Category «විශේෂ නිවේදන»

අමරපුර සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධ කෙරේ

අමරපුර-රාමඤ්ඤ නිකායන් එක්වෙයි (16.08.2019 – 16:52 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන් අද (16) එක් සංඝසභාවක් බවට පත්කෙරුණි. මේ අනූව එම නිකායන් ‘ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව’ ලෙසින් අද සිට ක්‍රියාත්මක වනු ඇත. අති පූජ්‍ය වැලිතර ඥානවිමලතිස්ස මහ නා හිමියන් බුරුමයේ අමරපුරයේදී උපසම්පදා වී මෙරටට වැඩම කොට …

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට

(11.08.2019 – 16:02 +0530 – sinhala.adaderana.lk) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතින් සිදුවිය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තරග කිරීමට නියමිතය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ජාතික මහා …

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක් වතුර කපයි

(23.07.2019 – 12:48 +0530 – sinhala.adaderana.lk) කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට අද (23) පස්වරු 06.00 සිට පැය 16 ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජල සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නලයේ හදිසි බිද වැටීමක් හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බව එම මණ්ඩලය සදහන් කළේය. …

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය …

දින දෙකක තැපැල් වර්ජනය ඇරැඹෙයි

(16.07.2019 – 16:50 +0530 – lankadeepa.lk) ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද (16) පස්වරු 4.00 සිට දින දෙකක (02) සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව …

බදාදා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹට ජල සැපයුම අඩු පීඩනයක් යටතේ

(08.07.2019 – 17:23 +0530 – hirunews.lk/sinhala) නගර සංවර්ධන ව්‍යාපෘතියක් හේතුවෙන් අනිද්දා (10) උදෑසන 9 සිට පැය 24 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයක් යටතේ ලබාදීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශය, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව යන ප්‍රදේශවලට මෙලෙස …

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලයට සංස්ථාවෙන් ඉන්ධන නැහැ

(30.06.2019 – 07:37 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය සදහා අලුතින් නළ එලීමේදී මෝදර – මහවත්ත, ප්‍රදේශයේ ඇති වූ ගැටලුවට අමාත්‍ය රවී කරුණානායක වගකිව යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරනවා. මෙම ගැටලුව සදහා විසදුම් ලබානොදුනහොත් අද (30) මධ්‍යම රාත්‍රියේ සිට අමාත්‍ය රවී කරුණානායක යටතේ ඇති විදුලිබල …

අද (27) මැදියම් රැයේ සිට පැය 24 ක දුම්රිය වර්ජනයක්

(27.06.2019 – 07:11 +0530 – hirunews.lk/sinhala) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් වැටුප් විෂමතා ඉවත් නොකිරීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් එක්ව පසුගිය 21 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 …

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක ජල කප්පාදුවක්

(25.06.2019 – 10:17 +0530 – hirunews.lk/sinhala) කොළඹ දිස්ත්‍රික් නැගෙනහිර නගර ජල සම්පාදන ව්‍යාපෘතිය යටතේ ජලනල පද්ධතියක් වැඩිදියුණු කිරීම හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (26) පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින පෙරවරු 9 සිට පසුදා (27) පෙරවරු 9 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ මහරගම, …

කොළඹ තැන් කීපයකට සෙනසුරාදා (22) වතුර නෑ

(20.06.2019 – 12:26 +0530 – sinhala.adaderana.lk) 2019 ජූනි මස 22 වන දින පෙරවරු 9 සිට මධ්‍යම රාත්‍රී 12 තෙක් පැය 15 ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් සහ ජුබිලි ජල සැපයුම පද්ධතියේ …