මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ‘විදුලි වාහන’ තොගයක් රේගුවේ සිරවෙයි
මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ‘විදුලි වාහන’ තොගයක් රේගුවේ සිරවෙයි
(28.07.2025 – hirunews.lk)
මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් මෙරටට ගෙන්වූ චීනයේ නිෂ්පාදිත BYD විදුලි වාහන 1,000 ක් පමණ ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ගෙන ඇති බව වාර්තා වෙනවා.
රේගුව කිලෝවොට් 100 ක මෝටර් ධාරිතාවක් ප්‍රකාශයට පත් කර ඇතත්, මෙම මෝටර් රථවල කිලෝවොට් 150 ක මෝටර් ධාරිතාවක් ඇති බවයි රේගුව පවසා ඇත්තේ.
කිලෝවොට් 100 ක් මෝටර් රථයක් සඳහා තීරු බද්ද රුපියල් මිලියන 2.4 ක්වන නමුත් 150 KW වාහනයක් සඳහා එම බද්ද රුපියල් මිලියන 5.4 ක් පමණවන බවද වාර්තා වෙනවා.
තොග හයකින් (6) මෙරටට ගෙන්වා ඇති මෙම මෙම BYD වාහන මෙම මාසයේ දින දෙකකදී (2) ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එම වාහන මේවන විට වරායේ රඳවා ඇති බවද සඳහන්.
150kW මෝටර් රථයක් සඳහා අදාළ බද්ද 100kW වාහනයකට අය කිරීමට තීරණය කළහොත්, ගැණුම්කරුවෙකුට රුපියල් මිලියන 4 ක් පමණ වැඩිපුර ගෙවීමට සිදුවිය හැකි බවටයි වාර්තා වන්නේ ෴
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘වැලිගම සහන්’ ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එයි
(00.07.2025 – hirunews.lk)
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘වැලිගම සහන්’ නැමැත්තා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බව පොලිසිය පවසනවා.
‘සහන් සිසි කැළුම්’ හෙවත් ‘වැලිගම සහන්’ නැමැති සංවිධානාත්මක අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවයි සඳහන්.
ඒ අද (28) පස්වරුවේදී ‘ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය’ මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔහු මීට ඉහතදී ඉන්දියාවෙන් පිටුවහල් කරන ලද බවයි වාර්තා වන්නේ.
පානදුර සහ කළුතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට (2) මොහු සම්බන්ධ බවයි පැවසෙන්නේ.
එමෙන්ම මට්ටක්කුලියේ ‘පත්තෑ සුරංග’ නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මොහු බවද සඳහන් ෴
‘අද දෙරණ උකුස්සා’ : දැදුරුඔය වැලි ජාවාරම
(28.07.2025 – 22:20 +0530 – sinhala.adaderana.lk)
දැදුරු ඔය වැලි ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් වී ඇත්තේ එහි වැලි කැණීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා නිකුත් කර ඇති පසුබිමකයි.
‘අද දෙරණ උකුස්සා’ගේ අද (28) අනාවරණය දැදුරු ඔයේ සිදුවන එම අනීතික වැලි ජාවාරමක් පිළිබඳවයි.
ශ්‍රී ලංකාවේ 6 වැනි දිගම ගංගාව වන දැදුරු ඔය කුරුණෑගල රස්නායකපුර, බටුවැව ඇතුළු ප්‍රදේශ කිහිපයක් ඔස්සේ දිස්ත්‍රික්ක පහක් (5) මාඉම් කරගනිමින් ගලායන්නේ එහි දෙපස සශ්‍රීක තැනිතලා බවට පත්කරමින්ය.
එහෙත් දැදුරු ඔයේ ඇතැම් ස්ථාන කලක් තිස්සේ නීතිවිරෝධී වැලි ජාවාරම්කරුවන්ගේ තිප්පොළවල් වී තිබේ.
කුරුණෑගල පොලිස් නිලධාරින් සහ ජාවාරම්කරුවන් පිරිසක් අතර 2016 වසරේ ඇති වූ ගැටුමක් අධිකරනය දක්වා දුරදිග ගිය අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2019 වසරේදී කුරුණෑගල මහාධිකරණය දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශයේ වැලි කැණීම් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.
කෙසේවෙතත් දැදුරු ඔයේ සිදුකෙරෙන වැලි කැණීම් පිළිබඳව අවස්ථා ගණනාවකදී ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු ලැබුණු අතර ඒ අනුව පසුගියදා අප කුරුණෑගල බටුවැව ප්‍රදේශයේ ස්ථානයට ගියේ එය සැකහැර දැනගැනීම සඳහාය.
පිරිසක් වැලි කැණීමෙහි නිරත වී සිටින අයුරු අප එහි එක් ඉවුරක සිට නිරීක්ෂණය කළේය.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ‘අද දෙරණ උකුස්සා’ වැල්ලව පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් දැනුම් දී එම ස්ථානයට මිනිත්තු 20 ක් වැනි කෙටි කාලයක් තුළ ළඟාවන විටත් එම පිරිස කඩිනමින් එතැනින් පලායාමට කටයුතු කර තිබුණි.
ප්‍රදේශයේ විශාල පිරිසත් භීතියට පත්කරමින් ක්‍රියාත්මක වෙන මෙම ජාවාරම්කරුවන්ට තොරතුරු ලබාදීමටත් ඕනෑ තරම් පිරිස් මෙහි සිටින බවයි පොලිසිය සඳහන් කළේය.
කෙසේවෙතත් වැලි කැණීම් සිදුකිරීම සඳහා යොදාගත් උපකරණ රැසක්ම එම ස්ථානයේ හැරදමා ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.
ඒ අනුව එම උපකරණ සියල්ල විනාශ කිරීමට වැල්ලව පොලිස් ස්ථානයේ නිලධාරින් කටයුතු කළේය.
ජාවාරම් සිදුකිරීම සේම ජාවාරම් සඳහා ආධාර අනුබල දීමත්, උපකාර කිරීමත් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් වෙයි.
එසේම අධිකරණ නීති උල්ලංඝනය කිරීමද බරපතළ වරදකි.
ඒ අනුව ‘අද දෙරණ උකුස්සා’ කළ හෙළිදරව්ව අනුව මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමේ මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි.
ජාවාරම්කරුවන් හසුකරගන්නා තුරු ‘අද දෙරණ උකුස්සා’ විමසිල්ලෙන්.
+
ජනපති ජර්මානු සංචාරය අබිරහසක් – මුක්තිය නැති දා නඩු (28.07.2025)
+
ආයතනයක සේවකයෙකු ලෙස පෙනී සිට මුදල් වංචා කළ අයෙකු කොටු
(29.07.2025 – hirunews.lk)
ආයතනයක සේවකයෙකු වශයෙන් සිට ජල පෙරණ යන්ත්‍ර හා රූපවාහිනී යන්ත්‍ර ලබාගෙන එකී භාණ්ඩ විකුණා ආයතනයට අයවිය යුතු රුපියල් 7,037,400 ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් කැළණිය විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කර මෙම මුදල් වංචාවට අදාල එම ආයතනයේ සේවකයෙකු ලෙස කටයුතු කල සැකකරු රූපවාහිණී යන්ත්‍ර 13 ක් හා ජල පෙරන යන්ත්‍ර 35 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 43 ක් වන කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අත්අඩංගුවට ගත් සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (30) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කැළණිය විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කර ගෙන යනු ලබනවා ෴
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ, බිරිඳගේ සහ දරුවාගේ මළ සිරුරු සොයාගැනේ
(29.07.2025 – hirunews.lk)
පේරාදෙණිය – යහලතැන්න – සුනිලගම ප්‍රදේශයේ පිහිටි නිවසේදී යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සියදිවි හානි කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් කියා සිටියේ එම නිවසේ නිදන කාමරයක් මත තිබී ඔහුගේ බිරිඳගේ සහ වැඩිමහල් දියණියගේ ද මළ සිරුරු සොයාගෙන ඇති බවයි.
සියදිවි හානිකරගත් යටිනුවර ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ වයස අවුරුදු 52 ක් වන අතර බිරිඳ 44 හැවිරිදි වියේ පසුවනවා.
එමෙන්ම වැඩිමහල් දියණිය 17 හැවිරිදි වියේ පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
බිරිඳ සහ දියණියගේ මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔහු සඳහන් කළා ෴
(තම මානසික රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගත්තා නම් මෙබඳු විපතක් සිදු නොවනු ඇත – අමරසර)
+++
යටිනුවර ප්‍ර.ස. ‘විපක්ෂ නායක – බිරිය – දියණිය’ අභිරහස් ලෙස මැරිලා
(29.07.2025 – lankadeepa.lk)
යටිනුවර ප්‍රදේශීය සභාවේ විපක්ෂ නායක (ස.ජ.බ) චම්පික විජෙරත්න(53), ඔහුගේ බිරිඳ සහ දියණිය ඔවුන් පදිංචි මුරුතලාව කම්බිඅඩිය නිවසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
පේරාදෙණිය පොලීසියට ලද තොරතුරක් මත ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබේ.
මියගිය චම්පික විජේරත්න මහතා දිගු කලක් දේශපාලනයේ නිරතව සිටි අයෙකි. ඔහුගේ සිරුර නිවසේ කාමරයක එල්ලී තිබියදී පොලීසියට හමුවී ඇති අතර 16 හැවිරිදි දියණියගේ සහ බිරියගේ සිරුරු නිවසේ තැනින් තැන තිබියදී හමුව ඇතැයි පොලීසිය කියයි. ඔවුන්ගේ කුඩා දියණිය සිද්ධියෙන් දිවි බේරාගෙන ඇතැයිද පොලීසිය කියයි.

මෙම අභිරහස් මරණවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පේරාදෙණිය පොලීසිය පවසයි. මෙය දිවි නසා ගැනීමක්ද වෙනත් හේතුවක් මත මෙසේ සිදුවීද යනන පිළිබඳව පරීක්සණ පවත්වන බව පොලීසිය කියයි ෴
+++
යටිනුවර ඛේදවාචකයේ අභිරහස විසදෙයි | හිතා ගන්න බැරි හේතුව මෙන්න | ලිපියකින් සියල්ල හෙළි වෙයි (29.07.2025)
+
අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 දුම්රිය වර්ජනය ගැන දැනුම්දීමක්
(29.07.2025 – 08:30 +0530 – sinhala.adaderana.lk)
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
‘ලෝකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ’ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේ අද (29) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක කාලයක් මෙම වැඩවර්ජනයේ නිරත වීමට සැලසුම් කර ඇති බවය.
සිය ගැටලු සම්බන්යෙන් අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට කිසිදු ස්ථීර විසඳුමක් ලබා දී නොමැති බව දුම්රිය රියදුරන් පවසයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග ද ඊයේ (28) දිනයේ මෙම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදී ද පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නොහැකි වූ බව චන්දන වියන්දූව මහතා සඳහන් කළේ ෴
+++
+
ලිංගික අධ්‍යාපනය සිසුන්ට දීම පෙළපොතට ස්ත්‍රී, පුරුෂ ප්‍රජනක පද්ධතිවල පින්තූර දැමීම පමණයි…
(29.07.2025 – 12:00 +0530 – lankacnews.com)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව රට පුරා ආන්දෝලනයක් ඇතිවී ඇති නමුත් බොහෝ දෙනකු ඒ සම්බන්ධව කතා කරන්නේ නිශ්චිත අවබෝධයකින් තොරව දේශපාලන අරමුණුවලින් පමණක් බව පැහැදිලි වන බව ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
පසුගිය කාලය මුළුල්ලේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස සිදුවූයේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කෙටි කතා ඉවත්කොට තවත් කවුරුන් හෝ ලේඛකයෙකුගේ කෙටිකතා හෝ කවි එකතු කිරීම වැනි අධ්‍යාපන ග්‍රන්ථවල පරිච්ඡේද වෙනස් කිරීම පමණක් බවත්, රටක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ජාතික සංවර්ධනය කේන්ද්‍ර කොට සිදුවිය යුතු බවත් ඔහු සඳහන් කරයි.
අද වනවිට රටේ ලිංගික අපරාධ, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, අඩු වයසින් ගර්භනී භාවයට පත්වීම, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මාරක අනතුරු ඉහළ යාම, රටේ සිවිල් පුරවැසියන් පවතින සිවිල් සහ අපරාධ නීතිය සම්බන්ධව අවබෝධයක් නොමැති වීම වැනි ප්‍රායෝගික කරුණුවලට සමාජයක් ලෙස මුහුණපාන බැවින් එම කරුණු කෙරෙහි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී අවධානයට ලක් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
මෙරට ලිංගික අධ්‍යාපනය පාසල් සිසුන්ට ලබාදීම හරහා පසුගිය කාලයේදී සිදුවූයේ පෙළපොත් වලට ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක පද්ධතිවල ඡායාරූප එකතු කිරීම පමණක් බවත් ඉන් බැහැරව ගොසින් ස්ත්‍රී සහ පුරුෂ ශරීරයන් සම්බන්ධයෙන්ද, ලිංගික ක්‍රියාවන් සහ ඒ ආශ්‍රිතව බෝවන රෝග ආ සමාජ ආර්ථික දේශපාලන ගැටළු සම්බන්ධවද පුළුල් අවබෝධයක් ලබා දිය හැකි විෂය පථයක් නිර්මාණය වී යුතු බව ඔහු සඳහන් කරයි.
එසේම එම විෂය මාලාවන් නිසි පරිදි අධ්‍යාපනය ලබා දිය හැකි ගුරු පරපුරක් බිහි කිරීමටද විෂය මාලා සංවර්ධනයේදී අවධානයේ ලක්විය යුතු බව ඔහු සඳහන් කරන අතර පෙර පාසල් දරුවන්ගේ සිට උසස් පෙළ දරුවන් දක්වා පාසල් අධ්‍යාපනය විෂය මාලා සංවර්ධනයේදී ප්‍රායෝගිකව මහපොළොවේ අත්දැකීම් සහිත විද්වතුන් සම්බන්ධ කොට ඒ සම්බන්ධව කතිකාවතා ගොඩනැගිය යුතු බවද පෙන්වා දෙයි.
ඒත් අවාසනාවට මෙන් විෂය මාලා සංවර්ධනය හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් සිදුවන්නේ විවිධ රටවල්වල සහ විවිධ රාජ්‍ය නොවන ආයතනවල ඕනෑ එපාකම් ඉටුකිරීම සඳහා හෝ දේශපාලනික අරමුණු සඳහා සිදුවන වෙනස්කම් පමණක් වීම කනගාටුවට හේතුවක් බවත් සෑම ආණ්ඩුවක්ම බලයට පත්වීමෙන් පසුව අවුරුදු පහෙන් පහට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනස්වීම නිසා රටක් වශයෙන් අප දැඩි ලෙස ආපස්සට ගොස් ඇති බවද ඔහු පෙන්වා දෙයි.
ලෝකය දියුණු රටවල පවතින අධ්‍යාපන ක්‍රම නිරීක්ෂණය කිරීමට යන විද්වතුන් නැවත ලංකාවට පැමිණ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොකරන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන අතර එබැවින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වන පුද්ගලයන් පමණක් නොව පරිබාහිර සමාජ ආර්ථික දේශපාලන විෂය පථයන් සම්බන්ධව අදහස් දක්වන ප්‍රායෝගික විද්වතුන්ගේද අදහස් වලින් සමන්විතව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුකිරීමට වර්තමාන රජය කටයුතු නොකරන්නේ නම් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුස්සක් වන බවද සඳහන් කරයි ෴
ගුවන් සේවිකාවකට පසුගිය ආණ්ඩුවකින් ලොකු තෑගි මල්ලක්
(29.07.2025 – lankadeepa.lk)
ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ‘ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක’ වශයෙන් බදවා ගෙන ඇයට වැටුපට අමතරව ‘ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව’ වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක (23,94,460) මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ ‘2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත’ යටතේය.
ගුවන් සේවිකාවට ඉන්ධන දීමනාව වශයෙන් රුපියල් දස ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය හැටක (10,44,460) මුදලක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක (13,50,000) මුදලක්ද මෙසේ ගෙවීම් කර ඇත.
එම කාලයේදී චක්‍රලේඛ විධිවිධාන නොතකා ඉන්ධන හා ප්‍රවාහන දීමනා නිර්දේශ අනුමත කළ නිලධාරීන්ගේ තොරතුරු 2015 කාලයේ බලපෙරලියට ප්‍රථම අතුරුදන්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉහත ඉන්ධන සහ ප්‍රවාහන දීමනා හිමිවන්නේ දීප ව්‍යාප්ත සේවාවන්හි පළමු (1) පන්තියේ මාණ්ඩලික නිලධාරීන් හා ඒ හා සමාන සමාන්තර වෘත්තීන් වෙත හෝ ජනාධිපති ලේකම් විටින් විට නිකුත් කරන රාජ්‍ය වියදම් චක්‍රලේඛ අනුව ආවරණය වන ඇමති කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසකට පමණක් බවත් ‘ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක’ හෝ ව්‍යාපෘති සම්බන්ධීකාරක නිලයක් මෙවැනි චක්‍රලේඛයකින් ආවරණය නොවන බවත් පැවසේ ෴
දඹුල්ලේ දුරකථන වෙළඳසැලකට මහ රෑ පැනලා සම්පූර්ණයෙන්ම හින්දලා | CCTV කැමරාවේ සියල්ල සටහන් වෙයි (28.07.2025)
+
මුහුණු හංගාගෙන පැමිණ උදේ පාන්දරම ෂෙඩ් දෙකක් මංකොල්ල කති | කැත්තෙන්, පොරවෙන් ගේම දෙන හැටි (28.07.2025)
+
කුරුණෑගල සුප්‍රසිද්ධ විදේශ රැකියා ආයතනයක ගින්නක් (29.07.2025)
+++
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴