රටට නොගැලපෙන කිසිදු විදේශීය ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ නොදෙන බව ජනපති කියයි

(06.07.2019 – 17:18 +0530 – hirunews.lk/sinhala) රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීත්වයට අභියෝගයක් වන මෙන්ම රටට නොගැලපෙන කිසිදු ආකාරයේ විදේශීය ගිවිසුමකට කිසිදු බලවතෙකු සමඟ අත්සන් තැබීමට තම නිල කාලය ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ, බිබිල මහජන ක්‍රීඩාංගනයේ අද පැවති රට වෙනුවෙන් එකට සිටිමු – මොණරාගල දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන සහ සමාප්ති වැඩසටහනට …

වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළිය : ත්‍රස්තවාදය ගොඩනැඟුණේ රාජ්‍ය අනුග්‍රහයෙන් – විමල් වීරවංශ

(05.07.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk) රට තුළ ඇති ත්‍රස්තවාදය රාජ්‍ය අනුග්‍රහය යටතේ ගොඩනැඟු ත්‍රස්තවාදක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. වහාබ්වාදී අන්තවාදයට එරෙහිව ජනරැළියක් ඊයේ (04) නුගේගොඩදී පැවැති ජන හමුවට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. සහාරන් හෂිම් එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවට පාර්ලිමේන්තු කාරක සභා වෙත පැමණි …

මරණීය දණ්ඩනය තාවකාලිකව අත්හිටුවයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

(05.07.2019 – 14:02 +0530 – sinhala.adaderana.lk) මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන ඔක්තෝබර් මස 30 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර ලැබුවේය. බුවනෙක අලුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝග නිකුත් කළේය. මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා …

අක්මීමනදී දෙදරු පියාට වෙඩි තැබූ හමුදා සෙබලා පොලිස් භාරයට

(04.07.2019 – 14:00 +0530 – hirunews.lk/sinhala) අක්මීමන – මානවිල උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුලුවීමට උත්සහ කළ දෙදරු පියෙකුට වෙඩි තැබූ එහි ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළා පොලිස් භාරයට ගෙන තිබෙනවා. අද දහවල් තම පුත්‍රයා රැගෙන යාමට බව පවසා මොහු පාසලට බලහත්කාරයෙන් ඇතුලුවූ අවස්ථාවේදී අදාළ පුද්ගලයා සහ හමුදා සෙබළා අතර බහින්බස්වීමක් සිදුව ඇති බවයි පොලීසිය සඳහන් …

වැඩ බලන පොලිස්පතිට මහින්දානන්දගෙන් අනතුරු ඇඟවීමක්

(03.07.2019 – 20:47 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට ව්‍යාජ වාර්තා ලබා දී රිෂාඩ් බදියුදීන් මහතා චෝදනා වලින් නිදහස් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඉදිරියේදී වැඩබලන පොලිස්පතිවරයාට ද එහි ප්‍රතිඵල විඳීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. අද (03) පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව …

ෂාෆිවාදීන්ගේ වසන්තය අවසන්.. ෂාෆිගේ සියළු කෙරුවාව හෙලිවෙයි.. කුරුණෑගල රෝහල් විමර්ශන වාර්තාව මෙන්න…

(04.07.2019 – 00:02 +0530 – lankacnews.com) මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා පිලිබඳ කුරුණෑගල රෝහල සිදුකළ පරීක්ෂණයේ වාර්තාව මේ වන විට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත. එම වාර්තාවට අනුව ෂාෆි වෛද්‍යවරයා සිතා මතාම සිංහල මව්වරුන්ට අගතියක් වන ආකාරයට කටයුතු කර ඇති බව හෙළි වී ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය සාකච්චාවක දී කරුණු අනාවරණය කළ මහාචාර්ය …

අන්තවාදයේ ගොඳුරක් වූ ෆාතිමා

(02.07.2019 – 19:23 +0530 – sinhala.adaderana.lk) ඉස්ලාම් අන්තවාදයෙන් පීඩාවට පත්වූ මුස්ලිම් කාන්තාවක් අද (02) පැවති බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවේදී අනුවේදනීය හෙළිදරව්වක් සිදු කළේය. අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක නොවූ බවටද මෙහිදී පොලිසියට චෝදනා එල්ල කෙරුණි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග අබ්දුල් හසන් ෆාතිමා නම් කාන්තාවක්ද අද මාධ්‍ය හමුවට සහභාගී …

මව් සෙනෙහස අහිමි දැරියන් දෙදෙනෙකුට මවක් වූ මව් සෙනෙහස අහිමි ඇය

(02.07.2019 – 13:34 +0530 – sinhala.adaderana.lk) දිළිදුකම තුරන් කිරීම රජයේ අපේක්ෂාව වූවත් අද වන විටත් කුසට අහරක් , පිපාසයට ජල බිඳක් නොමැති අසරණ පිරිස් මෙරට තුළ නැතිවාම නොවෙයි. එවැනි පුවතක් අද දෙරණට වාර්තා වුණේ මහියංගනය ප්‍රදේශයේය. මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කුකුලාපොළ ගිනිහිටියාවෙළ ප්‍රදේශයේ ජීවත් වෙන මිහිරි ප්‍රසාදනී කුකුලාපොළ කනිෂ්ඨ විද්‍යාලයෙන් මෙවර සාමන්‍ය පෙළ විභාගයට …

අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දරත් රෝහල් ගත වෙයි

(02.07.2019 – 10:44 +0530 – hirunews.lk/sinhala) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබූ අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද රෝහල් ගත වී තිබෙනවා. ඔහු අද උදෑසන නාරාහේන්පිට පොලිස් රෝහලට මෙලෙස ඇතුළත් වී ඇති අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට පරීක්ෂා කරමින් සිටින බවයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවත්ති අංශයට සඳහන් කළේ. අනිවාර්ය නිවාඩු …

මඩකලපු ෂරියා විශ්වවිද්‍යාලය ගැන තොරතුරු භාරදෙන්න රතන හිමි FCIDයට වැඩමකරයි

(01.07.2019 – 13:37 +0530 – sinhala.adaderana.lk) මඩකලපුව පෞද්ගලික විශ්විවිද්‍යාල සම්බන්ධයෙන් තමන් රැස්කර ගත් තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (01) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත වැඩම කළේය. මෙම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් විවිධ ආයතනවලින් ලබා ගත් තොරතුරු මෙලෙස අපරාධ කොට්ඨාසය වෙත බාර දී ඇති අතර, හිටපු …