Category «ආරක්ෂක»

මෙරටට ගෙන්වූ කසල ආපසු යවන්න බෑ.. යවන කතා බොරු…

(21.07.2019 – 13:20 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : මෙරටට ගෙන්වූ කසළ නැවත කසළ ගෙන්වූ රටට හරවා යවන්න බෑ. එසේ යැවීම සදහා මධ්‍යම පරිසර අධිකාරිය උපදෙස්දීම නීති විරෝධීයි! බාසල් සම්මුතිය උල්ලංඝණය කිරීමක්! පසුගිය වසර කිහිපයතුළ මෙරටට ආනයනය කරන ලද කසල කන්ටේනර් අතරින් කටුනායකදී හමුවූ …

හිස්බුල්ලාට තහනම් සංවිධානයකින් කෝටි 1757 ක්

(19.07.2019 – 19:53 +0530 – hirunews.lk/sinhala) ‘බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ්’ හෙවත් ‘මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය’ සඳහා සෞදි අරාබියේ තහනම් සංවිධානයකින් රුපියල් කෝටි 1757 කට අධික මුදලක් එවා ඇතැයි කියන සිද්ධියට අදාළව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. ඒ, එම ආයතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු …

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) ජල සැපයුම අත්හිටුවයි

(17.07.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අනිද්දා (19) දිනයේ පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, එදින (19) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජා-ඇල සහ ගම්පහ යන ප්‍රාදේශීය …

දින දෙකක තැපැල් වර්ජනය ඇරැඹෙයි

(16.07.2019 – 16:50 +0530 – lankadeepa.lk) ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මධ්‍යම තැපැල් හුවමාරුවේ කාර්යය මණ්ඩලය අද (16) පස්වරු 4.00 සිට දින දෙකක (02) සංකේත වර්ජනයක් ආරම්භ කර ඇත. තැපැල් සේවාව පිළිබඳව මේ වනවිට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාවට අනුමැතිය ලබාගැනීම, දිවයින පුරා දැනට සිදුවෙමින් පවතින තැපැල් සේවක අයිතිවාසිකම් කප්පාදුව නතර කිරීම, තැපැල් දෙපාර්තමේන්තුව …

සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් ගැන විමල්ගේ හෙළිදරව්ව

(14.07.2019 – 22:31 +0530 – sinhala.adaderana.lk) බුද්ධි අංශ ප්‍රධානීන් සහ සංවේදී බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. වැලිඔය ප්‍රදේශයේ පැවති හමුවකදී සිය අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසන්නන් පිළිබඳව චෝදනා එල්ල කර සිටි ඒ මහතා …

අගමැතිගේ අපල දුරු කරන්න අලි පැටියෙක් යොදා ගැනීමේ උත්සහයක්?

(13.07.2019 – 19:24 +0530 – sinhala.adaderana.lk) රිදියගම ජාතික සත්වෝද්‍යානයේ ඇත් පැටවෙක් දේශපාලන අවශ්‍යතාවයක් මත පුද්ගලික බාරයට පැවරීමේ සූදානමක් පිළිබදව ලිපියක් භාරදීම සඳහා අද (13) අරලියගහ මන්දිරයට වැඩම කළ ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන්ට එහි සිටි ආරක්ෂක නිලධාරින්ගෙන් බාධා එල්ල වුණි. කෙසේවෙතත් එල්ල වූ බාධා හමුවේ වුවද උන්වහන්සේ අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත …

බස් රථයක් දුම්රිය මාර්ගයට කඩාවදී – මගීන් මැදිහත්වී දුම්රිය නතර කර ගනී

(13.07.2019 – 15:02 +0530 – hirunews.lk/sinhala) කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී බස් රථයක් දුම්රිය මාර්ගයට කඩාවැදීම හේතුවෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුවුනා. කොළඹ සිට මාතර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් උදෑසන 8.30 ට පමණ වේගය පාලනය කර ගැනීමට නොහැකිව බස් රථය මෙම අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 45 …

යාපන පාසලකදී මන්ත්‍රී ශ්‍රීධරන් වෛරයෙන් කළ කතාව

(11.07.2019 – 09:52 +0530 – lankadeepa.lk) යුද සමයේදී දෙමළ ජාතියම විනාශ කිරීමට දායක වූ යුද හමුදාව අද පාසල් ආරක්‍ෂාවට පෙනී සිටිමින් හොඳ නාමය ලබාගැනීමේ උත්සාහයක නිරතවෙමින් සිටින්නේ යැයි දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. ඇඟ කිලිපොළා යන තරමේ ප්‍රකාශයකි. එයට හේතු දෙකකි. පළමුවැන්න …

දිගින් දිගට ඇදෙන ඇක්සා-සෝෆා ආන්දෝලනය

(11.07.2019 – 15:06 +0530 – lankadeepa.lk) ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර, එකක් දැනටමත් අත්සන් තබා ඇති සහ තවත් එකක් අත්සන් තබන්නට නියමිතව තිබෙන ගිවිසුම් දෙකක් අරබයා වන විරෝධය මේ වන විට ක්‍රමයෙන් ගොඩනැගෙමින් තිබේ. පළමුවැන්න නම් පවරාගැනීමේ සහ හරස් සේවා සැපයීමේ (ඇක්සා) ගිවිසුමයි. වසර 2කට ආසන්න කාලයක් ගතව ඇතත් එය මේ දක්වාම පාර්ලිමේන්තුවට …

මාගල්කන්දේ සුදත්ත හිමියන්ගේ ප්‍රකාශයක් ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

(11.07.2019 – 20:16 +0530 – hirunews.lk/sinhala) සහරාන් හෂීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය 2017 වසරේදී නීතිපති උපදෙස් සඳහා ඉදිරිපත් කළ ලිපිගොණුව සම්බන්ධයෙන් හිටපු නීතිපති විධිමත් පියවරක් ගෙන නොමැති බවට පූජ්‍ය මගල්කන්දේ සුදත්ත හිමියන් ඊයේ දින (10) කළ ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධි නීතීඥ නිෂාරා ජයරත්න …