Monthly archives: ජනවාරි, 2020

චීනයේ වූහාන් නගරයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයින් රැගෙන එන යානය දිවයිනෙන් පිටත්ව යයි

(31.01.2020 – 16:29 +0530 – hirunews.lk/sinhala) චීනයේ – වූහාන් නගරයේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒම සඳහා සූදානම් කර තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානය අද (31) දහවල් කටුනායක ගුවන්තොටුපලෙන් පිටත්ව ගොස් තිබෙනවා. ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කළේ හෙට (01) දිනයේදී මෙම යානය අදාළ සිසුන් රැගෙන යළි මෙරටට ළගා වීමට නියමිත …

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

(31.01.2020 – 08:59 +0530 – hirunews.lk/sinhala) ජාතික දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස‍්‍ර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් අද (31) සිට ක්‍රියාත්මකයි. ඒ අනුව, ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය හන්දිය දෙසින් පැමිණෙන රථ වාහන ලිබර්ටි වටරවුම ඔස්සේ පිත්තල හන්දිය දක්වාත්, ලිප්ටන් වටරවුම ඔස්සේ වෝඩ් පෙදෙස, යූනියන් පෙදෙස සහ ඞීන්ස් පාරට ඇතුළු විය හැකියි. හැව්ලොක් මාර්ගයේ පැමිණෙන …

නව ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ : සති හයකින් ප්‍රතිපත්තිය වෙනස් වුණේ කොහොමද?

(30.01.2020 – 12:38 +0530 – lankaleadnews.com) ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කළ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ නම් වු ප්‍රතිපත්ති ප්‍රකාශයේ නව වැනි පිටුවේ ‘ජාතික සමඟියට මගකියන ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක්’ නම් වූ උප ශීර්ෂය යටතේ මෙසේ සඳහන් වේ : ‘අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සමාජයේ ඇත්තේ ප්‍රබල විවේචනයකි. එම අඩුපාඩු දුරු කිරීමට ගෙනා …

හෙරොයින් කිලෝ 192 ක් සමඟ කතුන් 2 ක් හා පිරිමියෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට

(30.01.2020 – 09:50 +0530 – sinhala.adaderana.lk) හෙරොයින් තොඟයක් සහ ගිනි අවි 10 ක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර උතුර විශේෂ විමර්ශන ඒකකය විසින් අද (30) උදෑසන සිදු කළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේය. ඔවුන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 192 ක තොගයක්, පිස්තෝල …

UNP මඩ බලකාය සහ JVP මඩ බලකාය ක්‍රියාත්මකයි – පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

(28.01.2020 – 22:32 +0530 – hirunews.lk/sinhala) එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මඩ බලකාය විසින් අයුක්තිය, අසාධාරණත්වයට එරෙහිව ක්‍රියාකරන භික්ෂූන් වහන්සේට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කරන බව නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, අද (28) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ අතර, රංජන් රාමනායක මන්ත්‍රීවරයා …

නීතිපති දප්පුල ගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට දැනුම් දීමක්

= මේ පිටුවේ සිරස්තල = • නීතිපති දප්පුල ගෙන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට දැනුම් දීමක් • ජනපති කොමිසමට නීතීපතිගෙන් ලිපියක් • බැදුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තාව පිළිබඳ විවාදයට දින නියම වෙයි (විඩියෝ) • කොරෝනා ආවා කියලා චීනේ එක්ක තියෙන සම්බන්ධතා නවතින් නෑ – අමරවීර (විඩියෝ) • කොරෝනා වෛරසය ගැන පරීක්ෂාවට රෝහල් 12 ක් නම් …

කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගියා හඳුනාගනී (විඩියෝ) • ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා වාර්තාවෙයි (විඩියෝ) • චීනයේ සිටි ලාංකික සිසුන් 50 ක් දිවයිනට • කොරෝනා මරණ ගණන තවත් ඉහළ යද්දී, වෛරසයට එරෙහිව විශ්මිත සොයාගැනීමක් • කොරෝනා නිසා මියගිය ගණන තවත් ඉහළ යයි – බීජිං නගරයෙන් පළමු …

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද (27) රැස්වෙයි

= මේ පිටුවේ සිරස්තල = • කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට පත්කළ කමිටුව අද (27) රැස්වෙයි (විඩියෝ) • කොරෝනා පරීක්ෂණවලදී රසායනාගාර සේවකයින් අනාරක්ෂිතයි • කොරෝනා තවදුරටත් ව්‍යාප්ත වෙයි – මරණ 80 ක්, 324 කට බරපතලයි – චීන අගමැති වූහාන්හි සංචාරයක • උගත්තු කියන්නේ හොඳ මිනිස්සු කියලා හිතන්න එපා – උදය ගම්මන්පිල (විඩියෝ) • රටේ සදාචාරයට ජනපති …

චීන සුළඟට එරෙහිව… ඉරිසියාකාර අසල්වැසියා…! 2015 මහින්දගේ ආණ්ඩුව පෙරළා… ගෝඨාභය හමුවූ කවුද මේ අජිත් ඩොවාල්…?

(26.01.2020 – divaina.com) ජනවාරි අටවෙනිදා පරාජය වී ගෙදර යෑමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත සමග පවත්වන ලද සාකච්ඡාවකදී කියා සිටියේ තමාව පරාජය කරන ලද්දේ ඇමරිකාවේ සී.අයි.ඒ. සහ බි‍්‍රතාන්‍ය එම්.අයි.6 බුද්ධි සේවා සමග එක්වූ ඉන්දීය ‘රෝ’ ඔත්තු සේවාව බවය. මේ පිළිබඳව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත තමා චෝදනා කරන්නේ නැතැයි ද තමාව ජනාධිපති ධුරයෙන් ඉවත් …

චීනයේ වුහාන් හි සිටින සියලු ශ්‍රී ලාංකික සිසුන් වහාම දිවයිනට ගෙන්වා ගන්නැයි ජනපතිගෙන් උපදෙස්

(25.01.2020 – 21:41 +0530 – sinhala.adaderana.lk) කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට සිටින ශ්‍රී ලාංකික සිසුන් සියලු දෙනා ගෙන්වා ගැනීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් දී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, විදේශ ලේකම්වරයාට සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ජනාධිපතිවරයා අදාළ උපදෙස් දී ඇති බවයි. එමෙන්ම එම සිසුන් …