Day archives: ජනවාරි 25th, 2020

රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය ගැන විමසන්න ‘සිංහලේ සංවිධානය’ සිරිකොතට

(24.01.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවූ බවට එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම බොරු ප්‍රචාර ගෙනයමින් සිටින බව ‘සිංහලේ ජාතික සංවිධානයේ’ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසනවා. අද (24) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ …

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය ගැන CIDය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව ජනපති කොමිසමේදී අනාවරණ වෙයි

(24.01.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද (24) අනාවරණ වුණා. ඒ එම කොමිසම හමුවේ එවක කෑගල්ල ප්‍රදේශය භාරව කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී ජගත් ගාමිණී තෙන්නකෝන් මහතා සාක්ෂි ලබාදුන් …