රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කළ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කළ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ක්‍රියාත්මක කළ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

(06.04.2026 – 07:44 +0530 – sinhala.adaderana.lk)

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08:00 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ ලබන බ්‍රහස්පතින්දා (09) අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය.

ඒ අනුව අද (06) විදෙස්ගත වන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා යළි දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා (09) අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව ද සඳහන්.

දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවැත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.

+++

+


වත්තල ඉටිරෙදි කර්මාන්ත ශාලාවක ගින්නක්

(06.04.2026 – 07:58 +0530 – sinhala.adaderana.lk)

වත්තල මාබෝල, දූවවත්ත ප්‍රදේශයේ පිහිටි ඉටි රෙදි (ප්ලාස්ටික්) කර්මාන්ත ශාලාව අද (06) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීමේ ඒකකය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය විසින් ගිනි නිවීමේ රථ 3ක් සමග නිලධාරීන් 13 දෙනෙකු යොමු කළ බවය.

මේ වන විට ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවද ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.


දක්ෂිණ අධිවේගයේ බිහිසුණු අනතුරේ ජීවිත බේරූ මිහිපිට දෙවිවරු

(06.04.2026 – 14:12 +0530 – sinhala.adaderana.lk)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සහ වැලිපැන්න පිවිසුම අතර අද (06) අලුයම නවතා තිබූ කන්ටේනර් රථය සිමෙන්ති කුඩු ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් රියදුරන් දෙදෙනා ඇතුළු සිව්දෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලීසිය සඳහන් කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි කඹුරුපිටිය මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍ය කිත්මා ගුණරත්න හා ඇයගේ සැමියා වන දෙනියාය දෑරංගල ප්‍රාථමික සෞඛ්‍ය මධ්‍යස්ථානය වෛද්‍ය විද්ව කළුතොට මහතා අනතුර සිදුවූ ස්ථානයට පැමිණ පැය දෙකකට (2) අධික කාලයක් රැඳී සිට ජීවිත ගලවා ගැනීමේ සහ ගිනිනිවීමේ රාජකාරී නිරත පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් සමග එක්ව අනතුරින් තුවාල ලද පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේ පුවතක් ‘අද දෙරණ’ට වාර්තා වුණි.

කන්ටේනර් රථය ටයර් නිෂ්පාදනය කිරීමට ගන්නා අමුද්‍රව්‍ය තොගයක් පටවාගෙන කොළඹ සිට මිදිගම දක්වා ධාවනය වෙමින් තිබී ඇති අතර, එහි පිටුපස රෝදයක හුළං බැසීම හේතුවෙන් එය මාරුකිරීම සඳහා දක්ෂිණ අධිවේගයේ නවතා රියදුරු විසින් රෝදය ගලවමින් සිටියදී එම දිසාවටම ධාවනය වූ සිමෙන්ති කුඩු මිශ්‍රණ ප්‍රවාහනය කරන බවුසර් ටැංකියක් පිටුපසින් ගොස් තිබුණි.

අනතුර සිදුවූ අවස්ථාවේ දී සිමෙන්ති ප්‍රවාහනය කළ රථයේ ඉදිරිපස තිදෙනෙකු (3) ගමන් කර ඇති අතර, අනතුර සිදුවූ විට ඔවුන් රථය තුළ සිරවී සිටි බව පොලීසිය පැවසීය.

පසුව එම ස්ථානයට පැමිණි පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් රථය තුළ සිරවී සිටි පුද්ගලයින්ව වෛද්‍ය උපදෙස් මත එම ස්ථානයෙන් පිටතට රැගෙන ඔක්සිජන් ලබාදීමෙන් පසුව අනෙකුත් ප්‍රතිකාර සඳහා යුහුසුළුව යොමු කර තිබුණි.

රථයේ සිරවී සිටි රියදුරු එම ස්ථානයෙන් මුදාගැනීමට පැය තුනකට (3) ආසන්න කාලයක් ගතව තිබුණි.

මේ හේතුවෙන් එක් මංතීරුවක් පැය 02 කට ආසන්න කාලයක් වසා දැමීමට සිදුවූ බවත් රියදුරු පිටතට ගැනීමේදී පැය භාගයකට (½) ආසන්න කාලයක් සම්පූර්ණ යෙන්ම මාර්ගය වසා දැමීමට සිදුවූ බව පොලීසිය පැවසීය.

තුවාලකරුවන් කළුතර නාගොඩ මහ රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටී.

+++


පැලැන්වත්ත හා අවට ප්‍රදේශවලට අද (06) රෑ 8 සිට පැය 12 ක ජල කප්පාදුවක්‍

(06.04.2026 – 10:28 +0530 – sinhala.adaderana.lk)

පවතින වියළි කාලගුණය හේතුවෙන් සිදුකරන ජල සැපයුම් කළමනාකරණය හමුවේ අද (06) ප.ව. 08:00 සිට හෙට (07) පෙ.ව. 08:00 දක්වා පැලැන්වත්ත හා ඒ අවට ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබේ.

පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමාකර ඇති බවද ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය දැනුම් දෙයි.

එම ජල පිරිපහදු මධ්‍යස්ථාන මඟින් ජලය සපයනු ලබන ප්‍රදේශයන් සඳහා ජල සැපයුම මෙලෙස සීමා කරනු ලබන අතර, හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12 ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ පාදුක්ක සහ අවට ප්‍රදේශ සඳහා මේ වන විට ක්‍රියාත්මක වන ජල සැපයුම අත්හිටුවීම අද (06) උදෑසන 08:00 ට අවසන් වන බවය.

ඒ අනුව හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ සඳහා උදෑසන 08:00 සිට පස්වරු 08:00 දක්වා පැය 12 ක ජල කප්පාදුවක් සිදුවන බව එම මණ්ඩලය සඳහන් කළේය ෴


කතාව ඇත්ත සජිත් ප්‍රේමදාස AI වලින් දැම්මේ – ගම්මන්පිල සජිත්ගේ AI කතාවට උත්තර දෙයි (06.04.2026)

+

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු මුජිබර් රහුමාන් – හිටපු මහජන ආරක්ෂක ඇමති සියල්ල හෙළි කරයි (06.04.2026)

+


අනුරටත් කඩවත සුපිරි ගෙයක් තියෙනවා – පොහොට්ටුවේ සංජීව විශේෂ හෙළිදරව්වක් කරයි (06.04.2026)

+


ලාල්කාන්තගේ සුපිරි ගෙදර නිසා ලොකු නඩුවක් වැටෙයි ?? අල්ලස් කොමිසම ළඟ උණුසුම් තත්ත්වයක් (06.04.2026)

+


Derana 360 | නීතීඥ උදය ගම්මන්පිල සමග (06.04.2026)

+


+


ඉඩම් ඔප්පු හදාදෙන බව පවසා රු. ලක්ෂ තුනක් (3) වංචා කළ ව්‍යාජ නිලධාරියෙක් අල්ලස් දැලේ

(06.04.2026 – hirunews.lk)

ඉඩම් කොමසාරිස් කාර්යාලයේ නිලධාරියකු ලෙස පෙනී සිටිමින් කාන්තාවකගෙන් අල්ලස් ලබාගත් තැරැව්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

සැකකරු විසින් අදාළ කාන්තාව පදිංචිව සිටින, ඔප්පුවක් හෝ බලපත්‍රයක් නොමැති ඉඩම සඳහා නීත්‍යානුකූල ඔප්පුවක් සකස් කර දෙන බව පවසා ඇයව මුලා කර ඒ සඳහා ඔහු වරින් වර රුපියල් 275,000 ක මුදලක් ඇයගෙන් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වූ බව අල්ලස් කොමිසම සඳහන් කරනවා.

ඉඩම පිහිටි නොර්වුඩ් වසම භාර ග්‍රාම නිලධාරීවරයාගේ වාර්තාව ලබා ගැනීමට අවශ්‍ය බවත්, ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාට ලබා දීමට රුපියල් 45,000 ක මුදලක් අවශ්‍ය බවත් පවසමින් සැකකරු නැවතත් පැමිණිලිකාරියගෙන් මුදල් ඉල්ලා තිබූ බව ද අල්ලස් කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඊයේ (06) අයිරදි හන්දිය පාලම අසලදී රුපියල් 45,000 ක මුදල ලබා ගන්නා අවස්ථාවේදීම සැකකරු අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු මස්කෙළිය, අප්කට්, සාමිමලේ ප්‍රදේශයේ පදිංචි තැරැව්කරුවෙක් ෴


මරදාන ඩී.ආර්. විජේවර්ධන මාවතේ අනවසර ඉන්ධන ජාවාරමක දෙදෙනෙක් දැලේ

(06.04.2026 – hirunews.lk)

කොළඹ, මරදාන පොලිස් වසමට අයත් ඩී.ආර්. විජේවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අනවසර ඉන්ධන ජාවාරමක් වටලා ඩීසල් ලීටර් 826 ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට ලැබුණු විශේෂ බුද්ධි තොරතුරකට අනුව ඊයේ (05) පස්වරුවේ මෙම වැටලීම සිදු කර තිබෙනවා.

එහිදී කිසිදු බලපත්‍රයකින් තොරව සන්තකයේ තබාගෙන සිටි ඩීසල් ලීටර් 826 ක් සහ එම ඉන්ධන අනවසරයෙන් අලෙවි කිරීමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 72,210 ක මුදලක් භාරයට ‍ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 සහ 61 යන වයස්වල පසුවන වැල්ලවත්ත සහ වාරියපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවමන්නේ.

මොවුන් කලක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත්ද යන්න පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබන අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28 කින් ඉහළට

(06.04.2026 – 23:16 +0530 – sinhala.adaderana.lk)

සයිනොපෙක් සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුපර් ඩීසල් මිල රුපියල් 28 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව රුපියල් 572 ක්ව පැවති එහි මිල රුපියල් 600 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් (LAD) රජය අනුමත කළ මිල ගණන් යටතේම අලෙවිකරන බවය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *