ජනාධිපති අපේක්ෂකයන් මගේ ළඟට එන්න ඕනේ නෑ – කාදිනල් හිමි

(31.07.2019 – 11:33 +0530 – sinhala.adaderana.lk)

පසුගිය පාස්තු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේ වාර්තා බාර නොදෙන්නේ නම් කිසිදු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු තමා හමුවට පැමිණිය යුතු නොවන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අද (31) පෙරවරුවේ කොළඹ අගරදගුරු නිල නිවසේදී කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළේය.

පළමුව කල යුතු දේ කර පසුව ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත්, අද වන විට මෙම ප්‍රහාරයේ බලපෑම සියලු දෙනාට අමතක වී ඇතැයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

මුළු රටම කම්පනයට පත් කරමින් සිදුවු පාස්කු ඉරිදා ප්‍රහාරයට අද වන විට මාස 3 ක කාලයක් ඉක්ම ගොස් ඇතැයි ද පැවසු කාදිනල් හිමියන්, ඒ තුළින් ආර්ථිකය කඩා වැටුණු බව ද සඳහන් කළේය.

තුවාල ලැබූවන්, පවුල්වල සාමාජිකයින් අහිමිවුවන් වෙත ගොස් තමා හැකි අයුරුන් ඔවුන්ව සනසාලන්නට කටයුතු කල බවද පැවසු කාදිනල් හිමිපාණන්, ඔවුන්ට අවශ්‍යව ඇත්තේ වන්දි නොව යුක්තිය ඉටු කිරීම බවද සඳහන් කළේය.

මෙම කුරීරු ත්‍රස්තවාදී ප්‍රහාරය සංවිධානය කළ, එයට අනුග්‍රහය දැක්වු හෝ බුද්ධි තොරතුරු හිතා මතා නොසලකා හරිමින් සිටි හෝ කුමන හෝ ආකාරයකින් මෙයට සම්බන්ධ වුවන්ට අද වන තෙක් කිසිදු දඬුවමක් ලැබී නොමැති බවත් ඔවුන් නිදැල්ලේ සිටින බවත් පැවසු කාදිනල් හිමියන්, ආණ්ඩු පක්ෂය පමණක් නොව විරුද්ධ පක්ෂය හා සෙසු සියලු පක්ෂ ප්‍රහාරය ගැන සම්පූර්ණයෙන් වගකිව යුතු බවද පැවසීය.

මෙවැනි අවස්ථාවක බලාපොරොත්තු වන්නේ එකි නෙකා ලකුණු දා ගැනීම නොව සියලු දෙනා සහෝදරයන් මෙන් එක්ව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීම බවද සඳහන් කර සිටි කාදිනල් හිමියන්, එහෙත් ශක්තිමත් බලපෑමක් විරුද්ධ පක්ෂයෙන් නොලැබුණු බවද කියා සිටියේය.

මේ වන තෙක් ප්‍රහාරයන් ගැන කිසිදු වාර්තාවක් ජනතාව අතට ගොස් නැතැයි පැවසු කාදිනල් හිමිපාණන්, අපරාධකරුවන්ට අපක්ෂපාතී පුද්ගලයින්ගෙන් සමන්විත කොමිෂන් සභාවක් මඟින් දඬුවම් කර නොමැති බවත්, පවතින කොමිෂන් සභාවේ අපක්ෂපාතී බවක් හෝ විනිවිඳභාවයක් දක්නට නොලැබෙන බව ද පැවසීය.

එවැනි පසුබිමක් තුළ ස්වාධීන කොමිෂන් සභාවක් ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට අත්‍යාවශ්‍ය බවත්, ‘‘අපිට ඕනේ මැතිවරණ නෙමෙයි, අපිට ඕනේ සත්‍යය’’ යනුවෙන් ද කාදිනල් හිමියන් කියා සිටියේය.

ආණ්ඩු පක්ෂය හා සියලු දෙනා මෙම සිදුවීමත් රතු පලස මත සඟවා දැමීමට කටයුතු නොකර සියලු දෙනාට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා සිටි උන්වහන්සේ, රතුපස්වල සිදුවීම් වාර්තා පවා ජනතාව අතට පත්ව නොමැති බවත්, එනිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති ධූර අපේක්ෂකයෙක් සියලු දෙනාට තමා ළඟට නොඑන ලෙසත් පැවසීය.

මුදල් ලබා දී ඇඟ බේරා ගැනීමට නොහැකි බවත් පැවසු උන්වහන්සේ, ජනාතවගේ හා රටේ උන්නතිය වෙනුවෙන් තාවකාලික ප්‍රයෝජන ගැන නොසිතා ජනතාව අනාගතයේ තීරණ ගනු ඇතැයි අපේක්ෂා කරන බවද කියා සිටියේය.

තමා කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන බවත්, ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් සැමදා කැප වෙන බවත් පැවසු කාදිනල් හිමිපාණන්, ඇතැම් මාධ්‍ය තුළින් තමාව දේශපාලන අතකොළුවක් බවට පත් කර ගැනීමට උත්සහ ගන්නා බවත් සඳහන් කළේය.

තමාට පක්ෂයක් නොමැති බවත්, තමාට ඇත්තේ ජනතා පක්ෂයක් බවත් කාදිනල් හිමියන් වැඩිදුරටත් පැවසීය.

+++++++++++++++++++++

***************************************

පාර්ලිමේන්තුවට රිංගලා ඉන්න රටට හතුරු හිගන්නා කවුද? (31.07.2019)
පැමිණිලිකරුවොයි වැරදිකාරයෝ විත්තිකාරයෝ නිදහස් !

+++++++++++++++++++++++++++++++++++

29.07.2019

***************************************

CID අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කරන්නැයි ඉල්ලා පැමිණිල්ලක්

(31.07.2019 – 20:49 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබෙන පැමිණිළි පිළිබඳ පරීක්ෂණ විනිවිදභාවයකින් සිදු නොවන බැවින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා තනතුරුවලින් ඉවත් කරන ලෙස ඉල්ලා පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ජාතික පොලිස් කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් භාරදුන්නා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ජාතික පොලිස් කොමිෂන් සභාවට පැමිණිල්ල භාර දීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වුවා.

***************************************

රජයේ රෝහල් රැසක අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ?

(31.07.2019 – 21:15 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රජයේ රෝහල්වල ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළුව අත්‍යාවශය ඖෂධ හිඟයක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය වැඩිදුරටත් සදහන් කරන්නේ මෙම ඖෂධ හිගය සම්බන්ධයෙන් අමාත්‍යවරයා ප්‍රමුඛ රජය ඉදිරි මාසයක කාලය තුළ නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේනම් දැඩි වෘත්තිමය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි.

දිවයින පුරා රෝහල්වල දැඩි ඖෂධ හිගයක් පවතින බවට එසේ අනාවරණය කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය නිල ෆේස්බුක් ගිණුමේ රෝහල් කිහිපයක හිගව පවතින ඖෂධ ලැයිස්තු පළකර තිබුනා.

ඒ අනුව මහරගම පිළිකා රෝහල ඇතුළුව මහියංගනය, මහනුවර, අම්පාර, නාවලපිටිය යන රෝහල්වල මේවනවිට ඖෂධ රැසක හිගයක් පවතිනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කල පරිදි අදාළ රෝහල් කිහිපයේ අධ්‍යක්ෂවරුන්ගෙන් ඖෂධ හිගය පිලිබදව විමසීම සදහා උත්සහ ගත්තත් ඔවුන් මාධ්‍ය වෙත අදහස් පලකිරීම ප්‍රතික්ෂේප කළා.

මෙම ඖෂධ හිගය සම්බන්දයෙන් වගකිවයුතු පාර්ශව කඩිනම් පියවරක් නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

***************************************

පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ මත ගැටුමක්

(31.07.2019 – 20:21 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාල සීමාවේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් ඔවුන් සමඟ ගැටළුකාරී තත්ත්වයක් පැවති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබදව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ දෙවන වරටත් සාක්ෂි ලබාදෙමින්.

මීට අමතරව අද දිනයේදී තේරීම් කාරක සභාව හමුවේ හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාද සාක්ෂි ලබාදුන්නා.

මේ අතර යුද හමුදාපතිවරයාගෙන් සාක්ෂි විමසන අවස්ථාවේදී කාරක සභාවේ සාමාජිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් අතර උණුසුම් සංවාදයක්ද හටගත්තා.

***************************************

ETI ගැටළුව කඩිනමින් විසඳීමට වැඩපිළිවෙලක් සකසන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපති දෙපාර්තමේන්තුවට නියෝගයක්

(31.07.2019 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ ගැටළුව කඩිනමින් විසඳීමට විධිමත් වැඩපිළිවෙලක් සකසන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවට අද නියෝග කළා.

ඒ ඊට අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා සහ එල්.ටී.බී. දෙහිදෙණිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

ඊ.ටී.අයි. සමාගමේ සහ ජීවක එදිරිසිංහ ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බැංකු ගිණුම් තහනම් කරන ලෙස ඉල්ලා, ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ අයිතීන් සුරැකීමේ ස්වාධීන සංගමය මීට අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණේ අදාළ දේපළ විකුණා තැන්පත්කරුවන්ට කඩිනම් සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක් සකසා දෙන ලෙසයි.

***************************************

ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ ළඟදීම

(31.07.2019 – 19:36 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකා පොදුජන ඒකාබද්ධ පෙරමුණ නමින් නව සන්ධානය එළිදැක්වීමට බලාපොරොත්තු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණ කළා.

ඊයේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹි අතර, එහි ලාංඡනය පොහොට්ටුව බවද ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙම මාධ්‍ය හමුවේදී අනාවරණ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පවතින සාකච්ඡා බිඳවැටී නොමැති බවයි එහිදී ඔහු තවදුරටත් සඳහන් කළේ.

***************************************

සහජීවනය හා සමගිය ගැන අස්ගිරි අනුනාහිමිගෙන් ප්‍රකාශයක්

(31.07.2019 – 19:27 +0530 – hirunews.lk/sinhala)

මහා සංඝරත්නය ඇතුලූ සර්ව ආගමික නායකයින් එක්ව සහජීවනය සහ සමගිය රටට කියාදුන් බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ප්‍රකාශ කළා.

කොළඹ – නෙළුම්පොකුණ රංග ශාලාවේ පැවති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුවට ඊයේ එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

ඉන් අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ දේශපාලන න්‍යාය පත්‍ර නොතකා ත්‍රස්තවාදය වැළැක්වීමට සියලුදෙනා කැපවිය යුතු බවයි.

මේ අතර ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමි ඇතුලු මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපතිවරයා මෙම මණ්ඩලයට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

+++++++++++++++++++++++++++++++++++

‘ලෝක මුස්ලිම් ලීගය’ අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරව්ව මෙන්න

(27.07.2019 – colombotoday.com)

The National Conference on Peace, Harmony and Coexistence, organised by the Western Province Governor’s office was held at the Nelum Pokuna Theatre yesterday (Jul 30).

President Maithripala Sirisena attended the event as the Chief Guest while Prime Minister Ranil Wickremesinghe graced the occassion as the Guest of Honour.

Dr Mohammad Bin Abdulkarim Alissa, Secretary General of the Muslim World League, attended the conference as a Special Guest.

The conference had been organized to promote interfaith values of peace, harmony and co-existence and to convey the message to the world that people of Sri Lanka live in harmony and reject all forms of extremism, the Governor’s office stated.

(31.07.2019 – sundaytimes.lk)

සෞදි ආරබියාව MWL (Muslim World League) හරහා යුරෝපය තුල ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන බව එක්සත් රාජධානි (UK) රජය විසින් එරටට අන්තවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලැබෙන ආකාරය සොයා බැලීම සඳහා පත්කළ කොමිෂන් සභා වාර්තාවක් 2017 ජූලි මස එලි දක්වමින් සඳහන් කර ඇත.

2006 වසරේ සිට 2010 වසර දක්වා සෞදියේ එක්සත් රාජධානි තානාපතිවරයා ලෙස කටයුතු කල ‘සර්. විලියම් පාටි’ (Sir William Patey) විසින් මූලිකත්වය ගෙන වාර්තාව සකසා ඇති අතර එහි සංෂිප්ත වාර්තාවක් පමණක් ආරක්ෂක හේතුන් මත ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම වාර්තාව මගින් පැහැදිලි ලෙසම සෞදි අරාබියාව ගෙන යන දෙබිඩි පිළිවෙත හෙළිකර ඇත.

කිසිදු අවස්ථාවක සෞදි ආරබියානු රජය ත්‍රස්තවාදී කණ්ඩායම් වෙත සෘජු ලෙස මුදල් සපයන්නේ නැති බවත් අන්තවාදී මතවාද (ideology) ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් මුදල් ලබා දෙන බවත් එම වාර්තාව මගින් ‘සර්. විලියම් පාටි’ පෙන්වා දී ඇත.

ඒ මගින් සෘජු ලෙස ත්‍රස්තවාදයට මුදල් නොයොදා සාමාන්‍ය ඉස්ලාම් භක්තිකයෙක් ත්‍රස්තවාදියෙක් දක්වා ගමන්කරවන මාර්ග සැකසීම සඳහා මුදල් පොම්ප කිරීමට සෞදි රජය ක්‍රියා කරන බවට අවධාරණය කර ඇත.

Muslim World League සහ world association of muslim youth යන සංවිධාන දෙක හරහා එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවල් සඳහා මුස්ලිම් පල්ලි වෙත වහබ්වාදය සහ සලෆිවාදය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මුදල් ලබා දෙන බව කොමිෂන් සභා වාර්තාව මගින් හෙළි කර ඇත.

***************************************

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලය පත් කෙරේ

(31.07.2019 – 17:04 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද සිදු කෙරුණා.

මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි ඇතුලූ මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් 43 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජනාධිපතිවරයා මෙම මණ්ඩලයට පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

ත්‍රිපිටක සංරක්ෂණ මණ්ඩලයේ අනුමැතියෙන් තොරව ඉදිරියේදී ත්‍රිපිටකය නැවත මුද්‍රණය හෝ සංස්කරණය සම්පූර්ණයෙන්ම තහනම් වනවා ෴

***************************************

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් ග්‍රාම නිලධාරීන් ඉවත්වේ

(31.07.2019 – 16:01 +0530 – hirunews.lk/sinhala)

වැටුප් විෂමතා ඇතුලූ ඉල්ලීම් 13 ක් මුල් කරගනිමින් හෙට සිට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවා කටයුතුවලින් ඉවත්වීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතවීමට ග්‍රාම නිලධාරී වෘත්තිය සංගම් එකමුතුව තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය දැඩි කරන බවයි ෴

***************************************

මේක ඡන්ද වලට සහ බලයට යටත් වු පරගැති ආණ්ඩුවක් – පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි

(31.07.2019 – 21:44 +0530 – sinhala.adaderana.lk)

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා වංචාකරමින් සිටින බවත් ඔහු සතු ගිණුම් වල මුදල් ඕනෑ තරම් තිබේන බවත් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසයි.

අද (31) පස්වරුවේ මාවනැල්ල අලූත්නුවර දැඩ්මුණ්ඩ දේවාලය වැද පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍යවේදින්ට අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

උන් වහන්සේ මෙන්ම පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ නායකත්වයෙන් යුතුව තවත් භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් මෙන්ම කලාකරුවන් විද්වතුන්ගේ එකමුතුවෙන් සකස් කර ගෙන ඇති ‘රට රකින ජන හඬ’ ලෙස නම් කර ඇති සංවිධානය මගින් රථ පෙරහැරක් කොළඹ සිට අලූත්නුවර දැඩ්මුණ්ඩ දේවාලය වැද පුදා ගෙන වර්තමානයේ රට පත්ව ඇති අර්බුදකාරි තත්වයෙන් රට බේරා දෙන ලෙස දෙවියන්ට පූජාවක් සිදු කරන ලදි.

එම පූජාවෙන් පසුව මාධ්‍යවේදින් හමුවේ අදහස් දැක්වු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි :

“හිස්බුල්ලා ඇතුලු මේ පුද්ගලයෝ දිගින් දිගටම කරන්නේ රටට විනයක් අපි මුල හිදන් කිවා සහරාන් ප්‍රහාර එල්ල කරාට පස්සේ මේ රටේ සහරාන්ට වග කිව යුතු මුලිකයෝ කිප දෙනෙක් ඉන්නවා කියලා.

හිස්බුල්ලා කියලා කියන්නේ එකේ ‘ගොඩ් ෆාදර්ලා’ හැටියට තමයි අපි දකින්නේ එගොල්ලන්ට සල්ලි ආවේ සෞදි ආරාබියේ එක්තරා තහනම් සංවිධානයකින්.

තහනම් සංවිධානයකින් කොහොමද ලංකාවට සල්ලි ගෙන්නේ අනික් එක තමයි මහ බැංකුවේ තියෙනවා පිට රටකින් සල්ලි එනකොට එය ලැබිය යුත්තේ ද මහ බැංකුව හරහායි.

නමුත් එවාට විරුද්ධව යමින් තමයි මේවා සිදු වන්නේ. ඒ නිසා හිස්බුල්ලා කියලා කියන්නේ සියල්ල වහමින් පවතින පුද්ගලයෙක් ඔහුගේ දරුවෝ දෙන්නා තමයි මේ විශ්ව විද්‍යාලයේ කොටස් බාරව ඉන්නේ.

එක නිසා අපි කියන්නේ කරුණාකරලා හිස්බුල්ලා අත්ඩංගුවට ගන්න අත්ඩංගුවට අරන් ඔහුගේ දුරකථනයත් අත්ඩංගුවට අරන් ඒ පිළිබඳ විමර්ශනයක් කරන්න. එතකොට ඔප්පු වෙයි සහරාන් එක්ක හිටියාද?

ආණ්ඩුව එක්ක හිටියාද නැතිනම් වෙන කාත් එක්කද සම්බන්ධතා තිබුනේ කියන එක පැහැදිලිව දැන ගැනිමට හැකි වෙයි. එහෙම කරානම්.

හැබැයි මේ ආණ්ඩුව එහෙම කරන්නේ නැහැ එකට හේතුව තමයි ඔවුන්ගේ ජන්ද වලට සහ බලයට යටත් වෙච්ච පරගැති ආණ්ඩුවක් තියෙන්නේ.

මේ ආණ්ඩුව තියෙනතාක් කල් මේක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අලූතෙන් ආණ්ඩුවක් ආවොත් අපි ඒ ආණ්ඩුවට දෙන පළමු ඉල්ලිම වන්නේ හිස්බුල්ලා සහ රිෂාඩ් බදුල්දීන්, ෂාපිලා වාගේ අය සාපයක් හැටියට මේ රටට කරපු විනාශයට එරෙහිව පැමිණිලි තමයි ඉස්සරලාම ගන්න කියලා කියන්නේ .

නිතීය ඉදිරියට ඒවා ක්‍රියාත්මක වෙනවාද කියලාත් බලනවා. අපි කියන්නේ එක රටක් එක නිතීයක් තියෙන්න ඕනෑ.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *