‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක් (2)

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක් (2)


‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසියෙන් විශේෂ රථවාහන ව්‍යාපෘති දෙකක් (2)

(05.01.2025 – 08:41 +0530 – sinhala.adaderana.lk)

‘Clean Sri Lanka’ ව්‍යාපෘතියට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය විසින් රිය අනතුරු හා රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා රථවාහන ව්‍යාපෘති දෙකක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ.

මෙහි පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා, විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන් සවි කර ධාවනය, නීති විරෝධී සවි කිරීම්, ඝෝෂාකාරී නලා සවි කිරීම්, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් අන්ත්‍රාදායක ලෙස අමතර කොටස් සවි කිරීම (ඉෂ්ඨරූප) සමගින් ධාවනය වන රථවාහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.

දෙවන මෙහෙයුම මගින් උපායදූතයින් යොදවා පොදු ප්‍රවාහන බස් රථ ධාවනයේදී රියදුරන් සිදු කරන රථවාහන වැරදි අනාවරණය කර ගැනීමෙන් පසු එම වැරදි සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම සිදු කරනු ඇත‍.

මෙම මෙහෙයුම් ඊයේ (04) දින සිට එළැඹෙන 19 වැනි දින දක්වා සති දෙකක (2) කාලයක් රියදුරන් හා මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය‍.

එහිදී රියදුරන් වෙන අවවාද කර දැනුවත් කිරීමට කටයුතු කරන බවත් මෙම පළමු මෙහෙයුමට අදාළව රථවාහනවල සවි කර ඇති අමතර කොටස් එම කාලය තුළ වාහනවලින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස රියදුරන්ට හට උපදෙස් ලබා දෙනු ඇති බවත් පොලීසිය සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

ඉදිරියේදී මෙම ක්‍රමවේදය නොකඩවා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන අතර එහිදී රථවාහනවල අමතර කොටස් සවිකර ධාවනය කරන හා පොදු ප්‍රවාහන බස් රථවලට උපාය දූතයින් යොදවා තොරතුරු ලබා ගෙන සිදුකරන වැරදිවලට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමටත් කටයුතු කරන බවත් එහි සඳහන් ව තිබේ ෴


‘ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලය’ විදේශ අතපෙවීමක් යයි ‘සුබස්කරන් අලිරාජා’ට එරෙහිව පෙත්සමක්

(05.01.2025 – gossiplankanews.com)

ලන්ඩන් මූලස්ථානය කරගත් ‘ලයිකා සමූහයේ’ ස්වර්ණවාහිනී, ශ්‍රී FM, මොණර TV ඇතුළු ශ්‍රී ලංකා ජනමාධ්‍ය හිමිකාරීත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර තිබේ.

ලන්ඩන් මූලස්ථානය කරගත් ‘ලයිකා සමූහයේ සභාපති හා නිර්මාතෘ සුබස්කරන් අලිරාජා’ විසින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ‘වක්‍ර ලෙස සහ රහසිගතව’ ව්‍යාපාර අත්පත් කරගැනීම් සිදු කරමින් සිටින බවට මෙම පෙත්සමේදී සිවිල් ක්‍රියාකාරී ‘ජමුනි කමන්ත තුෂාර’ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු ගොනු කර ඇත.

ප්‍රධාන චෝදනා :

  1. විදේශීය හිමිකාරීත්වය සීමා කරන ශ්‍රී ලංකා නීති රීති මගහැර යාම සඳහා නියෝජිතයින් හරහා ගනුදෙනු සිදු කිරීම.
  2. ජාතික ආරක්ෂාවට සහ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට තර්ජනයක් විය හැකි බව.

ලයිකා සමූහයේ මාධ්‍ය ජාලය :

  • රූපවාහිනී නාලිකා: මොණර TV, අතවන් TV, ස්වර්ණවාහිනී, ETV
  • ගුවන්විදුලි නාලිකා: සිත FM, රෙඩ් FM, තමිල් FM, අතවන් රේඩියෝ, ශ්‍රී FM, රන් FM, E FM

හිමිකාරීත්වයේ සංකීර්ණ ව්‍යුහය :

  • EAP Broadcasting හි 60% ක කොටස් Ben Holdings සතුව පවතී.
  • ඉතිරි 40% සිංගප්පූරුවේ Blue Summit Capital Management සතුය.
  • Blue Summit හි හිමිකාරීත්වය පෘතුගාලයේ Pettigo Comercio Internacional Lda සතු අතර එහි ප්‍රධාන කොටස්කරු ‘සුබස්කරන් අලිරාජා’ගේ බිරිඳ වන ‘ප්‍රේමතර්ෂිනී සුබස්කරන්’ වේ.

ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක නිශ්කාශනය ප්‍රතික්ෂේප කළ පුද්ගලයන් වන ‘ගොවින්දසාමි තුරෛයප්පා ජයසීලන්’ සහ ‘නිරුතන් රාජසුන්දරම්’ යන අය සමාගම් කිහිපයක කොටස්කරුවන් හා අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරයි.

පෙත්සමේ වගඋත්තරකරුවන් 60 දෙනෙකු නම් කර ඇති අතර, ඒ අතර විදුලි සංදේශ නියාමන කොමිසම, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයින්, රූපවාහිනී සහ ගුවන්විදුලි සංඛ්‍යාත බලපත්‍ර හිමි සමාගම් දහයක්, සමාගම් අධ්‍යක්ෂවරු සහ අලිරාජා හා ඔහුගේ බිරිඳ ද වේ.

පෙත්සමේ තර්කය වන්නේ මෙම සමාගම් ජාලය හරහා ‘ලයිකා සමූහය’ ශ්‍රී ලංකාවේ විනිමය පාලන නියාමනයන් උල්ලංඝනය කරමින් 40% ට වැඩි හිමිකාරීත්වයක් දරන බවයි. විශේෂයෙන් පිදුරුතලාගල වැනි ප්‍රදේශවල සම්ප්‍රේෂණ කුළුණු ඇතුළු සැලකිය යුතු සම්ප්‍රේෂණ යටිතල පහසුකම් හිමිකාරීත්වය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පෙත්සමේ සඳහන් වේ ෴


සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුපුරුදු හොරු ටික වෛද්‍ය නලින්දව කොටු කරලා – ‍‍‍‍‍‍‍‍විශේෂඥ වෛද්‍ය චමල් සංජීව (05.01.2025)

+


සුදාට ප්‍රශ්න පත්තරයක් (04.01.2025)

+


බෞද්ධ රාජ්‍යයට එරෙහි සතුරු බලවේග.. (05.01.2025)

+


බන්ධනාගාර මාධ්‍ය බබෝ දුමින්ද සිල්වාව ඔඩොක්කුවේ තියාගෙන නලවපන් (05.01.2025)

+


රුපියල් කෝටි 100 ක මැණික් විකිණූ කොළඹ මැණික් පොළ

(05.01.2025 – 22:29 +0530 – hirunews.lk/sinhala)

මැණික් ව්‍යාපාරිකයින් හා ගැනුම්කරුවන් වෙනුවෙන් මැණික් වෙළෙඳපොළක් අද (05) කොළඹදී පැවැත්වුණා.

ගනුදෙනුකරුවන් 2000 කට වැඩි සංඛ්‍යාවක් මෙම වෙළෙඳපොළට සම්බන්ධ වූ අතර රුපියල් කෝටි 100 කට වැඩි මැණික් ගනුදෙනු මෙහිදී සිදුවූ බවයි සංවිධායකවරුන් පැවසුවේ.

මැණික් පොළ සංකල්පය නවීකරණය කරමින් මෙරට පොළොවෙන් හමු වූ විවිධ වටිනාකම් සහිත මැණික් ගනුදෙනු කිරීමට ඉඩ ලබාදීමේ නවමු අවස්ථාවක් මැණික් ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන පිරිසට අද (05) උදාවුණා.

ඒ, ‘කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ’ දී යී.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ව්‍යාපාරිකයින් රැගෙන ආ මැණික්වලින් මෙම වෙළෙඳපොළ අලංකාරවත් වුණා.

මූල්‍යමය වටිනාකම් පමණක් නොව විද්‍යාත්මක වටිනාකාම් ද සහිත දුර්ලභ පාෂාණ ද මෙම එකතුවට ඇතුළත්.

අධික විකිරණශීලීත්වයක් ගැබ්ව ඇති මෙම ‘ඒකනයිට් පාෂාණය’ පරමාණුක පර්යේෂණවලටත් යොදාගැනීම විශේෂත්වයක්.

මැණික් සහ තවත් පාෂාණ වර්ගවලට අමතරව මැණික් කර්මාන්තයට භාවිත කරන යන්ත්‍ර සහ උපකරණ අලෙවියත් මෙහිදී සිදුවුණා.

එහිදී වැඩිම මිලකට අලෙවි වී තිබුණේ කැරට් 20 ක ‘රෝයල් බ්ලූ සෆායා’ මැණිකක්.

එහි වටිනාකම රුපියල් කෝටි 2.5 ක් ලෙස දැක්වුණා.

+


නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(05.01.2025 – 17:56 +0530 – hirunews.lk/sinhala)

නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් ඇතුලු පිරිස් බිය ගන්වා මුදල් වංචා කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

ඔහු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ නම සහ ඡායාරූප භාවිතා කර වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම මුදල් වංචා කර තිබෙනවා.

තමන් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු බව අඟවමින් ව්‍යාපාරිකයන්ට දුරකතන ඇමතුම් ලබාදී ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කොට නඩු දමන බවට බියගන්වමින් මුදල් වංචා කළ බවටයි අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරු අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

+


‘අද දෙරණ උකුස්සා’ හෙළිකළ කළුගඟ ඉස්මත්තේ ජාවාරම

(05.01.2025 – 20:31 +0530 – sinhala.adaderana.lk)

හොරණ වගවත්ත ප්‍රදේශය කළුගඟ අසළ පිහිටා තිබෙන ස්වභාවික සම්පත්වලින් අනූන වූ භූමි ප්‍රදේශයක්.

එය කෙතරම් සුන්දර වුවත් එහි ඇති ස්වභාවික සම්පත්වල වටිනාකම් පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඉතා අවිධිමත් අයුරින් සිදුකරන පස් ජාවාරමක් සම්බන්ධයෙන් ‘අද දෙරණ උකුස්සා’ට තොරතුරු අනාවරණ විය.

පසුව ‘අද දෙරණ උකුස්සා’, භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ නිලධාරින් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද සමඟ එම භූමි ප්‍රදේශය පිහිටා ඇති හොරණ වගවත්තට ගියේ මෙම ජාවාරම එය සිදුවන අවස්ථාවේදීම නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහාය.

ඒ අනුව අක්කර 50 කට ආසන්න භූමි ප්‍රදේශයේ එක් කොටසකට ඇතුළුවන විට අපට දක්නට ලැබුණේ ඉතා විශාල පස්කඳු එහි ගොඩගසා ඇති ආකාරයයි.

එහිදී භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරින් අදාළ පිරිසේ කැණීම් බලපත්‍රය පරීක්ෂා කළ විට අනාවරණ වුණේ මැණික් ගැරීම සිදුකර අදාළ වළවල් එම පස් මගින්ම වසා දැමිය යුතුයි යන කොන්දේසිය මුල් කරගනිමින් ඔවුන්ට මැණික් ගැරීම සඳහා පමණක් බලපත්‍රයක් ලබාදී ඇති බවයි.

නමුත් මෙම කොන්දේසි දැඩිව උල්ලංඝනය කරමින් මැණික් ගැරීම සඳහා විශාල වළවල් කපා, ඉන් එකතුවන පස් හොර රහසේ විකිණීමේ ජාවාරමක අදාළ පිරිස නිරතවන බව දක්නට ලැබුණි

ඒ අනුව ඔවුන්ගෙන් ලබාගත් තොරතුරු අනුව අප කණ්ඩායම ඒ අසළ පිහිටි තවත් එවැනිම ආකාරයේ කැණීම් ප්‍රදේශයකට ගියේ මෙම ජාවාරම සම්බන්ධයෙන් සැකහැර දැනගැනීම සඳහාය.

අප එම ස්ථානයට ළඟාවන විටත් පිරිසක් කපන ලද පස් විකිණීම සඳහා සූදානම් කරමින් සිටියේ අපගේ සියලු අනුමාන තහවුරු කරමින්ය.

එම ස්ථානය පරීක්ෂා කිරීමේ තවදුරටත් දක්නට ලැබුණේ මැණික් ගැරීමේදී අතුරු ඵලයක් ලෙස හමුවන ඉතා අධික වටිනාකමකින් යුත් ‘ඉල්මනයිට්’ ද මෙම පිරිස මෙලෙස විකුණන බවයි.

එකතුවන පස් නීති විරෝධි අයුරින් විකිණීම නිසා මැණික් කැණීමෙන් නිර්මාණය වූ මීටර් 15 ක පමණ ඉතා ගැඹුරු වළවල් මෙම භූමියේ පැවතියේ මෙම නීති විරෝධි ක්‍රියාවේ බරපතළකම මොනවට කියාපාමිනි.

ඒ අනුව එම සිද්ධියට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගෙන හොරණ පොලීසියට ඉදිරිපත් කෙරුණි.

පරිසරය විනාශ කරමින්, මිල කළ නොහැකි ස්වභාවික සම්පත්වලට හානි කරන මෙවැනි ක්‍රියා තවදුරටත් නීතියේ රැහැනට හසුකරගැනීම සඳහා ‘අද දෙරණ උකුස්සා’ සීරුවෙන්.

+


අතරමග නතර වුණ දේවාලේ දේව කාර්යය

(05.01.2025 – 20:59 +0530 – sinhala.adaderana.lk)

සබරගමුව මහ සමන් දේවාලයට වැඩබලන බස්නායක නිලමේවරයෙක් පත්කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ රාජකාරි මණ්ඩලයෙන් විරෝධයක් එල්ල විය.

ඔවුන් පවසන්නේ සම්ප්‍රදායට එරෙහිව, දේශපාලන වුවමනාව මත එම පත්කිරීම සිදුකර ඇති බවටය.

හිටපු බස්නායක නිලමේවරයාගේ ධුර කාලය අවසන් වීමෙන් පසු ස්ථිර බස්නායක නිලමේවරයෙක් පත්කරන තෙක් එස්.වී. චන්ද්‍රසිංහ මහතා වැඩබලන බස්නායක නිලමේ ලෙස පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා පියවර ගෙන තිබුණි.

එම පත්කිරීම සම්ප්‍රදායට එරෙහි බවටත් , එම පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ හිතවතෙකු බවටත් චෝදනා කරමින් දේවාලයේ කපු මහත්වරුන් ප්‍රමුඛ රාජකාරී මණ්ඩලය තේවා ඇතුළු රාජකාරී කටයුතු වලින් අද (05) ඉවත් විය.

අනතුරුව ඔවුන් සමන් දේවාලයේ පිවිසුම් දොරකඩ අසලට පැමිණ නිහඬ විරෝධතාවක නිරත විය ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *