Category «බෞධ විරෝධී කුමන්ත්‍රණ»

කිසිදා පාසලක් නොදුටු වේල් ගණනක් කුසගින්නේ සිටි තවත් දරුවන් තුන්දෙනෙකු මහියංගණයේ

(19.06.2019 – 19:54 +0530 – hirunews.lk/sinhala) මන්ද පෝෂණයෙන් කුඩා දරුවෙකු මියගිය පුවතක් තිස්සමහාරාමයෙන් වාර්තා වෙද්දී කිසිදාක පාසල් නුදුටු, වේල් ගණන් කුසගින්නේ සිටින දරුවන් තුන්දෙනෙකුගෙන් යුත් පවුලක් පිළිබඳව තොරතුරු මහියංගණය – දඹාන – තිහ කොටස ප්‍රදේශයෙන් අද වාර්තාවුණා. වයස අවුරුදු 12 ක්, 8 ක් සහ එකහමාරක් වන මෙම දරුවන්ගේ පියා ගසකින් වැටී එක්තැන්වී සිටින අතර, මව …

සිංහල මවුවරුන්ට සැත්කම් කරද්දී ෂාෆිගේ කලබලකාරී හැසිරීමක්; කුරුණෑගල රෝහලේ ශල්‍යාගාර හෙදියෝ විමර්ශන කමිටුව හමුවේ කියති

(19.06.2019 – divaina.com) වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඩීන් සිංහල මවුවරුන් සඳහා සිසේරියන් සැත්කම් කරද්දී ඔහුගේ හැසිරීම සහ කි‍්‍රයාකරන ආකාරය ඉතාම සැක සහිත තත්ත්වයක පැවැති බවට ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් ඇතුළු කාර්ය මණ්ඩලය කුරුණෑගල ශික්‍ෂණ රෝහල සිදුකරන විශේෂ විමර්ශන කමිටුව හමුවේ ප‍්‍රකාශ ලබාදී ඇත. ශල්‍යාගාරවල රාජකාරි කරන හෙදි නිලධාරිනියන් 69 දෙනා අතරින් 39 දෙනකුම මේ වන විට …

මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතුයැයි සහරාන් ප්‍රසිද්ධ දේශන තුනකදී පැවසුවා – සයිලාන් මවුලවි

(19.06.2019 – 11:55 +0530 – lankadeepa.lk) ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් 2016 වර්ෂයේදී මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු යැයි ප්‍රසිද්ධ දේශනා තුනකදී ප්‍රකාශ කළත්, කිසිදු බලධාරියකු ඔහුට විරුද්ධව කටයුතු නොකළ බව සුෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් …

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින 2 ක දුම්රිය වර්ජනයක්

(19.06.2019 – 07:31 +0530 – hirunews.lk/sinhala) දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක (02) සංකේත වර්ජනයකට අවතීර්ණවීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ගැටළුව විසදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබියදීත් මුදල් අමාත්‍යාංශය මගින් එය ක්‍රියාත්මක නොකිරීමට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ …

කුසට අහරක් නොමැතිව මියගිය බිළිඳාගේ සංවේදී කතාව

(18.06.2019 – 20:53 +0530 – hirunews.lk/sinhala) කුසට නිසි අහරක් නොමැතිවීම හේතුවෙන් මාස 11 ක දරුවෙකු මියගොස් ඇති පුවතක් තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට ලක්වුණා. තිස්සමහාරාම විජයපුර පදිංචි මව්පිය යුවළකට දාව සිව්වැනි දරුවා ලෙස උපන් මලිත් වීරසිංහ මියගොස් තිබුණේ පසුගිය මැයි මස 15 වැනිදායි. පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ මන්දපෝෂණය හේතුවෙන් දරුවා …

ඇමති රාජිතට විරුද්ධව වහාම පියවර නොගන්නේ නම් වැඩවර්ජනයකට සූදානම් – GMOA

(17.06.2019 – 19:55 +0530 – hirunews.lk/sinhala) සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරුද්ධව වහා පියවරක් නොගන්නේ නම් වැඩවර්ජනයකට යාමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව සඳහන් කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. සෙල්ෆි මරණ 2 ක් : පොසොන් පෝදා රූමස්සල මුහුදේ සෙල්ෆි ගැනීමට ගිය හමුදා සෙබළෙකු සහ …

සාෆිට එරෙහිව පැමිණිලි සංඛ්‍යාව 1000 ඉක්මවයි

(17.06.2019 – 19:50 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කර දැනට අත්අඩංගුවේ පසුවන වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව මේ වනවිට දහස ඉක්මවා තිබෙනවා. කුරුණෑගල ශික්ෂණ රෝහලට අද වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 827 ක් වන අතර, දඹුල්ල මූලික රෝහලට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 164 ක්. එමෙන්ම දඹුල්ල පොලිස් ස්ථානයට …

ජනිපෙන් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයට ලිපියක්

(17.06.2019 – 12:17 +0530 – sinhala.adaderana.lk) මුස්ලිම් ජනතාව පීඩාවට පත්වන ආකාරයට සමාජයේ ප්‍රචලිත කෙරෙන මතවාද නිවැරදි කිරීම සහ සමස්ත සමාජය සුවපත් කිරීම සඳහා සිය මැදිහත්වීම අවශ්‍ය බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා විසින් සමස්ත ලංකා ජමියතුල්ලා උලමා සංවිධානයේ සභාපතිවරයාට ලිපියක් යොමු කර ඇත. එහිදි මුසම්මිල් මහතා පවසා ඇත්තේ තව්හීද් ජමාත් වැනි …

අපට ඇත්තේ ජනාධිපතිගෙන්, අගමැතිගෙන්, කථානායකගෙන්, පාර්ලිමේන්තුවෙන් රට බේරාගැනීමේ අභියෝගයයි! – යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා

(16.06.2019 – aruna.lk) ශල්‍යාගාරය තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වෙනවා නම් අපි කුමක් කරන්නද? පාර්ලිමේන්තුව කුණු වුණත් රටම සොහොනක් වුණත් මේ පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ. පොලිස්පති වගකිවයුතු නම් හොරා-පොලිස් ක්‍රමයට ඔහු පත් කරපු අගමැති ඊට වගකිව යුතු නැද්ද? යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත හා රටේ ආරක්ෂාව පිළිබඳ වෘත්තිකයන්ගේ සංගමය මෙහෙය වූ සම්මන්ත්‍රණයේදී ‘යුතුකම’ සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා …

මහජන මුදල් කෝටි ගනනක් විනාශ කළ මධ්‍යම අධිවේගී මාර්ගය

(16.06.2019 – 21:40 +0530 – hirunews.lk/sinhala) මෙරට මාර්ග පද්ධතියේ යෝධ පිම්මක් වන්නට තිබූ මධ්‍යම අධිවේගී මාර්ගය තවමත් මෙරට ජනතාවට හීනයක්ව තිබෙනවා. ඒ මෙරට දේශපාලඥයින් තමන්ට ලැබෙන ඕනෑම අවස්ථාවකින් ගසා කෑමට දක්වන කෑදරකම නිසාවෙන්. විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවට අනුව තවමත් එකදු අදියරක් හෝ වැඩ නිමවා නොමැති මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් පසුගිය දෙසැම්බර් මාසය වන විට පමණක් …