‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් ගල්අඟුරු කොමිසමට ප්‍රශ්නාවලියක් : විමර්ශන ක්‍රියාවලියේ විනිවිදභාවය විමසයි

‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් ගල්අඟුරු කොමිසමට ප්‍රශ්නාවලියක් : විමර්ශන ක්‍රියාවලියේ විනිවිදභාවය විමසයි


‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානයෙන් ගල්අඟුරු කොමිසමට ප්‍රශ්නාවලියක් : විමර්ශන ක්‍රියාවලියේ විනිවිදභාවය විමසයි

(14.05.2026 – hirunews.lk)

ගල්අඟු‍රු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය එම කොමිසමේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

මීට අමතරව අද (14) එම කොමිසම හමුවේ තවත් පැමිණිලි දෙකක් (2) ද ඉදිරිපත් වූ අතර, එම පැමිණිලි දෙකම (2) විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබීම විශේෂත්වයක් වනවා.

ගල්අඟු‍රු ආනයනය කිරීමේදී සහ විදුලිය නිෂ්පාදනයේදී අක්‍රමිකතා සිදුවී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත්කළා.

එම ජනාධිපති කොමිසම වෙත ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) මීට පෙර පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

එවන් පසුබිමක විපක්ෂය නියෝජනය කරමින් නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අද (14) පෙරවරුවේ එම කොමිසම වෙත පැමිණියා.

මේ අතර එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක ද අද (14) පස්වරුවේ එම විශේෂ ජනාධිපති කොමිසම හමුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ අතර ගල්අඟු‍රු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය එම කොමිෂන් සභාවේ ලේකම්වරයා වෙත ප්‍රශ්නාවලියක් යොමු කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ විමර්ශන ක්‍රියාවලිය සාධාරණව සහ අපක්ෂපාතිව පවත්වාගෙන යෑම සඳහා කොමිෂන් සභාවේ අනුගමනය කරන කාර්ය පටිපාටිය අඩංගු ලේඛනය හෝ තීරණයන් ලබාදිය යුතු බවයි.

කොමිෂන් සභාව විසින් පුද්ගලයින් සහ සංවිධාන වෙතින් තොරතුරු ලබා ගැනීමට අමතරව ස්වාධීන විමර්ශන සිදුකරනු ලබන්නේද, එසේ නම් ඒ සඳහා යොදා ගන්නා නිලධාරීන් හෝ ආයතන මොනවාද යන්නත් එමගින් විමසා තිබෙනවා‍.

කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි මෙහෙයවීමේදී නීතිමය සහය ලබාදෙන ආකාරය පැහැදිලි කරන ලෙසද එහි සඳහන්.

ඊට අමතරව කොමිෂන් සභාවේ කටයුතු සම්බන්ධයෙන් නීතීඥවරුන්ගේ කාර්යභාරය දැනුම්දෙන ලෙසත් ‘ෆ්‍රී ලෝයර්ස්’ සංවිධානය අදාළ ප්‍රශ්නාවලිය මගින් දැනුම් දී තිබෙනවා.

+


පොඩි හාමුදුරුවරු විනාසයි ! ආණ්ඩුවට හරිම විනෝදයි ? (13.05.2026)

+

ගොම – වස – උණ්ඩ – පිහි අනුරව ගෙදර යවනවාමයි ? (14.05.2026)

+


ගම්වල මිනිස්සු ආණ්ඩුවට කියන කතා… මේ ඒ මිනිස්සුන්ගේ ජීවිත මිසක් දේශපාලනය නෙවෙයි (14.05.2026)

+

නාමල් වටේ ඉන්න පරණ හොරු දැන් අයින් වුණොත් හොඳයි (13.05.2026)

+

මළමිනියෙ මූණට ෆෝන් එක අල්ලලා බැලුවලු… ශ්‍රී ලංකා ෂූ පොලිෂ් වැඩ තමයි (14.05.2026)

+

නිලමැස්සො නං වහන්නෙ ගූ ගොඩවල්වල තමයි (13.05.2026)

+

මැරිච්ච මිනිහටවත් නිදහසේ ඉන්ඩ දීපල්ලා… මූණට ෆෝන් අල්ල අල්ලා විකාර කරන්නෙ නැතුව (14.05.2026)

+

බලය රැකගන්න ඕනෑම එකෙක් එක්ක නිදිවදින්න ලෑස්තියි… ජේවීපී මහජන ආණ්ඩුව ? (14.05.2026)

+


ගම්පහ ඔස්මන්ව CCD යෙන් අත් අඩංගුවට! හේතුව බටුවත්ත චාමරගේ ප්‍රකාශයක්! (14.05.2026)

+

කපිල මියගිය දවසේ අරවින්දගේ CCTV වැඩ! ඒත් පටිගත වී නෑ! ගම්පහ ඔස්මන්ගේ නම කිව්වේ දෙවනි පාර්ෂවයක්! (14.05.2026)

+


රාජපක්ෂලාගේ හමුව මගහැර හොර පාරෙන් රනිල් හමුවන අනුර දිසානායක (14.05.2026)

+

හම්බ කලොත් හිරේ නිකන් හිටියොත් කරේ මාලිමාවෙ අමුතු නීති (14.05.2026)

+


ජාතික ජන බලවේගය විසින් පොහොට්ටුවට දුන් දැවැන්ත තල්ලුව! (13.05.2026)

+

බෙදුම්වාදී නායකයන් හමුවේ නැට්ට දෙපරැන්දෙ ගහන ආණ්ඩුවක තරම (14.05.2026)

+

අරගල ඉතිහාසය ගැන ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අතුල සමරවීර මතකය අවදි කරයි! (13.05.2026)

+

කර්නල් ලලිත් ජයසිංහයන්ගේ අවසන් සටන සහ යුධ ජයග්‍රහණය – චාමර විජේසූරිය (14.05.2026)

+


ලාල්කාන්තගෙන් අමුතු කමිටු! (14.05.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *