කොස් අතු කපා දැමීමට ගසට නැගි පාසල් සිසුවා විදුලිසැර වැදී ජීවිතක්ෂයට
කොස් අතු කපා දැමීමට ගසට නැගි පාසල් සිසුවා විදුලිසැර වැදී ජීවිතක්ෂයට
(21.01.2025 – 18:44 +0530 – hirunews.lk/sinhala)
මකුලෑව, සුදර්ශනගම ප්‍රදේශයේදී අද (21) පස්වරුවේ අසල්වැසි නිවසක තිබූ කොස් ගසක අතු කපා දැමීම සඳහා එම ගසට නැගි පාසල් සිසුවෙකු අධිබලැති විදුලිසර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අ/මකුලෑව ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ ඉඳුසර විජේරත්න නම් වූ මකුලෑව, සුදර්ශනගම පදිංචි සිසුවෙක්.
දරුවන් පස් දෙනෙකු (5) ගෙන් යුත් පවුලක වැඩිමල් දරුවා වූ ඔහු, මිත්තනිය හා තම සහෝදරයා සමග අසල්වැසි නිවසක ඇති විශාල කොස් ගසක අතු කපන්නට අද (21) පස්වරුවේ ගොස් තිබෙනවා.
එහිදී කපා දැමූ කොස් අත්තක් ප්‍රධාන මාර්ගයේ ඇති අධි බලැති විදුලි රැහැනක පැටලීමෙන් අනතුරුව ගස මත සිටි ඔහුට විදුලිසැර වැදී තිබෙනවා.
එම අවස්ථාවේදී ගසෙන් බිමට ඇද වැටුණු ඔහු නිවැසියන් විසින් කඩිනමින් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කරඇති නමුත් එම අවස්ථාව වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හූරීගස්වැව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි ෴
+
+
රටක මරණ බිය නැතිකළ මහින්ද රාජපක්ෂට අන්තිම කාලේ නිදහසේ ඉන්න දෙන්න (21.01.2025)
+
මහින්දට මේ දැන් කළ දැනුම්දීම – ලියුම් දෙනකල් ඉන්න එපා දැන්ම නිවස දීලා යන්න අනිත් අයටත් එච්චරයි (21.01.2025)
+
චීනය, ඉන්දියාව සමඟ එකඟ වූ ගිවිසුම් ජනතාවට හෙළි කරන්න.. (21.01.2025)
+
ගත වූ කාලසීමාවේ සිදුවූ අපරාධ සහ වැටලීම් පිළිබඳ මහජන ආරක්ෂක ඇමතිගෙන් හෙළිදරව්වක්
(21.01.2025 – 17:56 +0530 – hirunews.lk/sinhala)
පසුගිය සැප්තැම්බර් 23 වැනිදා සිට මේ දක්වා වූ කාලය තුලදී අපරාධ සම්බන්ධයෙන් යුද හමුදා මේජර්වරයෙක්, සෙසු නිලයන් 06 ක්, එක් පොලිස් නිලධාරියෙක් සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙක්, සංවිධානාත්මක අපරාධකරුවන් 15 දෙනෙකු සහ අපරාධ සඳහා අනුබල දීම සම්බන්ධයෙන් තවත් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද (21) රැස්වූ පාර්ලිමේන්තුව අමතමින්.
එමෙන්ම, මෙම කාලසීමාව තුල ටී-56 වර්ගයෙ ගිනි අවි 07 ක්, පිස්තෝල 10 ක්, රිවෝල්වර 14 ක්, බෙහෙත් කොටන තුවක්කු 461 ක්, බෝර 12 තුවක්කු 58 ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවි 13 ක්, රිපීටර් වර්ගයේ ගිනි අවි 02 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.
එමෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම් ඔස්සේ, හෙරොයින් කිලෝග්‍රෑම් 354 ක්, කේරල ගංජා කිලෝග්‍රෑම් 3847 ක්, කොකේන් කිලෝග්‍රෑම් 3.8 ක්, හෂීස් කිලෝග්‍රෑම් 181.9 ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 759 ක් වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවද, මූල්‍ය අපරාධ කොට්ඨාසය නැවත ලබන සතියේ ස්ථාපිත කෙරෙන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව ඇති ලිපිගොනු 29,000 ක් තුළින් මූල්‍ය අපරාධ ලිපිගොනු එම කොට්ඨාසයට නැවත භාරදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.
+
මතු බුදු වන බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ ගැන අප්‍රකට කතා (21.01.2025)
+
ජෙනරාල් ජානක පෙරේරා මරන්න ඕඩර් එක ආවේ කෙහෙළියටත් උඩින්. මිනීමරුවට ආරක්ෂාව දුන්නේ ඩිෆෙන්ඩර් වලින්. (21.01.2025)
+
දැඩිව පරීක්ෂා කල යුතු රතු ලේබල් බහාළුම් සිය ගණනක් කිසිදු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කරලා..
(21.01.2025 – 22:02 +0530 – lankacnews.com)
අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු ‘රතු ලේබලයෙන් යුතු බහාළුම්’ වැඩි ප්‍රමාණයක් ඇතුලත් බහාලුම් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරවක් වරායෙන් පිට කර ඇති බවට රේගු නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
එම සංගමයේ සභාපති අමිල සංජය මහතා පෙන්වා දෙන්නේ එසේ පරීක්ෂාවකින් තොරව පිට කරන ලද බහුලුම් 323 අතරින් අති බහුතරයක් ‘රතු ලේබලය’ යටතේ දැඩිව පරීක්ෂා කළ යුතු බහලූම් බවයි.
මෙසේ පරීක්ෂාවෙන් තොරව මුදා හැර ඇති බහුළුම් අතුරින් සියයට අසූවක් (80%) පමණම එතරම් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ඒවා වන බවද හෙතෙම කියා සිටී.
මෙවන් බහාලුම් මුදාහැරීමකට කිසිවෙකුට බලයක් නැති බවත් පැවසූ ඔහු පරීක්ෂාවකින් තොරව මේවා සමාජයට මුදා හැරීමට හරහා අවි ආයුධ, මත්ද්‍රව්‍ය, බාල ඖෂධ මෙන්ම ඕනෑම නීති විරෝධී ද්‍රව්‍යයක් තිබිය හැකි බවද කියා සිටී.
මේවා සම්බන්ධයෙන් අංගනවල කටයුතු කරන රේගු නිලධාරීන් වගකීම බාර නොගන්නා බවත් හෙතෙම මාධ්‍ය හමුවූ අමතමින් තවදුරටත් පැවසුවේය.
රේගු අධ්යක්ෂවරයාගේ අනුදැනුමක් සහිතව මෙම ක්‍රියාවන් සිදුව ඇතැයි පවසන ඔහු ඊට විරෝධය පාමින් අද (21) දිනයේ තම රාජකාරි වලින් ඉවත් වී තිබේ.
+
විදෙස් සංචාරකයෙකුගේ බැංකු කාඩ්පත සොරකම් කර ලක්ෂ ගණනින් බඩු ගනී..
(21.01.2025 – 19:10 +0530 – lankacnews.com)
බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ මුදල් කාඩ්පත් සොරාගෙන හැටන් නගරයේ පිහිටි වෙලදසැල් කිහිපයකින් රු ලක්ෂ 2½ පමණ වටිනා භාණ්ඩ මිල දි ගත් සැකකරුවෙක් හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලම ප්‍රදේශයේ පදිංචි අවු 22 වයසැති සැකකරු (19) දින මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියේ ගමන් කර එම දුම්රියෙන් ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකගේ මුදල් පසුම්බියේ තිබු මුදල් කාඩ්පත් රදවනය හැටන් සහ තලවකැලේ දුම්රිය ස්ථාන දෙක අතරදි සොරාගෙන සැකකරු දුම්රියෙන් බැස හැටන් නගරය වෙත පැමිණ ඇත.
හැටන් නගරයේදි සැකකරු විසින් සොරගත් මුදල් කාඩ්පත් උපයෝගි කරගෙන රණ් මාලයක්, වටිනා ජංගම දුරකථනයක් සහ උපාංග, ඇදුම් පැළදුම්, සපත්තු සහ ආහාර ද්‍රව්‍ය කිහිපයක් මිල දි ගෙන ඇත.
මිල දි ගත් රණ් මාලය හැටන් නගරයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානයක උකස් කර රු. 78,000 මුදලක් ලබාගෙන ඇත.
ඇල්ල දුම්රිය ස්ථානය වෙත ගමන් ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව තමන් සතු මුදල් කාඩ්පත් අස්ථානගත වු බවට ඇල්ල දුම්රිය ස්ථානයේ සංචාරක පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් මත සංචාරක පොලිසිය විසින් ඒ පිලිබදව හැටන් පොලිස් ස්ථානය වෙත දැනුම් දිමෙන් පසු හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත් ජයසේන මහතාගේ උපදෙස් පරිදි හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් මදුසංඛ මහතා ඇතුළු නිලධාරින් වහාම ක්‍රියාත්මක වි (19) දින රාත්‍රියේ හැටන් නගරයේ සිට ඇල්ල දක්වා ගමන් කිරිමට මොටර් රථයක් කුලි පදනම මත ලබා ගැනිමට පුද්ගලයෙකු විමසිම් සිදු කරන බවට ලද තොරතුරක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිලධාරින් සැකකරු අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරිමේදි සැකකරු සන්තකයේ තිබි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවගේ අස්ථානගත වු මුදල් කාඩ්පත් සහ මුදල් කාඩ්පත් උපයෝගි කරගෙන මිල දි ගත් භාණ්ඩ සහ රු. 38,890 දේශිය මුදල් සහ විදේශිය මුදල් නොට්ටු දෙකක් (2) ද පොලිසිය භාරයට ගැණින.
පැමිණිකාර බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව හැටන් පොලිසිය වෙත කැඳවා මුදල් කාඩ්පත් සහ සැකකරු විසින් මිල දි ගත් භාණ්ඩ වටිනාකම අදාල වෙළඳසැල් වලින් අයකරදිමට කටයුතු කරන බවයි හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක කියා සිටියේ.
සැකකරු සොරකම් කරන ලද මුදල් කාඩ්පත් වලින් වෙළඳසැල් වලින් භාණ්ඩ මිල දි ගන්නා අයුරු වෙළඳසැල් වල සවි කර තිබු ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන් වි තිබුණි.
රංජිත් රාජපක්ෂ
සැකකරුවෙකු උසාවි නොදා සතියක් තියාගත් දෙමටගොඩ OICට සිතාසි
(21.01.2025 – 14:39 +0530 – hirunews.lk/sinhala)
දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රියදුරෙකු නීති විරෝධී ලෙස අධිකරණයට ඉදිරිපත් නොකොට දින හතක් (7) රඳවා තබා, නිරුවත් කොට අමානුෂික ලෙස පහරදීමට ලක් කළේ යැයි කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් අප්‍රේල් මස 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙත සිතාසි නිකුත් කළා.
පහරදීමට ලක් වූ බව කියන ‘දොන් සේසිරි විජේසේකර’ නමැති රියැදුරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පසුගිය 02 වැනිදා කුලී ගමනක් යාමට අවශ්‍ය බව පවසා දුරකථන ඇමතුමක් ලබාදී වාහනය සමග තමන්ව දෙමටගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන පසුව සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් ගිනි අවි පෙන්වා සිය සේවා දායකයා පැහැරගෙන දෙමටගොඩ පොලිසියට රැගෙන ගිය බව එම නීතිඥවරු සඳහන් කළා.
පසුව කසල ගොඩක තිබී බිළිඳු මළ සිරුරක් සොයා ගැනීමේ සිද්ධියකට අදාළව කාන්තාවක් පිළිබඳ විමසමින් තම සේවා දායකයාට පොලිස් නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දුන් බවත් එම නීතිඥවරු පැවසුවා.
ඉන් පසුව ඉකුත් 09 වැනිදා මෙම තැනැත්තා අධිකරණයට ඉදිරිපත් කරමින් ඔහු වාහනයකින් වැටුණු පුද්ගලයෙකු බව අඟවා අධිකරණය නොමග යවමින් පොලිසිය කරුණු දක්වා ඇති බවත්, ඒ අනුව අදාළ පුද්ගලයා ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් කටයුතු කළ බවත්, එම නීතිඥවරු සඳහන් කළා.
ඇප මත මුදා හැරීමෙන් පසුව මෙම පුද්ගලයා ඉකුත් 18 වැනිදා දක්වා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත් බවත්, මේ සම්බන්ධයෙන් ඉහළ පොලිස් නිලධාරීන්ට පැමිණිලි කළහොත් ‘මත්ද්‍රව්‍ය දමා වාහනය සමගම නඩු පවරන බවට’ පොලිස් නිලධාරීන් විසින් සිය සේවා දායකයාට තර්ජනය කර ඇති බවත්, එම නීතිඥවරු පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් අත්අඩංගුවේ සිටි පුද්ගලයා දැක බලාගැනීම සඳහා දින කිහිපයක් ගතවනතුරු පොලිස් නිලධාරීන් විසින් ඥාතීන්ට අවසර ලබා නුදුන් අතර ඉන් පසුව ඔහුගේ සහෝදරිය විසින් ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම’ට පැමිණිලි කළ බවද නීතිඥවරු සඳහන් කළා.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴