අකුරේගොඩ දෙවැනි වෙඩික්කරු ගැන තොරතුරු හෙළි වෙයි

අකුරේගොඩ දෙවැනි වෙඩික්කරු ගැන තොරතුරු හෙළි වෙයි


අකුරේගොඩ දෙවැනි වෙඩික්කරු ගැන තොරතුරු හෙළි වෙයි

(26.02.2026 – hirunews.lk)

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොණරාගල ප්‍රදේශයේ නිවසක සිටියදී අත්අඩංගුවට ගත් දෙවැනි (2) වෙඩික්කරු හිටපු නාවික හමුදා සෙබළෙකු බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම ඔහු නම් කිහිපයකින්ම පෙනී සිට ඇති අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කරන්දෙණිය සුද්දා’ගේ ප්‍රධානම වෙඩික්කරු මොහු බවටයි හඳුනාගෙන ඇත්තේ.

මේ අතර මෙම සැකකරු සමග අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා (2) ද ඊයේ (25) පස්වරුවේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන එනු ලැබුවා.

ඔවුන් ද ‘කරන්දෙණිය සුද්දා’ගේ ප්‍රධාන ගෝලයින් බවට ද හෙළිවී ඇති අතර ඔවුන් පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට නියමිතයි.

මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් රැගෙන ඒම සඳහා බස්නාහිර දකුණු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මොණරාගල පොලිසියට පෙර දින (25) රාත්‍රියේම ගොස් තිබුණා.

එහිදි වෙඩික්කරු බව පැවසෙන සැකකරුට ඡායාරූපයක් පෙන්වා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, “ආ… රූබන් සුරේෂ් … කොහොමද මහත්තයා… මේ පොටෝ එකෙ ඉන්නේ උඹ නේද ?” යනුවෙන් විමසා තිබෙනවා.

සැකකරු, “ඔව් සර්.. මම තමයි..” යනුවෙන් ප්‍රකාශ කළ බවයි පොලිසිය සඳහන් කළේ.

මොහු ‘රූබන් සුරේෂ්’ යන නමින් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් ද සකසාගෙන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම ‘ඒකනායක මුදියන්සේලාගේ චමත් ෂෙහාන්’ යනුවෙන් ද මොහු පෙනී සිට ඇති අතර සැකකරුගේ සත්‍ය නම ‘මනෝජ් උදයංග’ බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඉමදූව – කනන්කේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි ඔහු 2008 වසරේදී නාවික හමුදාවට එක්ව ඇති අතර, 2019 වසරේදී නීත්‍යානුකූලව ඉවත්වී තිබෙනවා.

පසුගිය වසරේ මාර්තු මස 13 වැනිදා විශ්‍රාමික බන්ධනාගාර අධිකාරී ඒ.ඩබ්ලිව්. සිරිදත් ධම්මික වෙඩි තබා ඝාතනය කිරීම, පසුගිය වසරේ නොවැම්බර් 18 වැනිදා උණාකූරුව – කපුහේන ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ අඹුසැමි යුවළක් වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම පසුගිය දෙසැම්බර් 22 වැනිදා අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරික ස්ථානයක කළමනාකාරවරයෙකු ලෙස සේවය කළ හිරාන් කෝසල නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන වෙඩික්කරු ලෙස මොහු කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අකුරේගොඩ වෙඩි තැබීම සිදු කළ දිනට පසු දින ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි ප්‍රහාරයේ ප්‍රධාන වෙඩික්කරු ලෙසටද මොහු කටයුතු කර ඇති බවයි සඳහන් කළේ.

+


ළමා නිවාසයේ දැරියන් අවන්හල කඩා ටොෆි උස්සලා

(25.02.2026 – lankadeepa.lk)

කළුතර වර්නත් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ අවන්හල කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී චොකලට් සොරකම් කළ බව කියන ළමා නිවාසයක ගැහැනු ළමුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රසිද්ධ ළමා නිවාසයක නේවාසිකව සිටින වයස අවුරුදු 13, 14 සහ 15 වියේ පසුවන ගැහැනු ළමුන් තිදෙනකු බව පොලිසිය කීය.

අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් සිල්වා මහතා ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ සිසීටීවී කැමරා පරීක්ෂා කිරීමේන් පසු ළමුන් හදුනාගෙන ළමා නිවාසයේ සගවා තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී, චොකලට් , ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගත් බව පොලිසිය සදහන් කරයි ෴


දීගොඩ කුමාර : ලොව කිසිම කෙනෙක් මේ තරම් දුරට ආධ්‍යාත්මික ශක්තිය යවා නැහැ (25.02.2026)

+


ගලේ පහරපු ආණ්ඩු බළලුන්ගේ, සලේ නාඩගම ඇරඹෙයි (25.02.2026)

+

ඔක්ස්ෆඩ් නාමල්ට කණගාටුව පළකරයි… නැවත දිනයක ඒ අවස්ථාව සුදානම් කරනවා (25.02.2026)

+

ගල්අඟුරු ජෝගිය වහගන්න ආණ්ඩුව හෙළුවෙන් නටන හැටි (25.02.2026)

+

ඇඳගෙන ආපු රෙද්ද බේරාගන්න මරුවිකලෙන් දඟලන ජේවීපී පාණ්ඩුව (25.02.2026)

+


සීගිරි අප්සරාවන් කෙලෙසූ මහා අපරාධය – ආචාර්ය රාජා ද සිල්වා දිවියෙන් සමු ගනී (25.02.2026)

+


බෞද්ධ සම්මේලනය කලබලයට කරපු වැඩක්. නාගදීපයේ හාමුදුරුවන්ට තිස්ස විහාරය එක්ක තියෙන්නේ ඉඩම් පලහිලව්වක් (24.02.2026)

+

මාව එලෙව්වේ CIA ගේමකින්. මගේ වටේ හිටපු සෙට් එක බාගෙනයි ගේම ගැහුවේ. ගෝඨාභය රාජපක්ෂ ප්‍රබල අනාවරණය (23.02.2026)

+


ටෙන්ඩර් නොකර ටෙන්ඩර් කැන්සල් කරල මාලිමාව කරපුව මෙන්න (25.02.2026)

+

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සම්බන්ධ සියල්ල දින අනූවකට ඇතුලට (25.02.2026)

+


ගල් අඟුරු වංචා ටොපිය සුරේෂ් සලේ කොලයෙන් එතෙයිද? (25.02.2026)

+


ජාතික ආරක්ෂාව බල්ලට දැමූ නිවටයන්ගේ මහා පාවාදීම (සලේ දඩයම) (25.02.2026)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *