබයියො ටොයියෝ මැයි දිනේ සමරපු හැටි (01.05.2026)

+


ඔයා හිතන තරම් ඕක දිග නැතුව ඇති… ටිකක් කිට්ටු වෙලා චූ කරන්ඩ (01.05.2026)

+

ඒත් ජේවීපීකාරයින්ට කවදාවත් මහින්ද තරම් ආගමික වෙන්න බෑ (01.05.2026)

+

හැකරා මගින් පැනලා, ඊ මේල් එක වෙනස් කරලලු… මුං මල් පැළ නෙවෙයි ගංජා පැළ (01.05.2026)

+

ජේවීපී මැයි පෙළපාළිවලට 3% ඇවිල්ලත් නෑ – මුං හැමදේකින්ම රටම රවට්ටනවා (01.05.2026)

+


දහ පාරක් සල්ලි දාල තුන් පාරක් කපාගෙන අත්භූත සිදුවීම් (01.05.2026)

+


ඩොලර් මිලියන 2.5 වංචාව රටටම කියූ ප්‍රධාන නිලදාරියා මිය යද්දී මහා බැංකු වංචාවේ පැටිකිරිය චම්පික හෙළි කරයි ! (30.04.2026)

+++

බිමල් කියනවා මාව හිරේ දානවා කියලා – නඩු කාරයා දෙන තීන්දුව එයා දන්නේ කොහොමද ? – විමල් වීරවංශ (02.05.2026)

+


අන්තර්ජාලය හරහා වංචාවන් කළ බවට සැක පිට 37 ක් අත්අඩංගුවට

(02.05.2026 – 15:38 +0530 – sinhala.adaderana.lk)

අන්තර්ජාලය හරහා නීති විරෝධී කටයුත්තක් සිදු කළ බවට සැකපිට කාන්තාවක් (1) ඇතුළු චීන ජාතිකයින් 37 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ තලංගම පොලිසියේ දූෂණ මර්දන ඒකකය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමකදීය.

තලංගම කොස්වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් නිවාසයක් වැටලු අවස්ථාවේදී එහි තිබී ඩෙක්ස්ටොප් පරිගණක 35 ක් ටැබ් පරිගණක 37 ක් ජංගම දුරකතන 147 ක් සිම්පත් 100 ක් සහ නීති විරෝධී දුම්වැටි 2100 ක් සොයාගෙන තිබේ.

එම සියලු උපකරණ සමගින් නිවස මුද්‍රා තැබීමට කටයුතු පොලිසිය කටයුතු කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා මාස තුනක (3) සංචාරක වීසා මත මෙරටට පැමිණ මෙම නීති විරෝධීව සේවාවන් සපයා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත.

මෙම සැකකරුවන් අන්තර්ජාලය හරහා නීති විරෝධී මූල්‍ය ජාවාරමක නිරත වූයේද නැතහොත් හැකර්වරුන් ලෙස ක්‍රියාත්මක වූයේද එසේත් නොමැති නම් වෙනත් අන්තර්ජාල අපරාධවල නිරත වූයේද යන්න වැඩිදුරටත් පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

එමෙන්ම අදාළ පරීක්ෂණ සඳහා මුද්‍රා තැබූ නිවසේ තිබූ පරිගණක සහ ජංගම දුරකතන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට කටයුතු කර ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 37 දෙනා පිළිබඳව වැඩිදුර නීතිමය කටයුතු සඳහා තංගලම පොලිසිය වෙත භාරදී ඇති අතර එම පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

+++

+


වෙසක් පොහොය වෙනුවෙන් දන්සැල් ලියාපදිංචිය සඳුඳා සිට

(02.05.2026 – 07:43 +0530 – sinhala.adaderana.lk)

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා (04) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවය.

දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත්කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

මේ අතර ඊයේ (01) පැවති පොහෝ දිනය වෙනුවෙන්ද දිවයින පුරා දන්සැල් 382 ක් පැවති බවට තොරතුරු ලැබුණු බවත් චමිල් මුතුකුඩ මහතා පැවසීය. එම දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුව තිබූ බවද සඳහන් කළේය.

මෙම (2026) වර්ෂයේ මැයි මාසය තුළ පසළොස්වක පොහෝ දින දෙකක් (2) යෙදී ඇති අතර, ඉන් ඊයේ (01) දිනය වෙසක් පොහෝ දිනය ලෙස නම් කර තිබුණි.

එහෙත් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ අනුශාසනා හා කරුණු දැක්වීම් මත සාකච්ඡාමය එකඟතාවකින් පසු වෙසක් පොහෝ දිනය ලෙස මැයි 30 වැනිදා යෙදෙන පොහොය දිනය නම් කිරීමට රජය පියවර ගනු ලැබීය.

ඒ හේතුවෙන් ඊයේ (01) දිනය අධි වෙසක් පොහෝ දිනය ලෙසින් සැලකුණි ෴


තනි රෝදෙන් බයික්වලින් ‍රේස් ගියපු – කොල්ලෝ 22 ක් කඩුවෙල පොලිස් අත්අඩංගුවට (02.05.2026)

+


මහ රෑ නුවරඑළිය, රාගල තේ කම්හලක වුණු මහා ගින්නේ අති බිහිසුණු දර්ශන මෙන්න (02.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *