මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට

(02.08.2020 – 15:51 +0530 – hirunews.lk/sinhala) දැනට වරෙන්තු ලබා සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ දින 11 කට පසු කුරුණෑගල නගරයේදී මීගමුවේ පොලීසියේ විමර්ශන කණ්ඩායමකට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට පහසුකම් සැපයීම මොහුට විරුද්ධව එල්ල වී ඇති චෝදනාවයි. ඔහු ඇතුලු හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගැනීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ පසුගිය …

අතහැර දමා යන දරුවන් භාරදෙන්න ළමාරක්ෂක අධිකාරියෙන් වෙනම ආයතනයක්

(02.08.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala) දෙමාපියන් විසින් අතහැර දමා යා හැකි හෝ ඝාතනයට ලක්වීමේ අවදානමක් සහිත දරුවන් භාර ගැනීම සඳහා සියලුම පළාත් ආවරණය වන අයුරින් විශේෂ ආයතනයක් පිහිටුවීමට ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව එක් පළාතකට එක් ආයතනය බැගින් විවෘත කෙරෙන අතර, දෙමාපියන් සහ භාරකරුවන්ගේ අනන්‍යතාවය පිළිබඳව එහිදී කිසිවිටෙකත් අවධානය යොමු නොකරන …

වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාලවෙයි

(01.08.2020 – 12:11 +0530 – hirunews.lk/sinhala) කොළඹ වරායේ වෘත්තිය සමිති කිහිපයක් එක්ව ඊයේ (31) ඇරඹූ වෘත්තිය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් වරාය මෙහෙයුම් කටයුතු අඩාල වී තිබෙනවා. විරෝධතාකරුවන් ඉල්ලා සිටින්නේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කළ යුතු බවයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම වහා නතර කර එහි මෙහෙයුම් කටයුතු …

රත්නපුර හිටපු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 කට මරණ දඬුවම

(31.07.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala) 2015 ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට අද (31) මරණ දඬුවම නියම කළා. පැය 3 කට ආසන්න කාලයක් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන එම තීන්දුව ලබා දුන් බවයි …

හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට

(31.07.2020 – 07:36 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබෙනවා. එහිදී ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බවයි පොලීසියේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට …

විදුලි පාරිභෝගයන්ට කෝටි 300 ක සහනයක්

(30.07.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala) සියලූ විදුලි පාරිභෝගයන්ට මාර්තු අප්‍රේල් සහ මැයි මාස සඳහා රුපියල් කෝටි 300 ක සහනයක් ලබාදීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලක්ෂ 67 ක් වන පාරිභෝගියන්ට මෙම සහනය හිමිවන අතර, අදාළ මාස 3 සඳහා ගෙවිය යුත්තේ පෙබරවාරි මාසයේ බිල්පතෙහි සඳහන් ගාස්තුව පමණයි. එම මාස 3 ට ඊට වඩා …

ඊ.ටී.අයි. අධ්‍යක්‍ෂවරු 04 දෙනා සී.අයි.ඩී.යට

(30.07.2020 – 10:23 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ගණුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා, එම සමාගමේ අධ්‍යක්ෂවරුන් හතරදෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද (30) පෙරවරු 10:15 ට පමණ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ මෙලෙස එම දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවයි. පසුගිය …

ප්‍රහාරයක සැලසුම හෙළි කළේ මාස 6 කට පෙරයි – හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ජනපති කොමිසමේදී කියයි

(29.07.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala) සහරාන් හෂිම් මෙරට තුළ ප්‍රහාරයක් එල්ල කිරීමට සිය අනුගාමිකයන් අභිප්‍රේරණය කරමින් සිටින බව තමන් පාස්කු ප්‍රහාරයට මාස 6 කට පෙර හිටපු ජාතික බුද්ධි ප්‍රධාන සිසිර මෙන්ඩිස් දැනුවත් කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ජනාධිපති කොමිසමේදි අනාවරණය කළා. ඒ ඊයේ (28) දෙවන (2) දිනටත් …

යහපාලන සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,000 ක වංචාවක්

(28.07.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala) 2016 – 2019 කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 11,059 ක මුදල් අවභාවිතයක් සිදුව ඇති බව අදාළ අක්‍රමිකතා පිළිබඳ සොයාබැලූ කමිටු වාර්තාවෙන් අනාවරණ කර තිබෙනවා. එම කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවූ අක්‍රමිකතා සහ අවභාවිතාවන් සොයාබැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, බුද්ධශාසන හා සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස මීට පෙර …

කුරුණෑගල නගරාධිපතිට සහ වයඹ ආණ්ඩුකාරවරයාට අධිකරණයෙන් නියෝගයක්

(28.07.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala) විනාශ වූ කුරුණෑගල පුරාවිද්‍යා භූමියට අදාළ සියලු ලිපිගොනු අධිකරණ භාරයට පත් කරන ලෙස කුරුණෑගල නගරාධිපතිවරයාට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝග කළා. ඒ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි. එසේම නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපි ගොනු සහ සටහන් ද අධිකරණ භාරයට පත් කරන ලෙස නීතිපතිවරයාගේ තවත් ඉල්ලීමක් මත වයඹ පළාත් ආණ්ඩුකාරවරයාට …