වලස්මුල්ලේ ඉඩමක වලදැමූ මළ සිරුරේ අභිරහස මෙන්න
(17.07.2025 – hirunews.lk)
වලස්මුල්ල – වරාපිටිය, හාල්දොළ කන්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක පසුගිය මැයි 11 වැනිදා වළ දමා තිබූ මළ සිරුරක් වලස්මුල්ල අධිකරණයේ නියෝග මත අද (17) ගොඩ ගැනුණා.
ඒ මියගිය පුද්ගලයාගේ බිරිද පොලිසියට කළ පාපොච්චාරණයකට අනුවයි.
58 හැවිරිදි අදාළ පුද්ගලයා මැයි මස 11 වැනිදා සිට මාස 02 ට ආසන්න කාලයක් අතුරුදන්ව සිටියා.
නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු පොලිසියට පැමිණිල්ලක් කර නොතිබූ අතර, අතුරුදන්වූ පුද්ගලයාගේ සහෝදරියක් පසුගිය 08 වැනිදා පළමුවරට පොලිසියට පැමිණිල්ලක් ගොනු කර තිබුණා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ වලස්මුල්ල පොලිසිය, අතුරුදන් වූ පුද්ගලයාගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
එහිදී සැකකාරිය පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ පසුගිය මැයි මස 11 වැනිදා ඇය සහ සැමියා අතර ආරවුලක් ඇති වූ අතර එහිදී තමා විසින් ස්වාමිපුරුෂයාට පහර දුන් බවයි.
එහිදී ස්වාමිපුරුෂයා මියගිය බවත් අනතුරුව ඔහුගේ සිරුර සිය නිවස පිටුපස රහසිගතව වළ දැමීමට කටයුතු කළ බවත් බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
පසුව මියගිය පුද්ගලයාගේ බිරිඳට අමතරව ඇය සමග සමීප සබදතා පැවැත්වූ බවට සැකකෙරෙන තවත් අයෙකු ද පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
+
අල්ලස් කොමිසමට අලුත් හොරු අමතක වෙලා | ආන්දෝලනාත්මක කන්ටේනර් සිද්ධිය ගම්මන්පිල අලුත් තැනකින් පත්තු කරයි (17.07.2025)
+
සම්බාහනය බලෙන් ගන්න ගිය පොලිසියේ තුනකගේ (3) වැඩ තහනම්
(17.07.2025 – hirunews.lk)
සම්බාහන ආයතනයකට ගොස් එහි කළමනාකරු ඇතුළු පිරිසට අයුතු යෝජනා කරමින් එහි සේවය ලබා ගැනීමට උත්සාහ කළ පොලිස් නිලධාරීන් පිරිසක් පිළිබඳව වාර්තා වනවා.
ඒ අතර අශෝභන ලෙස හැසුරුණු බව කියන උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුගේ (3) වැඩ තහනම් කළ බවයි පොලිසිය පවසන්නේ.
මාතර, වල්ගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සම්බාහන ආයතනයක් ආශ්‍රිතවයි මේ සිදුවීම වාර්තා වී ඇත්තේ.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මාවරල, තිහගොඩ, සහ මාතර යන පොලිස් ස්ථානවලට අනුයුක්තව රාජකාරී කරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙක් (3).
ඊයේ (16) මොවුන් තිදෙනා (3) අදාළ සම්බාහන ආයතනයට ගොස් මෙම අයුතු යෝජනාව කළ බවයි පැවසෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයකින් පසුවයි මාතර සහකාර පොලිස් අධිකාරි (1) විසින් මෙම වැඩ තහනම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ ෴
‘හිරු CIA’ රටට අනාවරණය කළ නුවර වැව් රක්ෂිතයේ ඉදිකිරීම් ගැන මැති ඇමති සහ නිලධාරීන්ගේ ඇස යොමුවෙයි (17.07.2025)
+
“ජාඩියට මූඩිය වගේ මේ උද්දච්ච ඇමතිටම හරියනවා වී අලෙවි මණ්ඩලයේ සභාපති” (17.07.2025)
+
“භාතියගේ මරණය ස්වභාවික මරණයක් නොවෙයි” (17.07.2025)
+
මේ දවස්වල ඕසෙට හැදෙන රඹුටන්, දුරියන්, මැංගුස් උෂ්ණ ද? – කන්න කලින් අහලා ඉන්න (17.07.2025)
+
18% ක VAT බද්ද ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි – Social media වල Boost කරන ඒවාටත් මේ VAT (17.07.2025)
+
වනඅලි ප්‍රහාරයකින් විහාරස්ථානයට හානි
(17.07.2025 – hirunews.lk)
පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් අරලගංවිල ගල්එළිය ශ්‍රී සද්ධර්මාලෝක විහාරස්ථානයට පැමිණි වනඅලියෙකු විසින් නායක ස්වාමීන් වහන්සේ රැඳී සිටින ආවාසගෙයි ඉදිරිපස බිත්තිය කඩා විහාරස්ථානයට ලැබී තිබුණු වී මිටී දෙකක් පමණ ආහාරයට ගෙන තිබෙනවා.
වනඅලියා විහාරස්ථානයේ ආවාසගෙයි ඉදිරිපස බිත්තිය කඩා දැමීමේදී විහාරස්ථානයේ තිබුණු පිත්තල පහන් දෙකක්ද තව ගෘහ උපකරණ කීපයක්ද විනාශයට පත්ව ඇති බවයි විහාරාධිපති හිමියන් සඳහන් කරන්නේ.
තවද වලස්ගල රක්ෂිත කැලේ සිටින වනඅලීන් දිවා රාත්‍රී භේදයකින් තොරව ගම්මානවලට පැමිණ භවබෝග විනාශ කරමින් හිරිහැර කරන බව විහාරාධිපති හිමියන් පවසනවා.
වෙහෙරගල වනජීවී කාර්යාලයට පැමිණිලි කරත් ඔවුන් වනඅලි එළවීමට පැමිණෙන්නේ නැති බවයි විහාරාධිපති හිමියන් පෙන්වා දෙන්නේ.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ එම වනඅලියා මිනිස්සුන් පසුපස පන්නමින් මිනිසුන්ව පීඩාවට පත්කරන බවයි.
+
Bhante Olande Ananda on Mindfulness Beyond Ritual | Sati -The Art Of Mindfulness | Indeewari Amuwatte (17.07.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴