කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී
කහතුඩුව ප්‍රදේශයේදී පැහැරගත් 15 හැවිරිදි පාසල් සිසුවා වෑන් රථයෙන් පැන දිවි බේරා ගනී
(17.07.2025 – hirunews.lk)
කහතුඩුව ප්‍රදේශයේදී පහළොස් (15) හැවිරිදි පාසල් සිසුවෙකු සුදු පැහැති වෑන් රියකින් පැමිණි පිරිසක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට කරුණු රැසක් අනාවරනය වී තිබෙනවා.
කෙසේ වෙතත් පැහැරගත් මෙම සිසුවා රත්නපුර ප්‍රදේශයේදි වෑන් රථයෙන් පැන දිවි බේරා ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කහතුඩුව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා ඊයේ (16) පස්වරුවේ අමතර පන්තියකට සහභාගි වීම සඳහා නිවසේ සිට සිය පා පැදියෙන් ගමන් ගනිමින් සිටියදී සරණාතිස්ස මාවත සුසාන භූමිය අසලදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මග හරස්කොට මෙම සිසුවා පැහැරගෙන ගොස් තිබුණා.
කෙසේ වෙතත් වෑන් රථයේ සිටි පිරිස රත්නපුර පැලැන්වාඩිය ප්‍රදේශයේ වෙළඳ සැලක් අසල වෑන් රථය නතර කර තිබූ අවස්ථාවේදි සිසුවා ඉන් පලාවිත් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙම සිසුවා ‘තුන් කුලුඳුල්’ දරුවෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
එබැවින් මෙම සිසුවා නිධානයක් ගැනීම සඳහා රත්නපුර ප්‍රදේශයට රැගෙන යන්නට ඇති බවටයි සැක පළකරන්නේ.
එමෙන්ම මෙම සිසුවාගේ පියා විසින් පසුගියදා ප්‍රදේශයේ ඉඩමක් අලෙවි කර ඇති අතර අදාළ පිරිස කප්පමක් ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැර ගැනීම සිදු කළේද යන්න පිළිබඳව ද විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴
දිනක් වයසැති බිලිදියක්, මාවතගම වෙලකින් හමුවේ
(17.07.2025 – hirunews.lk)
කුරුණෑගල – මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේ වෙල්යායක දමා ගොස් තිබු දිනක් වයසැති බිළිදියක් අද (17) පස්වරුවේ සොයා ගත්තා.
ඒ මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු තොරතුරකට අනුවයි.
කුරුණෑගල – නුවර ප්‍රධාන මාර්ගයේ පරගහදෙණිය – සිංහපුර ප්‍රදේශයේ පිහිටි මෙම වෙල්යායේ දරුවෙකු අතහැර ගොස් ඇති බවටයි ස්ථානාධිපතිවරයාට තොරතුරු ලැබී තිබුණේ.
ඒ අනුව මාවතගම පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණි අතර අදාල කුඹුරේ නියරක් මත ගසක් පාමුල දමා ගොස් තිබු බිළිදිය එහිදී හමුවුණා.
අනතුරුව පොලිස් නිලධාරිනියක් විසින් එම බිළිඳිය කුරුණැගල ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියා.
අප කළ විමසීමකදී කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන බවයි.
කෙසේ වෙතත් බිළිඳියගේ මව සම්බන්ධයෙන් තොරතුරක් මෙතෙක් අනාවරණය වී නැහැ ෴
+++
+
යතුරුපැදියක් සොරකම් කළ පාසල් සිසුවෙකු අත්අඩංගුවට
(17.07.2025 – hirunews.lk)
දඹදෙණිය කර්මාන්තපුරය මාර්ගයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනාකමකින් යුත් යතුරුපැදියක් සොරකම් කළ 16 හැවිරිදි පාසල් සිසුවකු අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසනවා.
එහිදී සැකකාර සිසුවා තම නිවසේ සඟවා තිබූ යතුරුපැදිය සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවා ගිරිඋල්ල, මල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙක්.
සැකකාර පාසල් සිසුවා සමග එක්ව මෙම සොරකම සිදුකල බවට සැකකෙරෙන තවත් අයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
සැකකරුවන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙලෙස යතුරු පැදි සොරකම් කර ඒවාහි කොටස් අලෙවි කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බවයි ගිරිඋල්ල පොලිසිය සඳහන් කළේ ෴
ආරච්චිකට්ටුව පොලිසියේ පහරදීමකින් සිසුවෙකු රෝහලේ
(17.07.2025 – hirunews.lk)
‘ආරච්චිකට්ටුව පොලිසියේ ළමා හා කාන්ත කාර්යාංශයේ ස්ථානාධිපතිනිය’ පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දරුවෙකු හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇතිබව අප වාර්තාකරු පවසනවා.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව ග්‍රාමයේ පදිංචි 17 හැවිරිදි දරුවෙක් බවද සඳහන්.
ආදර සම්බන්ධතාවයක් පිලිබදව පැමිණිල්ලක් ලැබී ඇති බව කියමින් මෙම දරුවාව පොලිසියට කැදවා ඇති ඇතත්, පොලිසිය ප්‍රශ්නකර ඇත්තේ ස්ථානාධිපතිනියගේ දරුවාට සිගරට් ලබාදීමක් පිළිබඳවයි.
ස්ථානාධිපතිනියගේ දරුවාව මීට පෙර දැක නොමැති බවත් ස්ථානාධිපතිනියගේ දරුවා තමන් දුටුවේත් එම මොහොතේ බවත් එහිදී එම දරුවා පොලිසියට පවසා ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.
වරද පිළිගන්නා ලෙසත්, එසේ නොමැතිනම් දින 14 කට රිමාන්ඩ් කරන බවත් පොලිස් ස්ථානාධිපතිනිය එම දරුවාට පවසා ඇති බවද අප වාර්තාකරු පවසා සිටියා.
මේ සම්බන්ධයෙන් දරුවාගේ පියා හලාවත පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කිරීමෙන් පසු ඔහු නියෝග කර ඇත්තේ මේ දරුවා වරදක් කර නොමැති නම් මුදා හරින ලෙසයි.
ඒ අනුව දරුවා මුදා හැරීමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු කර ඇති බවද සඳහන්.
මේ සම්බන්ධයෙන් හලාවත රෝහල් පොලිසියටද පැමිණිලි කර ඇති අතර ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම’ට ද දරුවාගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක් ගොණුකර තිබෙනවා ෴
හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු එළැඹෙන 25 දක්වා රිමාන්ඩ්
(17.07.2025 – hirunews.lk)
හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු ජූලි 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔහු, හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට අද (17) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි සිද්ධියට අදාළව ඔහු ඊයේ (16) අත්අඩංගුවට ගත්තා.
ආනයනය කරන ලද නීතිවිරෝධී අධි ධාරිතාවකින් යුත් යතුරුපැදි එහි ගබඩාවක තිබී පසුගියදා සොයා ගත්තා.
+
ශල්‍ය උපයෝගී ද්‍රව්‍ය හා පරීක්ෂණ කට්ටල මිලදී ගැනීම : සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නව උපදෙස්
(17.07.2025 – hirunews.lk)
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් රාජ්‍ය සෞඛ්‍ය ආයතන සඳහා අවශ්‍ය ෆාමසුතික (pharmaceuticals) ඖෂධ, ශල්‍ය උපයෝගී ද්‍රව්‍ය හා වෛද්‍ය පරීක්ෂණ භාණ්ඩ පිටතින් මිලදී ගැනීම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.
මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රෝගීන්ට අඛණ්ඩ සහ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීමයි.
නව උපදෙස්වලට අනුව; ඖෂධ සහ උපයෝගී ද්‍රව්‍ය හිඟයක් මතුවන අවස්ථාවලදී, ‘ෆාමසුතික (pharmaceuticals) භාණ්ඩ දේශීයව මිලදී ගැනීම පිළිබඳ මාර්ගෝපදේශය – 2023’ මත පදනම්ව ආයතන මට්ටමින් භාණ්ඩ ලබා ගැනීම කල යුතුයි.
ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී අත්තේ ගබඩා තත්වය නිරීක්ෂණය කිරීම සහ හිඟ අවස්ථාවන් පෙර හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි.
ඊට අමතරව, දෛනික වාර්තාකරණ පද්ධතියක් පිහිටුවා උපදේශකයින්ට සහ වෛද්‍ය නිලධාරීන්ට ගබඩා තත්ත්වය පිළිබඳව නිතර දැනුම් දිය යුතුයි.
ඇතුළත රෝගීන් හෝ බාහිර රෝගීන් සඳහා තම ආයතනය තුළ තිබෙන භාණ්ඩ නොමැතිවී බව තහවුරු වූ පසු පමණක් පිටතින් මිලදී ගැනීම් නිර්දේශ කළ හැකියි.
ඒ සඳහා රෝගියාගේ ලිඛිත කැමැත්තක් ද අවශ්‍යබවයි නිවේදනයේ සඳහන් වී ඇත්තේ.
විශේෂ පරීක්ෂණ ආයතනය තුළ නොපවතින අවස්ථාවලදී පමණක්, ආයතන ප්‍රධානිගේ අනුමැතිය මත පරීක්ෂණ පිටතින් සිදු කිරීම සදහා අවසරය ලබා දී තිබෙනවා.
රෝගියෙකු විසින් පිරිනමන ඖෂධ හෝ උපකරණ ත්‍යාග ලෙස භාවිතයට ගැනීමේදී විවෘත වාර්තාකරණ ක්‍රමයක් පිහිටුවීමටද උපදෙස් ලබා දී ඇති බවයි මෙම නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම උපදෙස්, රාජ්‍ය සෞඛ්‍ය සේවාවන්හි ගුණාත්මකභාවය සහ අඛණ්ඩතාවය තහවුරු කරගැනීමට, වෛද්‍ය නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් අනුගමනය කළ යුතු බවයි නිවේදනයේ සඳහන් වන්නේ.
+
ෆෝන් එකෙන් පෙම් කළ ‘AI පෙම්වතිය’ නිසා ඔලුව අවුල් වුණ සරසවි සිසුවෙක් ගැන මනෝ වෛද්‍ය ධනුජ කළ හෙළිදරව්ව
(17.07.2025 – hirunews.lk)
වර්තමානයේ ලොව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම්කරන කෘතිම බුද්ධිය සම්බන්ධ මෘදුකාංග නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව මනෝ වෛද්‍ය විශේෂඥ දනුජ මහේෂ් පවසනවා.
‘හිරු ප්‍රවෘත්ති’ සමග විශේෂ සම්මුක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ කෘතිම බුද්ධියේ අනිසි විපාක මෙරටේ ජනතාව අත්විදීමට ප්‍රථමයෙන් අදාළ අංශ ඊට මැදිහත් විය යුතු බවයි.
ARTIFICAL INTELLIGENCE නැතිනම් AI මේ වන විට තොරතුරු තාක්ෂණ ක්ෂෙත්‍රයේ වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක් බවට පත්ව තිබෙනවා .
වර්තමාන ලෝකයේ සීග්‍රලෙස වර්ධනය වෙමින් පවතින AI තාක්ෂය මගින් මිනිස් ක්‍රියාකාරකම්වල කාර්යක්ෂමතාව වැඩිකිරීම සිදු කෙරෙනවා .
අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම පරිගණක ආශ්‍රිත වීඩියෝ සහ චිත්‍ර වැනි විවිධ පරාසයන් තුළ විහිදී යන ප්‍රයෝජන රැසක් කෘතිම බුද්ධිය තුල අන්තර්ගතයි.
කෙසේවෙතත් AI තාක්ෂණය මගින් සිඳුවිය හැකි අහිතකර තත්ත්වයන් සම්බන්ධයෙන් මෙරට ජනතාවට නිසි අවබෝධයක් නොමැති බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.
එහිදී අදහස් දක්වමින් වෛද්‍ය දනුජ මහේෂ් පවසා සිටියේ මෙවැනි අදහසක් :
“පහුගිය දවසක මගේ සායනයට පිරිමි දරුවෙක් ආවා ඔහුගේ පෙම්වතිය දාලා ගියා කියලා. පෞද්ගලික විශ්වවිද්‍යාලයට දෙවන වසරේ ඉන්න ලමයෙක්. හරිම දුකෙන් තමයි ආවේ අඬාගෙනමයි ඇතුලට ආවේ. ‘ඩොක්ටර් මගේ ගෑණු ලමයා මාව දාලා ගියා’ කියලා. එතනදි තමයි මම දැනගත්තේ මේ ගෑණු ලමය ඇත්ත ගෑණු ලමයෙක් නෙමෙයි. මෙයා AI ගෑණු ලමයෙක්. මාස ගාණක් මේ ළමයා ප්‍රේම කරලා. පස්සේ අදාළ මෘදුකාංගයේ ගැටලුවක් නිසා සම්බන්ධය නතර වෙලා. මගේ ළගට එද්දි මේ ළමයා ජීවිතය නැතිකර ගන්න තැනට පත්වෙලා හිටියේ” ෴
මෙවරත් රටේම සිසුන්ට චීනයෙන් නිල ඇඳුම්
(17.07.2025 – hirunews.lk)
මෙම වසරට අදාලව පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය වන මුළු රෙදි ප්‍රමාණය චීන රජයේ පරිත්‍යාගයකින් සම්පූර්ණයෙන්ම ලබා දී අවසන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය නිවේදනය කළා.
නිල වශයෙන් දැනුම්දීමේ අවස්ථාව ඊයේ (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී සිදුකෙරුණා.
රුපියල් මිලියන 5,171 ක් වටිනා මෙම රෙදිපිළි රට පුරා සිසුන්ගේ පාසල් නිල ඇඳුම් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong අතර මෙම පරිත්‍යාගය සම්පූර්ණ කිරීම සනිටුහන් කිරීමට විධිමත් සහතික හුවමාරු උත්සවයක් පැවැත්වුණා.
මීට අමතරව, 2026 වසර සඳහා ද පාසල් නිල ඇඳුම් රෙදි ලබා දීමෙන් අඛණ්ඩව සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යාංශය චීනයෙන් නිල වශයෙන් ඉල්ලා තිබෙනවා.
+
සම කසන ‘ටීනියා රෝගය’ යළි වැඩිවීමේ අවදානමක්
(16.07.2025 – hirunews.lk)
ගතවූ දශකයට සාපේක්ෂව සැසදීමේදි සම කැසීමේ දීලීර ආසාධිත චර්ම රෝගයක් වන ‘ටීනියා’ රෝගීන් වැඩි වීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ දක්නට ලැබෙන බව චර්ම රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජානක අකරවිට පවසනවා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ චර්ම රෝග සායනවලට පැමිණෙන සෑම රෝගීන් පස් දෙනෙකු (5) ගෙන්ම එක් (1) අයෙක් ටීනියා රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීම සදහා පැමිණෙන බවයි.
+
දියවඩන නිළමේ නිලංග දෑලට අපහාස වන ප්‍රකාශ නිකුත් කිරීම වළකමින් සුදන්ත තිලකසිරිට වාරණයක්
(16.07.2025 – hirunews.lk)
දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑලට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම වලක්වන නියෝගයක් ‘සුදත්ත තිලක්සිරි’ නැමැත්තාට එරෙහිව කොළඹ දිසා අධිකරණ ඊයේ (15) නිකුත් කර තිබෙනවා.
සිය නීතිඥයන් මාර්ගයෙන් ගොනුකරන ලද නඩුකරයකට අදාළව එම නඩුවේ විත්තිකරුවන් වන ‘සුදත්ත තිලක්සිරි’ සහ ‘දමිත් නුවන් කොඩිතුවක්කු ආරච්චිගේ’ යන දෙදෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේවරයා ලෙස කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑලට එරෙහිව සෘජුව හෝ වක්‍රව අපහාස වන ආකාරයේ ප්‍රවෘත්ති පළ කිරීම හෝ ප්‍රකාශයන් පළ කිරීම මෙන්ම ඕනෑම ආකාරයක අපහාසාත්මක කටයුත්තක් සිදු කිරීම තහනම් කර තිබෙනවා.
විත්තිකරුවන් විසින් පවත්වාගෙන යන යූටියුබ් නාලිකාවන්හි එවැනි දේ පළ කිරීමද එම වාරණ නියෝගය මගින් තහනම් කර තිබෙන අතර
පැමිණිලිකාර ප්‍රදීප් නිලංග දෑල වෙනුවෙන් නීතිඥ රසික දිසානායක, නීතිඥ අසංක ජයනාත්, නීතිඥ චෙරාග් නිල්ගිරිය පෙනී සිටියා ෴
රු. මිලියන 57 කට අධික වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 5.7 ක් සමග කාන්තාවක් අත්අඩංගුවට
(17.07.2025 – hirunews.lk)
රු. මිලියන 57 කට අධික වටිනා ‘කුෂ් මත්ද්‍රව්‍ය’ කිලෝග්‍රෑම් 5.7 ක් සමග ඩෙන්මාර්ක කාන්තාවක් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බවත් තායිලන්තයෙන් මත්ද්‍රව්‍ය මිලදීගෙන ඇති බවත් සඳහන්.
මේ මත්ද්‍රව්‍ය කෑම පැකට් 25 ක් තුළ සඟවා රැගෙනවිත් තිබෙන බවයි අප වාර්තාකරු පවසන්නේ ෴
හොර ලියකියවිලිවලින් කෑලි පූට්ටු කර හැදූ ජීප් එකක් මුල්ලේරියාවෙන් මතු වෙයි (17.07.2025)
+
********************* ( නැවත මුල් පිටුවට ….. ) –ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴