බොරැල්ලේ මාරක අනතුරින් තුවාල ලැබු 7 ක් තවමත් රෝහලේ; එක් (1) අයෙකු මිය යයි
බොරැල්ලේ මාරක අනතුරින් තුවාල ලැබු 7 ක් තවමත් රෝහලේ; එක් (1) අයෙකු මිය යයි
(28.07.2025 – 11:41 +0530 – sinhala.adaderana.lk)
අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ දී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබු පුද්ගලයින් 7 දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ එක් (1) අයෙක් රෝහල් ගත කිරීමේදී මියගොස් සිටි බව කොළඹ ජාතික රෝහලේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.
තුවාලකරුවන් අතරින් දෙදෙනෙකු (2) කාන්තාවන් වන බවත්, ඉතිරි පස්දෙනාම (5) පිරිමි පුද්ගලයින් වන බව ද වෛද්‍යවරයා කියා සිටියේය.
අද (28) උදෑසන රාජගිරිය දෙස සිට බෞද්ධාලෝක මාවත දෙසට ධාවනය වෙමින් තිබූ දොඹකරයක්, කනත්ත වටරවුමේ මාර්ග සංඥා අසල නවතා තිබූ යතුරු පැදි 6 ක සහ මෝටර් රථ 3 ක් ගැටී අනතුර සිදුව තිබුණි.
අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 62 ක් වූ අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයෙකි.
අනතුර සිදුකළ දොඹකරයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දොඹකරයේ තිරිංග අක්‍රීය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.
බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
+++
+++
+++
+++
+++
බොරැල්ලේ අනතුර සිදුවෙන අවස්ථාවේ දොඹකරයේ රියැදුරු ‘ගංජා’ පානය කරලා
(28.07.2025 – hirunews.lk)
අද (28) උදෑසන බොරැල්ල කනත්ත අසළදී පුද්ගලයෙකුට මරු කැඳවමින් සිදු වූ රිය අනතුර සිදුකළ දොඹකරයේ රියැදුරු එම අවස්ථාවේදී ‘ගංජා’ පානය කොට සිට ඇති බවට රිය අනතුරින් පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
රාජගිරියේ සිට බොරැල්ල දෙසට ධාවනය වූ ගස් කැපීම සඳහා යොදා ගන්නා දොඹකරයක් බොරැල්ල කනත්ත අසළදී රියැදුරුගේ පාලනයෙන් ගිලිහී ඉදිරියට ධාවනය වී මෙම අනතුර සිදුවුණා.
එම අවස්ථාවේ බොරැල්ල කනත්ත වටරවුමේ අලෝක සංඥා පුවරු අසළ දැඩි රථවාහන තදබදයක් පැවති අතර එහිදී දොඹකරය පළමුවෙන් ගැටී ඇත්තේ මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවකයි.
පසුව ඉදිරියෙන් ධාවනය වූ යතුරු පැදි 3 ක සහ තවත් මෝටර් රථ 2 ක ගැටී දොඹකරය නොනවත්වා ඉදිරියට ධාවනය වී තිබුණා.
අනතුරුව තවත් යතුරු පැදි 2 ක් දොඹකරයේ ගැටී එහි සිරවී ඇති අතර දොඹකරය නැවතී ඇත්තේ එම අවස්ථාවේයි.
එහිදී දොඹකරයට යටවූ එක් (1) යතුරු පැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර ඔහු 62 හැවිරිදි පුද්ගලයෙක්.
තවත් 6 දෙනෙකුට අනතුරින් බරපතල තුවාල සිදුව තිබෙනවා.
තුවාලකරුවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර දොඹකරයේ රියැදුරු අත්අඩංගුවට ගනු ලැබුවා ෴
යාලු සමාගමක් කන්ටේනර පන්නලා කල මහා ලුණු වංචාවක් උදය ගම්මන්පිල හෙලිකරයි
(28.07.2025 – 16:40 +0530 – lankacnews.com)
අද (28) පැවති ‘පිවිතුරු හෙළ උරුමය’ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.
“මාලිමා ආණ්ඩුව බිහි කරන්න උදව් කරපු ¤¤¤ සමූහ ව්‍යාපාරයේ සභාපති ¤¤¤ මහතාට ආණ්ඩුව කලගුණ සලකන බවත් ලුණු ව්‍යාපාරයේ ඔහුගේ ලොකුම තරගකරුවා වන ‘පුත්තලම් ලුණු සමාගමේ’ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුව පත් කරපු බවත් මීට පෙර දූෂණ විරෝධින් වාර්තා කලා. නමුත් දූෂණය ඉදිරියට මිස පිටුපසට ගියේ නෑ. ආණ්ඩුව ලුණු හිඟයක් මවාපාලා ¤¤¤ සමාගම සමඟ එකතුවී කරන මහා වංචාවක් රටට හෙලිකිරිම අපේ යුතුකමයි කියලා අපි සැලකුවා.
පසුගිය කාලයේ ආණ්ඩුව මැවූ ලුණු හිඟය නිසා ලුණු මෙට්ටික් ටොන් 30,000 ක් ආනයනයට නිෂ්පාදකයින්ටම අවසර දෙන්න ආණ්ඩුව තීරණය කරනවා. ඒ සම්බන්ධව ආණ්ඩුව නිකුත් කරනවා 2025 අංක 6 දරණ ආනයන අපනයන පාලන රෙගුලාසි. මේ රෙගුලාසියේ හතරවෙනි (4) කොන්දේසිය තමයි ‘මැයි 19 පටන් ගන්න පුලුවන් ආනයනය කිරිම; ජුනි මාසේ 10 වෙනිදා ආනයන අවසන්විය යුතුයි’. ජුනි 10 වෙනිදා හෝ ඊට පෙර දිනයක් නැවට බඩු පැටවිමේදී නිකුත් කරන සහතිකයේ නැතිනම් ‘නැව්භාර පත්‍රයේ’ (බිල් ඔෆ් ලෝඩින්) සඳහන් විය යුතුයි.
නැව්ගත කළ දිනය බලන්නේ නැවට භාණ්ඩ පැටවූ බවට නිකුත් කරන සහතිකයෙන්, නැතිනම් ‘නැව්භාර පත්‍රයෙන්’. නැව් සමාගම භාණ්ඩ භාරගත් දිනය තමයි ‘නැව්භාරපත්‍රය’ට දාන්නේ. ඒ භාණ්ඩ එදාම නැවට පටවන්නත් පුළුවන්. නැතිනම් දවසක් දෙකක් ගත වෙන්නත් පුළුවන්.
ලුණු නැව් ලංකාවට ආවාම සමහර ‘නැව්භාරපත්‍ර’ වල නැව් සමාගම භාරගත් දිනය ජූනි 10 වුණත් නැවට පටවලා තිබෙන්නේ ජූනි 10, 11 සහ 12 දිනවල. ඒ නිසා මේ බහාලුම් නිදහස් කරන්න රේගුව බෑ කිව්වා. අඩුම ගණනේ ජූනි 10 නැවට පැටවූ ලුණු බහාලුම් පවා නිදහස් කරන්න රේගුව ප්‍රතික්ෂේප කලා. ඒ නිසා රේගු අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව බහාලුම් 400 කට ආසන්න සංඛ්‍යාවක් දැන් මාසයකට වැඩි කාලයක් වරායේ හිර වෙලා තිබෙනවා. ලුණු කිලෝවක මිල රු 100 සිට රු350 දක්වා තුන් (3) ගුණයකටත් වඩා වැඩි අගයකින් ඉහළ ගියා. මේ අතරේ ‘නැව්භාර පත්‍රයේ’ දිනය විදියට ජූනි 10 සඳහන් ජූනි 11 සිට 12 දක්වා නැවට පටවපු ¤¤¤ සමාගමේ බහාලුම් හයක (6) ලුණු ටොන් 168 ක් – ඒ කියන්නේ ලුණු කිලෝ 168,000 ක් – නිදහස් කිරීමට රේගුව කටයුතු කරනවා. සරලවම කිව්වොත් වෙනත් සමාගම්වල ජූනි 10 පැටවූ බහාලුම් වරායේ හිර කරගෙන ¤¤¤ සමාගමේ ජූනි 11 සහ 12 පැටවූ බහාලුම් නිදහස් කරනවා.
මුලින්ම මේ බහාලුම් නැවට පැටවූ දිනය ලෙස ජූනි 10 කියා අපි කියන්නේ කොහොමද? මේ තිබෙන්නේ. ‘නිව් ගෝල්ඩන් සී ෂිපිං’ නමැති නැව් සමාගම වෙනුවෙන් ‘කොස්කෝ ෂිපිං ලයින්’ නිකුත් කළ මේ ‘නැව්භාර පත්‍රය’ අනුව නැවට පටවා තිබෙන්නේ ජූනි 10. නමුත් මේවා ඇත්තටම නැවට පටවා තිබෙන්නේ ජූනි 11 සහ 12. ඒ බව ‘කොස්කෝ සමාගමෙන්’ අපි ලබා ගත්තු වාර්තාවේ තිබෙනවා.
¤¤¤ ලුණු සමාගමට ලුණු එවූ බහාලුම් හයේම (6) අංක දෙවැනි (2) පිටුවේ සඳහන් වෙනවා. කොස්කෝ සමාගමෙන් අපි ලබා ගත්තු බහාලුම් වාර්තාව අනුව නැවට පැටවූ දිනයන් : (බහාලුම් අංකය – බහාලුම නැවට පැටවූ දිනය සහ වේලාව)
OOCU059515-2 – ජුනි 12 මධ්‍යම රාත්‍රී 12:09 ට,
OOCU047430-09 – ජුනි 12 මාධ්‍යම රාත්‍රී 12:04 ට,
CAIU6944861-07 – ජුනි 12 මධ්‍යම රාත්‍රී 12:03 ට,
OOCU051219-0 – ජුනි 12 මධ්‍යම රාත්‍රී 12:00 ට,
SEGU316341-7 – ජුනි 11 දවල් 02:42 ට,
TLLU328453-0 – ජුනි 11 පස්වරු 01:56 ට.
එහෙනම් ¤¤¤ සමාගමේ බහාලුම් හයම (6) නැවට පටවා ඇත්තේ ජුනි 10 නෙවෙයි. ජුනි 11 සහ 12 යි.
දැන් ¤¤¤ සමාගමේ බහාලුම් විතරක් නිදහස් කළ බවට අපට තිබෙන සාක්ෂිය තමයි අන්තර්ජාලයෙන් ඕනෑම කෙනෙකුට පරික්ෂා කළ හැකි බහාලුම් තත්ව වාර්තාව නැතිනම් ‘කන්ටේනර් ස්ටේටස් රිපෝට්’ එක. ‘නැව්භාර පත්‍රයේ’ සඳහන් බහාලුම් අංක සහිත බහාලුම් හයම (6) ජූලි 10 සිට 16 දක්වා දිනවල හිස් බහාලුම් ලෙස නැවත නැව් සමාගමට ලැබිලා තිබෙනවා.
බහාලුම් 400 ක් පමණ වරායේ හිර කරගෙන ඉන්න නිසා තවම ලුණු මිල ඉහලයි. ¤¤¤ සමාගමේ ‘¤¤¤ ලුණු’ කිලෝවක මිල දැන් රු. 325 යි. සියළු බදු සහිතව ලංකාවට ආනයන වියදම රු. 80/- යි. මේ රු. 80/- ට ගෙනාවේ අයඩීන් සහිත ලුණු. ඒ නිසා දැන් තිබෙන්නේ පැකට් කර විකුණන්න විතරයි. ලංකාවට ගොඩබාන විට රු. 80/-ක් පිරිවැය වුණු ලුණු රු. 325/-ක් වුණේ කොහොමද කියන එක ¤¤¤ සමාගම විසින් අපට පැහැදිලි කළ යුතුයි. අපි දන්නවා ‘¤¤¤ ලුණු’ වල ප්‍රමිතිය රැක ගන්න ආනයනය කරන ලුණු සෝදා වියලනය කරනවා. එහෙම කලත් මෙතරම් මිල ඉහල ගියේ කොහොමද?
ආණ්ඩුව විසින් කැට ලුණු සඳහා රු. 180/- ක් ද කුඩු ලුණු සඳහා රු. 240/- ක් ද වශයෙන් කිලෝවකට උපරිම මිලක් නියම කර තිබෙනවා. එහෙම තිබිය දී රු. 240/- ලුණු කිලෝව ¤¤¤ විකුණන්නේ රු. 325/- ට. මේ මම කියන්නේ අද (28) දවසේ වෙළඳපොලේ මිල. මේ පිළිබඳ කිසිම පියවරක් ගන්න ‘පාරිභෝගික ආරක්ෂක අධිකාරිය’ බය වෙන්නේ ¤¤¤ ලොක්කා ජනපතිගේ මිතුරෙකු නිසා ද කියන ප්‍රශ්නය අපට මතු වෙනවා.
‘¤¤¤ සමාගමේ බහාලුම්’ පමණක් නිදහස් කලේ ‘ඩබ්ල් පොකට් කමිසයක සාක්කු දෙකම පිරුණු’ නිසා ද? නැතිනම් කලින් දුන්නු උදව් වලට කලගුණ සලකන්න ද? ආණ්ඩුව වහාම මේ ගැන රටට ප්‍රකාශයක් කළ යුතුයි. රේගුව යොදාගෙන ආණ්ඩුව මේ කරන දූෂණ ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙලා තිබෙන්නේ ‘බහාලුම් 323 වංචාව පිළිබඳ සියළුම තොරතුරු සීඅයිඩියට සහ අල්ලස් කොමිසමට භාර දී තිබිය දී මේ අය ඒ ලිපි ගොනු උඩ නිදාගෙන ඉන්න නිසා’ කියන එක සිහිපත් කරන්න කැමැතියි. පොලිසියේ ලොක්කන් විධියට ඉන්නේ මාලිමා මැතිවරණ වේදිකාවේ හිටිය දේශපාලකයින් නිසා ආණ්ඩුවට විරුද්ධව ලැබෙන පැමිණිලි ගැන ඒ අය ක්‍රියා කරන්නේ නෑ කියමුකෝ. ඒත් ස්වාධීන යැයි සම්මත ‘අල්ලස් කොමිසම’ මේ ගැන නිහඬව සිටීම නම් අපට දැවැන්ත ප්‍රහේලිකාවක්.
සමාගම් වලින් ලැබෙන දැන්වීම් වලට පෙරේත වෙලා මේ වංචාව සඟවන්න එපා කියලා සියළුම මාධ්‍ය වලින් අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”
+++
+++
පරම සත්‍ය කතා කරන ගම්මන්පිල ඇස් ඉදිරිපිට දැක්ක අපාය මෙන්න… අනුරට දැන් රට ගාය හැදිලා (28.07.2025)
+
ශ්‍රේෂ්ඨාධිකරණ තහනම් නියෝග කඩා ප්‍රශ්නගත ඖෂධ සමාගම්වලට මුදල් ගෙවලා.. අධිකරණයට අපහාසයක්දැයි විමර්ශන…
(28.07.2025 – 14:10 +0530 – lankacnews.com)
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලයේදී ගුණාත්මක භාවය පරීක්ෂා නොකොට මෙරටට ගෙන්නන ලද ඖෂධ නිසා මෙරට මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි Transparency International ආයතනය හිටපු ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට එරෙහිව පනවා ඇති මූලික අයිතිවාසිකම් නඩුවක අතුරු තහනම් නියෝග කඩ කර ඇත්දැයි අවධානයට ලක්ව ඇත.
එස්. තුරෙරාජා, යසන්ත කෝදාගොඩ, සහ මහින්ද සමය වර්ධන යන ශෙෂ්ටාධිකරණ විනිශ්චකාර තුමන් ඉදිරියෙ SC/FR/99/24 අංක දරණ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග වන අතර ඒ සම්බන්ධව පසුගිය නොවැම්බර් මස 04 වන දා අතුරු තහනම් නියෝග ලබා දෙමින් ‘සෞඛ්‍ය අමාත්‍යාංශයේ’ සහ ‘ඖෂධ නියාමන අධිකාරියේ’ සියලු ප්‍රසම්පාදන ක්‍රියාවන් ඖෂධ නියාමන අධිකාරියේ 109 වගන්තිය ප්‍රකාරව සිදුවිය යුතු බවත් ප්‍රසම්පාදන කොමිසමේ පූර්ව මාර්ගෝපදේශ වලට යටත්ව පමණක් ප්‍රසම්පාදන ක්‍රියා සිදු විය යුතු බවටත් නියෝගයක් නිකුත් කොට ඇත. කුමන හේතුවක් නිසාවත් එකී මාර්ගෝපදේශ උල්ලංඝනය නොකරන ලෙස මෙහිදී උපදෙස් ලබා දී ඇත.
එසේම හිටපු සෞඛ්‍යා ඇමතිවරයාගේ පාලන කාලයේදී මෙරටට ගෙන්වන ලද සියලුම ඖෂධ සම්බන්ධව ගෙවීම් නිසි විමර්ශන අවසාන වන තුරු අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇත.
එසේම අදාල ඖෂධ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පුළුල් විමර්ශනයක් සිදු කොට අධිකරණයට වාර්තා කරන ලෙසට උපදෙස් ලබා දී ඇත. එම ඖෂධ මිලදී ගැනීමේදී මූල්‍යමය අක්‍රමිකතාවක් හෝ අපරාධනය වරදක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධව වෙනම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව’ට නියෝග කොට ඇත.
මේ අනුව එම කාලසීමාවේදී මිලදී ගන්නා ලද ඖෂධ 150 කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වීමට නියමිතය.
මෙවන් අතුරු තහනම් නියෝගයක් ලබා දී ඇති තත්ත්වයක් යටතේ ‘රාජ්‍ය ඖෂධ සංස්ථාව’ පසුගියදා ප්‍රශ්න සහගත සමහර සමාගම් සඳහා ගෙවීම් කටයුතු සිදුකර ඇති බව මේ වන විට වාර්තා වී ඇති බැවින් ලබා දී ඇති අතර තහනම් නියෝගයකට එරෙහිව එරෙහිව අධිකරණයට අපහාස කිරීමක් කර ඇත්දැයි ඉදිරි විමර්ශන කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙසට දන්වා ඇත ෴
කෙහෙලියගේ බෙහෙත්වලින් හානි වූ රෝගීන්ට රමේෂ්ගේ ලයිස්තුවකට මේ ආණ්ඩුවෙන් ගෙවලා..
(28.07.2025 – 12:40 +0530 – lankacnews.com)
හිටපු සෞඛ්‍ය ඇමතිය කෙහෙළිය රඹුක්කැල්ල පාලන කාලයේදී ගෙන්නන ලද විවිධ බාල ඖෂධ නිසා ඇස අන්ධ වූ හා විවිධ ආබාධිත වූ රෝගීන්ට මේ දක්වා වර්තමාන රජය සහන ලබාදීමට අසමත්ව ඇතැයි ‘වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ’ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඒ මහතා ඒ බව සඳහන් කළේ අදාළ ආබාධිතත්වයට පත් වූ රෝගීන් වර්තමාන රජයෙන් සහන ලබාදීමට අසමත් වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට මහජන සත්‍යග්‍රහයට සම්බන්ධ වෙමිනි.
තෝරාගත් රෝගීන් පිරිසකට පමණක් මෙම රජයේ බලයට පත්වීමෙන් පසුව සහනාධාර ලබාදීමට කටයුතු කළ අතර හිටපු සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් පරිදි සකස් කරන ලද කැබිනට් පත්‍රිකාවකට අනුව අදාළ ගෙවීම් සිදුකිරීමට වර්තමාන රජය කටයුතු කොට ඇත.
ඒත් මෙම රජය බලයට පත්වීමෙන් පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් පුරුදු විමර්ශනයක් සිදුකොට වගකිවයුතු අංශවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අදාළ ආබාධිත පුද්ගලයන්ට සහන ලබාදීමට හෝ කටයුතු කර නොමැති බව රෝගීහු ප්‍රකාශ කළහ.
හිටපු සෞඛ්‍ය ඇමති පාලන කාලයේදී එකසිය පනස් දෙනෙකුට (150) ආසන්න ප්‍රමාණයකට දෘෂ්ටිආබාධ ඇතිවූ අතර තවත් රෝගීන් සියයත් එකසිය පනහක් අතර ප්‍රමාණයක් (100-150) මෙම කාලසීමාවේදී විවිධ හේතූන් මත රෝහල් තුලදී මිය යෑම සිදුවූ අතර මේ කිසිඳු සිදුවීමක් සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා විමර්ශන වාර්තා ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාසය අසමත් වූ බවද සත්‍යග්‍රහයට එකතු වූ රෝගීහූ අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
අවස්ථා කිහිපයකදීම මෙම සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හමුවීමට උත්සාහ කළ ද ඒ සඳහා අවස්ථාවක් අහිමි වූ බවත් මෙය ඉතා කණගාටුදායක වන බැවින් කඩිනමින් ජනාධිපතිවරයා හමුවීමට කලින් අවස්ථාවක් ලබා දෙන ලෙස වෛද්‍ය චමල් සංජීව මහතා රජයෙන් ඉල්ලීමක් කළහ ෴
නන්ද මල්ලවාරච්චි ගොනුකර ඇති පෙත්සමේ කරුණු සලකා බැලීම සැප්තැම්බර් 03 වැනිදා
(00.07.2025 – hirunews.lk)
2015 ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් දේශපාලන අවශ්‍යතා මත මිලදී ගෙන එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහි කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති අධි චෝදනා බල රහිත කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි ගොනුකර ඇති පෙත්සම කරුණු සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 03 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත පුනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන 03 වනදා කැඳවන ලෙසයි.
නීතිඥ අමිල කුමාර මාර්ගයෙන් ගොනු කර ඇති මෙම පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබූ නඩුවකට අදාලව තමන්ව සාක්ෂිකරුවකු ලෙස නම්කර තිබූ බවයි.
ඉන් අනතුරුව එම නඩුවට අදාළව තමන් මහාධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන් බවත් පෙත්සම්කරු කියා සිටියා.
එසේ තිබියදී මෙම සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ තමන්ව විත්තිකරුවකු වශයෙන් නම් කිරීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් පෙත්සම්කරු සඳහන් කර සිටයා.
ඒ අනුව තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙන චෝදනා බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴