Monthly archives: ජූලි, 2020

පොලීසිය දැනුවත් කර තිබියදීත්, දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභාව ඩෝසර් කෙරේ – විමර්ශනයට කමිටුවක්

(17.07.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala) පළමුවරට කුරුණෑගල රාජධානිය කර ගත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජසභා මණ්ඩපය ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කරන බව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. එම රාජ සභාවේ කොටසක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට පසුගිය 6 …

නාලක සිල්වා දෙවන දිනටත් පාස්කු කොමිසමේ සාක්ෂි දෙයි

(17.07.2020 – 08:33 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තුවක් ලබා ගත්තද ඒ පිලිබදව දිවයිනේ සෙසු පොලිස් ස්ථාන දැනුවත් නොකළ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය භාරව සිට වැඩ තහනමට ලක්වු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඊයේ (16) පිළිගත්තා. ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ …

අඟුලානේ පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වය පාලනය කරයි – ආරක්ෂාවට එස්.ටී.එෆ් කැඳවයි

(16.07.2020 – 15:53 +0530 – hirunews.lk/sinhala) අගුලාන පොලීසිය ඉදිරිපිට ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳ හා මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා. පසුගියදා මොරටුව – ලුනාව පාලම අසළදී පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16) පස්වරුවේ පොලීසිය දෙසට ගල් මුල් …

කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් ගැන අලුත්ම තත්වය මෙන්න

(16.07.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala) කන්දකාඩු පොකුරෙන් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 533 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 2674 ක්. ඊයේ (15) දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 9 දෙනෙකු හඳුනාගනු ලැබුවා. ඉන් එක් අයෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වන කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා …

පළාගිය බවට සැක සහරාන් කල්ලියේ සාමාජිකාව සාරා ගැන අලුත්ම කතාව මෙන්න

(15.07.2020 – 21:24 +0530 – hirunews.lk/sinhala) පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක සිදුවු බෝම්බ පිපිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පුද්ගලයෙකු තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතයි. සයින්දමරුදු ප්‍රහාරය අතරතුර එම ස්ථානයෙන් පළාගිය බවට සැකකෙරෙන සහරාන් කල්ලියේ සාමාජිකාවක පිළිදව ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතයි. පසුගිය වසරේ පාස්කු දින කතෝලික, ක්‍රිස්තියානි …

පෙබරවාරි විදුලි බිලේ අගයම මාර්තු, අප්‍රේල් සහ මැයි මාසවලටත්

= විදුලි බිලට ලැබෙන සහනය මෙන්න = (15.07.2020 – 15:53 +0530 – sinhala.adaderana.lk) 2020 මාර්තු, අප්‍රියේල් සහ මැයි මාසවල විදුලි බිල්පත සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ එල්ල වූ චෝදනා හා පැමිණිලි සම්බන්ධව අවධානය යොමු කරමින් ඒ සඳහා මහජනතාවට සහනයක් ලබාදීමට රජය තීරණය කළ බව විදුලිබල බලශක්ති අමාත්‍යාංශය පවසයි. විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ විදුලි …

ස්වයං නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට සවස හතරන් (4) පසු අවස්ථාව

(15.07.2020 – 07:08 +0530 – hirunews.lk/sinhala) නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක්වන සිටින පිරිස් වෙත, ඡන්දය පවත්වන දින පස්වරු 04:00 සිට 05:00 දක්වා කාලය තුල සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය සඳහා ඊයේ (14) දිනයේ එක්වූ අවස්ථාවේ මාධ්‍යවේදීන් නැඟූ ගැටළුවලට …

තවත් කොරෝනා ආසාදිතයෙක් කලවානෙන් හමුවේ.. වෙළදසැල් වසා දමයි

(14.07.2020 – colombotoday.com) රත්නපුර කලවාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු වූ වාර්තා වූ බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා සඳහන් කරයි. මේ හේතුවෙන් කලවාන ප‍්‍රදේහයේ වෙළඳසැල් වසා දැමීමට එහි වෙළෙඳ සංගමය තීරණය කර ඇත. එමෙන්ම රත්නපුර දිස්ත්‍රීක්කයේ කුරුවිට, ඇහැලියගොඩ සහ රත්නපුර ප්‍රදේශවලින්ද කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇත. මෙම සිවු දෙනාම (4) කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය හා …

අපි කියන විදිහට වැඩ කරන්න නැත්තං පෙන්ෂන් එකත් නැතුවයි ගෙදර යන්න වෙන්නෙ – FCID නිලධාරීන් කිව්වා

(13.07.2020 – 20:06 +0530 – sinhala.adaderana.lk) දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (13) දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන කොමිසම හමුවට කැඳවා තිබුණි. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.රණවක මහතා දේශපාලන කොමිසම හමුවේ කියා සිටියේ 2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත්වූ පසුව තමන් අවස්ථා 4 කදී මුල්‍ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (FCID) හමුවේ පෙනී සිටි බවය. දිවිනැගුම …

නාකොටික් ජාවාරම ගැන සිවිල් වැසියන් 4 දෙනෙකුගෙන්, අධිකරණයට රහස් ප්‍රකාශ – කංජිපානි ඉම්රාන් මාරුවක් ඉල්ලයි

(13.07.2020 – 21:29 +0530 – hirunews.lk/sinhala) මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු අනාවරණ කිරීමට අවසර අවසර පතා සිටින සිවිල් පුරවැසියන් 4 දෙනෙකුගෙන් රහස් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හෙට (14) පෙරවරුවේ සිය නිළ මැදිරියට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් …