නිරාගමික මිසදිටු ඇමතියාගේ කතාවට පාර්ශව රැසකින් විරෝධය

නිරාගමික මිසදිටු ඇමතියාගේ කතාවට පාර්ශව රැසකින් විරෝධය


නිරාගමික මිසදිටු ඇමතියාගේ කතාවට පාර්ශව රැසකින් විරෝධය

(03.01.2025 – 13:22 +0530 – hirunews.lk/sinhala)

= ඇමති නලින්දගේ කතාවට පාර්ශව රැසකින් විරෝධය =

‘රුහුණු කතරගම මහා දේවාලයේ’ ධන පරිත්‍යාගයෙන් ඉදිකෙරුණු ‘මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුලු බද්ධ කිරීමේ ළමා ඒකකය’ විවෘත කිරීමේ උත්සවයේදී සෞඛ්‍ය ඇමති ‘නලින්ද ජයතිස්ස’ පළකළ අදහස් සම්බන්ධයෙන් සමාජය තුළ මතභේදයක් උද්ගත වී තිබෙනවා.

පාර්ශව රැසක් පෙන්වා දෙන්නේ, අර්බුද රැසකට මුහුණ පා ඇති මෙරට සෞඛය පද්ධතියට ජනතාවගෙන් ලැබෙන පරිත්‍යාග නිසි පරිදි කළමනාකරණය කරගත නොහැකිනම් එහි වරද සෞඛ්‍ය බලධාරීන් භාරගත යුතු බවයි.

මෙරට රජයේ රෝහලක් තුළ ඉදි වූ පළමු ‘ළමා ඇට මිදුලු බද්ධ කිරීමේ ඒකකය’ ‘මහරගම අපේක්ෂා රෝහලේ’ දී ඊයේ (02) විවෘත කෙරුණා.

‘රුහුණු මහා කතරගම දේවාලය’ට ලැබුණු ආධාර මුදල් රුපියල් මිලියන 176 ක් වැයකොට ‘ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන්’ ඉදිකළ එය විවෘත කිරීමේදී සෞඛ්‍ය ඇමති පළකළ අදහස් සම්බන්ධයෙනුයි මෙසේ දැඩි විරෝධයක් මතුවෙමින් තිබෙන්නේ.

කෙසේ වෙතත්, ඇමතිගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් එල්ලවන්නේ දැඩි විරෝධයක්.

+++

“යෝ ගිලානං උපටිඨහෙය්‍ය – සෝ මං උපටිඨාති” (යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම් ඔහු මට උපස්ථාන කරන්නේය) – බුදුරජාණන් වහන්සේ

+++

අනාගමික රාජ්‍යයේ පෙරනිමිති කියන නලින්ද ජයතිස්ස (03.01.2025)

+++

Kanda Surinduni Obe’ – Clarence Wijewardena (mp3)

https://www.sinhalasongs.lk/songs/clarence-wijewardena/kanda-surinduni-obe.MP3

+++

ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා විකෘති කළ නලින්ද අපේක්ෂා රෝහලේ කළ සම්පුර්ණ කතාව (03.01.2025)

+


ඇදහිය නොහැකි මහා ධනස්කන්ධයක් අරන් විමල් වීරවංශ එලියට එයි – “හාල්මැස්සෝ උස්සන් යන්න එපා; මෙන්න නියම හොරු” (03.01.2025)

+


කොට්ටහච්චිට අපහාස කළැයි අත්අඩංගුවට ගත් පොහොට්ටුවේ හිටපු ප්‍රා. සභා මන්ත්‍රීට ඇප

(03.01.2025 – 17:46 +0530 – hirunews.lk/sinhala)

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ‘නිලන්ති කොට්ටහච්චි’ට අපහාසාත්මකවන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ‘මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නම්මුනි’ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළා.

සැකකරු විසින් ලිංගික අඩම්තේට්ටම් සිදුවන ආකාරයෙන් පල කරනු ලැබූ ප්‍රකාශ හේතුවෙන් පැමිලිකාරිය දැඩි මානසික පීඩාවට ලක් වූ බවත් මේ හේතුවෙන් ඇයට සායන වලට පවා යොමුවීමට සිදුවී ඇති බවත් එම නිලධාරීන් දැනුම් දුන්නා.

මෙම සැකකරු පැමිලිකාරිය සම්බන්ධයෙන් පෝස්ටු පළ කළ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් මීට පෙර 4 වතාවක් පමණ මේ ආකාරයෙන් ඔහු කටයුතු කර තිබෙන බවත් එම නිලධාරීන් සඳහන් කර සිටියා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම සේවා දායකයා දැඩි කණගාටුවට පත්වන බව පැවසුවා.

සැකකරු විසින් මෙම පෝස්ටුව ප්‍රදර්ශනය කළේ මිනිත්තු අටක් (8) පමණක් බවත් ඉන් පසුව එය ඉවත් කරගෙන ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා මෙය ඇප දිය හැකි වරදක් බැවින් සැකකරු ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකරු රුපියල් ලක්ෂ පහක (5) ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කළා.

මින් මතුවට මෙවැනි ක්‍රියාවල නිරත වීමෙන් වළකින ලෙස සැකකරුට අවවාද කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල නැවත ජනවාරි මස 30 වනදා කැඳවීමටද නියම කළා.

+


මිනිස් ජීවිත බිල්ලට ගන්නා හොර දොස්තරලාගේ භයානක සෙල්ලම එළියට (03.01.2025)

+


“රනිල් කවපු දේවල් මේ ආණ්ඩුව වෙන විදිහකට කවනවා” (03.01.2025)

+


පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ CCTV කැමරා අතුරුදන්වීම ගැන විමර්ශනයක්

(04.01.2025 – 09:23 +0530 – hirunews.lk/sinhala)

කොළඹ කොටුවේ පිහිටි පොලිස් මූලස්ථාන පැරණි ගොඩනැගිල්ලේ 5 වන මහලේ සවි කර තිබූ සීසීටිවි කැමරා 7 ක් සහ ඩීවීආර් යන්ත්‍රයක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේ මේ සම්බන්ධයෙන් කොටුව පොලිසියට ද පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පොලිසියට අයත් අංශ රැසක්ම ක්‍රියාත්මකව පවතින අතර පිටස්තර කිසිවෙකුට එහි ඇතුලුවීමට නොහැකි වන අකාරයට ආරක්ෂාව තර කර තිබියදී මෙම සොරකම සිදුවීම ද විශේෂත්වයක් ෴


පාසල් ළමයින් අතර දුම්කොළ නිෂ්පාදන භාවිතය ඉහළ ගොස් ඇති බවට තොරතුරු

(04.01.2025 – 08:21 +0530 – hirunews.lk/sinhala)

‘ළමා හිංසනයට එරෙහි ජාතික දිනය’ අදට (04) යෙදී තිබෙනවා.

ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන් ගොඩනැගීම මෙහි අරමුණයි.

මේ අතර, මෑත කාලයේ දී ළමා මානසික වෛද්‍ය සායන සදහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස විවිධ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවධානයකින් පසුවිය යුතු බවයි ඔහු සඳහන් කළේ ෴


වැලිගම සිදුවූ වෙඩි තැබීමකින් අයෙකු මරුට; තවත් අයෙකුට තුවාල

(04.01.2025 – 06:27 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – කප්පරතොට – වල්ලිවෙල මාර්ගයේ පාගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකුට යතුරුපැදි 3 කින් පැමිණි නාදුනන පිරිසක් විසින් සිදු කළ වෙඩි තැබීමකින් එක් (1) අයෙකු මියගොස් තිබෙනවා.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් අයෙකු (1) වලාන දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා මාතර මහ රෝහලට මාරු කර යැවුණා.

වෙඩි තැබීමේ සිද්ධියෙන් අවුරුදු 26 ක තරුණයෙකු මිය ගිය අතර, තුවාල ලබා ඇත්තේ අවුරුදු 29 ක් වයසැති පුද්ගලයෙකු බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ. මොවුන් කප්පරතොට ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මාතර බන්ධනාගාරයේදී ගසක අත්තක් කඩා වැටිමෙන් මිය ගිය රැදවියාගේ අවමංගල්‍යයට සහභාගී වී යළි නිවසට යමින් සිටියදී අද (04) අලුයම මෙම වෙඩිතැබීම සිදුව තිබෙනවා.

සිද්ධියෙන් තුන්දෙනෙකු (3) බේරි ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වි නැහැ.

මේ අතර මිනුවන්ගොඩ – යකහටුව සමගි මාවත ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබු තරුණයෙකුගේ මළ සිරුරක් හමු වී ඇති බව මිනුවන්ගොඩ ‍පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා මිනුවන්ගොඩ – දෙවලපොල – කනත්ත පාරේ පදිංචි අවුරුදු 23 ක් වයසැති තරුණයෙකුගේ බවටයි අනාවරණය වී ඇත්තේ.

මියගිය පුද්ගලයා තදින් මත්ද්‍රව්‍ය සදහා අබ්බැහිවූවෙකු බවට ද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

+

+


සීගිරියට එන සංචාරකයින් මුහුණ දෙන ගැටලු ගැන සාකච්ඡාවක්

(03.01.2025 – 16:27 +0530 – hirunews.lk/sinhala)

සීගිරිය ප්‍රදේශයේදී විදෙස් සංචාරකයින් මුහුණපාන ගැටලු පිළිබදව විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදීයි.

මෙම සාකච්ඡාවට වන සංවර්ධන දෙපාර්තමේන්තුව, සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුලු ආයතන වල ඉහළ නිළධාරීන් ද එක්ව තිබුණා.

මෙහිදී ප්‍රවේශ කවුලුවල පවතින පෝලිම්, ප්‍රථමධාර ස්ථාන නොතිබීම, විධිමත් ආලෝකකරණයක් නොමැති වීම, ජල පහසුකම් නොමැතිවීම සහ අක්‍රමවත් වැසිකිළි පද්ධති සම්බන්ධයෙන් ද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා ෴


ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනියකගේ ස්වාමිපුරුෂයා අබිරහස් ලෙස ජීවිතක්ෂයට

(03.01.2025 – 15:30 +0530 – hirunews.lk/sinhala)

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනි ශ්‍රියානි විජේසිංහගේ ස්වාමිපුරුෂයා දෙහිවල ප්‍රදේශයේ නිවසක වත්තක සිහිසුන්ව වැටී සිටියදී දෙහිවල පොලිසිය විසින් කළුබෝවිල රෝහලට භාරදී ඇති අතර පසුව ඔහු මියගොස් තිබෙනවා.

තම ස්වාමිපුරුෂයාගේ මරණය අබිරහසක් බවත් ස්වාමිපුරුෂයාට කිසියම් පිරිසක් පහරදී මෙලෙස ඝාතන කරන්නට ඇතැයි තමන් සැක කරන බවත් මාධ්‍යවේදිනී ශ්‍රියාණි විජේසිංහ ‘හිරු’ කළ විමසුමකදී සඳහන් කළා.

ව්‍යාපාරිකයෙකු වන ඔහු මෙම ජනවාරි පළමුවනදා (01) රාත්‍රීයේ මිතුරන් කිහිපදෙනෙකු හමු වීමට සිය දෙහිවල පිහිටි නිවසින් බැහැරව ගොස් ඇති අතර පසුව ඔහු නැවත නිවසට එමින් සිටියදී අතර මග පිහිටි, හිටපු ගුවන් හමුදා නිලධාරියෙකුගේ නිවසක වත්තක මෙලෙස අබිරහස් ලෙස වැටී සිහිසුන්ව සිට තිබෙනවා.

දෙහිවල පොලිසිය සඳහන් කරන්නේ තමන්ට ලද පොලිස් හදිසි ඇමතුම් පණිවිඩයකට අනුව මෙම සිද්ධිය වාර්තා වෙන නිවාස වෙත ගිය බව යි.

එහිදී අදාළ පුද්ගලයා වත්තේ වැටී සිටි බවත් ඔහුට අසූචි පිටවී තිබු බවත් දෙහිවල පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

ඉන්පසු පොලිසිය විසින් ගිලන් රථයක් ගෙන්වා එම පුද්ගයලා අලුයම් කාලයේ කළුබෝවිල රෝහලට භාරදුන් බවත් අදාළ පුද්ගලයාට පහරදීමක් කර තිබේදැයි සෙවීමට පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් ස්ථානාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

දේහය දැනට කළුබෝවිල රෝහලේ තැන්පත්කර ඇති අතර මරණ පරීක්ෂණය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතයි ෴


මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර ගැන විශේෂ දැනුම්දීමක්

(03.01.2025 – 14:59 +0530 – hirunews.lk/sinhala)

මුද්‍රණය ප්‍රමාද වී ඇති රියදුරු බලපත්‍ර 130,000 ක් පමණ ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහ මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙතෙක් කලක් මුද්‍රණයට ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක්රැස් වී තිබෙන රියදුරු බලපත්‍ර, මසක් වැනි කාලයක් තුළ මුද්‍රණය කර නිකුත් කිරීමටත්, ආයතනය තුළ සේවාවන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පවත්වා ගෙන යාමටත් පියවර ගන්නා බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ වාරිකාවකට සහභාගී වෙමින් ප්‍රවාහන, මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන සහ වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු සඳහන් කර තිබෙනවා.

මේ අතර, 2025 වසර අවසන්වන විට ඓතිහාසික පෙරළියක් සිදු කිරීම අභිනව රජයේ ප්‍රතිපත්ති බවත් එම අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත්, මෙතෙක් කලක් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පෙන්වු භෞතික දියුණුව වෙනුවට මානව සම්පත සහ කුසලතා වර්ධනය කර, සේවා ලබාදීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට රජය කටයුතු කරන බවත් මෙහිදී අමාත්‍යවරු දෙපළ වැඩිදුරටත් සඳහන් කළ බවයි එම අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙන්නේ ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • Kassapa is a Rajapaksha acolyte and his head is fixed in involved in sabotaging government’s good work by spreading religious and national sectarianism. He has got himself into Sasana to gain advantages from his robe, but he does everything contrary to Buddhist teachings. He is a shameful monk that should be kicked out of the Sasana. I hope the Buddhasasana Ministry will bring in legislation to this effect and clean the Sasana from these Devadatta Clan rogues.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *