Day archives: ජනවාරි 10th, 2020

හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් ට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කරන්න පුළුවන් – වෛද්‍ය වසන්ත බණ්ඩාර

(09.01.2020 – 22:02 +0530 – lankaleadnews.com) හිටපු අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් මහතාට තිබූ පිට කොන්ද අධ්‍යාපන ඇමති ඩලස්ට සහ අමාත්‍ය පවිත්‍රාට තිබෙනවානම් පාන් පිටි වසන්ගතය අවසන් කළ හැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මේ බව කියා සිටියේ පසුගියදා රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ පැවති ‘නින්නාද’ සජීවී වැඩසටහනට එක්වෙමිනි. …

රන්ජන් සහ ශානිගේ තවත් මතභේදාත්මක හඬපටයක්

(09.01.2020 – 19:50 +0530 – sinhala.adaderana.lk) පොලිසියේ ඉහළ තනතුරුවල පත්කිරීම් සිදුකිරීම සඳහා යහපාලන රජයේ ඉහළම පුද්ගලයන්ගෙන් බලපෑම් එල්ල වූ බව සඳහන් ප්‍රකාශ ඇතුළත් ආන්දෝලනාත්මක හඬපටයක් අද සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අතර සිදුකෙරුණු සංවාදයක් එම හඩපටයේ ඇතුළත්ය. එමෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා …