අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දෙවන (2) වෙඩික්කරුට නවාතැන් දුන් අයෙක් අත්අඩංගුවට
අකුරේගොඩ ද්විත්ව ඝාතනයට දෙවන (2) වෙඩික්කරුට නවාතැන් දුන් අයෙක් අත්අඩංගුවට
(26.02.2026 – hirunews.lk)
අකුරේගොඩ ප්‍රදේශයේ සිදුවූ ද්විත්ව ඝාතන සිද්ධියේ දෙවන (2) වෙඩික්කරුට සැඟවී සිටීම සඳහා නවාතැන් පහසුකම් ලබාදුන් බව කියන සැකකරුවෙකු අද (26) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ ‘J.A.M. ප්‍රසාද ධර්මප්‍රිය’ නම් අයෙක්.
ඔහු මැදගම, නන්නපුරාව, දිවියාපොළ හන්දියේ පිහිටි නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අකුරේගොඩ ඝාතනයේ දෙවන (2) වෙඩික්කරුට මොණරාගල, නක්කල ටැංවත්ත ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සැඟවී සිටීමට අවස්ථාව සලසා දීම මොහුට එල්ල වී ඇති චෝදනාවයි.
+++
අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවෙකු සැඟවී සිටි නිවසක හිමිකරු අත්අඩංගුවට
(26.02.2026 – 19:35 +0530 – sinhala.adaderana.lk)
අකුරේගොඩදී නීතීඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මොනරාගල ප්‍රදේශයේ සැඟවී සිටි බව කියන වෙඩික්කරුට නවාතැන් ලබා දුන් නිවසේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
අද (26) පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
මොනරාගල පොලිසිය විසින් මැදගම, නන්නපුරාව, දිවියාපොල ප්‍රදේශයේ පිහිටි නිවසකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් මොනරාගලදී ඊයේ (25) අත්අඩංගුවට ගත් වෙඩික්කරු පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කටයුතු කර තිබේ.
ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක්වූ නීතීඥවරයා සැකකරුගේ නඩු දෙකක් (2) සඳහා පෙනී සිට ඇති බවයි. එබැවින්, අකුරේගොඩට පැමිණි අවස්ථාවේදී සැකකරු අනෙක් වෙඩික්කරුට “බුද්ධික මගේ නඩු දෙකට (2) පෙනී හිටපු නිසා මාව අඳුරනවා” යනුවෙන් පවසා ඇති බවද වාර්තා වේ.
අනතුරුව, වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පසෙක නවතා, නීතීඥවරයා ආසන්නයට පැමිණීමෙන් පසුව වෙඩි තබා ඝාතනය කළ බවද සැකකරු පවසා ඇති බව සඳහන්ය.
තවද, බූස්ස බන්ධනාගාරයෙ හි හිටපු අධිකාරී ‘සිරිදත් ධම්මික’ ඝාතනය කිරීම සඳහා ‘කරන්දෙණියේ සුද්දා’ නමැති පුද්ගලයෙකුගේ උපදෙස් මත තමන් වෙඩි තැබූ බවද සැකකරු ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එම අවස්ථාවේ ‘ලලා’ නමැති තවත් වෙඩික්කරුවෙකු සමඟ ගිය බවත්, ධම්මිකට වෙඩි ප්‍රහාර දෙකක් (2) එල්ල කළේ තමන් බවත් ඔහු පවසා ඇත.
එමෙන්ම, දකුණු පළාතේ සිදු වූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන්ද තමන් සම්බන්ධ වූ බවට සැකකරු හෙළිකර ඇතැයි වාර්තා වේ.
මේ අතර, ප්‍රහාරයට පෙර පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලක් වෙත සැකකරු පැමිණෙන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන පෙළක්ද ලැබී ඇත. එම දර්ශනවල දැක්වෙන්නේ, මීට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ‘ජානක’ නමැති පුද්ගලයා විසින් සැකකරු අදාළ ස්ථානයට රැගෙන එන අයුරුය.
+++
අකුරේගොඩ දෙවන වෙඩික්කරුට නිවස දුන් හිමිකරු විශේෂ පොලිස් මෙහෙයුකින් පොලිස් භාරයට (26.02.2026)
+
Hiru TV Balaya Live | Episode 631 | 2026-02-26
+
දැරියන්ගේ ඡායාරූප AI මගින් නිරුවත් කළ සිසුවාට සහ සහාය දුන් විදුහල්පතිට එරෙහිව නඩු
(26.02.2026 – hirunews.lk)
නිකවැරටියේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 14 සහ 15 හැවිරිදි දැරියන් තුන්දෙනෙකුගේ ඡායාරූප ලබා ගෙන ඒ.අයි. තාක්ෂණය යොදාගෙන ඒවා නිරුවත් ඡායාරූප බවට පත් කිරීමේ සිද්ධියකට සම්බන්ධ පාසල් සිසුවෙකුට සහ ඊට අනුබල දුන් බව කියන විදුහල්පතිවරයෙකුට එරෙහිව චෝදනා බාර දී තිබෙනවා.
ඒ නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ ඉදිරියේයි.
මෙම නඩුව ලබන මස 12 වන දින විභාගයට ගැනීමට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා, සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි නියෝග කර ඇත්තේ.
සැකකාර පාසල් සිසුවා ඔහුගේම සම වයසේ පසුවන පාසල් සිසුවියන් තුන්දෙනෙකුගේ (3) ජායාරූප ලබා ගෙන පසුව ඒ.අයි. තාක්ෂණය යොදාගෙන ඒවා නිරුවත් ජායාරූප බවට පත්කර සිය ස්මාර්ට් ජංගම දුරකථනයේ ගබඩා කර තබාගෙන සිට තිබෙනවා.
පසුව නිරුවත් ඡායාරූප සහිත ජංගම දුරකථනය සිය බාරයට ගෙන ඇති විදුහල්පතිවරයා, අදාළ සිද්ධිය පිළිබදව පොලිසිය දැනුවත් නොකර සිද්ධිය සමථයට පත් කළ බවයි පවසා ඇත්තේ.
පසුව ජංගම දුරකථනය, විදුහල්පතිවරයා විසින් මාසකට අධික කාලයක් තමන් සන්තකයේ තබා ගෙන සිට ඇති බවයි අධිකරණයේදී අනාවරණ වුණේ.
අදාළ පාසලේ ආදී ශිෂ්‍ය සංගමය සිදුකළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් පසුව ඇප මත මුදාහැර තිබුණා ෴
දිනකට රුපියල් ලක්ෂයක් කප්පම් ගත් ‘හොරා පොලිස්’ අත්අඩංගුවට
(26.02.2026 – hirunews.lk)
උසස් පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින් බිය වද්දා කප්පම් ලබාගත් පුද්ගලයෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසුවේ විවිධ පාතාල කල්ලි සාමාජිකයින්ගේ ද නම් භාවිත කරමින් අදාළ පුද්ගලයා විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි.
මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් ඔවුන් බිය වද්දා කප්පම් ලබාගන්නා පුද්ගලයෙක් සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයියාට පැමිණිල්ලක් ලැබී තිබු අතර, ඊට අදාළ විමර්ශන සිදුකරන ලෙස නිශාන්ත ද සොයියා විසින් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට පවරනු ලැබුවා.
ඒ අනුව කොළඹ දකුණ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලූෂන් සූරියබණ්ඩාරගේ උපදෙස් මත එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ප්‍රියන්තගේ ප්‍රධානත්වයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන ආරම්භ කළා.
අදාළ ජාවාරමට හසුවු ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකුගෙන්ම ලබාගත් ප්‍රකාශ අනුව අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා විසින් තමන් උසස් පොලිස් නිලධාරියෙක් බව පවසමින් අවස්ථා කිහිපයකදීම ඔවුන්ගෙන් කප්පම් ලබාගෙන ඇති බවයි.
බොරැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් ද එලෙස කප්පම් ලබාගැනීමට අදාළ සැකකරු උත්සහ ගෙන තිබු අතර, එම ව්‍යාපාරිකයාට දුරකථනයෙන් අමතා තිබුණා.
“මම තමයි අපරාධ කොට්ඨාසයේ එස්.පී. ප්‍රියන්ත. අර අන්ඩර් වර්ල්ඩ් එකේ කෙහෙල්බද්දර පද්මේ ගේ ඉන්ක්වයරි එක කරන්නේ. මට ඔයා ගැන ඕලුගලත් කිව්වා. අපි පද්මෙගෙ ටැලිෆෝන් ඩීටේල්ස් එකක් ගත්තම ඔයාගේ නොම්මරේත් ඒකේ තියෙනවා. ඔයත් එයාට කතා කරලා තියෙනවා. අපිට ඕන දැනගන්න ඔයා පද්මෙත් එක්ක තිබුණු සම්බන්ධය මොකක්ද කියලා.”
කප්පම් ලබාගැනීමේ අරමුණින් අදාළ සැකකරු තවත් ව්‍යාපාරිකයකුට ඇමතුමක් ලබාදී තැබුණා.
“මම සී.අයි.ඩී. එකේ ඩිරෙක්ටර් එස්.එස්.පී. ප්‍රියන්ත. මම තමයි සහරාන්ගේ කේස් එක කරන්නේ. අපි ඒ සම්බන්ධව ටැලිෆෝන් ඩීටේල්ස් චෙක් කරන කොට ඔයාත් එයත් එක්ක ටැලිෆෝන් ගනුදෙනු කරලා තියෙනවා.”
තමන් එවැනි පුද්ගලයෙකුට ඇමතුම් ලබාගෙන නොමැතියි ව්‍යාපාරිකයා එහිදී පවසා ඇත්තේ,
“නැත්තේ මොකද. මේ අපි ගාව බඩු තියෙන්නේ. ටෙලිෆෝන් ඩීටේල්ස්වලට බොරු කරන්න බැහැ.”
යනුවෙන් එහිදී අදාළ සැකකරු පවසා තිබෙනවා.
එලෙස ඇමතුම් ලබාදී ව්‍යාපාරිකයා බියවද්දන ඔහු සිද්ධිය යටපත් කිරීම සඳහා ව්‍යාපාරිකයාගෙන් මුදල් ද ඉල්ලා තිබුණා.
“හරි දැනට මට මෙහෙම දෙයක් කරන්න. මට තව වාර්තා ටිකක් ගන්න ඕන. ඔයාට පුළුවන්ද මට රුපියල් 32,500 ක් එකවුන්ට් එකට දාන්න…”
එහිදී බියට පත්වන ව්‍යාපාරිකයා ඔහු විසින් ලබාදෙන ගිණුම්වලට මුදල් බැරකර ඇති බව ද විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.
සැකකරු මෙලෙස දෛනිකව රුපියල් ලක්ෂ ගණනින් එක් එක් ව්‍යාපාරිකයින්ගෙන් මුදල් ලබාගෙන ඇති බවයි විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ.
තමන් පොලිස් ස්ථානයක සිටින බව හැඟවෙන පරිදි විවිධ හඬ පට ප්‍රචාරය කරමින් ඔහු විසින් ඇමතුම් ලබාගෙන ඇති අතර, එලෙස ලබාගත් ඇමතුමක හඬ පටයක් ද අප වෙත ලැබී තිබෙනවා.
“ආයුබෝවන්. 119 මම IP හේරත් කතා කරන්නේ. ඔයගොල්ලන්ගේ ලෑන්ඩ් ෆෝන් නම්බර් එක චෙක් කරගන්න 01124126….. නම්බර් එක හරිද ?
ඔව් හරි.
හරි මහත්මිය මේ නම්බර් එකට B341 යටතේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීම් සම්බන්ධයෙන් නියෝගයක් එවලා තියෙනවා.
මාවද ? මොකක්ද ? “
එලෙස ඇමතුම් ලබාදෙමින් ව්‍යාපාරිකයින් බිය ගන්වමින් ඔහු විසින් මෙම මුදල් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, විමර්ශනවලින් අනාවරණ වී ඇත්තේ ව්‍යාපාරිකයන් 100 දෙනකුට ආසන්න පිරිසකට මෙලෙස දුරකථන ඇමතුම් ලබාදී මුදල් ලබාගැනීමට උත්සාහ ගෙන ඇති බවයි.
ඉන් බොහෝ පිරිසක් මුදල් තැන්පත් කර ඇති අතර, සැකකරු විසින් එම මුදල් කාඩ්පත් හරහා ලබාගන්නා අයුරුද CCTV දර්ශනවල දැක්වෙනවා.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ පොලිසිය, උපාය දූතියක් ලෙස පොලිස් නිලධාරිනියක් යොදවා ඔහු සමඟ පෙම් සබඳතාවක්ද ගොඩනගාගෙන තිබුණා.
දින කිහිපයක් ඇය සමඟ ඔහු පෙමින් බැඳී තිබු අතර, හමුවීමට ද එකඟ වී තිබුණා.
කෙසේ වෙතත් ඇය සම්බන්ධයෙන් සැකකරුට සැක මතුව තිබෙනවා.
“ඔයත් පොලිසියේ නේද වැඩකරන්නේ. පොලිසිය මදි මාව තම්බන්න.”
එලෙස පැවසූ සැකකරු එම සම්බන්ධතාවය නතර කර තිබෙනවා.
කෙසේ වෙතත් උත්සහය අත් නොහළ විමර්ශන නිලධාරීන් විවිධ තාක්ෂණ ක්‍රමවේද උපයෝගි කරගනිමින් අදාළ සැකකරු බොරැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
කරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමා දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවයි.
‘අයිස් මත්ද්‍රව්‍ය’ සඳහා දිනකට රුපියල් හැටදහසක් (60,000) පමණ අවශ්‍ය වන බැවින් එම මුදල ව්‍යාපාරිකයින් බිය වද්දා ලබාගන්නා බවත්, දිනකට රුපියල් ලක්ෂයක (100,000) පමණ මුදලක් එලෙස ලබාගන්නා බවත් ඔහු පවසා තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි රත්මලාන ඇඟුලාන ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන අතර, ‘අඟුලානේ මල්ලි’ නමැති අනවර්ථ නාමයෙන්ද පෙනී සිට තිබෙනවා.
කොල්ලකෑම් සම්බන්ධයෙන් වරින් වර වසර 17 ක කාලයක් බන්ධනාගාරව ඇති අතර ඔහු බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ ද රඳවා සිටි අයෙක් බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු විසින් සිදුකළ මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කළා.
+
‘සජබ දූෂණ විරෝධී කමිටුවෙන්’ ගල් අඟුරු සිද්ධිය ගැන ‘අල්ලස් කොමිසම’ට පැමිණිල්ලක්
(26.02.2026 – hirunews.lk)
ආන්දෝලනයට තුඩු දී ඇති බාල බවට පැවසෙන ගල්අඟුරු ආනයනය හේතුවෙන් රටට විශාල පාඩුවක් සිදු වී ඇති බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී කමිටුව අද (26) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
එම අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, සුජිත් සංජය පෙරේරා සහ චමින්ද විජේසිරි එක්ව සිටි අතර, එහිදී ඔවුන් සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෙතරම් පැමිණිලි කළත් තවමත් නිසි සාධාරණයක් සිදුව නොමැති බවයි.
එමෙන්ම, ආණ්ඩුවේ දුර්වල පරිපාලනය නිසා සිදුවූ ගල් අඟුරු වංචාවේ පාඩුව, මෙරට විදුලි පාරිභෝගිකයන්ගෙන් අයකර ගැනීමට උත්සාහ කරන බවට පවසමින් ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ ක්‍රියාකාරිකයන් පිරිසක් ද අද මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර, පාරිසරික අධ්‍යයනයක් සිදුකරන තුරු ගල් අඟුරු දහනය අත්හිටුවිය යුතු බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළා.
ගල් අඟුරු ගැන පරීක්ෂණයක් ඉල්ලා මධ්‍යම පරිසර අධිකාරියට අද පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සදහන් කළා.
+++
+
2025 (අ.පො.ස) උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 06 වනදා සිට
(26.02.2026 – hirunews.lk)
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 06 වැනිදා සිට ආරම්භ කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඉංජිනේරු තාක්ෂණවේදය (විෂය අංක 65): 2026 මාර්තු 06 වනදා සිට 2026 මාර්තු 15 වනදා දක්වාත්, සෞන්දර්ය විෂයයන් (නර්තනය, සංගීතය, නාට්‍ය හා රංග කලාව): 2026 මාර්තු 09 වනදා සිට 2026 මාර්තු 16 වනදා දක්වාත් පැවැත්වෙනු ඇති.
එහිදී පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත තැපැල් මගින් යොමු කරන බවත්, පෞද්ගලික අයදුම්කරුවන් වෙනුවෙන් අයදුම්පතෙහි සඳහන් ලිපිනයට තැපැල් මගින් ප්‍රවේශ පත්‍ර යොමු කිරීමට කටයුතු යොදා ඇති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ෴
‘ස්පා’ නමින් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 3 ක කලමනාකරුවන්ට රු. එක්ලක්ෂ පනස්දහසක දඩ
(26.02.2026 – hirunews.lk)
බලපත්‍ර නොමැතිව ‘ස්පා’ ආයතන පවත්වාගෙන යාම මුවාවෙන් නීති විරෝධී ගණිකා නිවාස 3 ක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම ආයතනයන්හි කලමනාකරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස්දහසක (1,50,000) දඩ මුදලක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍ය අද (26) නියම කළා.
එසේ වටලා තිබු එක් ආයතනයකට රු. පනස්දහස (50,000) බැගින් දඩ මුදල් නියම කර තිබුණා.
තවද මෙම සිද්ධියට අදාලව ගණිකා වෘත්තියේ රැදවීමට සිටි සැකකාරියන් හත්දෙනා (7) රුපියල් සීයය (100) බැගින් වු දඩ මුදල් මත මුදා හරිනු ලැබුවා.
සිද්ධියට අදාල සැකකරුවන් පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිසිය සඳහන් කර සිටියේ, රාජගිරිය ප්‍රදේශය අවට මෙලෙස ‘ස්පා’ නමින් ගණිකා නිවාස තුනක් (3) පවත්වාගෙන ගොස් තිබූ බවයි ෴
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴