කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් 300 ක් අත්අඩංගුවට

කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් 300 ක් අත්අඩංගුවට


කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ මෙහෙයුමකින් 300 ක් අත්අඩංගුවට

(05.07.2025 – 11:44 +0530 – sinhala.adaderana.lk)

කඳාන, ජා ඇල, වත්තල හා රාගම ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේ දී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් 300 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදු කර ඇත.

ඊයේ (04) රාත්‍රිය පුරා මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර මෙම ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන මෙහෙයුමක්ද ක්‍රියාත්මක කර ඇත.

විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීමේ දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

මෙම විශේෂ මෙහෙයුම පිළිබඳ නිවේදනයක් නිකුත්කරමින් ආරක්‍ෂක අමාත්‍යාංශය පවසා සිටියේ, නීති විරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ඇතුළු ප්‍රධාන පියවර කිහිපයක්ම මෙහිදී ක්‍රියාත්මක කළ බවය.

විධිමත් වෘත්තීයභාවයකින් සහ විනය ආරක්ෂා කරගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත්, එය මහජනතාවට අවම බාධාවක් සහිතව සිදුකල බවටත් සහතික විය.

දිවයින පුරා තිරසාර සාමය සහ මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රදේශවල ද මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවද ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ වැඩිදුරත් දැක්වේ ෴

+++

+


ව්‍යාපාරිකයන් රවටා කූට වැඩ කළ අයෙක් කොටුවෙයි

(05.07.2025 – 12:53 +0530 – sinhala.adaderana.lk)

ජංගම දුරකථනය හරහා ඇණවුම් කරන භාණ්ඩ සඳහා මුදල් බැරකළ බවට ව්‍යාජ ලදුපත් ඉදිරිපත්කරමින් මූල්‍ය වංචා රැසක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට පුද්ගලයෙකුගෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

අදාළ පැමිණිල්ලේ සඳහන්ව ඇත්තේ, ප්‍රබල දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයෙකු තමාගෙන් රුපියල් 85,000 ක් වටිනා සුරතලයට ඇතිකරන සුනඛයෙකු ලබාගෙන මුදල් ලබානොදුන් බවය.

සුනඛයා වෙනුවෙන් ඉල්ලූ මුදල බැංකු ගිණුමට බැර කළ ලදුපතක් සැකකරු විසින් තම ජංගම දුරකථනයට එවීමෙන් පසු, සිය වියදමින් සුනඛයා රත්නපුරයේ සිට ත්‍රිරෝද රථයකින් කොළඹ ලිපිනයකට එවූ බවද ඔහු පවසා තිබේ.

කෙසේවෙතත් එම ලදුපත ව්‍යාජව සැකසූ එකක් බව පසුව හෙළිවූ බව පැමිණිල්ලෙහි සඳහන්.

ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරු කොළඹදී අත්අඩංගුවට ගනු ලැබීය.

විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු නාවල පිහිටි මාංශ වෙළඳසැළකින් ද ව්‍යාජ ලදුපතක් යොමුකරමින් එලෙසම රුපියල් 31,187 ක් වටිනා මස් වර්ග ලබාගෙන ඇති බවය.

එමෙන්ම රුපියල් ලක්ෂ 2 ක් වටිනා රූපවාහිනි යන්ත්‍රයක් ද ඔහු මේ ආකාරයෙන්ම ලබාගෙන ඇති බව අනාවරණ වී තිබේ.

මෙම ක්‍රමයම භාවිත කරමින් සැකකරු වැඩි වශයෙන් ආහාර වර්ග ලබාගෙන ඇති අතර, රුපියල් ලක්ෂ 10 ක පමණ විටනාකමකින් යුත් කේක් වර්ගද ඊට ඇතුළත්.

අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් සැකකරුගේ නිවසේ ශීතකරණයේ වංචනික ලෙස ලබාගත් කේක් සහ කෑමවර්ග රැසක් තිබූ බව පොලීසිය පැවසීය.

සැකකරු අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.

+


කන්ටේනර් වාර්තාව අවුල් කරන්න ආණ්ඩුව ගහපු ගේම මෙන්න | ඇමති වසන්තට රු. කෝටි 630 ක කොමිස් කුට්ටියක් ? (05.07.2025)

+


225 ක් එකතුවෙලා හදන්නේ අපිට ඕන නීතිද..? | අල්ලස් කොමිසමේ ලොක්ක ගෙන් දේශපාලන කරලිය හෙල්ලෙන ප්‍රකාශයක් (05.07.2025)

+++

+


තියෙන්නේ එකම එක බෙහෙතයි | ඒකත් රුපියල් 40,000 ක් | මාරාන්තික ආසාත්මිකතා ගැන ඇස් උඩ යන කතාව මෙන්න (05.07.2025)

+


අලිත් කරන්නේ මාර වැඩ තමයි | මැදවච්චිය ටවුමේ බැංකුවට පැන්න වල් අලියා නිසා බැංකුවට දැවැන්ත පාඩුවක් (05.07.2025)

+


ත්‍රිපෝෂ නොලැබීමන් දරුවන්ට ගැටලු රැසක් (05.07.2025)

+


ඩෙංගු යළිත් හිස ඔසවයි – පළවෙනි පාර හොඳින් කියනවා (05.07.2025)

+


බැදුම්කර බෑණාගෙන් කප්පං ගත් මන්ත‍්‍රීන් දහයක් (10) ගැන පරීක්‍ෂණ.. කොළඹ SJB ලොක්කෙක් ඒ අතර…

(05.07.2025 – 14:10 +0530 – lankacnews.com)

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමට සහ එය යටපත් කිරීමට, මත්පැන් සමාගමකින් රුපියල් කෝටි ගණනින් මුදල් මෙන්ම වෙනත් වරප්‍රසාද ලබාගත් බවට චෝදනා එල්ල වන වත්මන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු (10) සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් විමර්ශනයක් අරඹා තිබේ.

විමර්ශනයට ලක්වන මෙම දස දෙනා (10) අතර, සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද සිටින බව CID ආරංචි මාර්ග තහවුරු කරයි.

CID විසින් අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව, විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මුලින් බැඳුම්කර සිද්ධිය දැඩිව විවේචනය කර ඇතත්, මත්පැන් සමාගමෙන් මුදල් සහ වෙනත් වරප්‍රසාද ලැබීමෙන් පසු ඔවුන් එම විවේචන අත්හැර දමා නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබේ.

මත්පැන් සමාගම විසින් මෙම මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇතැයි පැවසෙන චෙක්පත් ගණනාවක් මේ වන විටත් CID භාරයට ගෙන ඇති අතර, එම චෙක්පත් පිළිබඳ පරීක්ෂණ මෑතක සිට නව වටයකින් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

බැඳුම්කර සිද්ධිය පිළිබඳ මුල් විමර්ශන මෙහෙයවනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා විසිනි.

ඔහු එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීමෙන් පසු විමර්ශන අඩාල වූ අතර, පසුගියදා අබේසේකර මහතා නැවතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස පත් කිරීමත් සමඟ මෙම විමර්ශන යළි ක්‍රියාත්මක වී ඇත ෴


DEEP STATE ගැන විමල්ගෙන් දැන ගනිමු… | Deep Seek with WW | EP01 (27.06.2025)

+++

ශ්‍රී ලංකාව මීලඟ සිකීමය ද? විමල් කියන ‘වෛශ්‍යාව’ කවුද? | Deep Seek with WW | EP02 (05.07.2025)

+


ජාතික රෝහලේ හෘද රෝගීන්ට බයිපාස් සැත්කම්වලට රුපියල් ලක්‍ෂයක ඖෂධ පිටතින් ගේන්න වෙයි..

(05.07.2025 – 17:30 +0530 – lankacnews.com)

කොළඹ ජාතික රෝහලේ හෘද සැත්කම් වලදී රෝගීන්ට රුපියල් 100,000 ඉක්මවන මුදලක් වැය කරමින් පිටතින් ශල්‍ය හා ඖෂධ ද්‍රව්‍ය මිලදී ගැනීමට සිදුව ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

ඖෂධ සහ ශල්‍ය සැපයුම්වල බරපතල හිඟයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇත.

නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත ඩේලි මිරර් පුවත්පතට අදහස් දැක්වූ ඉහළ පෙළේ රෝහල් ආරංචි මාර්ගයක් සඳහන් කළේ, පවතින අර්බුදය දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක් කර ඇති බවයි. “ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝග සඳහා වන ඖෂධ, නිර්වින්දන ඖෂධ, විශේෂ වේදනා නාශක සහ සැත්කම් සඳහා අවශ්‍ය තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක දැඩි හිඟයක් ජාතික රෝහලේ පවතිනවා” යැයි එම ආරංචි මාර්ගය පැවසීය.

මෙම ගැටලුවලට අමතරව, රෝහලේ MRI යන්ත්‍ර හතරෙන් (4) තුනක් (3) දැනට ක්‍රියා විරහිත වී තිබේ. ස්ථිර රෝහල් අධ්‍යක්ෂවරයෙකු නොමැති වීම නිසා පරිපාලන ප්‍රමාදයන් සහ අකාර්යක්ෂමතා තවදුරටත් තත්ත්වය නරක අතට හැර ඇත.

මෙම අර්බුදය මෑත මාසවලදී උග්‍ර වී ඇති අතර, වත්මන් ඖෂධ හිඟය රජයේ රෝහල්වලට පමණක් සීමා නොවී, පෞද්ගලික ඔසුසැල්වලට ද බලපා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

වත්මන් පරිපාලනයට අර්බුදයට ලක් වූ පද්ධතියක් උරුම වුවද, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ධුර කාලය තුළ සිදු වූ හානිය, රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ දැනට දක්නට ලැබෙන අවුල් සහගත තත්ත්වයට සෘජුවම දායක වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. “අපි දැන් දකින බිඳවැටීම මාස ගණනක වැරදි කළමනාකරණයේ සහ නොසලකා හැරීමේ ප්‍රතිඵලයක්. වත්මන් පරිපාලනය එය නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටියත්, ඖෂධ සඳහා හදිසි ඇණවුම් කිරීම ඇතුළුව, මෙම පියවරවල ප්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුළදී පමණක් දෘශ්‍යමාන වනු ඇතැයි” එම ආරංචි මාර්ගය පැවසීය.

මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති තුෂාර රණදේව මහතා කියා සිටියේ, රජයට අයත් ඔසුසැල්වල පිළිකා ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින බවයි. “අපි ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දී සිටිනවා. රෝගීන් එක් ඔසුසලකින් තවත් ඔසුසලකට යොමු කරනවා, ජීවිතාරක්ෂක ඖෂධ සොයා ගැනීමට නොහැකිව” රණදේව මහතා වැඩිදුරටත් පැවසීය.

රජය මෑතකදී ප්‍රසම්පාදන ප්‍රයත්න වේගවත් කර තිබුණද, සෞඛ්‍ය සේවකයින් අවධාරණය කරන්නේ, මෙම අර්බුදය දැනටමත් බොහෝ ජීවිත අනතුරේ හෙළා ඇති බවත්, තවදුරටත් ඛේදවාචකයන් වැළැක්වීම සඳහා ක්ෂණික හා තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය බවත්ය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *