පාතාළයට තර්ජනය කල ටිරාන් නෙරපනු.. නැතොත් ජාත්‍යන්තරයට.. – විශ්මලන්ත නීතිකරුවන්ගේ සංගමය

පාතාළයට තර්ජනය කල ටිරාන් නෙරපනු.. නැතොත් ජාත්‍යන්තරයට.. – විශ්මලන්ත නීතිකරුවන්ගේ සංගමය


පාතාළයට තර්ජනය කල ටිරාන් නෙරපනු.. නැතොත් ජාත්‍යන්තරයට.. – විශ්මලන්ත නීතිකරුවන්ගේ සංගමය

(29.04.2024 – lankacnews.com ඇසුරෙන්)

මහජන ආරක්‍ෂක ඇමති ධුරයෙන් ටිරාන් අලස් ඉල්ලා අස් නොවන්නේ නම් ඔහු ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවට ‘විශ්මලන්ත නීතිකරුවන්ගේ සංගමය’ විසින් සම්මත කර තිබේ.

ඇමැතිවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ නම් දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව නීතිකරුවන්ගේ සංගමය යෝජනාවක් සම්මතකර ගෙන ඇත.

මේ යෝජනාව සම්මත කරගෙන ඇත්තේ ‘මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මිනීමරු පාතාල සමාජිකයින් තුරන් කර දැමුවාට පවක් නැතැයි’ පසුගිය සතියේ ටිරාන් අලස් විසින් පැවසීමත් සමගයි.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මේ වන විට විදේශගතව සිටින අතර ඉහත යෝජනාව සම්බන්ධයෙන් කල විමසීමකදී ඇමතිගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ මහජන ආරක්ෂක ඇමති සහ ඇතැම් නීතිකරුවන් අතර පසුගිය මාස කිහිපය පුරා බරපතල මත ගැටුමක් නිර්මාණය වෙමින් පැවති බවය.

‘බොහෝ ප්‍රසිද්ධ නීතිකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් රුපියල් මිලියන ගණනින් මුදල් ලබාගන්නා බවට හෙළිවී ඇතැයි’ මහජන ආරක්ෂක ඇමති පසුගිය වසරේ දෙසැම්බර් 18 දා මාතර ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ විශේෂ වැඩසටහනකට එක්වෙමින් සිදු කරනු ලැබූ ප්‍රකාශය ඊට මුලික හේතුව වී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

‘යුක්තිය මෙහෙයුම’ට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිකරුවන් හෙළිදරව් කරමින් හෙට (30) සිට විශේෂ ප්‍රචාරක මෙහෙයුමක් ආරම්භකරන බවද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටයේය.

ටිරාන් අලස් ඇමතිට මොන මරණ තර්ජනය ආවත් පාතාලය හා කුඩු තුරන් කිරීමට ටිරාන් අලස් ඇමති කැපවන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය ෴


ඊයේ (28) අත්අඩංගුවට ගත් ‘අංගොඩ ලොක්කා’ගේ සගයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

(29.04.2024 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (28) සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් ඉන්දියාවේදී මියගිය යැයි කියන පාතාල නායක ‘අංගොඩ ලොක්කා’ගේ සගයා මැයි 04 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

ඉන්දියාවේදී මිය ගිය බවට පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙකු වන ‘චිටී’ නැමැත්තා ඊයේ (28) විදෙස් ගත වීමට උත්සහ කිරීමේදී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව සඳහන් කළේ ගුවන්තොටුපළේ මෑතකදී සවිකළ ස්වයංක්‍රීය හඳුනාගැනීමේ පද්ධතිය හරහා මොහු හඳුනාගැනීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවයි.

සැකකරු ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් උපයෝගි කර ගනිමින් විදෙස් ගත වීමට උත්සහ කර ඇති බවයි විමර්ශනවල දී අනාවරණ වී තිබුනේ.

අත්අඩංගුවට ගත් සැකකරු කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි වියේ පසුවන අතර, මොහු ‘අයිස්’ මත්ද්‍රව්‍ය කිලෝ 10 ක් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සහ ජාවාරම් කිරීමට අදාළව මුල්ලේරියාව පොලිසියට අවශ්‍යව සිටි තැනැත්තෙක්.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත අපරාධ කල්ලි සාමාජිකයින් රටින් පළා යාමේදී අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන්ගේ ඡායාරූප ලේඛන ගත කර ගුවන්තොටුපළ වෙත ලබා දී තිබුණා.

එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම සැකකරු ගුවන්තොටුපළින් පිටව යන අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

++++++++++

+


නැවතත් ‘වැඩ බැරි කයිවාරු කාරයෙකු’ට රැවටෙනවද තීරණය ජනතාව අතේ – විපක්ෂ නායක

(29.04.2024 – 15:57 +0530 – hirunews.lk/sinhala)

බොරු වීරයෙක්ට රැවටී රටම බංකොලොත් වුණ බවත් නැවතත් ‘වැඩ බැරි කයිවාරු කාරයෙකු’ට රැවටෙනව ද තීරණය ජනතාව අතේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ‘සක්වල සුහුරු පන්ති කාමර’ ලබා දීමේ වැඩසටහනේ 168 වැනි අදියර යටතේ අද (29) හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය මණ්ඩාඩුව මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්.

කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කිරීමට තමා කටයුතු කරන විට එය පවා උපහාසයට නැගීමට කටයුතු කරන බවත් බස් දෙනවිට ‘බස් මෑන්’ කියන බවත් තමා බෙදනවා යැයි බනින අයට කියන්න ඇත්තේ තමා බෙදන්නේ සිගරට් හෝ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය නොව පරිගණක, මුද්‍රණ යන්ත්‍ර සහ ශබ්දකෝෂ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළා.

+


එපා කියද්දී මුහුදේ නාන්න ගිය අයෙක් මරුට; අයෙකුට බරපතළයි

(29.04.2024 – 16:12 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් නයාරු මුහුදු සීමාවේ දිය නාමින් සිටියදී රළ පහරකට හසුව ගසාගෙන ගිය දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙකුගේ මළසිරුරක් අද (29) නයාරු මුහුදු තීරයට ගොඩගසා තිබියදී සොයාගත් බව කෝකිලායි පොලීසිය පවසනවා.

ඊයේ (28) දිනයේදී පිරිසක් මෙම ප්‍රදේශය ආශ්‍රිත මුහුදේ දිය නාමින් සිටි අවස්ථාවේදී ප්‍රදේශවාසී ධීවරයින් විසින් මෙම පිරිසට අදාල ස්ථානයේ දිය නෑම අවධානම් බැවින් දිය නෑමෙන් වලකින ලෙස දන්වා තිබෙනවා.

එයද සැලකිල්ලකට නොගෙන මෙම පිරිස අදාල ස්ථානයේ දියනාමින් සිටින අතරවාරයේ එක් (1) අයෙකු රළපහරට ගසාගෙන ගොස් තිබෙනවා.

රළ පහරට හසුවූ පුද්ගලයා සෙවීම සඳහා තවත් අයකු (1) උත්සහ කල අවස්ථාවේ එම පුද්ගල‍යාත් රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

එහිදී රළ පහරට හසුවූ දෙදෙනා (2) ගෙන් එක් (1) අයෙක් නාවික හමුදාවේ මැදිහත් වීමෙන් එම මොහොතේම බේරාගත් බවත්, යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අනෙක් (1) පුද්ගලයාගේ සිරුර අද (29) උදෑසන නයාරු මුහුදු තීරයට ගොඩගසා තිබූ බවත් අප වාර්තාකරු සඳහන් කරනවා ෴


කුරුවිටදී මල්ලී (17) සිදු කළ පහරදීමකින් අයියා (19) මරුට

(29.04.2024 – 16:17 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කුරුවිට – වලඳුර ප්‍රදේශයේදී බාල සොහොයුරා විසින් වැඩිමහල් සොහොයුරාට කතුරකින් සිදු කළ පහරදීමකින් වැඩිමහල් සොහොයුරා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් දෙදෙනා (2) අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඊයේ (28) රාත්‍රියේදී ඔවුන්ගේ නිවස තුළදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

තුවාල ලැබූ වැඩිමහල් සොහොයුරා රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

සිද්ධියෙන් මිය ගිය වැඩිමහල් සොහොයුරා 19 හැවිරිදි වියේ පසු වන අතර ඝාතනයට අත්අඩංගුවට ගත් බාල සොහොයුරා 17 හැවිරිදි වියේ පසු වන බවයි පොලිසිය සඳහන් කළේ ෴


ක්‍රීඩා කුසලතා මත අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගන්න බැහැ – අධ්‍යාපන අමාත්‍යංශය

(29.04.2024 – 16:38 +0530 – hirunews.lk/sinhala)

සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමේ දී ක්‍රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම සිදු නොකරන බවට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඉදිරියේ දී අදාළ වක්‍ර ලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බවද සඳහන් ෴


ජවිපෙට එරෙහිව United Youth තරුණ එකමුතුවෙන් මානව හිමිකම් පැමිණිල්ලක්

(29.04.2024 – 17:59 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ‘හිරු බලය’ වැඩසටහනේදී ‘ජනතා විමුක්ති පෙරමුණ’ විසින් මිනීමැරුම් සිදුකර ඇති බවට පිළිගත්බව පවසමින් United Youth තරුණ එකමුතුව මානව හිමිකම් කොමිසම වෙත අද (29) පස්වරුවේ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම United Youth තරුණ එකමුතුවේ අධ්‍යක්ෂ මණ්ඩල ලේකම් සමන්තිලක පවසා සිටියේ, ‘හිරු බලය’ වැඩසටහනේදී ‘නලින් හේවගේ’ විසින් ’78, 79 කාලයේ කුඩුකාරයින් සහ මිනීමරුවන් මරාදැමූ බව’ට සිදු කළ ප්‍රකාශය මගින් එසේ ඝාතනයට ලක් වූ සියලු දෙනාට අපහාසයක් වන බව‍යි.

එමෙන්ම කුඩුකාරයකු වුවත්, ස්ත්‍රී දූෂකයකු වුවත් කිසිවෙකුට තවත් අයකු ඝාතනය කිරීමේ හැකියාවක් නොමැති බවත් මෙම සාහසික ක්‍රියාව පිළිගන්නා ‘ජනතා විමුක්ති පෙරමුණ’ට එරෙහිව නීතිපතිවරයාත් වහාම කටයුතු කළයුතු බවත් සමන්තිලක වැඩිදුරටත් සඳහන් කලා ෴


සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ඇරඹෙයි

(29.04.2024 – 18:33 +0530 – hirunews.lk/sinhala)

මෙවර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම, සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එහිදී ඔහු සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභායය මැයි 07 වැනිදා පටන් ගෙන 20 වැනිදායින් අවසන් වන අතර එය අවසන් වූ වහාම ජුනි මාසයේ මුල් සතියේ දී උසස් පෙළ පන්ති ආරම්භ කරන බවයි.

ඒ අනුව විභාග සියල්ල නියම කාලයට පැවැත්වීමට හැකියාව ලැබෙන බවත් එහිදී දරුවන්ට විශාල කාලයක් බලා නොසිට විශ්ව විද්‍යාල සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු මේ ඔස්සේ යථා තත්ත්වයට පත් කළ හැකි වනු ඇති බවයි එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම මෙහිදී අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000 ක් බඳවා ගන්නා බවයි ෴


අහස කළු දුමෙන් වැසෙයි – ‘වැලිගම ගිණිගන්නා අරාබි පාසලේ’ නැවතත් ගින්නක්

(29.04.2024 – 18:48 +0530 – hirunews.lk/sinhala)

= වැලිගම අහස කළු දුමෙන් වැසෙයි – අරාබි පාසලේ ගින්නක් =

වැලිගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික පාසලක් වන ‘අරාබි විද්‍යාලයේ’ ගින්නක් හටගෙන තිබෙනවා.

විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව් (4) මහල් ගොඩනැඟිල්ලේ තෙවන (3) මහලේ මෙම ගින්න හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට කළු දුමාරයක් සහිතව ඉහළට නගින දුම් රොටු තුළත් වීඩියෝපට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

මේ අකාරයෙන් මෙම පාසල ඉකුත් මාර්තු මාසයේද ගිනි ගැනීමකට ලක්වූ බවයි වාර්තා වන්නේ.

+


‘නව විදුලි බල පනතට’ ‘විදුලි ඉංජිනේරු සංගමයේ’ විරෝධය

(29.04.2024 – 20:25 +0530 – hirunews.lk/sinhala)

‘නව විදුලිබල පනත’ පාර්ලිමේන්තුව තුළ සම්මත වුවහොත් ‘විදුලිබල මණ්ඩලයේ’ අනාගතය අඳුරු විය හැකි බව ‘ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය’ පවසනවා.

එම සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ මේ බව සඳහන් කළේ කොළඹ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

+

මේ අතර කාර්යාල පවත්වාගෙන යාම සඳහා ලබාදෙන රුපියල් 750 ක දීමනාව රුපියල් 3,000 ක් දක්වා ඉහළ දැමීම, සියලු‍ සේවකයින්ට රුපියල් 10,000 ක දිරි දීමනාවක් ලබා දීම, විශ්‍රාම වැටුප කප්පාදු නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ‘ආර්ථික සංවර්ධන නිලධාරීන්’ අද (29) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වුණා ෴


ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වෙයි

(29.04.2024 – 20:50 +0530 – hirunews.lk/sinhala)

සම්භාව්‍ය සංගීතඥයෙක් වන ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 91 වන වියේ පසු වූ මෙතුමා ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුවගේ පියාණන්ද වෙනවා.

ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව 1933 ඔක්තෝම්බර් මස 06 වැනි දින අවිස්සාවේල්ල කොස්ගම දී උපත ලබා තිබේ.

මෙතුමා සංගීතාචාර්යවරයෙක්, සම්භාව්‍ය සංගීතඥයෙක්, සංගීත උපදේශකවරයකු හා කථීකාචාර්යවරයකු ලෙසද කටුතු කර තිබේ ෴

+++++++++

(sinhala.adaderana.lk)
********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *