Day archives: ජූනි 12th, 2020

ශාහිඩ් ලෙස රෝහලට ගිය සහරාන්ගේ සොහොයුරා

(12.06.2020 – 19:34 +0530 – sinhala.adaderana.lk) පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් පසු සයින්දමර්දු ප්‍රදේශයේ පිපිරීමකින් මියගිය සහරාන් හෂීම්ගේ සොහොයුරු රිල්වාන් හෂීම් 2018 වසරේදී කොළඹ ජාතික රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) ජනාධිපති කොමිසමේ අවධානය යොමු වුණි. ඊට කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය එච්.කේ.චන්දන මහතායි. ඔහු සඳහන් කළේ 2018 අගෝස්තු 27 …

රජයේ උපදෙස් ක්‍රියාත්මක නොකරන බැංකු නිලධාරීන් ඉවත්කිරීමට පසුබට වන්නේ නෑ – ජනපති

(11.06.2020 – 18:44 +0530 – hirunews.lk/sinhala) අපනයන ක්ෂේත්‍රයේ ගැටළු සහ බාධක නිවැරදිව හඳුනාගෙන ඒවා නිරාකරණයට පූර්ණ සහාය දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. රට යථා තත්වයට පත්වෙමින් තිබියදී ආර්ථික පුනර්ජීවනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ පැහැදිළි කිරීමත්, අපනයන ව්‍යාපාර මුහුණදෙන ප්‍රශ්න හා ගැටළු හඳුනාගැනීමත් සඳහා ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමග අද (11) …