අපි ඉල්ලන්නේ කොහෙවත් නැති අක්කර 72 ක් නොවේ..අගමැති මහින්දට මුහුදු මහා විහාරයේ විරෝධය

(11.07.2020 – colombotoday.com) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වීරකැටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මුහුදු මහා විහාරාධිපති හිමියන් විසින් කොහේවත් නැති අක්කර 72 ක් ඉල්ලන බවට කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් මුහුදු මහා විහාරාධිපති ඉන්ද්‍රසිරි හිමියන් colombo today වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දී කියා සිටියේ, “මා කොහේවත් නැති අක්කර 72 ක් නොවේ ඉල්ලුවේ.. සෙනරත් පරණවිතාන මහතා විසින් …

අඟුලාන සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුගේ (3) වැඩ තහනම්

(12.07.2020 – 11:17 +0530 – hirunews.lk/sinhala) මොරටුව – ලූනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධියට සම්බන්ධ අඟුලාන පොලිස් නිලධාරින් 3 දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ නියෝග මත ගල්කිස්ස කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් අනතුරුවයි. මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ අගුලාන පොලීසියට අනුයුක්තව සේවය …

පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියේ තවත් ටී-56 අවි දෙකක් (2) සොයා ගැනේ

(11.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala) හෝමාගම – පිටිපන පාතාල අවි ගබඩා සිද්ධියට අදාළව තවත් ගිනි ටී-56 අවි දෙකක් (2) පිටිපන උතුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ නිවසක තිබී සොයා ගෙන තිබෙනවා. එහිදී ඊට අදාළ සැකකාර කොස්තාපල් රියදුරාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. හෝමාගම – පිටිපන ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල පසුගිය …

මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

(11.07.2020 – 06:39 +0530 – hirunews.lk/sinhala) මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබෙනවා. ඊයේ (10) රාත්‍රී 12:25 ට පමණ රාත්‍රී ජංගම පොලිස් මුර සංචාරයේ නිරතවූ අඟුලාන පොලීසියේ නිලධාරීන් තුන්දෙනෙකු (3) විසින් හදිසි මාර්ග බාධකයක් යොදවා ත්‍රිරෝද රථ දෙකක් (2) පරීක්ෂා කිරීමේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පොලිස් …

අසාද් සාලිගේ බාධාවක් ගැන ජනපති කොමිසමේදී හෙළිවෙයි

(10.07.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala) මද්‍රසා පාසල් වල ඉගැන්වීම කටයුතු සදහා මෙරටට පැමිනෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රියාත්මක කිරීමට ගිය වැඩපිළිවෙළට එවකට බස්නාහිර පලාත් ආණ්ඩුකාරවරයාව සිටි අසාද් සාලි බාධා එල්ල කළ බව පාස්කු ප්‍රහාරය විමසන ජනාධිපති කොමිසමේදී අනාවරණ වුනා. ඒ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික …

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි

(10.07.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala) = කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිවාඩු ගිය උපදේශකයන් 08 ක් යළි කැඳවයි – ආසාදිත උපදේශකවරියගේ මව, පියා ඇතුළු පවුල් 07 ක් ස්වයං නිරෝධායනයට = නාත්තන්ඩිය – කොට්රාමුල්ල ප්‍රදේශයෙන් හඳුනාගත් කොරෝනා ආසාදිත 27 හැවිරිදි තරුණියගේ මව, පියා ඇතුළු ආශ්‍රිත පවුල් 10 ක පිරිස් ස්වයං නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා. අදාළ තරුණිය මත්ද්‍රව්‍යවලට …

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ 57 කට කොරෝනා – උපදේශිකාවක් පොදු ප්‍රවාහන සේවාත් භාවිත කර ඇතැයි හෙළිවේ

(09.07.2020 – 15:30 +0530 – hirunews.lk/sinhala) කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450 කට ආසන්න පිරිසකට සිදුකල පී.සී.ආර්. පරීක්ෂාවන්වලදී ඉන් 56 දෙනෙකුටම කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. එසේම, අද (09) උදෑසන නාත්තන්ඩිය – කොට්ටාරමුල්ල ප්‍රදේශයෙන් ද කොරෝනා ආසාදිත කාන්තාවක් හඳුනා ගෙන ඇති අතර, එම කාන්තාව ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් …

පූජිත සහ හේමසිරි යලිත් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

(09.07.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala) පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (09) පෙරවරු 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඔහු මේ වනවිටත් එම දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශය ලබා දෙමින් සිටින බවයි එහි සිටින පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ. එමෙන්ම …

කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි

(09.07.2020 – 11:03 +0530 – hirunews.lk/sinhala) කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජ නාශක සැකසූ ආයතනයක් වටලයි. මාළඹේ – තලාහේන ප්‍රදේශයේදී කල් ඉකුත් වූ රසායනික දියර භාවිත කරමින් විෂබීජනාශක දියර නිෂ්පාදනය කළ ආයතනයක් පාරිභෝගික සේවා අධිකාරිය වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වෙළඳපොලේ විකිණීමට ඇති දෑත් පිරිසිදු කිරීමේ ක්‍රීම් වර්ගයකට වර්ණ සංයෝජන යොදා ගෙන මෙම …

ජනපති කොමිසමේදී ETI තැන්පත් කරුවන් සාක්ෂි ලබා දෙයි

(08.07.2020 – 14:18 +0530 – hirunews.lk/sinhala) ඊ.ටී.අයි. ආයතනයේ දිවයින පුරා පිහිටි ශාඛා බොහොමයක නිලධාරීන් ගනුදෙනුකරුවන් නොමග යවා ඇති බව ගනුදෙනුකරුවන් ප්‍රකාශ කරනවා. මේ බව හෙළිවුණේ ETI සමාගමේ සිදු වූ බව කියන අක්‍රමිකතා සහ අයථා ක්‍රියාකලාපයන් පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සාක්ෂි විමසීමේදීයි. ගත වූ දින දෙක තුළදීම කොමිසම හමුවේ සාක්ෂි ලබා …