අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්

අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්


අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනයක්

(27.04.2023 – 07:45 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියළුම අධිවේගී මාර්ගවල අයකල සේවා ගාස්තුව සශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන සහ මහාමර්ග අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන විසින් 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනත යටතේයි.

ඒ අනුව පවතින ගාස්තු 25% කින් වැඩි වී තිබෙනවා.

කොට්ටාව – කටුනායක නව ගාස්තුව රුපියල් 400 ක් ද, කටුනායක සිට හම්බන්තොට දක්වා රුපියල් 1300 ක්ද, කොට්ටාව සිට ගාල්ල දක්වා රුපියල් 500 ක් ද ලෙස සංශෝධනය වී තිබෙනවා.

එම ගාස්තු සංශෝධනය සහ අනෙකුත් අධිවේගී මාර්ග ගාස්තු ඇතුලත් ගැසට් නිවේදනය පහතින් :

Extraordinary Gazette No. 2329/17 – 2023-04-24 – Ministry of Transport & Highways – Regulations Under Section 89 (2) (C) Under Notional Thoroughfares Act, No. 40 of 2008 :


විදුලි කාන්දුවක් නිසා පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට

(27.04.2023 – 08:12 +0530 – hirunews.lk/sinhala)

ශීතකරණයේ ඇති වූ විදුලි කාන්දුවක් හේතුවෙන් 07 හැවිරිදි පාසල් සිසුවෙකු මියයෑමේ අවාසනාවන්ත පුවතක් මාතර – දික්වැල්ල – දන්දෙනිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිසුවාට විදුලි සැර වැදී තිබෙන්නේ සිය පැන්සල ශීතකරණය පිටුපසට වැටීමෙන් පසු එය නැවත ගැනීමට ගිය අවස්ථාවේදී එහි ඇති දැල් කොටස ස්පර්ශවීමෙන්.

නිවසේ තිබී ඇත්තේ යාවත්කාලීන නොකරන ලද පැරණි විදුලි පද්ධතියකි ෴


කූඨ ලේඛන සකසා රථය ධාවනය කල රියදුරු අත්අඩංගුවට

(27.04.2023 – 08:29 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන, මැලිබන් හන්දිය ප්‍රදේශයේ දී ඊයේ (26) සවස නීති විරෝධීව එකලස් කරන ලද ‘වැගන් ආර්’ ‍රථයක් සහ එය ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

මෙහිදී මෙම සැකකරු බලපත්‍ර නොමැතිව මෙරටට ආනයනය කර, චැසි අංක වෙනස් කර ව්‍යාජ ලේඛන සකස් කර, නීති විරෝධීව එකලස් කර මෙම රථය ධාවනය කර තිබෙනවා.

අත් අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 47 ක් වන හිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ගල්කිස්ස පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරුව අද (27) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


සහෝදරයින් දෙදෙනා (2) දියේ ගිලී මරුට

(27.04.2023 – 09:05 +0530 – hirunews.lk/sinhala)

එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු (2) දියේ ගිලී මියයාමක් මල්ලාවී ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මල්ලවී පොලිස් වසමේ වව්නික් වැවේ දියනෑමට ඊයේ (26) දහවල් ගිය පුද්ගලයින් දෙදෙනෙකු (2) දියේ ගිලී මියගොස් ඇති බවට මල්ලාවී පොලිසියට තොරතුරක් ලැබී තිබෙනවා.

මෙම මියගිය සහෝදරයක් දෙදෙනා (2) තම දෙමව්පියන් සමඟ නල්ලූර් ප්‍රදේශයේ සිට මල්ලාවී නට්ටන්ක්න්ඩාල් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට පැමිණ ඇති අතර, එහිදී සොරොව්ව අසල දියනාමින් සිටි බාල සොහොයුරා දියේ ගිලෙමින් සිටිනු දැක වැඩිමල් සොහොයුරා විසින් ඔහු බේරා ගැනීම සඳහා දියට පැන තිබෙනවා.

එහිදී දෙදෙනාම (2) දියේ ගිලී ඇති අතර ප්‍රදේශවාසීන් විසින් එක්ව ඔවුන් දෙදෙනා (2) රෝහල් ගත කරන අවස්තාවේ දී ඔවුන් මියගොස් තිබෙනවා.

මරණකරුවන් වයස අවුරුදු 27 ක් සහ 17 ක් යන වයස් සීමාවල පසුවන අතර මෘත ශරීර මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලේ රෝහලේ තැම්පත් කර තිබෙනවා ෴


වනඅලි මියයෑම ඉහළට

(27.04.2023 – 09:18 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වු මාස කිහිපය තුළ වනඅලි මියයාම් ඉහළ ගොස් ඇති බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ වසරේ (2023) ගත වු මාස හතර (4) තුළ වනඅලි 143 දෙනෙකු මියගොස් ඇති බවයි සඳහන්.

එම අලි මරණ අතුරෙන් වෙඩි තැබීම්වලින් මරණ 37 ක් ද විදුලි සැර වැදීම්වලින් මරණ 27 ක් සහ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් මරණ 06 ක් ද සිදුව තිබෙනවා.

එමෙන්ම වනඅලි පහරදීම් හේතුවෙන් පුද්ගලයින් 36 දෙනෙකු ද මේ වසරේ ගත වු මාස හතර (4) තුළ ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා ෴


ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට

(27.04.2023 – 09:21 +0530 – hirunews.lk/sinhala)

කරුවලගස්වැව පොලිස් වසමේ 08 කණුව ප්‍රයේශයේ දී ගංජා කිලෝ 10 ග්‍රෑම් 153 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කරුවලගස්වැව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23 ක් වන නාගවිල්ලුව, පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කරුවලගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු අද (27) දින ගරු මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් තොගයක් යාපනෙන්

(27.04.2023 – 09:51 +0530 – hirunews.lk/sinhala)

කල් ඉකුත් වූ සිසිල් බීම බෝතල් වල දිනය සකසා නව දිනයන් යටතේ වෙළඳ පොලට නිකුත් කොට තිබූ සිසිල් පැන් බෝතල් 1800 ක් යාපනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් ඊයේ (26) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය බීම බෝතල් වර්ග ගබඩා කෙරෙන යාපනයේ පිහිටි තොග ගබඩාවක දී මෙම ක්‍රියාව සිදුකොට ඇත්තේ.

බීම බෝතලයක් තුළ අසාමාන්‍ය යමක් තිබෙනු දුටු පාරිභෝගිකයෙකු ඒ පිළිබදව යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් සිදු කළ පරීක්ෂාවකදී මෙම බීම බෝතල් තොගය හමු වී තිබෙන්නේ.

මෙම සිද්ධිය සම්බන්දයෙන් යාපනය තොග ගබඩාවේ හිමිකරුට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමටයි යාපනය මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ඇත්තේ ෴


ආයෙත් කොවිඩ් හිස ඔසවයි?

(27.04.2023 – 10:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතයන් 4 දෙනකු පෙරේදා (25) දිනයේ හමු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ කොවිඩ් ආසාධිතයන් වාර්තා වීම අවමව තිබූ කාල පරිච්ඡේදයකට පසුවයි.

මේ හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන්ම අනුගමනය කිරීම ඉතා වැදගත් බව යි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන උපදෙස් දී තිබෙන්නේ.

එම කොවිඩ් ආසාදිතයන් 4 දෙනාත් සමඟ මේ වනවිට හමුවී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව හයලක්‍ෂ හැත්තෑදෙදහස් එකසිය හතළිස් තුන්දෙනකු (6,72,143) දක්වා ඉහළ නැග තිබෙනවා.

බොහෝදෙනකුට කොවිඩ් අමතකවී ගොස් ඇති බැවින් ගමනක් යනවිට මුඛ ආවරණයක් පැලඳගෙන යෑම, නිරන්තරයෙන් දෑත් සබන් යොදා සේදීම, සමාජ දුරස්ථභාවය තබාගෙන කටයුතු කිරීම යන සෞඛ්‍ය පුරුදු අමතක වී ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසනවා.

විශේෂයෙන් කුඩා දරුවන් සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානවලට රැගෙන යෑමෙන් වළකින ලෙසයි ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින්නේ ෴


නවසීලන්තයට යවනවා කියා මුදල් වංචා කලා අයෙක් අත්අඩංගුවට

(27.04.2023 – 10:30 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස බෝට්ටුවකින් නවසීලන්තයට රැගෙන යන බව පවසමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලස වංචා කළ මුදල රුපියල් 5,050,000 ක් බවයි වාර්තා වන්නේ.

විදෙස්ගත කරන බව පවසමින් මෙම පුද්ගලයා තවත් පිරිසකගෙන් මෙලෙස මුදල් අයකරගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24 ක් වූ බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.

මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර ඔහු අද (27) දින පුත්තලම ගරු මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴


ව්‍යාජ අංක තහඩු සවි කරන ලද මෝටර් රථයක් සමග විශ්‍රාමික කොමාන්ඩර්වරයෙකු අත්අඩංගුවට

(27.04.2023 – 10:37 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ අංක තහඩු සවි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පදවාගෙන යමින් සිටි නාවික හමුදාවේ විශ්‍රාමික කොමාන්ඩර්වරයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය පවසනවා.

පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙන්නේ සැකකරු සමඟ පොලිස් භාරයට ගත් සුඛෝපභෝගී මෝටර් රථයේ චැසි හා අංක මකා වෙනස් කර තිබූ බවයි.

ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික ආරක්ෂක සේවාවක ඉහල නිලයක් දරන පුද්ගලයෙකු ව්‍යාජ අංක තහඩු සවි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් පරිහරණය කරන බවට ලැබූ තොරතුරක් මතයි මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ එම මෝටර් රථය ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලික ආරක්ෂක සේවාවක හිමිකරුවෙකු වන නාවික හමුදාවේ විශ්‍රාමික කොමාන්ඩර් වරයෙකුට අයත් මෝටර් රථයක් බවයි.

එහි සවිකර තිබූ ලියාපදිංචි අංකය අම්පාර ප්‍රදේශයේ පුද්ගලයෙකුට හිමි අතර එය මෝටර් දෙපාර්ථමේන්තුවෙන් ලබා දී ඇති ලියාපදිංචි අංකයක් බවයි අනාවරණය වී ඇත්තේ ෴


දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

(27.04.2023 – 11:05 +0530 – hirunews.lk/sinhala)

දූෂණ විරෝධී පනත් කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබුවා,

ඒ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසිනුයි.

නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත හදුන්වා දීමත් සමග වත්කම් හා බැරකම් ඉදිරිපත් කිරීම වෙනුවෙන් දැනට පවතින පනත අහෝසි වන අතර ජනාධිපතිවරයා, මහ කෙමසාරිස්වරුන්, තානාපතිවරුන්, ආණ්ඩුකාරවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් හා කොමිෂන් සභා සාමාජිකයින් ද වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු වනවා.

නව දූෂණ විරෝධී පනත තුළින් දූෂණ වංචාව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ හැකියාව පවතින අතර නව අල්ලස් කොමිසමේ කටයුතු අධීක්ෂණය කිරීමේ බලතල පාර්ලිමේන්තුවට පවතිනවා ෴


විදුහල්පති සේවයේ ගැටලු විසදීමට පංච (5) පුද්ගල විද්වත් කමිටුවක්

(27.04.2023 – 11:20 +0530 – hirunews.lk/sinhala)

විදුහල්පති සේවයේ පවතින ගැටලුවලට කඩිනම් විසදුම් ඉදිරිපත් කිරීමට පංච (5) පුද්ගල විද්වත් කමිටුවක් පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක මහාචාර්ය ගුණපාල නානායක්කාර ඇතුළු අධ්‍යාපන හා පරිපාලන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් 05 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුවේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සඳහන් කළේ.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණද අදාළ කරගනමින් විදුහල්පති සේවය ශක්තිමත් කිරීමට අදාළ පියවර එහිදී යෝජනා කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් දී ඇති අතර මෙම කමිටු වාර්තාව ඉදිරි මාස දෙක (2) තුළ භාරදීමට නියමිතයි ෴


හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන සම්පූර්ණයෙන් නැවතීමේ අවදානමක්

(27.04.2023 – 11:57 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිටත් වෛද්‍යවරුන්ගේ හිඟය නිසා දැඩි අවදානමක පවතින හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායන ඉදිරි දෙසතිය (2) තුළ වසා දැමීමට සිදුවිය හැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති ආරංචි මාර්ග පවසනවා.

රෝහලේ දැනට ඉතිරිව ඇත්තේ ශල්‍ය වෛද්‍යවරු දෙදෙනාත් (2) ඉදිරි සති දෙක (2) තුළ රෝහල හැර යාමට නියමිත අතර එක් ශල්‍ය වෛද්‍යවරයෙක් මේ වනවිටත් හැරයාමේ ලිපි භාර දී ඇති බවද එම ආරංචිමාර්ග තහවුරු කරනවා.

අනෙක් වෛද්‍යවරයාත් ස්ථාන මාරුවක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා.

එම ස්ථාන මාරුව නොලැබුණහොත් තමන්ද සේවය හැර යාමට කටයුතු කරන බව එම වෛද්‍යවරයාද පවසා තිබෙනවා.

තවද නිර්වින්දන වෛද්‍යවරුන් දෙදෙනා (2) ගෙන් එක් (1) වෛද්‍යවරයෙක්ද ඉදිරි සති දෙක (2) තුල සේවයෙන් ඉවත් බව බවත්, අනිත් වෛද්‍යවරයා (1) ද ස්ථාන මාරුවක් ලබා පිටව යෑමට සූදානම් බවත් සඳහන්.

එමෙන්ම ළමා දැඩිසත්කාර ඒකකයේ ද වෛද්‍යවරුන් හිඟ වීම නිසා එම ප්‍රතිකාර ඒකකයද දැඩි අර්බුධයකට ලක් ව ඇත් බව එම අංශයේ වෛද්‍යවරයෙකු පවසනවා.

තවද ගර්භනී මවුවරුන්ට අවශ්‍ය හදිසි ප්‍රතිකර සහ ශල්‍යකර්මද මෙ වන විට විශාල අවධානම් තත්ත්වයක පවතින බවත්, එම ප්‍රතිකාර නිසි ක්‍රමවේදයකට අනුව සිදු නොවුනහොත් වෙනත් රෝහලක් සඳහා මාරුකර යැවීමට සිදුවන බව රෝහල් ආරංචිමාර්ග පවසනවා.

මෙලෙස රෝහල හැර ගිය වෛද්‍යවරුන්ගෙන් කල විමසීම් වලදී ඔවුන් පවසන්නේ ඉවුන්ට හිමි වැටුප සඳහා අදික ලෙස බදු අය කිරීම හේතුවෙන් ආර්ථික අර්බුදයට මුහුණ දීඉමට නොහැකි බැවින් මෙලෙස සිදුකළ බවයි ෴

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *