අකුරේගොඩ දෙවැනි (2) වෙඩික්කරුගෙන් ඝාතන 48 ක් ගැන පාපොච්චාරණයක්
අකුරේගොඩ දෙවැනි (2) වෙඩික්කරුගෙන් ඝාතන 48 ක් ගැන පාපොච්චාරණයක්
(27.02.2026 – hirunews.lk)
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙවැනි (2) වෙඩික්කරු දකුණු පළාත ඇතුළු ප්‍රදේශ රැසක පුද්ගලයින් 48 දෙනෙකු පමණ ඝාතනය කිරීමේ සිදුවීම්වල වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවට පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.
මේ අතර වෙඩික්කරු එදින මොණරාගලට පලාගොස් ඇත්තේ, මාලබේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 2 ක මුදලක් ලැබීමෙන් පසුව බවයි අනාවරණ වී ඇත්තේ.
අකුරේගොඩ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොණරාගලදී අත්අඩංගුවට ගත් දෙවැනි (2) වෙඩික්කරු විමර්ශන නිලධාරීන් හමුවේ තවත් කරුණු අනාවරණ කර තිබෙනවා.
දකුණු පළාතේ සහ තවත් ප්‍රදේශ රැසක වෙඩි තැබීමේ සිද්ධීන් 20 කට වැඩි ගණනක ප්‍රධාන වෙඩික්කරු ලෙස තමන් කටයුතු කර ඇති බවත්, ඉන් පුද්ගලයින් 48 දෙනෙකු පමණ ඝාතනය වී ඇති බවත්, ඔහු පාපොච්චාරණය කළ බවයි පොලිසිය පැවසුවේ.
එම ඝාතන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ගේ උපදෙස් මත සිදු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
“සර්…’සුද්දා’ කියන්නේ මගේ දෙයියෝ.. ‘සුද්දා’ වෙනුවෙන් මම ඕන දෙයක් කරනවා.. මම මේවා සල්ලි බලාගෙන නෙවෙයි කරන්නේ..” යනුවෙන් විමර්ශන නිලධාරීන් වෙත පවසා තිබෙනවා.
“සර් මම දෙන්නටම එක ගානේ තිබ්බා.. තුන්වෙනි එක ගහද්දි මගේ වෙපන් එක හිර වුණා..” යනුවෙන් වෙඩික්කරු අකුරේගොඩ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවසූ බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි තැබීමෙන් පසු ඔහු කොට්ටාව මංසන්ධියේදී මෝටර් රථයෙන් බැස බස් රථයක නැග මාලබේ දෙසට පැමිණ තිබෙනවා.
අනතුරුව පුද්ගලයෙකු පැමිණ රුපියල් ලක්ෂ දෙකක (2) මුදලක් තමන්ට දුන් බවත්, පසුව අධිවේගී මාර්ගය ඔස්සේ තමන් මත්තලට පැමිණි බවත්, වෙඩික්කරු පවසා තිබුණා.
“සර්.. ඒ බස් එකේ හිටියේ මමයි ඩ්‍රයිවරුයි විතරයි…” යනුවෙන් සැකකරු විමර්ශන නිලධාරීන් වෙත පවසා තිබෙනවා.
අධිවේගි මාර්ගයෙන් ආ වෙඩික්කරු මත්තල ප්‍රදේශයෙන් බස් රථයෙන් බැස මොණරාගල දෙසට වෙනත් බස් රථයකින් පැමිණ තිබුණා.
මොණරාගලට පැමිණි වෙඩික්කරුට දුරකතන ඇමතුමක් මගින් ත්‍රිරෝද රථයකට ගොඩවන ලෙසටයි උපදෙස් ලැබී ඇත්තේ.
වෙඩික්කරු එම ත්‍රිරෝද රථය ඔස්සේ මොණරාගල නක්කල ප්‍රදේශයට පැමිණීමෙන් අනතුරුව ‘අංගොඩ ලොක්කා’ නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ මිත්‍රයෙකු වන අත්අඩංගුවට ගත් අනෙක් සැකකරු වන ‘කැලුම්’ නමැත්තා විසින් වෙඩික්කරුව රැගෙන යාමට පැමිණ තිබෙනවා.
පසුව ඩුබායි සිට පුද්ගලයෙකු ‘කැලුම්’ නමැත්තාට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ “අපේ එකෙක් එනවා..පරිස්සම් කරලා ඌව තියාගන්න ඕනේ..” යනුවෙනුයි.
කුලී පදනම මත ලබා ගත් නිවස වෙත ඔහුව රැගෙන ගොස් තිබුණේ ඉන් අනතුරුවයි.
වෙඩික්කරුගෙන් තවදුරටත් ප්‍රකාශ ගැනීම සිදුවන බව පොලිසිය සඳහන් කළා.
+++
අකුරේගොඩ දෙවෙනි (2) වෙඩික්කරුට රැකවරණය දුන්න දෙදෙනෙක් (2) මාර්තු 12 දක්වා රිමාන්ඩ් (27.02.2026)
+
මුදල් අමාත්‍යංශයෙන් නව බදු ඉහළ නැංවීමේ යෝජනා
(27.02.2026 – hirunews.lk)
මුදල් අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ බදු රාමුවට පුළුල් වෙනස්කම් සිදු කිරීම සඳහා නව සංශෝධන කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
මෙයට ප්‍රාග්ධන ලාභ මත බදු ඉහළ නැංවීම, රඳවා ගැනීමේ බදු (withholding tax) ජාලය පුළුල් කිරීම සහ හිඟ බදු ඇති අය සඳහා එක් වරක් පමණක් ලබා දෙන සහන කාලසීමාවක් ඇතුළත්.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 24 වැනිදා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම යෝජනා බලාත්මක වන්නේ පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පත සම්මත කර එය නීතියක් බවට පත් වූ පසුව පමණයි.
මෙම කෙටුම්පතෙහි ඇතුළත් ප්‍රධාන කරුණු කිහිපයක් ලෙස ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභ මත අය කරන ප්‍රාග්ධන ලාභ බද්ද ඉහළ නැංවීමට යෝජනා කර ඇති අතර, ඒ අනුව පුද්ගලයන් සහ හවුල් ව්‍යාපාර සඳහා දැනට පවතින සියයට 10 බද්ද සියයට 15 දක්වා ඉහළ යනු ඇති.
භාර (Trusts), ඒකක භාර (Unit trusts), අන්‍යෝන්‍ය අරමුදල් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා මෙම බද්ද සියයට 10 සිට සියයට 30 දක්වා විශාල ලෙස ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා.
2023 මාර්තු 31 දක්වා ගෙවා නොමැති හෝ ප්‍රමාද වී ගෙවන ලද බදු සඳහා එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට අවසර ලැබෙන නමුත්, මෙම සහනය ලබා ගැනීමට නම්, අදාළ මුල් බදු මුදල සහ දඩ මුදල් නව නීතිය ක්‍රියාත්මක වී මාස හයක් (6) ඇතුළත සම්පූර්ණයෙන් පියවිය යුතුයි.
2026 අප්‍රේල් 01 සිට, ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය (SET) ගොනු කිරීමේ අවශ්‍යතාවය ඉවත් කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ වෙනුවට, බදු ගෙවන්නන් සාමාන්‍යයෙන් පසුගිය වසරේ බදු ආදායම මත පදනම්ව වාරික ගෙවිය යුතුයි.
මෙය ලේඛන කටයුතු අවම කිරීමට සහ බදු අනුකූලතාවය සරල කිරීමට ගත් පියවරක්.
නව සේවා සපයන්නන් රැසක් සියයට 5 ක රඳවා ගැනීමේ බදු ක්‍රමයට ඇතුළත් කිරීමට යෝජනා කර තිබෙනවා.
ඔවුන්ට ගෙවීම් සිදු කරන අවස්ථාවේදීම එම මුදලින් සියයට 5 ක් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කෙරෙනවා.
මෙයට අලුතින් ඇතුළත් කර ඇති පිරිස අතර විගණකවරුන්, තක්සේරුකරුවන්, පුද්ගලික පුහුණුකරුවන් (Personal trainers), විනෝදාස්වාදයේ යෙදෙන්නන්, ඡායාරූප ශිල්පීන්, රූපලාවන්‍ය ශිල්පීන්, සමාජ මාධ්‍ය විශේෂඥයින් (Social media specialists), සන්නාම තානාපතිවරුන් (Brand ambassadors) සහ ණය අයකරන්නන් ඇතුළු වෘත්තිකයන් සහ නිදහස් වෘත්තිකයන් (Freelancers) වනවා ෴
පාසල් පාවහන් වවුචර්පත්වල වලංගු කාලය මාර්තු 15 දක්වා දීර්ඝ කෙරේ
(27.02.2026 – hirunews.lk)
2026 වර්ෂය සඳහා තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් සහ සීලමාතාවන් වෙත ලබාදී ඇති පාවහන් තිළිණපත් වලංගු කාලසීමාව දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
අමාත්‍යාංශය නිකුත් කළ නිල නිවේදනයට අනුව 2026 පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ රුපියල් 3,000 ක තිළිණපත් වලංගු කාලසීමාව ඒ අනුව, මාර්තු 15 දක්වා දීර්ඝ කර ඇති බවයි සඳහන් ෴
කරාපිටිය රෝහලේදී බාලවයස්කාර දරුවන්ට අතවර කළ පුද්ගලයාට වසර 16 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් සහ දඩ
(27.02.2026 – hirunews.lk)
කරාපිටිය ජාතික රෝහලේ වාට්ටුවක වැසිකිළියක් තුළදී බාලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනෙකුට (2) අවස්ථා දෙකකදී (2) අඩන්තේට්ටම් කිරීම සහ ලිංගික අතවර කිරීමේ චෝදනා දෙකටම වරද පිළිගත් විත්තිකරුවෙකුට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණගම ඊයේ (26) බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම කළා.
විත්තිකරුවන්ට රුපියල් 15,000 ක දඩයක් ද රුපියල් ලක්ෂයක (100,000) වන්දි මුදලක් ද අධිකරණයෙන් නියම කෙරුණි.
දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස දෙක (2) බැගින් සිර දඩුවම්ද, වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක (6) සිර දඩුවමක්ද විත්තිකරුට අධිකරණයෙන් නියම කෙරිණි.
මෙසේ දඩුවම් නියමවුයේ පෝද්දල පෙරියන් සෙල්වරාජ් නමැති විත්තිකරුටයි.
විත්තිකරු කරාපිටිය රෝහලේ නතරව සිටියදි ඉකුත් 2006 ජනවාරි 01 දින සිට 31 දක්වා කාලය තුළ එම වාට්ටුවේම සිටි අවුරුදු 16 ට අඩු බාල වයස්කාර පිරිමි ළමයෙකුට වැසිකිළිය තුලදි සාපරාධි බලහත්කාරය පා අඩම්තේට්ටම් කිරීම, එම කාලය තුළදිම අවුරුදු 16 අඩු පිරිමි ළමයෙකු වාට්ටුවේ වැසිකිලිය තුළදි ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වෙන් වශයෙන් නඩු දෙකක් (2) පවරා තිබිණා.
එහිදි බාල වයස්කාර පිරිමි ළමයෙකුට සාපරාධිබලහත්කාරය පා අඩම්තේට්ටම් කිරීමේ අධි චෝදනාවට බරපතල වැඩ සහිත වසර දෙකක (2) සිර දඩුවමක් සහ රුපියල් පන් දහසක (5000) දඩයක්ද, අනෙක් බාල වයස්කාර පිරිමි ළමයාට ලිංගික අපයෝජනයක් කිරීමේ අධි චෝදනාවට බරපතල වැඩ සහිත වසර දහ හතරක (14) සිර දඩුවමක් සහ රුපියල් දස දහසක (10,000) දඩයක්ද වින්දිත ළමයාට රුපියල් ලක්ෂයක (100,000) වන්දියක් ගෙවීමටද මහාධිකරණ විනිසුරුවරිය එසේ නියම කළා.
සිර දඩුවම් ක්‍රියාත්මක කිරිමේදි විත්තිකරු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට ඇති කාලය පිළිබඳ සළකා බලන බවද මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළා.
නඩුවේදි අනාවරණය වුයේ ලිංගික අපයෝජනයට ලක්වු ළමයා වාට්ටුවේ වෛද්‍යවරයාට සිද්ධිය පැවසීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ගාල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ සැරයන් කේ.ජි.ඒ. පුෂ්ප කුමාර (86264) පැමිණිල්ල මෙහෙයවන ලද රජයේ නීතිඥවරයා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා ෴
අද (27) සිට ‘දිට්වා සහන සේවා කටයුතු’ වලින් ග්‍රාම නිලධාරිවරුන් ඉවතට
(27.02.2026 – hirunews.lk)
ග්‍රාම නිලධාරීවරුන්, තාක්ෂණික නිලධාරීන් සහ ආපදා සහන සේවා නිලධාරීන් අද (27) සිට සියලු ආපදා සහන කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානිවලට වන්දි ගෙවීම සදහා නිසි තක්සේරු ක්‍රමවේදයක් නොමැති වීම සහ සහන කටයුතුවල නිරත නිලධාරීන් හට ලැබිය යුතු පහසුකම් මෙන්ම දීමනා නොගෙවීම යන කරුණු මත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න කියා සිටියේ.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ‘ආරෝග්‍යා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල’ කටයුතුවලින් ලබන සදුදා (02) සිට ඉවත් වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ ඔවුන් මේ වනවිට දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගයට සමගාමීවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් අත්තනායක කියා සිටියේ, දේශපාලන අරමුණු මත පදනම් වූ මෙවැනි සායන 50 ක් පමණක් ක්‍රියාත්මක බවයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමට සේවක හිගයක් පවතින අවස්ථාවක මේ සදහා සහය නොදීමට තීරණය කර ඇති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා සඳහන් කළා ෴
නිවසක් බිඳීමට ආ හොරෙකුට මග්ගොන වැසියෝ පහර දෙති : ප්‍රතිකාර ලබමින් සිටියදී මරුට
(28.02.2026 – hirunews.lk)
බේරුවල, මග්ගොන ප්‍රදේශයේ නිවසක් බිඳීමට පැමිණි බව කියන පුද්ගලයෙකුට ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පහරදීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව සිටියදී අද (28) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.
මග්ගොන, ඉදිරිලිගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් බිඳීම සඳහා මෙම පුද්ගලයා ඉකුත් (24) වැනිදා අලුයම 03:30 ට පමණ පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ගේ ග්‍රහණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.
එහිදී එල්ල වූ පහරදීම් හේතුවෙන් බරපතල තුවාල ලැබූ සැකකරුව ප්‍රදේශවාසීන් විසින්ම බේරුවල පොලිසිය වෙත භාර දී තිබුණා.
පොලිසිය විසින් සැකකරුව ප්‍රථමයෙන් බේරුවල රෝහලටත්, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලටත් ඇතුළත් කර තිබුණා.
පසුව කොළඹ ජාතික රෝහල වෙතද මාරු කර යවා තිබූ ඔහු, යළි නාගොඩ රෝහල වෙත මාරු කර එවා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අද (28) අලුයම මියගොස් ඇති බව බේරුවල පොලිසිය සඳහන් කළා.
මෙසේ මියගොස් ඇත්තේ අලුබෝමුල්ල, අරුන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වෙත්තසිංහගේ දොන් සුපුන් මධුසංඛ නැමැති 28 හැවිරිදි තරුණයෙක්.
මියගිය පුද්ගලයා සන්තකයේ තිබී රුපියල් 20,000 ක් පමණ වටිනා සොරාගත් ජංගම දුරකතන දෙකක් පොලිස් භාරයට ගෙන තිබුණා.
මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර, බේරුවල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා ෴
උතුරු කොරියාව පොඩි කෙල්ලෙක් අතට | බිරිඳට පහර දෙන්න සැමියාට බලය දෙන නීතියක් (26.02.2026)
+
FBI වාර්තා කියවපු සුජීව වහාම මාධ්‍ය කැඳවයි – ඇඟිලි සලකුණු දුරකථන දත්තවලට බොරු කරන්න බෑ (28.02.2026)
+
පාස්කු ප්‍රහාරය ජේවිපීය බලයට ගේන්න ගහපු සැලසුමක් ?? සජබේ චමින්දගෙන් රටම කැලඹෙන ප්‍රකාශයක් (28.02.2026)
+
සලේ අත්අඩංගුවට ගැනීමේ දප්පුල ද ලිවේරා කුමන්ත්‍රණය | දුරකතන කුළුණු වාර්තා සියල්ල හෙළිකරයි! (28.02.2026)
+
සලේව අවුරුදු ගාණකට පස්සෙ එක පාරටම ඇල්ලුවා – මේවා කතෝලික පල්ලිය සන්තෝස කරන වැඩ (28.02.2026)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴