බූස්ස හිටපු බන්ධානගාර අධිකාරී ඝාතනයේ සැකකරු අද (16) අධිකරණයට
බූස්ස හිටපු බන්ධානගාර අධිකාරී ඝාතනයේ සැකකරු අද (16) අධිකරණයට
(16.04.2025 – 09:40 +0530 – hirunews.lk/sinhala)
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අද (16) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි.
ඔහු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයේ බැංකොක් බලා පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදීයි.
ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය මෙම අත්අඩංගුවට ගැනීම සඳහා යොදාගෙන තිබෙනවා.
අම්බලන්ගොඩ – කුළීවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි මොහු, දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කරන්දෙණිය සුද්දා’ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බවට ද පොලීසිය විසින් අනාවරණ කරගෙන තිබුණා.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධානගාර අධිකාරී ‘සිරිදත් ධම්මික’, යතුරුපැදියකින් පැමිණ පසුගිය මාර්තු මස 13 වනදා වෙඩි තබා ඝාතනය කර තිබුණේ, ගාල්ල – තලගහ ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිටදීයි ෴
හික්කඩුවේ දී මුහුදේ ගසාගෙන ගිය විදෙස් යුවලක් බේරා ගනී
(16.04.2025 – 10:45 +0530 – hirunews.lk/sinhala)
හික්කඩුව වරාය අසල මහජන වෙරළ තීරයේ දී දිය වැලකට හසුව මුහුසේ ගසාගෙන ගිය විදෙස් ජාතික යුවලක් බේරාගෙන තිබෙනවා.
ඒ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි හික්කඩුව පොලිසියේ, නිලධාරීන් පිරිසක් විසින්.
රුසියානු ජාතික අවුරුදු 47 සහ 46 වයසැති අඹු සැමි යුවලක් මෙලෙස බේරාගෙන ඇති බව සඳහන්.
මේ අතර ඊයේ (15) පස්වරුවේ පානම – මෝය ආශ්‍රිතව මුහුදු තීරයේ දිය නාමින් සිටි 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු (2) අතුරුදන් ව තිබෙනවා.
ඔවුන් පානම ප්‍රදේශයේම පදිංචිකරුවන් ෴
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය කරයි
(16.04.2025 – 11:12 +0530 – hirunews.lk/sinhala)
පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර යොදාගැනීමේ අරමුණින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනෙන් (3) එක් (1) යන්ත්‍රයක් අක්‍රීය කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.
එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න ‘හිරු ප්‍රවෘත්ති’ වෙත අදහස් දක්වමින් කියා සිටියේ, පසුගිය 11 වනදා සිට එම යන්ත්‍රය අක්‍රීය කිරීමට පියවර ගත් බවයි.
එමෙන්ම, කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු ද අප්‍රේල් 12 වැනිදා පෙරවරුවේ නතර කර තිබෙනවා.
ඒ අනුව මේ වන විට ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන කිසිදු බලාගාරයක් ක්‍රියාත්මක නොවන බවත්, ජල සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් පුමුඛත්වය ලබා දී විදුලි උත්පාදන කටයුතු සිදුකරන බවයි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න සඳහන් කළේ ෴
මහියංගනය සහ ගම්පහ වෙඩි තැබීමේ තොරතුරු රැසක් හෙළිවෙයි
(16.04.2025 – 14:24 +0530 – hirunews.lk/sinhala)
මහියංගණය දොඩම්වත්ත ප්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීම සහ ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් මේ වනවිට තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
මේ අතර මහියංගණය දොඩම්වත්ත ගෙවල් 20 ප්‍රදේශයේ ඊයේ (15) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබුණා.
වෙඩි වැදීමෙන් 45 හැවිරිදි එම ප්‍රදේශයේම පුද්ගලයෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.
පසුගියදා දොඩම්වත්ත ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකදී තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියකට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාතමකයි.
+
ගම්පහ නගරයේ පොදු බස් නැවතුම්පොළ අසල ඊයේ (15) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර තිබුණේ ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් ඉලක්ක කර ගනිමින්.
ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) වෙඩි තබා පළා ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීම සිදු කරන අවස්ථාවේදී ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) එම රථයෙන් බැස අසල තිබූ වෙළෙඳසැලකට දිව ගොස් දිවි බේරා ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයින් දෙදෙනාට (2) තුවාල සිදු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ ඉන් එක් (1) අයෙකු ටැටූ ගැසීමේ ව්‍යාපාරයක් සිදු කරගෙන ගිය අයෙක්.
RUWANI R RUWANI නැමැති මැසෙන්ජර් ගිණුම හරහා තමන්ට පච්චයක් කොටා ගැනීමට අවශ්‍ය බවට ලැබුණු පණිවුඩයක් මත ඔහු අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ සිය මිතුරෙක් සමගයි.
වෙඩි තැබීම සිදුව ඇත්තේ එම අවස්ථාවේදී වන අතර අදාළ ලොරි රථයට පමණක් අලාභ සිදුව තිබෙනවා.
එම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
+++
ගම්පහ වෙඩිතැබීමේ තවත් තොරතුරු රැසක් හෙළි වෙයි
(16.04.2025 – 12:29 +0530 – sinhala.adaderana.lk)
ගම්පහ පොදු බස් නැවතුම්පොළ අසලදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබුණි.
එම අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් දෙදෙනාට ඉන් හානියක් සිදුවී නොමැත.
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින අවිශ්ක මල්ලි නැමැත්තාගේ පුංචිඅම්මාගේ පුත්‍රයා මෙලෙස වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට පොලීසිය සැක කරයි.
ගණේමුල්ල සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකකරන බවත්, ඉලක්ක වූ පුද්ගලයාට කිසිඳු අපරාධ චෝදනාවක් නොමැති බවත් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
+
කරන්දෙණියේ පුද්ගල ඝාතනයක්
(16.04.2025 – 16:43 +0530 – hirunews.lk/sinhala)
කරන්දෙණිය – දිවියගහවෙල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු (1) ඝාතනය කර තිබෙනවා.
පොලිසිය සදහන් කළේ, කලක සිට පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධියෙන් මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
ඝාතනය සිදු කළ පූද්ගලයා ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සදහා මෙහෙයුම් ක්‍රියාත්මකයි ෴
නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරෙයි
(16.04.2025 – 17:42 +0530 – hirunews.lk/sinhala)
සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවත් සමග විශාල පිරිසක් මේ දිනවල නුවරඑළියට පැමිණ සිටිනවා.
දේශීය සහ විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මෙසේ පැමිණ සිටින බව දකින්නට හැකියි.
මේ හේතුවෙන් නුවරඑළිය මහ නගර සභා සීමාවේ ආසන්නයේ පිහිටි ප්‍රදේශවල සංචාරක හෝටල්වල සහ නවාතැන් පොලවල සියළුම කාමර පිරි ඇති බවයි නුවරඑලිය සංචාරක හෝටල් සංගමය පවසන්නේ.
නුවරඑළිය වසන්ත උදානයට සහභාගි වීම සඳහා මෙම පිරිස පැමිණ ඇති බවයි පැවසෙන්නේ.
එසේ පැමිණි සංචාරක පිරිස ග්‍රෙගරි වැව, වික්ටෝරියා උද්‍යානය ඇතුලු නුවරඑළියේ සංචාරක ආකර්ෂණය දිනු ස්ථානවල ගැවසෙනවා.
මේ අතර සංචාරකයන්ට අවශ්‍ය සියළුම පහසුකම් එම මහ නගර සභාව මගින් සංවිධානය කර තිබෙනවා.
ඒ සමග පොලිසිය මගින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද දියත් කර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
චීනයේ නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ සමග ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
(16.04.2025 – 17:48 +0530 – hirunews.lk/sinhala)
චීනයේ නිෂ්පාදිත 84S ගිනි අවියක්, මැගසින් 2 ක් සහ උණ්ඩ 46 ක් ළඟ තබාගෙන සිටි ව්‍යාපාරිකයෙකු මත්තේගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් (උතුරු) අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ ෴
ඉන්ධනහලට රතිඤ්ඤා දැමූ මාර ගැටවු තුන්දෙනා (3)
(16.04.2025 – 20:28 +0530 – hirunews.lk/sinhala)
කුරුණෑගල, මල්වතුහිරිපිටිය, විළිඹුලහේනේගම පිහිටි ඉන්ධන පිරවුම්හලකට පැමිණි තරුණයින් පිරිසක් එම ස්ථානයේ පවතින අවදානම නොතකමින් රතිඤ්ඤා දල්වා තිබෙනවා.
අදාල ක්‍රියාව එම ඉන්ධන පිරවුම්හලේ CCTV කැමරාවක පටිගතව තිබුණා.
නීතියට පටහැනි ලෙස තිදෙනෙකු (3) යතුරුපැදියක නැගී යන බව එහි දැක්වෙනවා.
ඒ අතර පසුපසින් සිටි තරුණයෙක් විසින් රතිඤ්ඤා දල්වා ඉන්ධන පිරවුම්හල දෙසට විසිකරන බවද දකින්නට හැකියි.
ඉන්ධන පිරවුම්හලක් යනු වහා ගිනි ඇවිළෙන ස්ථානයක්වන බැවින් ඒවායේ ගින්නක් ඇති නොවීම සඳහා බොහෝ ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ස්ථානයක්.
එවැනි ස්ථානයක, මෙවැනි අනුවණ ක්‍රියා කිරීමෙන් විය හැකි දේපොළ සහ ජීවිත හානියට අලුතින් ආදර්ශ අවශ්‍ය නොවන්නේ, පසුගිය 07 වැනිදා රාත්‍රියේ කුරුණෑගල වැහැර ඉන්ධන පිරවුම්හලේ පිහිටි ගෑස් ගබඩාවක ඇති වූ පිපිරීමෙන් මිනිස් ජීවිත 4 ක් අහිමි වීම සහ විශාල දේපොළ හානියක් සිදු වීම හේතුවෙන්.
මල්වතුහිරිපිටිය පොලිසිය පැවසුවේ, මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද ලැබී ඇති බවයි.
මෙවැනි අඥාන ක්‍රියාවල නිරත වන්නන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා.
+
පොහොර සහනාධාරය නොලැබීමෙන් ගොවීන් පීඩාවට
(16.04.2025 – 23:23 +0530 – hirunews.lk/sinhala)
යල කන්නයේ වගා කිරීමට අවශ්‍ය පොහොර සහනාධාරය ප්‍රමාද වීමෙන් අම්පාර ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන් දැඩි අසීරුතාවට පත්ව තිබෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් පොහොර සහනාධාරය ලබා දී සිය වගා කටයුතු සිදු කර ගැනීමට සහය වන ලෙසයි.
අම්පාර ප්‍රදේශයේ ගොවීන් යල කන්නයේ වී ගොවිතැන් කටයුතු මේ දිනවල සිදු කරමින් සිටිනවා.
මේ වනවිට ගොයමට දින 10 ක් 15 ක් පමණ ගතව ඇති අතර යූරියා පොහොර යෙදීමට නියමිතව ඇත්තේ මෙම කාලසීමාවේදී බවයි ගොවීන් පවසන්නේ.
කෙසේ වුවත් ගොවීන් පවසන්නේ රජයේ පොහොර සහනාධාරය තවමත් නොලැබීම හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති බවයි.
මේ අතර අම්පාර නවගිරියාව ජලාශය යටතේ පෝෂණය වන කුඹුරු මේවනවිට යලකන්නය සදහා වපුරා අවසන් අදියරට පැමිණ ඇති අතර මේවනවිට ගොයමට සති දෙකක් (2) වුවත් රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය නොමැති බවට එම ගොවීන් පවසනවා.
මේ අතර යල කන්නයේ සිය වී වගාව සඳහා යෙදීමට අවශ්‍ය මඩ පොහොර වෙළෙඳපොලේ නොමැති බවට කුරුණෑගල, වැවගෙදර ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරනවා ෴
සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක
(16.04.2025 – 17:58 +0530 – sinhala.adaderana.lk)
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මෙම තත්ත්වය තුළ එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමාකරන ලෙසත්, ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴