හෙට (04) උදෑසන සිට යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරු වර්ජනයේ

හෙට (04) උදෑසන සිට යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරු වර්ජනයේ


හෙට (04) උදෑසන සිට යළිත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) වෛද්‍යවරු වර්ජනයේ

(03.04.2026 – hirunews.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් හෙට (04) පෙරවරු 08:00 සිට යළිත් වරක් වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ බලධාරීන් විසින් සිදු කරනු ලබන අසාධාරණ සහ අත්තනෝමතික ස්ථානමාරු ක්‍රියාවලියට එරෙහිව මෙම පියවර ගන්නා බවයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව සංගමය අවධාරණය කරනවා ෴

sinhala.adaderana.lk :
එය අඛණ්ඩව ක්‍රියාත්මක කරන්නේද, නැද්ද යන්න හෙට (04) රැස්වන විධායක සභාවේදී තීරණය කරන බවද එම සංගමය පැවසීය.

+++

+++

ඔයා සෞඛ්‍ය ඇමති වුණා කියලා සියල්ල දත් කියලා හිතන්න එපා – නලින්ද – GMOA වලිය තවත් සැරවෙයි (03.04.2026)

+++

GMOA වෛද්‍යවරු රට පුරා දැවැන්ත වැඩ වර්ජන කරද්දී – විශේෂඥ වෛද්‍යවරු ගත්තු තීරණයත් රටට දැනුම් දෙයි (04.04.2026)

+++

+


නීතිවිරෝධීව එකළස් කරන ලද සුඛෝපභෝගී වාහන 20 ක් පොලිස් භාරයට

(04.04.2026 – 14:26 +0530 – sinhala.adaderana.lk)

නීත්‍යනුකූල නොවන ලෙස එකළස් කරන ලද නවීනතම සුඛෝපභෝගී රථ ඇතුළු රථ වාහන 20 ක් සමගින් සැකකරුවන් තිදෙනෙකු (3) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස නීත්‍යනුකූල නොවන අයුරින් එකළස් කරන ලද රථ වාහන සංවිධානාත්මක අපරාධ සදහා යොදා ගෙන ඇති බවටත් අදාළ රථ වාහන නීත්‍යනුකූල නොවන ලෙස එකලස් කිරීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගය ලැබී ඇති බවටත් කරුණු අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට අනුව කඩවත, මීගහවත්ත සහ මොනරාගල ප්‍රදේශවල තිබී මෙම රථවාහන සොයා ගෙන ඇති අතර මෙවැනි නීත්‍යනුකූල නොවන රථ වාහන 40 කට ආසන්න සංඛාවක් පිළිබඳව ද තොරතුරු අනාවරණය වී තිබේ.

පොලිස් භාරයට ගත් මෙම වාහන අතර සුඛෝපභෝගී මෝටර් රථ, ජීප් රථ, වෑන්, ලොරි සහ යතුරුපැදි ද වන බව වාර්තා වේ.

එමෙන්ම තමන්ගේ රථ වාහනය සොරකම් කර හෝ අස්ථානගත වී ඇත්නම් 011 294 7780 යන අංකයට දැනුම්වත් කරන ලෙස ද බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා (3) අදාළ බල ප්‍රදේශවල අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය ෴


කොළඹ ජල කප්පාදුව පැය 12 ක් හෝ 8 ක් දක්වා අඩු කිරීමට සැලසුම්

(04.04.2026 – 12:45 +0530 – sinhala.adaderana.lk)

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුව සිදු කරන කාල සීමාව අඩු කිරීම සඳහා අවධානය යොමුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

එහි සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සදහන් කළේ, පවතින තත්ත්වය හමුවේ සිදු කරන ජල කප්පාදුව පැය 8 ක් හෝ 12 ක් දක්වා අඩු කිරීමට අවධානය යොමුව ඇති බවය.

වියළි කාලගුණ තත්ත්වයත් සමග ජල සැපයුමට එල්ල වී ඇති බාධා සැළකිල්ලට ගනිමින් පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය යන ප්‍රදේශවලට දින 03 කට පසු එක් (1) දිනයක් ජල සැපයුම අත්හිටුවීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබුණි.

කෙසේවෙතත් පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමෙන් පාරිභෝගික ජනතාවට සිදුවන දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් එම කාලසීමාව පැය 18 ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය ඊයේ (03) නිවේදනය කළේය.

එම කාල සීමාව තවදුරටත් අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට ජලසම්පාදන මණ්ඩලයේ අවධානය යොමුව ඇත.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජල සැපයුමට තවදුරටත් බාධා එල්ල වුවහොත් බවුසර් මගින් ජලය සැපයීම සඳහා ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

ඒ අනුව සෙසු දිස්ත්‍රික්කවල එම මණ්ඩලය යටතේ පවතින බවුසර් රථ කොළඹට රැගෙන ඒමට මේ වන විටත් පියවර ගෙන ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේය.

ජල සැපයුමට බාධා එල්ලවීමත් සමග මේ වන විට ජල සම්බන්ධතා 20,000 කට පමණ බලපෑම් එල්ල වී ඇති බව ද ඉංජිනේරු චන්දන බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

+

ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 තෙක් අඩු කිරීමට ජාතික ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට (05) දින උදෑසන 08:00 සිට රාත්‍රි 08:00 දක්වා පැය 12 ක කාලයක් හෝමාගම ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති බවද එම මණ්ඩලය පවසයි ෴


උත්සව සමයේදී ජංගම දුරකථන හරහා සිදුවන සයිබර් වංචා ඉහළට

(04.04.2026 – hirunews.lk)

උත්සව සමයේදී ජංගම දුරකථන හරහා සිදුවන සයිබර් වංචා ඉහළ යාමක් දක්නට ලැබෙන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

ඒ අනුව, එළැඹෙන සිංහල සහ දෙමළ අලු‍ත් අවුරුද්දත් සමග වට්ටම්, තෑගි මුදල් හෝ විශේෂ ප්‍රවර්ධන ලබාදෙන බව දැක්වෙන ව්‍යාජ වෙළෙඳ දැන්වීම් සහ ලින්ක්, අන්තර්ජාලය හරහා සංසරණය වීමේ අවදානමක් ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල කියා සිටියේ ෴


පොත නිසා ගම්මන්පිල අත්අඩංගුවට ගනී ද? | ‘කුමන්ත්‍රණ න්‍යාය’ ඔබත් ලෝකයත් රවටන හැටි (04.04.2026)

+


පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා 96% ක ඉහළ ප්‍රතිචාරයක් : අයදුම්පත් කැඳවීම අවසන්

(04.04.2026 – hirunews.lk)

පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ කාලසීමාව 2026 අප්‍රේල් මස 04 වන දින මධ්‍යහ්න 12:00 ට අවසන් වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ඒ අනුව, මෙවර සීමාවාසික පුහුණුව සාර්ථකව අවසන් කළ වෛද්‍යවරුන් 453 දෙනෙකු අතුරින් 435 දෙනෙකුම සිය පත්වීම් සඳහා අයදුම් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

මෙය සමස්ත ප්‍රතිශතයක් ලෙස 96% ක්.

අදාළ වෛද්‍ය නිලධාරීන් පත්වීම් ඉල්ලා ඇති ආකාරය සහ ඔවුන්ගේ කුසලතා ලේඛනය (Merit List) පදනම් කර ගනිමින් නව රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීම් සිදුකෙරෙන බවයි අමාත්‍යංශය පවසන්නේ.

තෝරාගත් අයදුම්කරුවන්ගේ නාමලේඛනය, ඔවුන්ට හිමිවූ සේවා ස්ථාන සහ සේවයට වාර්තා කළ යුතු දිනයන් ඇතුළත් විස්තර ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් එහි සඳහන් ෴

+++

GMOA වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණයට හදිසි විධායක සභාවක්

(04.04.2026 – hirunews.lk)

දැනට ක්‍රියාත්මක වර්ජනය හෙට (05) පෙ.ව. 8 ට අවසන් කරනවාද, තවදුරටත් ක්‍රියාත්මක කරනවාද යන්න, හදිසි විධායක සභාවක් කැඳවා තීරණය කරන බව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ස්ථාන මාරු ක්‍රියාවලියට නිසි විසඳුම් ලබා නොදීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) උදෑසන 08:00 සිට ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර සේවාවලට බාධා එල්ලවී තිබෙනවා ෴


වට්ටම් මුදල ඉහළ දමන ලෙස තෙල් බෙදුම්කරුවන් සංස්ථාවට ලියයි

(04.04.2026 – hirunews.lk)

ඛනිජතෙල් බෙදුම්කරුවන්ට ලබාදෙන වට්ටම් මුදල් ඉහළ දැමීම ඇතුළු ඔවුන් මුහුණදෙන ගැටළු සම්බන්ධයෙන් දැනුවත් කරමින් ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

සිය ඉල්ලීම්වලට අනිද්දා (06) වන විට නිසි පිළිතුරක් ලබාදීමට කටයුතු නොකළහොත් ඛණිජතෙල් නීතිගත සංස්ථාව, අමාත්‍යාංශය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවයි එම සංගමයේ සභාපති ෂෙල්ටන් ප්‍රනාන්දු කියා සිටියේ ෴


විපක්ෂ නායක මේ දවස්වල උත්සවලට එන්නේ AI වලින් – දැන් අපි හොයන්න ඕනේ AI නොවෙන කෙනා කොහෙද ඉන්නේ කියලා (04.04.2026)

+


VEGA ආයතනයෙන් හදන ලංකාවේ සුපිරි ත්‍රීවීල් එකක් අටමස්ථානයට පූජා කරයි (04.04.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *