අත්අඩංගුවට ගත් පාතාලයේ ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන එයි

අත්අඩංගුවට ගත් පාතාලයේ ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන එයි


අත්අඩංගුවට ගත් පාතාලයේ ‘පොඩි ලැසී’ දිවයිනට රැගෙන එයි

(27.02.2026 – hirunews.lk)

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ජනිත් මධුසංඛ’ නොහොත් ‘පොඩි ලැසී’ අද (27) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.

අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසුව ‘පොඩි ලැසී’ 2024 වසරේ දෙසැම්බර් 09 වැනිදා මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලා ගොස් තිබුණා.

අනතුරුව පසුගිය (2025) වසරේ ජනවාරි මස ඉන්දියාවේ මුම්බායි නුවරදී එරට ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තර පොලිසියේ මැදිහත් වීම මතයි.

ඒ අනුව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 142 දරණ යානයෙන් අද (27) අලුයම දිවයිනට රැගෙන ආ ‘පොඩි ලැසී’ නැමැත්තා වැඩිදුර විමර්ශන සදහා ඇල්පිටිය – කොට්ඨාස අපරාධ අංශය වෙත රැගෙන යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, ව්‍යාජ නම් හා ඡායාරූපවලින් පෙනී සිට මෙරටින් පලාගොස් විදේශ රටවල සැඟව සිටින පාතාල කල්ලි සාමාජිකයින් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අදාළව සිදු කෙරෙන විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම, නියෝග කළා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (26) කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ලබා ගන්නා ලද ඇඟිලි සලකුණු සටහන් වාර්තා කිහිපයක් ඇගිලි සටහන් කාර්යාලයට භාර දී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

+++

රතු නිවේදන නැතිව සැකකරුවන් 14 දෙනෙකු ලංකාවට ගෙන්වාගෙන

(27.02.2026 – 07:52 +0530 – sinhala.adaderana.lk)

ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු මෙරටට ගෙන්වාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ‘ජනිත් මධුසංඛ ද සිල්වා’ නොහොත් ‘පොඩි ලැසී’ දිවයිනට ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

2024 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

“පවතින මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා 2024, 2025 සහ 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් මෙරටට ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ ව‌‌ගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැති මෙරටට රැගෙන එන්නට හැකි වුණා, අද (27) දින රැගෙන ආ සැකකරු සමඟ 14 දෙනෙක්. ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව එරට ආගමන විගමන වැරදි සම්බන්ධයෙන්, පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමන්ගේ ඍජු මැදිහත්වීම මත ඒ ඒ රටවල්වල තිබෙන විශ්වාසය මත පොලිස්පතිතුමාගේ පූර්ණ මැදිමත්වීම මත මෙම සැකකරුවන් අපට ගෙන්වා ගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන 89 ක් සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා ලබාගෙන තිබෙනවා. 2026 වසරේදී මෙම සැකකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිම උත්සහයක් දරනවා.”

+++

+++

ලංකාවට කුදලගෙන ආ පොඩි ලැසී දැඩි රැකවල් මැද ගුවන්තොටුපොළින් එළියට (27.02.2026)

+


ගෝල්ෆේස් එකේ වාහන එයාලා පැදගෙන අරන් ආවේ – එන්ජින් නෑ කියලා මරිසි දාන්න බෑ – යාළුවන්ට බෙදලා දුන්නා (26.02.2026)

+


රනිල්ගේ විදුලි බල පනතා ගේන්නේ නෑ කියලා – ජෙප්පෝ එදා රට පුරාම වැඩවර්ජන අරන් ගියා (26.02.2026)

+++

මාලිමා ආණ්ඩුවට විදුලි සේවකයෝ බලය පෙන්නති – මුළු රට අඳුරු කරන තීරණය රටට ප්‍රකාශ කරයි (26.02.2026)

+


සලේ පොලිස් භාරයට ගත්ත එක ගැන – දුමින්දගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් (26.02.2026)

+++

රට අනාරක්ෂිත කරොත් ගෝඨාභයට බලයට එන්න පුළුවන් කිව්වා – සුරේෂ් සලේ ඇල්ලුවේ කාදිනල් හිමිව රවට්ටන්න (26.02.2026)

+


බාල ගල් අඟුරු නිසා බලාගාරය විනාශ වෙයි ?? – සජිත් රටට කරන භායානක හෙළිදරව්ව (26.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *