පල්ලෙවෙල විෂ මත්පැන් සිද්ධියේ හිමිකරු සහ සහයකයා රිමාන්ඩ් – සාම්පල රස පරීක්ෂකට
(05.08.2019 – 07:24 +0530 – hirunews.lk/sinhala) පුද්ගලයින් කිහිප දෙනෙකුට මරු කැඳවමින් පල්ලෙවෙල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය හිරු පුවත් අනාවරණයෙන් පසු පොලීසිය ඊයේ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහි තිබී නිෂ්පාදනය කරන ලද මත්පැන් සහ ඊට යොදාගත් උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඒවායේ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ද යොමු කර තිබෙනවා. …