තලංගම පොලිසියෙන් ව්‍යාපාරිකයකුට තර්ජන
(26.07.2025 – hirunews.lk)
බත්තරමුල්ල, පැලවත්තේ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකුට දිගින් දිගටම තලංගම පොලිසියෙන් කෙනෙහිලිකම් සිදුවන බව කියමින් එම හෝටල් හිමියා චෝදනා කරනවා.
තමන් කිසි වැරැද්දක් නොකර පසුගිය දිනක අත්අඩංගුවට ගෙන නිදහස් කෙරූ බවයි ඔහු පවසන්නේ.
එමෙන්ම පොලිසිය නොමිලේ ආහාරපාන ඉල්ලාගෙන එන අවස්ථාවල එම ආහාරපාන ලබා නොදීම හේතුවෙන් මෙසේ තමන්ට පොලිසියෙන් බලපෑම සිදුවන බවද ඔහු පවසනවා.
මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට පැමිණිලි කිරීමෙන් පසුව පෙර අවස්ථාවක එම පොලිසියේ උසස් නිලධාරියෙකුට ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.
නැවතත් ඒ ආකාරයෙන්ම තමන්ට හෝටලේ පවත්වාගෙන යාමට ඉඩ නොදී තර්ජනය කරන බවට එම ව්‍යාපාරිකයා චෝදනා කරනවා.
මේ සම්බන්ධයෙන් තමාට සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි ඔහු පොලිසියේ ඉහළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴
බෝඩිම් කාමරයෙන් මතුවූ සීතල බෝනික්කා
(26.07.2025 – hirunews.lk)
සීදුව රාජපක්ෂපුර ප්‍රදේශයේ ඊයේ (25) අලුයම විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණා.
ඒ පොලිසිය, විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ නිලධාරින්ගේ මැදිහත්වීමෙන්.
එහිදි නිවසක බෝඩිම් කාමරයක් පරීක්ෂා කිරීමේදී බෝනික්කෙකු තුල සූක්ෂම ලෙස සඟවා තිබූ ‘අයිස් මත්ද්‍රව්‍ය’ මිලිග්‍රෑම් 25 කට ආසන්න ප්‍රමාණයක් සහ සහ ‘කේරල ගංජා’ ග්‍රෑම් 21 වැඩි ප්‍රමාණයක් සොයා ගනු ලැබුවා.
අදාළ බෝඩිම් කාමරයේ සිටි 29 හැවිරිදි කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැණුනු අතර ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආරක්ෂක අංශ දියත් කළ මෙම සෝදිසි මෙහෙයුමේදී සැකකටයුතු පුද්ගලයින් 19 දෙනෙක්, දූෂණ වැරැදි සඳහා 07 දෙනෙක් සහ අධිකරණය මග හැර සිටි එක් අයෙක් මෙන්ම අංක තහඩු නොමැති යතුරුපැදි 03 ක් පොලිස් භාරයට ගැනුණා.
+
ජනපතිගේ රුවයි මාලිමාවේ ලාංඡනයයි වාහනයේ ගහගෙන අමුතු ගේමක් ගහපු දෙදෙනෙකු (2) අත්අඩංගුවට
(26.07.2025 – hirunews.lk)
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ රුව සහ ජාතික ජන බලවේගයේ ලාංඡනය භාවිත කරමින් මස් පිණිස එළුවන් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිපැන්න ප්‍රදේශයේ සහ බදුරලිය ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් (2).
මතුගම පොලිසියේ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් සැකකටයුතු ලෙස ගමන් කරමින් සිටි මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී පිටුපස (ඩිකිය) කොටසේ කකුල් හතර ගැටගසා මස් පිණිස එළුවෙකු ප්‍රවාහනය කරමින් තිබියදීයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සැකකරුවන් දෙදෙනා (2) දීර්ඝ කාලයක් තිස්සේ බදුරලිය හා ඒ අවට ප්‍රදේශ තුළ සිටින ගවයන් සහ එළුවන් මස් පිණිස නීති විරෝධී අන්දමින් මෙම මෝටර් රථය භාවිත ප්‍රවාහනය කළ ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.
සැකකරුවන් මතුගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴
මහාචාර්ය ගැරේට් ෆීල්ඩ් මහතා සමග කතාබහ | 2025-07-20 | Rupavahini
+
ඇළට වැටුණු සිව් (4) හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් ඇළේ තිබී හමුවෙලා
(27.07.2025 – hirunews.lk)
නිවස අසළින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව් (4) හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා, ඩෙවෝන් ඇළේ තිබි 26 දින පස්වරුවේ සොයා ගත් බව දිඹුල පතන පොලිසිය පවසනවා.
මෙසේ ඩෙවෝන් ඇළේ තිබි හමුවූයේ හැටන් කොටගල රොසිටා ජනපදයේ පදිංචිව සිටි කේතීස්වරම් ජසිතා නැමති දැරියගේ සිරුරයි.
මල්වර උත්සවයකට මව සමග යෑම සඳහා සිය වැඩිමල් දියණියට ඇදුම් අන්දවා දැරියගේ මව ලෑස්ති වි දියණිය සොයන අවස්ථාවේ දියණිය නිවසේ නොසිටි නිසා අසල්වාසීන්ගේ සහයෝගය ඇතිව සොයන අවස්ථාවේ දියණිගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි හමුවී ඇති බවයි දිඹුල පතන පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.
මිය ගිය දැරියගේ නිවස ඉදිරිපිටින් ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා කුඩා ඇළ මාර්ගයකට දැරිය වැටී එම ජල පහර දිගේ මීටර් 100 ක් පමණ එපිටින් වූ ඩෙවොන් ඇළට ගසාගෙන යන්නට ඇති බව අනතුර පිලිබඳ පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය සැක කරනවා.
මිය ගිය දැරිය නිවුන් දරුවෙකු බවත්, ඇයට තවත් නැගණියකු ද සිටින බවයි ජීවිතක්ෂයට පත් බිලිඳාගේ ඥාතීන් පවසන්නේ.
මිය ගිය දැරිගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පතන පොලිසිය පරික්ෂණ පවත්වයි ෴
ෆේස්බුක් සාදයක් වටලා 21 දෙනෙකු අත්අඩංගුවට
(27.07.2025 – hirunews.lk)
කඩුවෙල – වැලිවිට ප්‍රදේශයේ හෝටලයක පැවති ෆේස්බුක් සාදයක් පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී ගංජා සහ මත්පෙති සමඟ තරුණයන් 20 දෙනෙකු සහ එක් (01) තරුණියක අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ෴
නීතිවිරෝධී විදෙස් රැකියා ඒජන්සියක් උකුස්සා නීතියේ රැහැනට හසුකරයි
(26.07.2025 – 23:40 +0530 – sinhala.adaderana.lk)
බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය තවත් ‘විදෙස් රැකියා ඒජන්සියක්’ නීතියේ රැහැනට හසුකර දීමට ‘අද දෙරණ උකුස්සා’ට හැකි වුණි.
පුද්ගලයින් විදෙස්ගත කරවන බව පවසා ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදන ඒජන්සි සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ අවස්ථා රැසකදී රට හමුවේ අනාවරණ කර තිබේ.
නමුත් කණගාටුවට කරුණ තවමත් එම ජාවාරමට අප රටේ අහිංසක මිනිසුන් රැවටීමයි.
ඒ ආකාරයෙන් බොරැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස ගුවන් ගමන් බලපත්‍ර සාදන සමාගමක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ‘අද දෙරණ උකුස්සා’ එම ස්ථානයට ගියේ ‘විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ වැටලීම් අංශයේ’ නිලධාරින් පිරිසක් ද සමඟින්ය.
අප එම ස්ථානයට ළඟාවන විටත් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පිරිසක් එහි රැඳී සිටි අතර එම ස්ථානයේ බොහෝ කාර්ය බහුල ලෙස වැඩකටයුතු සිදුකෙරන අන්දම නිරීක්ෂණය වුණි.
කෙසේවෙතත් අප අනුමාන කළ පරිදීම එහිදී අනාවරණ වූයේ මෙම ඒජන්සිය පවත්වාගෙන යාම සඳහා මෙම පුද්ගලයාට කිසිදු බලපත්‍රයක් නොමැති බවයි.
ඔහු ජා-ඇල ප්‍රදේශයේ පදිංචි වෙනත් පුද්ගලයෙකුගේ නමට තිබූ අත්හිටුවන ලද බලපත්‍රයක් යොදා ගනිමින් මෙම ජාවාරම දිගු කාලයක සිට සිදුකරගෙන ගොස් තිබුණි.
මොහු පෝලන්තය, රුසියාව ආදී රටවල් ආදී රටවල් සඳහා මෙලෙස පුද්ගලයින් විදෙස් ගතකරවන පවසා මුදල් ද විශාල වශයෙන් ලබාගෙන තිබේ.
ඒ අනුව මෙම ව්‍යාජ ඒජන්සිව පවත්වාගෙන ගිය පුද්ගලයින් එහිදී අත්අඩංගුවට පත්වූ අතර තවත් මෙවැනි නීතිවිරෝධි ක්‍රියා නීතියේ රැහැනට හසු කර ගැනීම සඳහා ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙනි ෴
සුබ වැඩ, දෙවියන්ගේ වැඩ වලට ගන්නා කිරිබත්වල රහස… (25.07.2025)
+
රාජපක්ෂලාට ඩොලර් මිලියන ගණනින් අල්ලස් එන්න ගත්තේ මේ නැව් එක්ක ගහපු ගේම් වලින් ! (27.07.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴