Monthly archives: ජූලි, 2020

ජනපති කොමිසමේදී ETI තැන්පත් කරුවන් සාක්ෂි ලබා දෙයි

(08.07.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනයේ දිවයින පුරා පිහිටි ශාඛා බොහොමයක නිලධාරීන් ගනුදෙනුකරුවන් නොමග යවා ඇති බව ගනුදෙනුකරුවන් ප්‍රකාශ කරනවා. මේ බව හෙළිවුණේ ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදීයි. ගත වූ දින දෙක තුළදීම කොමිසම හමුවේ සාක්ෂි ලබා …

මත්ද්‍රව්‍ය ජාවාරමට නාකොටික් හි 18 වෙනියාත් අත්අඩංගුවට – අයි.පී. පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(08.07.2020 – 06:49 +0530 – hirunews.lk/sinhala) අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය, ජාවාරම්කරුවන්ට විකිණූ බව කියන සිද්ධියට අදාළව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (07) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගනු ලැබුවා. රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහු මෙලෙස මෙම ජාවාරමට ඇල්ලූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ 18 වන නිලධාරියා වනවා. මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල …

සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම හිස්බුල්ලාට අයත් ඉඩමක් – පාස්කු කොමිසමේදී හෙළිවෙයි

(07.07.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට පෙර පුහුණුවක් ලෙස, සහරාන් ඇතුළු කණ්ඩායම යතුරුපැදියක ඇටවූ බෝම්බයක් පුපුරවා හැරි කාත්තන්කුඩි ඉඩම කලකට ඉහතදී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අයත්ව තිබූවක් බව අනාවරණය වුණා. ඒ එම ස්ථානීය පරීක්ෂාව සිදු කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි. කොමිසම …

මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ ගැන තීරණයක් ගන්නැයි රජයෙන් ඉල්ලීමක්

(06.07.2020 – 21:59 +0530 – sinhala.adaderana.lk) මුස්ලිම් දික්කසාද සම්බන්ධයෙන් වන ‘කාති උසාවි’ වහාම තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල රජයෙන් ඉල්ලා සිටියි. එම උසාවි කටයුතුවලින් අගතියට පත් පාර්ශ්ව කිහිපයක් අද (06) බදුල්ලේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ අදහස් පළ කළේය. මේ අතර පූජ්‍ය අතුරලියේ රතන හිමි අද (06) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින්‍ කාති …

අද (06) සිට පාසල් යන ළමයින්, පාසලේ දී මුඛ ආවරණ පැළඳ සිටීම අනිවාර්ය ද ? සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පහදයි

(06.07.2020 – 09:04 +0530 – hirunews.lk/sinhala) කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ දින 115 කට පසු අධ්‍යයන කටයුතු සඳහා අද (30) සිට යළි ආරම්භ කෙරුනා. ඒ අනුව පළමු අදියර යටතේ අද (06) පාසල් ආරම්භ කෙරුනේ 11, 13 සහ 5 ශ්‍රේණි සඳහායි. අද (06) සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම සඳහා සුදුසු පරිසරය …

සමඟි ජන බලවේගය, ජාතිවාදීන්ගේ බළල් අතක් වෙලා – අගමැති මහින්ද රාජපක්ෂ

(05.07.2020 – 17:31 +0530 – hirunews.lk/sinhala) පටු ජාතිවාදයටත්, කප්පම්කාරී දේශපාලනයටත් තිත තැබීම සඳහා ජනාධිපතිවරණයේදී දුන් ජනවරමටත් වඩා ප්‍රබල ජන වරමක් මෙවර මහ මැතිවරණයේදී ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළා. ඒ, විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින්. ජාතිවාදීන්ගේ බළල් අතක් වූ සමගි ජන බලවේගය යන ශීර්ෂය යටතේ නිකුත් කළ අදාළ නිවේදනයෙන් පසුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික …

ශ‍්‍රී ලංකාව ඇමෙරිකානු ගැටයට හිරකළ ගිවිසුම්: ගුණරුවන් කමිටුව හෙළිකළ පාවාදීමට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවද ? – ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

(05.07.2020 – divaina.com) ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ‍්‍රක අභියෝගතා සමායතනය සමඟ අත්සන් කිරීමට සකස් කරනු ලැබ තිබෙන සංයුක්ත ගිවිසුම් කෙටුම්පත, යෝජිත ව්‍යපෘති හා ඒවා ක‍්‍රියාත්මක කිරීමට සකසනු ලැබ ඇති ක‍්‍රමවේදය සමාලෝචනය කිරීමේ කමිටුව පසුගියදා පාර්ලිමේන්තු ක‍්‍රමයට ‘මල්ටි බැරල් රොකට්’ ප‍්‍රහාරයක් එල්ල කළේය. හතර දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ සභාපති කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් …

වැල්ලවත්තේ ගාලු පාරේ කඩ පේළියක ගින්නක් !

(05.07.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්) වැල්ලවත්ත, ඩබ්ලිව්.ඒ.ද සිල්වා මාවත – ගාලු පාර මංසන්ධියේ (ගාලු පාරේ මුහුද පැත්තේ) කඩ පේලියක ගින්නක් හටගෙන තිබේ. කොළඹ ගිනි නිවන ඒකකය සඳහන් ගිනි නිවන රථ 10 ක් ගින්න පාලනය කිරීම සඳහා යොදවා ඇති බවය. ගින්න හේතුවෙන් ගාලුපාරේ වැල්ලවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනයට බාධා සිදුව ඇති බව ‘අද දෙරණ’ …

දෙවනගල ඔත්තු සේවය වසා දැමූ ‘හිරු සී.අයි.ඒ.’ මෙහෙයුම

(04.07.2020 – 20:45 +0530 – hirunews.lk/sinhala) මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය වෙත පැමිණෙන බැතිමතුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අන්‍යාගමික පුද්ගලයෙකු සවිකර තිබු සී.සී.ටී.වී. කැමරා පද්ධතිය ගලවා දැමීමට එහි හිමිකරුට සිදුවුණා. ‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබඳව අවස්ථා කිහිපයකදී රටට හෙළි කළ අතර සිද්ධිය සම්බන්ධ පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි. ඓතිහාසික මාවනැල්ල දෙවනගල පුරාවිද්‍යා ස්මාරකය නැරඹීමට …

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බයාගේ හැසිරීම් පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි

(04.07.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala) = සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ හැසිරීම් පිළිබඳ තොරතුරු රැසක් හෙළිවෙයි = පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුගේ ප්‍රහාරයට ආසන්න දිනවල හැසිරීම් පිළිබඳ තොරතුරු රැසක් පාස්කු ඉරිදා ප්‍රහාරය විමසන ජනපති කොමිසම හමුවේ හෙළිදරව් වුණා. ඒ ඔහුට අයත්ව තිබූ තඹ කම්හලේ කළමණාකරු ලබාදුන් සාක්ෂි හරහායි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනපති …