අප්‍රේල් 09 වන දින සිට උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යළි ආරම්භ කෙරේ
අප්‍රේල් 09 වන දින සිට උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යළි ආරම්භ කෙරේ
(04.04.2026 – hirunews.lk)
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඒ අනුව, අප්‍රේල් 09 වන දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, අද (04) දින සිට පෙරවරු 05:15 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියෙහි සහ පස්වරු 01:50 ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියවල ආසන වෙන් කිරීමේ පහසුකම්ද සපයා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා ෴
සුදාට එරෙහිව පෙත්සමක් ඕස්ට්‍රේලියාවට ? (04.04.2026)
+
ලාල්කාන්තගේ පියානෝව වාදනය කරන්නේ කවුද ? (04.04.2026)
+
නලීන් බණ්ඩාර බොනවා වැඩියි… සජිත් කොරයි ආණ්ඩු ඕකුන් එක්ක (04.04.2026)
+
බෲනෝ, නාමිනී ඇන්ටි සහ පාරේ හිඟාකන ධනපාලලා (04.04.2026)
+
සර්ව ජන බලයේ මාධ්‍ය ප්‍රකාශකගේ නොඇසූ කතාව | ප්‍රියන්කර මහගම්මුල්ලගේ (04.04.2026)
+
ආණ්ඩුවේ අසාර්ථකත්වය නිසා ගොවියන්ට වෙච්ච දේ ගැන නාමල් කරුණාරත්න කියයි (03.04.2026)
+
AI නලින් බණ්ඩාර තමුසෙට පිස්සුද Oi (04.04.2026)
+
GMOA වර්ජනය තවත් පැය 24 කට දිගු වෙයි
(05.04.2026 – hirunews.lk)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අද (05) පෙරවරු 08:00 සිට නැවතත් හෙට (06) පෙරවරු 08:00 දක්වා තවත් පැය 24 ක කාලයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ හේතුවෙන් සාමාන්‍ය සහ දෛනික ප්‍රතිකාර සේවා සම්පූර්ණයෙන්ම අඩපණ වන අතර හදිසි ප්‍රතිකාර සේවා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බව සඳහන්.
එම සංගමයේ හදිසි විධායක සභාව ගනු ලැබූ තීරණයක් මත මෙම පියවර ගත් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.
ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුම් ලබා නොදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා එල්ලවී තිබෙනවා ෴
හෝමාගමට අද (05) පැය 12 ක ජල කප්පාදුවක්
(05.04.2026 – 08:01 +0530 – sinhala.adaderana.lk)
හෝමාගම ප්‍රදේශයට අද (05) උදෑසන 08:00 සිට රාත්‍රී 08:00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.
වියළි කාලගුණයත් සමග ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කළ අතර ඒ අනුව පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබුණද එම කාලය පැය 18 ක් දක්වාත් පසුව 12 තෙක් අඩු කිරීමටද එම මණ්ඩලය තීරණය කළේය.
මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මගින් ජලය සැපයීම සඳහාද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බවද ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලය යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.
ජල සැපයුමට බාධා එල්ලවීමත් සමග මේ වන විට ජල සම්බන්ධතා 20,000 කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ද ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය ෴
+++
පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට අද පස්වරුවේ සිට පැය 12ක ජල කප්පාදුවක්
(05.04.2026 – 11:02 +0530 – sinhala.adaderana.lk)
පාදුක්ක සහ අවට ප්‍රදේශවලට අද (05) පස්වරු 08:00 සිට හෙට (06) පෙරවරු 08:00 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ජල පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇති බවය.
ඒ අනුව ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය සපයනු ලබන ප්‍රදේශයන් සඳහා ජල සැපයුම සීමා කිරීමට තීරණය කර ඇති බැවින් අද (05) රාත්‍රි 08:00 සිට හෙට (06) දින එනම් සඳුදා පෙරවරු 08:00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත ෴
බාධක මැද තමයි සුව සැරිය ලංකාවට අරන් ආවේ – රනිල් වික්‍රමසිංහගේ සම්පූර්ණ දායකත්වය ලැබුණා (04.04.2026)
+
සුදා යූ ටියුබ් එකේ කුණුහරුප කියලා අනුන්ට මඩ ගහලා – ඒ සල්ලිවලින් තමන්ගේ ළමයින්ට කන්න දෙන්නේ (04.04.2026)
+
ලාල්කාන්ත ඔය මහ ගෙදරක් හැදුවේ මිහින්තලේ ඉඩම් දේවානම්පියතිස්සට විකුණලාද? (04.04.2026)
+
ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) තෙල් සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධයක
(05.04.2026 – 11:28 +0530 – sinhala.adaderana.lk)
ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් හෙට (06) පෙරවරු 09:30 සිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
ඉන්ධන බෙදාදීමේ දී අනුගමනය කරන ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය තුළ පිරවුම්හල් සේවකයින් මුහුණ දෙන ගැටලු මෙම විරෝධතාවය සඳහා ප්‍රධානතම හේතුව බව එහි විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසයි.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ මෙම ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයින් දැඩි ලෙස අසීරුතාවයට පත්ව ඇති බවය.
ඉන්ධන මිල සූත්‍රය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අනෙකුත් සංස්ථා මෙහෙයුම් ලාභියා ලෙස 6% ක් ලබා ගන්නා බවත්, ඉන්ධන පිරවුම්හල් වෙත 3% ක ලභාංශයක් ලබා දීමට කටයුතු කළත් එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් කප්පාදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ඩී.වී. ශාන්ත සිල්වා මහතා සඳහන් කළේ ඇණවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් නියමිත අයුරින් ලබා නොදීම තුළ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී දැඩි අසීරුතාවයකට මුහුණ දී ඇති බවය.
+
රුපියල් ලක්ෂ 72 ක රන් භාණ්ඩ සහ මුදල් වංචා කළ පෞද්ගලික බැංකු කළමනාකරුවෙක් රිමාන්ඩ්
(05.04.2026 – hirunews.lk)
රුපියල් ලක්ෂ 72 කට අධික වංචාවක් සිදු කළැයි හැටන් පොලිස් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් හැටන් නගරයේ පිහිටි ප්‍රධාන පෞද්ගලික බැංකුවක උකස් අංශය භාරව කටයුතු කළ කළමනාකාරවරයෙකු හැටන් මහේස්ත්‍රාත් පීටර් පෝල් විසින් ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ‘දේවතා’ නැමති 37 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු 2025 මාර්තු මස සිට 2026 මාර්තු මස දක්වා වසරක කාලයක් අදාළ බැංකුවේ උකස් අංශය භාරව කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
එම කාලය තුළ ගනුදෙනුකරුවන් තමන් උකස් තැබූ ස්වර්ණාභරණ බේරා ගැනීමට ලබාදුන් පොලී මුදල් මොහු විසින් පෞද්ගලිකව ලබාගෙන, ඒ වෙනුවට බැංකුවේ නිල රිසිට්පත් වෙනුවට ව්‍යාජ රිසිට්පත් නිකුත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය ඇති බව පොලිසිය පවසනවා.
එමෙන්ම, ගනුදෙනුකරුවන් බැංකුවේ උකස් තැබූ සැබෑ රන් ආභරණ වෙනුවට පිත්තලවලින් සාදා රන් ආලේප කරන ලද ව්‍යාජ ආභරණ ගනුදෙනුකරුවන් වෙත ලබා දී වංචා කර ඇති බවටද තොරතුරු හෙළි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
තමන්ට ලැබුණේ තමන් උකස් කළ ස්වර්ණාභරණ නොවන බවට පසුව ගනුදෙනුකරුවන් කළ පැමිණිලි සැකකරු විසින් භාර නොගෙන මඟහැර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය විනය පරීක්ෂණයක් පවත්වා ඇතත්, සැකකරු ඊට ඉදිරිපත් වී නැත. පසුව එම බැංකු ශාඛාවේ කළමනාකාරවරයා විසින් හැටන් පොලිස් කොට්ඨාශයේ විශේෂ අපරාධ විමර්ශන අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වසරක කාලයක් තුළ ඔහු සිදුකර ඇති මෙම සමස්ත වංචාව රුපියල් ලක්ෂ 72 ක් පමණ වන බව බැංකු කළමනාකාරිත්වය පොලිසියට පවසනවා.
හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴