ඇමති වසන්ත සමරසිංහ, නි.ඇමති මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් ගැන අධිකරණයෙන් නියෝගයක්
ඇමති වසන්ත සමරසිංහ, නි.ඇමති මහින්ද ජයසිංහ සහ රන්ජන් ජයලාල් ගැන අධිකරණයෙන් නියෝගයක්
(25.07.2025 – dasathalankanews.com)
පුද්ගලික ආයතනයක් සතු දෙමහල් ගොඩනැගිල්ල සහිත ඉඩම ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 කට බදු දී වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍ය ඇමති වසන්ත සමරසිංහ, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන අයගෙන් ප්‍රකාශ සටහන් කර උද්ධෘත ගොනු කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය අද (25) කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට නියෝග කර තිබෙනවා.

විමර්ශනයේ දී අනාවරණය කරගත් ලේඛන වන ගොඩනැගිල්ලේ සහතික කරන ලද ඔප්පුවේ පිටපතක්, 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 03 වන දින අදාළ ආයතනයේ වෘත්තිය සමිතියේ සභාපති ලෙසට වසන්න සමරසිංහට බලය පැවරූ මහා සභා රැස්වීම් වාර්තා, අංක 166 සහා 206, 207 දරණ බදු ඔප්පුවල සහතික කරන ලද පිටපත් මෙන්ම ප්‍රශ්නගත දේපළ භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ, ගල්කිස්ස දිසා අධිකරණයේ සහා සිවිල් අභියාචනාධිකරණයේ පැවති නඩු කටයුතුවලට අදාළ සම්පූර්ණ නඩු වාර්තාවල පිටපත් වැඩිදුර වාර්තාවක් මඟින් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අද (25) දින අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න විසින් ද සහතික කරන ලද අමතර ලේඛන 35 ක් අද (25) දින අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ, අනුව මෙම නඩුව ලබන අගෝස්තු මස 22 වනදා නැවත කැඳවීමට නියමිතයි ෴
කතක් අනතුරකට ලක්කර පාදයේ කොටසකුත් අරන් ගිය සිසුවා ගැන නියෝගයක්
(25.07.2025 – dasathalankanews.com)
අක්මීමන – හිනිඳුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසළ කාන්තාවක් අනතුරට ලක්කර පලායාමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 16 හැවිරිදි පාසල් සිසුවා ලබන 05 වනදා දක්වා කිතුලම්පිටිය ළමා නිවාසයේ රඳවා තබන ලෙස නියෝග කර තිබෙනවා.
සැකකාර සිසුවා අද (25) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
අක්මීමන – හිනිඳුම්ගොඩ කනිෂ්ඨ විද්‍යාලය අසළ ඊයේ (24) සිදු වූ රිය අනතුරකින් කන්තාකට පාදයක කොටසක් අහිමිව ගියා.
[(25.07.2025 – hirunews.lk) පාසල් ගිය සිසුන් දෙදෙනාගෙන් එක් සිසුවෙක් පැමිණෙන තුරු එම කාන්තාව තම ස්කූටි වර්ගයේ යතුරු පැදිය මත අනෙක් දරුවා සමග රැඳී සිට ඇති අතර, එහිදී එක්වරම මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක ඇගේ පාදය පැටලී ඇති අතර ඇය එහිදී බරපතල තුවාල ලබා තිබෙනවා.]
සැකකාර සිසුවා පැදවූ යතුරුපැදියේ ගැටීමෙන් මෙම කාන්තාව අනතුරට ලක්ව තිබූ අතර, අනතුරින් කාන්තාවගේ එක් පාදයක් වළලුකරට ඉහළින් වෙන් වී තිබෙනවා.
එලෙස වෙන් වූ පාදයේ කොටස යතුරුපැදියේ ඇමිනී ඇති අතර, ඒ බව නොදැන යතුරුපැදිය ද රැගෙන අදාළ සිසුවා එම ස්ථානයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
යතුරුපැදිය ද සමඟ පළා ගිය පාසල් සිසුවා නිවසට පැමිණි පසු යතුරුපැදියේ ඇමිනී තිබූ පාදයේ කොටස දැකඇති අතර, පසුව ඔහු එය රෙදි කැබැල්ලක ඔතා කැලයකට විසිකර යතුරුපැදිය සෝදා පිරිසිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙම අනතුර සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සැකකාර සිසුවා අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී සිසුවා කැලයකට විසිකර තිබූ කාන්තාවගේ පාදයේ කොටස ද සොයා ගැනුණා.
අත්අඩංගුවට ගැනුණු සැකකාර සිසුවා අද (25) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි අද (25) දින මෙම නියෝගය ලබාදී ඇත්තේ.
ලැබූ කාන්තාව කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට එහි ප්‍රතිකාර ලබනවා ෴
කාන්තා අත්බෑග් කොල්ලකන කෝටිපති පුත්‍රයා හා මිත්‍රයා
(26.07.2025 – 10:38 +0530 – sinhala.adaderana.lk)
කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනෙකු (2) පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු මීට මාස 2 කට පමණ ඉහතදී ඔස්ට්‍රේලියාවේ සිට නිවාඩුවට මෙරටට පැමිණි අයෙකු වන අතර, අනෙක් තරුණයා පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකු බව සඳහන්.
ඔවුන් දෙදෙනා (2) කොල්ලකන ලද ජංගම දුරකථතන අතර, නවීන පන්නයේ ජංගම දුරකථන 5 ක්, ස්මාර්ට් ජංගම දුරකථන 15 කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ මෙම ජංගම දුරකථනවල වටිනකම රුපියල් ලක්ෂ 25 කට ආසන්න බවය.
තවද කොල්ලකෑම සඳහා යොදාගත් ව්‍යාජ අංක තහඩු සවිකළ යතුරුපැදියක්, මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ පළඳින ආරක්ෂක හිස්වැසුම් දෙකක් (2), හොරයින් මත්කුඩු මිලිගෑම් 10,900 ක්, කාන්තා අත්බෑගයක් සහ කරමත එල්ලාගෙන යන බෑග් දෙකක් (2) ද පොලීසිය සිය භාරයට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් වන අතර, ඔවුන් දිනකට මත්කුඩු පැකට් 20 ක් පමණ පානය කරන බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
පිළියන්දල පොලීසිය සිදුකළ විශේෂ පරික්ෂා කිරීමක් අතරතුර දී අහඹු ලෙස මෙම දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුන් දෙදෙනා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට ගමන්කරමින් සිටියදී, බෝකුන්දර ප්‍රදේශයේදී පොලීසිය විසින් නැවතීමට සංඥා කර ඇත.
එහිදී ඔවුන් නොනවත්වා ධාවනය කර ඇති අතර, ඒ හේතුවෙන් පොලීසිය පසුපස හඹාගොස් මඟ හරස් කර නවතා පරික්ෂාකර තිබේ.
එහිදී යතුරුපැදියේ ඉදිරිපස සහ පසුපස එකිනෙකට වෙනස් අංක තහඩු දෙකක් සවිකර තිබූ අයුරු නිරීක්ෂණය වී ඇත.
එමෙන්ම ඔවුන් සන්තකයේ හෙරොයින් මත්කුඩු හමුවීමෙන් අනතුරුව, පොලීසියට රැගෙන දීර්ඝ ප්‍රශ්නකිරීමේදී හෙළවී ඇත්තේ ඔවුන් ඉකුත් මාස දෙකක (2) පමණ කාලයක සිට මෙම සොරකම්වල නිතර වී සිටි බවය.
බොරලැස්ගමුව, මිරිහාන, බොරැල්ල, අතුරුගිරිය, තලංගම හා පිළියන්දල පොලිස් වසම් වල රැකියා නිමවා නිවෙස් කරා රාත්‍රී කාලයේ යන කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමේ යේදී ඇති බව ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
ඔවුන් කොල්ලකන ලද අත්බෑගවල තිබෙන මුදල් සහ ජංගම දුරකථනන ලබාගෙන, එම බෑග බොල්ගොඩ ගඟට සහ විවිධ කැලෑබද ප්‍රදේශවලට විසිකළ බව පවසා තිබේ.
කොල්ලකන ලද වටිනා ජංගම දුරකථන දෙකක් ඇතුළු දුරකථන 10 කට අධික ප්‍රමාණයක් මොරටුව ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලකට අමතර කොටස් සඳහා විකුණූ බවත්, අනෙක් ජංගම දුරකථනවලින් වටිනා කොටස් පමණක් ගලවා එම ස්ථානයට විකුණා මුදල් කර මත්ද්‍රව්‍ය පානය කළ බවත් පොලීසියේ දී අනාවරණය වී ඇත.
එලෙස කොල්ලකෑ ජංගම දුරකථනවල වටිනා කොටස් ගැලවූ දුරකථන කිහිපයක් කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසේ කාමරය තුළ තිබීයදීත්, මොරටුව ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලකට විකුණා තිබියදීත් පොලිසිය මගින් සොයාගෙන තිබේ.
මෙම සැකකරුවන් වයස අවුරුදු 25 හා 26 වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පිළියන්දල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴
ලලිත් කන්නන්ගරගේ ගෝලයින් 4 ක් අත්අඩංගුවට
(26.07.2025 – 09:30 +0530 – sinhala.adaderana.lk)
ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘බස් ලලියා’ හෙවත් ‘ලලිත් කන්නන්ගර’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයින් 4 දෙනෙකු ‘අයිස් මත්ද්‍රව්‍ය’ සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා හංවැල්ල යතුරුපැදි ඒකකයේ උප පොලිස් පරීක්ෂක නුවන් තිලකරත්න ඇතුළු කණ්ඩායම විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එම නිලධාරීන්ට ලද තොරතුරක් මත මාර්ග බාධකයක් යොදා පරීක්ෂා කිරීම් සිදුකරමින් සිටියදී මාර්ග බාධකය මගහැර පලා යෑමට තැත් කිරීමේදී සැකකරුවන් අත්අඩංගුවට පත්වී තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 500 ක් සොයාගෙන තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන ක්‍රියාත්මකය ෴
ඖෂධ අලෙවි සැල් 82 ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි
(25.07.2025 – 16:53 +0530 – sinhala.adaderana.lk)
දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82 ක බලපත්‍ර තාවකාලික අත්හිටුවීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම ඖෂධ අලෙවි සැල් නිසි ප්‍රමිතිය යටතේ පවත්වා ගෙන නොයාම හේතුවෙන් මෙම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.
එමෙන්ම මෙම වසරේ ආරම්භයේ සිට ජූලි මස 18 වැනි දින දක්වා ජාතික ඖෂධ නියාම අධිකාරිය වෙත ඖෂධ ශාලා බලපත්‍ර අලුත් කිරීම සඳහා ඉල්ලුම් පත් 2039 ක් ලැබී ඇති බවත් ඉන් ඖෂධ ශාලා 1820 කට නව බලපත්‍ර ලබා දීමට පියවර ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව එම කාලය තුළ ඖෂධ අලෙවි සැල් 219 ක බලපත්‍ර යාවත්කාලීන කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවත් ඉන් ඖෂධ අලෙවි සැල් 137 ක පූර්ණ කාලීනව ඖෂධවේදීන් සේවයේ නියුතු නොවීම හේතුවක් වී ඇති බවත් තවත් ඒ අනුව පූර්ණ කාලීනව වගවිය යුතු ඖෂධවේදීන් ඉදිරිපත් කරන තෙක් එම බලපත්‍ර තාවකාලිකව අලුත් කිරීම අත්හිටවූ බවද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය ෴
ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් මුදල් නෝට්ටු 4000ක් සොයාගනී
(26.07.2025 – 09:00 +0530 – sinhala.adaderana.lk)
ව්‍යාජ යැයි සැක කළ හැකි යුවාන් 100 මුදල් නෝට්ටු 4000ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකා කහවත්ත කඳවුරේ නිලධාරීන් කණ්ඩාමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පොලීසිය සඳහන් කළේ සැකකරු වයස අවුරුදු 28 ක් වන චීන ජාතික පුද්ගලයෙකු බවය.
කහවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර රත්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේදීම ව්‍යාජ ලෙස සකස් කරන ලද මැණික් ගල් කිලෝ 06 යි ග්‍රෑම් 32 ක් සමග තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු සන්තකයේ තිබී ලැප්ටොප් පරිගණකයක්, අයිපෑඩ් 01 ක් හා ජංගම දුරකථනයක් (01) ද සොයා ගෙන තිබේ.
එම සැකකරුද වයස අවුරුදු 52 ක් වන චීන ජාතික පුද්ගලයෙකි ෴
ආරණ්‍ය ඇතුලු නැගෙනහිර ස්ථාන 28 ක් පමණ රැකගනිමින් වැඩසිටි අරිසිමලේ නා හිමියන්ගේ ආරක්ෂාව ඉවත් කරයි. නා හිමියන් දකුනට ඒමට සැරසෙයි. (25.07.2025)
+++
නා හිමියන්ගේ ජීවිතයට යමක් වුනොත් – 3% අරගලයට වඩා 70% පිරිසේ අරගලය වෙන්න පුලුවන් (26.07.2025)
+
රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසියි | නිරාගමික ආණ්ඩුවට තවත් බාල්දියක් (26.07.2025)
+
කවුරුත් කට හොල්ලනේ නැති ‘පාස්කු ප්‍රහාරයේ’ තිත්ත ඇත්ත! විමල් වීරවංශ දිවි පරදුවට තබමින් රටටම හෙළි කළ රහස.. (25.07.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴