SLIIT ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් නිර්දේශ‍යක්

SLIIT ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් නිර්දේශ‍යක්


SLIIT ආයතනය සම්බන්ධයෙන් කෝප් කමිටුවෙන් නිර්දේශ‍යක්

(14.07.2025 – 15:35 +0530 – sinhala.adaderana.lk)

මහපොළ අරමුදලට අයත් වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පුර්ණ පෞද්ගලික ආයතනයක් බවට පත් කිරීම අනීතිකව සිදුවී ඇති බව පැහැදිළි වන බවත් නැවත එය මහ පොළ අරමුදල මගින් පරිපාලිත ආයතනයක් බවට පත් කිරීමට නෛතික පියවර ගන්නා ලෙසත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) විසින් පසුගියදා නිර්දේශ කෙරිණි.

ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා ලෙස කෝප් සභාපති (වෛද්‍ය) නිශාන්තසමරවීර මහතා, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිර රාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ට නිර්දේශ කළේය.

2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය විමර්ශනය සඳහා ලලිත් ඇතුළත් මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදල පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වැනිදා කැඳ වූ අවස්ථාවේදී මෙම නිර්දේශ ලබා දී ඇත.

2015 වසරේදී අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ඇති කරගත් ගිවිසුමකට අනුව එවකට සිටි අමාත්‍යවරයාගේ අනුදැනුම මත එම වත්කම පවරාගත් ආකාරය නීති විරෝධි බව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

මේ සඳහා රු. මිලියන 408 ක මුදලක් SLIIT ආයතනය විසින් මහපොළ අරමුදලට ගෙවා ඇති බවත් අරමුදලටම අයත් ආයතනයක් විසින් අරමුදලට මෙම මුදල ගෙවා අයිතිය ලබා ගැනීම ගැටලු සහගත බවත් සාමාජික මන්ත්‍රීවරයෝ පෙන්වා දුන්හ.

මේ අනුව මෙහිදී වරදකරුවන්ට නිසි දඬුවම් ලබාදීම මගින් ඉදිරියට හෝ මෙවැනි අනීතික සහ වංචනික ක්‍රියාවන් නැවැත්විය යුතු බවත් කෝප් සභාපතිවරයා අවධාරණය කළේය.

COPE 09.07.25 Sinhala by poornima

+


ප්‍රශ්නගත බහාලුම් සිද්ධිය ගැන පොහොට්ටුවේ නීතිඥ සංගමයෙන් හෙළිදරව්වක්

(14.07.2025 – 17:19 +0530 – sinhala.adaderana.lk)

1805 දී ලංකා රේගුව ආරම්භ කළ දවසේ සිට මේ දක්වා රතු ලේබල් සහිත කන්ටේනර් ‍රේගුවෙන් නිදහස් කර නොමැති නමුත් වර්තමාන ආණ්ඩුව පත්වීමෙන් පසුව රතු ලේබල් කන්ටේනර් 309 ක් නිදහස් කර ඇති බව ‘ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ’ ලේකම් නීතිඥ අතුල ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර සිටියේය.

කන්ටේනර් ‍සඳහා රතු, කොළ, කහ ලේබල් පවතින බවත් කොළ සහ කහ සහිත කන්ටේනර් නිදහස් කිරීම ගැටලු සහගත නොවන බවත් එහිදී ඔහු සඳහන් කළේය.

නීතීඥවරයා පැවසුවේ කන්ටේනර් ගෙන්වනු ලබන පුද්ගලයා වංචාවලට හසුවීම, කන්ටේනර් එවනු ලැබූ පුද්ගලයා මත්ද්‍රව්‍ය හෝ අවි ජාවාරම් සහිත කෙනෙකු වීම, එවනු ලබන පුද්ගලයා වරාය හෝ රට ගැන සැකයක් පැවතීම ආදී කාරණා මුල් කර ගනිමින් මෙසේ කන්ටේනර් රතු ලේබල් කරන බවය.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ රතු ලේබල් සහිත කන්ටේනර් තුළ අවිආයුධ, කෘෂි කර්මාන්තය හා තේ කර්මාන්තය විනාශ කර දැමිය හැකි පලිබෝධනාශක මෙන්ම මත්ද්‍රව්‍ය ආදී රටට හානි කළ හැකි දේවල් පැවතිය හැකි බවය.

ඒ හේතුවෙන් මෙවැනි රතු ලේබල් කන්ටේනර් රේගුවෙන් නිදහස් නොකරන බවත් වර්ථමාන ආණ්ඩුව ඊට එහා යමින් රතු ලේබල් කන්ටේනර් 309 ක් නිදහස් කර ඇති බවත් එය ආණ්ඩුව පත් කළ කමිටුව විසින්ම එය හෙළි කර ඇති බවද ඔහු පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ අතුලද සිල්වා මහතා,

“ඒවා නිදහස් කිරීමේදී රේගුව තියන බලය ඉක්මවා ගිහිල්ලා, පත් කරපු කමිටුවට දීලා තියෙන බලය ඉක්මවා ගිහිල්ලා කරපු කාරණයක් විදිහට, පත් කරපු කමිටුව විසින් හඳුනාගෙන තියෙනවා.. එහෙම නම් මෙහෙම කරන්න මොන බලතලයක්ද තිබ්බේ? මේක කළාට පස්සේ ඇමතිවරයා මාධ්‍යයට ඇවිත් මේක නිවැරදි කියලා කිව්වා.. ලෝකෙ හැම වරායකම මෙහෙම වෙන්නේ කිව්වා.. මේක පිටිපස්සේ දේශපාලන බලපෑමක් තියෙනවා.. දේශපාලන අධිකාරිය සම්බන්ධයි.. මේක දූෂණක්.. මේක හෙළිදරව් කරන්න” ෴

+++

+++

+


ඉසුරුපාය ඉස්සරහා උණුසුම් වෙයි | ඉක්මන්ටම අපි ආයේ එනවා… හැබැයි මෙහෙම නෙවෙයි එන්නේ (14.07.2025)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *