Day archives: ජූනි 2nd, 2019

බුද්ධි අංශ මේජර් වරයෙකු ලෙස පෙනී සිටි නිසාර් ඉම්රාන් STF අත්අඩංගුවට

(02.06.2019 – 10:13 +0530 – sinhala.adaderana.lk) යුද හමුදා බුද්ධි බලකායේ මේජර් වරයෙකු ලෙස පෙනී සිටිමින් අන්තවාදී ක්‍රියාවල යෙදුණු බවට සැකපිට පුද්ගලයෙකු මොරටුව – ගල්කිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකායට ලද තොරතුරක් මත මොරටුව, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ සිදු කල වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි …

සහරාන්ගෙන් කඩුපහර කෑ කාත්තන්කුඩියේ මුසාෆීර් සිළුමිණට කියන කතාව

(01.06.2019 – silumina.lk) අබූ උබයිදා නැමැති ත්‍රස්තවාදියා උගේ කණ්ඩායමත් සමඟ මරාගෙන මැරී ඇත. අබූ උබයිදා කීවාට කාටවත් වගක් නැති වුවත් මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම දැන් අප්‍රසන්න වන තරමටම අපට ඇසී තිබේ. මේ මනෝ විකෘතික ඝාතකයා නිසා මේ වන විට බරපතළම අර්බුදයකට ලක් වී ඇත්තේ මේ රටේ මුස්ලිම් මිනිස්සුය. ඒ බව අපට කියන සජීවී සාධකය …

ජනාධිපති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක්

(01.06.2019 – 20:07 +0530 – sinhala.adaderana.lk) අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ට සහ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නැයි බලකරමින් අද (01) පස්වරුවේ ජනාධිපති නිල නිවස ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත් විය. අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, අසාත් සාලි සහ එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන්ට සහ මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු …