GMOA සෞඛ්‍ය ඇමතිට හෙට (06) උදේ 8 වෙනතුරු කල්දෙයි

GMOA සෞඛ්‍ය ඇමතිට හෙට (06) උදේ 8 වෙනතුරු කල්දෙයි


GMOA සෞඛ්‍ය ඇමතිට හෙට (06) උදේ 8 වෙනතුරු කල්දෙයි

(05.04.2026 – 17:07 +0530 – sinhala.adaderana.lk)

වෛද්‍ය වර්ජනය අවසන් කිරීම සඳහා සාකච්ඡා කිරීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට හෙට (06) උදෑසන 8 වන තුරු කල් ලබා දෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අමාත්‍යවරයා අදාළ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැලිකමක් දක්වන බවත් ඒ නිසාවෙන් වර්ජන ක්‍රියාමාර්ගය දිග්ගැස්සෙන බවත් පවසන එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ අමාත්‍යවරයාගේ තීරණය මත වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව තීන්දුවක් ගැනීමට සිය සංගමය සුදානම් බවය.

එමෙන්ම අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට ප්‍රමාද වීම හරහා අගතියට පත්වන්නේ රෝගී ජනතාව වන බව ද ඒ මහතා සඳහන් කර සිටියේය.

මේ අතර වර්ජනය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගැනීමේ බලය විධායක සභාවට පැවරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා,

“අපි දැනටත් සෞඛ්‍ය ඇමතිට කියලා තියෙන්නේ මේ රෝගී ජනතාව අපහසුතාවයට පත්කරන්න එපා. රෝගීන්ට වෛද්‍ය සත්කාරක සේවා ලබාගන්න බැරි වෙලා තියෙන්නේ, සෞඛ්‍ය අමාත්‍යවරයා තීන්දු තිරණ ගන්න මැලිවෙන නිසා. එතුමා දැන් තීරණය කරනවා නම් සාකච්ඡා මේසයට සුදානම් කියලා, අපිට ඒ මොහොතේ සිට ඉදිරියට වෘත්තීය ක්‍රියාමාර්ගවලින් අයින් වෙනවාද කියලා තීරණය කරන්න පුළුවන්. එතුමා තීන්දු තීරණ ගන්න ප්‍රමාද වෙනවා නම් ඒකෙ ප්‍රතිඵල, එකෙන් අගතියට පත්වෙන්නේ මේ රටේ රෝගී ජනතාව. ඒ නිසා අපි හෙට (06) උදේ 8 වෙනකල් අවස්ථාව දීලා තියෙනවා සෞඛ්‍ය ඇමතිට ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න. ජනාධිපතිතුමාට අවශ්‍ය මැදිහත්වීම කරන්න කියලා අපි දැනුවත් කරලා තියෙනවා. උදේ 8 වෙද්දි ඒ අවශ්‍ය මැදිහත්වීම කරන්න එකඟ වෙනවා නම් අපිට හෙට (06) උදේට විධායක සභාවේදී තීරණය කරන්න පුළුවන් හෙට (06) උදේ 8 වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කරනවාද ? නැද්ද කියන කාරණය.”

වෛද්‍යවරුන්ගේ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ලැයිස්තුව සහ සේවා ස්ථාන මාරු ලැයිස්තුව දේශපාලනීකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත්වන බව පවසමින් ඊට විරෝධය පා රජයේ වෛද්‍ය නිලධාරීන් ආරම්භ කළ වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුණි.

මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු මෙරට සියලුම රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල හදිසි හා අත්‍යවශ්‍ය ප්‍රතිකාර සේවා හැර සෙසු ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගී පත්වූයේ දැඩි අපහසුතාකටයි.

වර්ජනය හෙට (06) පෙරවරු 8 දක්වා ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම අද (05) පස්වරුවේ ප්‍රකාශ කළේය.

මෙවන් පසුබිමක සෞඛය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළේ වර්ජනයේ නිරත පාර්ශ්වයේ ප්‍රධාන ඉල්ලීමක් වූ පශ්චාත් සීමාවාසික අවධියේ සිටි වෛද්‍යවරුන්ට පළමු පත්වීම සිංහල දෙමළ අලුත් අවුරුද්දට පෙර ලබාදීමට සියලු කටයුතු සූදානම් බවය.

+++

+


අපි කිව්වා යකෝ … පුංචි අම්මා එක්ක දීග කන උන්ට රට භාර දීලා – දැන් කාපල්ලා … දැන් හොඳිත් නෑ වතුරත් නෑ සැපත් නෑ (05.04.2026)

+


ලිට්රෝ ගෑස් මිල ඉහළට

(05.04.2026 – hirunews.lk)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව,

  • 12.5 Kg ගෑස් සිලින්ඩරයක් රු. 775 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වන්නේ රුපියල් 4765 ක් ලෙසයි.
  • 5 Kg ගෑස් සිලින්ඩරයක් රු. 308 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වනුයේ රුපියල් 1910 ක් ලෙසයි.
  • 2.3 Kg ගෑස් සිලින්ඩයක් රු. 140 කින් ඉහළ ගොස් ඇති අතර නව මිල සටහන් වූයේ රුපියල් 890 ක් ලෙසයි.

+++

ලාෆ්ස් ගෑස් මිලත් ඉහළට

(05.04.2026 – hirunews.lk)

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව,

  • රුපියල් 4,630 ක පැවති 12.5kg ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070 කින් ඉහළ යන අතර නව මිල සටහන් වනුයේ රුපියල් 5,700 ක් ලෙසයි.
  • රුපියල් 1,862 ක පැවති 5kg ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 418 කින් ඉහළ යන අතර එහි නව මිල සටහන් වනුයේ රුපියල් 2,280 ක් ලෙසයි.

රට රැවැට්ටු ලාල්කාන්ත, ඩෝබියෙක් ලවා හෝදන්න ට්‍රයි කරයි… දයාසාන්ත හෙවත් නිස්සංක සේනාධිපති (05.04.2026)

+

සජිත් AI කියලා නලීන් බණ්ඩාර කරන්නෙ අපහාසයක්… සජිත් එතනට යෑම රැඩිකල් වැඩක් (05.04.2026)

+

නලීන් බණ්ඩාරලා වගේ අයත් එක්ක සජිත්ට බලය ගන්ඩ පුලුවන්ද ? (05.04.2026)

+

හූ කියනකොට, හරියට මිනිස්සුන්ව තෝරලා හූ කියපල්ලා (05.04.2026)

+

ගම්මන්පිල පොත ලිව්වෙ රාජපක්ෂලා වෙනුවෙන් තමයි… ඇයි අවුල්ද ? (05.04.2026)

+


කුමාර ජයකොඩි ඇමැතිකමෙන් ඉවත් වෙයිද? ඉවත් කරයිද? පරීක්ෂාවට ලක් වන ඇමැතිගේ වගවීම සහ ජනාධිපතිගේ වගකීම (05.04.2026)

+


ලාල්ට සමාජ ප්‍රාග්ධනය, නාමල්ට මුදල් විශුද්ධිකරණය ද? අබීතගෙන් ප්‍රබල ප්‍රහාරයක් (05.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *