හෝමාගම, පාදුක්ක, මහරගම, පිළියන්දල, කැස්බෑව ට වතුර කැපෙන්නේ දින 4 කට වරක් : ජල මණ්ඩල සභාපති

හෝමාගම, පාදුක්ක, මහරගම, පිළියන්දල, කැස්බෑව ට වතුර කැපෙන්නේ දින 4 කට වරක් : ජල මණ්ඩල සභාපති


හෝමාගම, පාදුක්ක, මහරගම, පිළියන්දල, කැස්බෑව ට වතුර කැපෙන්නේ දින 4 කට වරක් : ජල මණ්ඩල සභාපති

(03.04.2026 – hirunews.lk)

හෝමාගම, පාදුක්ක, මහරගම, පිළියන්දල, කැස්බෑව යන ප්‍රදේශවලට දින හතරකට (4) වරක් ජල සැපයුම අත්හිටුවීම තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ අනුව දින 4 කට වරක් 5 වැනි දිනයේදී එම ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බවත් එසේ ජලය අත්හිටුවන කාලය පැය 24 සිට පැය 18 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.

එසේ ජලය අත්හිටුවන කාලය ඇතැම් විට පැය 3 සිට පැය 6,පැය 12, පැය 15, පැය 18 දක්වා පැවතිය හැකි බවත් ඇතැම් ප්‍රදේශවලට කිසිදු ආකාරයක ජල සැපයුම අත්හිටුවීමක් සිදු නොවනු ඇති බවත් ඔහු විසින් පෙන්වා දුන්නා.

ජලය අත්හිටුවන කාලය සහ වේලාවන් ජලය අත්හිටුවීමට පෙර ජල පාරිභෝගිකයින් වෙත SMS පණිවිඩයකින් දැනුම් දෙන බවත් එය ජල බිල දැනුම් දෙන ජංගම දුරකථන අංකයට දැනුම් දෙන බවත් සභාපතිවරයා පැවසුවා.

කලටුවාව ජලාශයේ ජලධාරිතාව සීඝ්‍ර ලෙස අඩුවීම මීට හේතුව බවයි ඔහු පවසන්නේ.

කලටුවාව ජලාශයේ ජලය පවතින්නේ මේ වන විට දින 20 ක කාලයකට පමණක් බවද ඔහු සඳහන් කළා.

මේ නිසා කලටුවාව ජලාශයෙන් දිනකට මුදා හරින ජලය ඝණ මීටර් 90,000 සිට ඝණ මීටර් 75,000 දක්වා අඩු කිරීමට තීරණය කළ බව ද චන්දන බණ්ඩාර සඳහන් කරනවා.

මේ වන විට ලබුගම ජලාශයේ ජලය දින 45 කට පමණ තිබෙන බවත් මේ නිසා කොළඹ නගරයට ජල සැපයුම අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

+++

වතුර තියෙන්නේ දවස් 20 කට විතරයි |කලටුවාව බාර ජල කළමනාකරු කියයි | පෑවිල්ලත් එක්ක ජලාශවලට වෙලා තියෙන දේ (03.04.2026)

+


පාස්කු ප්‍රහාරයේ මහමොළකරු ගැන පොතෙන් ව්‍යාජ පොතක් ගහපු වගකීම ශානි අබේසේකරගේ | ගම්මන්පිල (03.04.2026)

+++

බුද්ධි අංශවලට නොලැබෙන තොරතුරු අපිට එනවා | ගම්මන්පිලගෙන් මහමොළකරු පොත ගැන කිසිවෙක් නොසිතූ ආන්දෝලනයක් (03.04.2026)

+++

නුදුරු අනාගතයේ තවත් පිපිරීමක් වෙනවා | පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හොයපු ගම්මන්පිල රටටම අනතුරු අඟවයි (03.04.2026)

+


ගාල්ලේ නිවසක ද්විත්ව ඝාතනයක්

(03.04.2026 – 14:29 +0530 – sinhala.adaderana.lk)

ගාල්ල තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල අක්කර 13 ප්‍රදේශයේදී අද (03) උදෑසන එකම පවුලේ තිදෙනෙකුට (3) පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තිබේ.

පොලීසිය පැවසුවේ අද (03) උදෑසන 6 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ පිරිස් රෝහල් ගත කිරීමට පියවර ගත් නමුත් එහිදී දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වූ බවය.

පහරදීමෙන් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම පවුලේ මිත්තණිය සහ ඇගේ මිණිපිරියගේ ස්වාමිපුරුෂයා වේ.

පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතව මේ වන විට ප්‍රතිකාර ලබනුයේ මිත්තණියගේ දියණිය වන අතර ඇයගේ එක් අතක් සිරුරෙන් වෙන්ව ඇතැයිද ඇය මේ වන විට කරාපිටිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් පොලීසිය පැවසීය.

පහරදීමට සම්බන්ධ සැකකරු තෙලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මියගිය තැනැත්තියගේ අනෙක් දියණියගේ සැමියා බවත් එම දියණිය මේ වන විට ඉතාලියේ රැකියාක් නිරත වන බවත් පොලීසිය සඳහන් කළේය.

සැකකරු 35 හැවිරිදි උණවටුන දලවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද වන අතර ඔහු හිටපු හමුදා සෙබළෙකු බවද පොලීසිය අනාවරණය කරගෙන ඇත.

පොලීසිය පැවසුවේ පවුල් ආරවුලක් මුල් කරගනිමින් මෙම ඝාතනය සැකකරු විසින් සිදුකර ඇති බවය.

සිද්ධිය සම්බන්ධව ඇල්පිටිය කොට්ඨාස අපරාධ පරීක්ෂණ අංශයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂණය සිදුකර ඇති අතර තෙලිකඩ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හර්ෂද සිල්වා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති එම්.පී.ජී. සරච්චන්ද්‍ර මහතා විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

+++

+


කෙහෙළියගේ කාලේ වගේ සෞඛ්‍ය කඩා වැටිලා | බෙහෙත් නැහැ, උපකරණ නැහැ, තනතුරු පුරප්පාඩු | ‍‍‍‍‍‍‍‍වෛද්‍ය චමල් සංජීව (03.04.2026)

+


වාහනවලට රේගුවේ පට්ට හොරු ගහන සුපිරි ගේම මෙන්න. හොරට බදු ගහලා එළියට දාපු වාහනයක් මුන් මටත් විකුණුවා. (02.04.2026)

+


පොලොන්නරුවේ රාජ්‍ය නායකයව හූ… කියලා පැන්නුවනේ – තියන්න ඡන්දේ, පෙන්නනම් මාලිමාව බිංදුවටම වට්ටන හැටි (03.04.2026)

+


දොස්තර සීතා අරඹෙපොලගෙන් ෂුදාගෙ ලෙඩේට නොමිලේ බෙහෙත් (03.04.2026)

+


මේ බෞද්ධ විරෝධී ආණ්ඩුවේ ඩෝබිලත් දන්නෙ කුණුහරුප විතරයි (03.04.2026)

+

හෙට (අප්‍රේල් 04) දවල් 12 න් පස්සෙ රස්සාව තියෙයිද නැද්ද ? දොස්තරලාට නලින්දගෙන් අභියෝගයක් (03.04.2026)

+

ඊළඟට එන්නෙ, අලුත්ම අලුත් ආණ්ඩුවක්… හුඟක් ජේවීපීකාරයොත් දැන් වයසයි (03.04.2026)

+


සජිත්ගේ හීන කුඩු කරන නලීන් බණ්ඩාර සහ පිරිවර (03.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *