පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පා.ම. වෛද්‍ය අර්චුනා අත්අඩංගුවට ගැනිමට නියෝග
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් පා.ම. වෛද්‍ය අර්චුනා අත්අඩංගුවට ගැනිමට නියෝග
(21.01.2025 – 16:26 +0530 – hirunews.lk/sinhala)
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හේතුවෙන් ‘පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා’ අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
ඒ ඊයේ දින (20) රාත්‍රී කාලයේ අනුරාධපුර, රඹෑව ප්‍රදේශයේදී රථ වාහන රාජකාරීන් සිදුකල නිලධාරීන් දෙදෙනෙකුගේ (2) රාජකාරියට බාධා කිරීම හේතුවෙන්.
එහිදී මෙම සැකකරු විසින් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183, 344 යටතට වැටෙන වරදවල් මෙන්ම, මෝටර් වාහන පනතට වැටෙන වැරදිද සිදු කර ඇති බවද පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව, පවතින නෛතික ප්‍රතිපාදන යටතේ ඉදිරි විම්ර්ශන සිදුකරන ලෙසත්, සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකර එම විමර්ශනවල ප්‍රගතිය පෙබරවාරි මස 03 වැනිදා අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලෙසත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.
එම සිදුවීමට අදාල වීඩියෝව පහතින් :
+
+
+
නාමල් කුමාරට අධිකරණයෙන් නියෝගයක්
(21.01.2025 – 16:06 +0530 – hirunews.lk/sinhala)
ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු පළ කළ බව කියන ‘නාමල් කුමාර’ නැමැත්තා ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (21) මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් ඉදිරිපත් කළ වාර්තාවක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව මගින් සඳහන් කර තිබෙන්නේ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවයි.
සැකකාර නාමල් කුමාර නැමැත්තා සිය බිරිඳගේ සහ බිරිඳගේ මවගේ නම් වලින් දුරකථන සිම් කාඩ්පත් ලබාගෙන සමාජ මාධ්‍ය ගිණුම් නිර්මාණය කර පවත්වාගෙන ගොස් ඇති බවත්, ඒ තුළින් කොටි සංවිධානයේ ධජ, ලාංඡන හා ක්‍රියාකාරකම් ප්‍රචාරය කරමින් ජාතීන් අතර පවතින සංහිඳියාව උල්ලංඝනයවන ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම සමාජ මාධ්‍ය ගිණුම් නාමල් කුමාර නමැත්තා විසින්ම පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී කරුණු අනාවරණය වී අතර ඔහුගේ බිරිඳගේ සහ බිරිඳගේ මවගෙන් ප්‍රශ්නකොට ප්‍රකාශ සටහන් කර ගත් බවත් එහිදී අදාළ සිම් කාඩ් පත් නාමල් කුමාර විසින් භාවිත කළ බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.
නාමල් කුමාර නමැත්තා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන ලද ප්‍රකාශ වලින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන ආකාරයෙන් කටයුතු කර ඇති බවත් කොටි සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කර තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තාවෙන් දක්වා තිබෙනවා.
මේ තුළින් සැකකාර නාමල් කුමාර නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බව කරුණු අනාවරණය වී ඇති හෙයින් ඔහුට එරෙහිව මෙලෙස අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය නාමල් කුමාර නැමැත්තා ලබන 23 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළා.
CID යට ගිය හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පැය 06 කට පසු එළියට
(21.01.2025 – 15:49 +0530 – hirunews.lk/sinhala)
අද (21) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීමක් අනුව පැමිණි හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර පැය 06 ක ප්‍රකාශයකින් අනතුරුව පිටව ගොස් තිබෙනවා.
ඒ මතභේදයට තුඩුදී ඇති දකුණු කොරියාවේ කෘෂි හා ධීවර කටයුතු රැකියා සඳහා මෙරට ශ්‍රමිකයින් සැපයීමේ ‘ඊ 8 වීසා ගිවිසුම’ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම ඊයේ (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් 21 වැනිදා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවයි සඳහන් කළේ.
+
මේ වසරේත් (2025) පාසල් පාවහන් මිලදී ගැනීමට තිළිණ පතක්
(21.01.2025 – 15:31 +0530 – hirunews.lk/sinhala)
තෝරාගත් පාසල් සහ පිරිවෙන්වල ගිහි පැවදි සිසුන්ට හා සිල් මාතාවන්ට පාවහන් යුගලක් ලබා ගැනීම සදහා රුපියල් 3000 ක තිළිණපතක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.
ඒ අනුව සිසුන් 250 ට අඩු පාසල් 6000 ක ඉගෙනුම ලබන සිසුන් 650,000 ක් සදහාත් සිසුන් 250 ට අඩු පාසල් කාණ්ඩයට අයත් නොවන වතු පාසල්වල සිසුන් 140,000 කටත් මෙම තිළිණපත් හිමි වනු ඇති.
මීට අමතරව විශේෂ අවශ්‍යතා සහිත සිසුන් ඉගෙනුම ලබන පාසල් 28 ක සිසුන් 2300 ක් සදහාත්, පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන් 30,000 ක් සදහාත් මෙම තිළිණපත් ලබා දීමට නියමිතයි.
මීට අමතරව, පාසල් සිසුන්ගේ පෝෂණ වැඩසටහන 2025 වසර දක්වාත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය හිමි වුණා ෴
මහනුවර – මහියංගනය මාර්ගය අද (21) පස්වරු 06:00 සිට වසා තැබේ
(21.01.2025 – 14:49 +0530 – hirunews.lk/sinhala)
කඩා වැටීමේ අවදානමක් ඇති ගල් පර්වත ඉවත් කරන තෙක් මහනුවර – මහියංගනය මාර්ගය අද (21) සවස 6 සිට හෙට (22) උදෑසන 6 දක්වා වසා තබන බව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා.
පසුගිය 20 වැනිදා ද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර – මහියංගනය මාර්ගය පස්වරු 06:00 සිට වසා දැමූ අතර, එය පසුව නැවත විවෘත කළා.
+
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හදන්න කළුතරින් ඉඩම් දෙකක් (2)
(21.01.2025 – 14:33 +0530 – hirunews.lk/sinhala)
මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් භට ගුණාත්මක රෝහල් පාදක පුහුණුවක් ලබා දීම තහවුරු කිරීම සඳහා කළුකර ශික්ෂණ රෝහල හා ගල්ලස්ස මාතෘ හා ළමා රෝහල යොදා ගැනීමටත්, මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම සඳහා කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නාගොඩ බටහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට සහ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ කොටස් 02 ක් එම විශ්වවිද්‍යාලය වෙත පවරා ගැනීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙනවා.
2019 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) ප්‍රතිඵල මත බඳවාගත් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම 2025 ජුලි මස දී රෝහල් පාදක සායනික පුහුණුව ආරම්භ කිරීමට නියමිත අතර ඔවුන්ව දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය ආයතන පරිශ්‍රයේ (SAITM) පවතින පහසුකම් භාවිත කරමින් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට සහ වෛද්‍ය සිසුන්ගේ රෝහල් පාදක පුහුණු කටයුතු සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පහසුකම් භාවිත කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබුණා.
එහෙත්, එම රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව හා ඔවුන්ගේ රෝග විවිධත්වය ප්‍රමාණවත් නොවීම රෝහල් කාර්ය මණ්ඩලයේ හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ පවතින හිඟය හේතුවෙන් මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය සිසුන්ගේ සායනික මහාචාර්ය ඒකක පුහුණුවීම් සඳහා වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල භාවිත කිරීම ගැටලු සහගත බව පෙනී ගොස් ඇති බැවිනුයි මෙම යෝජනාව ඉදිරිපත්ව තිබුණේ ෴
+
+
රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
(21.01.2025 – 14:25 +0530 – hirunews.lk/sinhala)
රුපියල් කෝටි 2 කට ආසන්න වටිනා ‘අයිස් මත්ද්‍රව්‍ය’ තොගයක් සමග සැකකරුවෙකු හංවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබියදී ‘අයිස් මත්ද්‍රව්‍ය’ කිලෝ ග්‍රෑම් 02 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගත්තා.
මෙම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරු හංවැල්ල – නිරිපොල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසන්නේ ෴
+
+
අනාගතය ගැන භයානක හෙළිදරව්වක් | මහාචාර්ය වසන්ත අතුකෝරාල හෙළිකරයි | දෙයියනේ…ලංකාවට මොකක් වෙයිද..? (21.01.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴