ඩුබායි හි සැඟව සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකුගේ (2) මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ 04 ක් කොටු

ඩුබායි හි සැඟව සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකුගේ (2) මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ 04 ක් කොටු


ඩුබායි හි සැඟව සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයන් දෙදෙනෙකුගේ (2) මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ 04 ක් කොටු

(06.05.2024 – 14:19 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි හි සැඟව සිටින ‘බ්ලූමැන්ඩල් රවී’ සහ ‘සමීර සංඛ’ යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනාගේ (2) මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ සිව්දෙනෙකු (4) මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, ගිනි අවි, ජීව උණ්ඩ සහ මත්ද්‍රව්‍ය ද සමගයි.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරතුරක් මත සහ මෝදර පොලිස් ස්ථානාධිපතිවරයාට ඔත්තුකරුවෙකු මාර්ගයෙන් ලැබුණු තොරතුරු මත කළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනුණා.

බස්නාහිර පළාත් බුද්ධි නිලධාරින්ගෙන් ලද තොරුතුරක් මත සහ මෝදර පොලිසියේ ස්ථානාධිපතිවරයාට පෞද්ගලික ඔත්තුකරුවෙකු මාර්ගයෙන් ලද තොරතුරු මත මෝදර වෙරළ තීරය ආසන්නයේ ත්‍රිරෝද රථයක රැඳී සිටි සැක කටයුතු පුද්ගලයින් දෙදෙනෙකු (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 25 යි මිලිග්‍රෑම් 300 ක් සිය භාරයට ගත් බවයි.

එහිදී සිදුකෙරුණු ප්‍රශ්න කිරීම්වලදී සැකකරුවන් තාවකාලිකව පදිංචිව සිටි රාගම තේ වත්ත පාරේ, දුටුගැමුණු මාවතේ පිහිටි නිවසක මිදුලේ සඟවා තිබූ ටී56 ගිනි අවියක් (1), එම උණ්ඩ 265 ක්, ටී56 මැගසින් දෙකක් (2) සහ මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ 23 ක් සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව නිවසේ තිබූ යතුරුපැදි දෙකක් (2) ද පොලිස් භාරයට ගැනුණා.

එමෙන්ම නිවසේ සිටි තවත් අයෙකු (1) ද අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 200 ක් සමගයි.

අනතුරුව ඒ ආසන්න මාර්ගයේ සිටි තවත් පුද්ගලයෙකු (1) පොලිස් භාරයට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 16 යි මිලිග්‍රෑම් 200 ක් සහ කේරල ගංජා කිලෝග්‍රෑමයක් (1) සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් මත ග්‍රෑන්ඩ්පාස් සේදවත්ත ප්‍රදේශයේ පිහිටි එක් (1) සැකකරුවෙකුගේ නිවසේ වළඳමා තිබූ රිවොල්වරයක් සහ ඊට භාවිත කරන උණ්ඩ හතරක් (4) ද සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව සැකකරුවන් සන්තයේ තිබී ත්‍රිරෝද රථ දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) බ්ලූ මැන්ඩල් රේල්පාර ප්‍රදේශයේ සහ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා (4) ඩුබායිහී සැඟව සිටින ‘බ්ලූමැන්ඩල් රවී’ සහ ‘සමීර සංඛ’ යන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ මෙරට මත්ද්‍රව්‍ය ව්‍යාපාරය කරගෙන යන අය බවටයි.

සැකකරුවන් අද (06) මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ගැනීමට අපේක්ෂා කරන බවයි පොලිසිය පැවසුවේ.

+


කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

(06.05.2024 – 16:36 +0530 – hirunews.lk/sinhala)

‘කුලියාපිටියේ තරුණයෙක්’ අතුරුදන් වීමේ සිදුවීමට අදාළව ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනා ගෙන ඇති ‘සිඟිති’ නැමති පුද්ගලයා අද (06) අධිකරණය වෙත භාර වී තිබෙනවා.

ඒ ඔහුගේ නීතිඥයින් මාර්ගයෙන්.

එහි දී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් නියෝග කර ඇත්තේ සැකකරු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදාහරින ලෙසයි.

සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගොස් අතුරුදන් වී සිටින මෙම තරුණයා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නෑ.

අදාළ සිදුවීමෙන් පසු පෙම්වතියත්, පියාත් ඇගේ 12 සහ 8 යන වයස්වල පසුවන සහෝදරියත්, සහෝදරයාත් පෙම්වතියගේ පියාගේ නැඟණියත් නැගණියගේ සැමියාත් පලාගොස් තිබුණා.

එමෙන්ම මෙසේ අතුරුදන්ව සිටින තරුණයාගේ අත් පා බැඳ මෝටර් රථයක දමාගෙන හිටපු දේශපාලනඥයකුගේ නිවසකට රැගෙන ගිය බවටද ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ තරුණයාව සිය දියණිය මාර්ගයෙන් පියා විසින් සිය නිවසට ගෙන්වාගෙන ඇති බවටයි මූලික පොලිස් විමර්ශනවලදී අනා‍රණය වී ඇත්තේ.

එහිදී තරුණියගේ පියා විසින් ඔහුට හිතවත් දෙදෙනෙකු (2) ද නිවසට ගෙන්වා ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම (2) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නමුත් පොලිසිය ඔවුන් හමුවේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ මෙම තරුණයාගේ ජීවිතයට කිසිදු හානියක් නොකළ බවයි ෴


“මහබැංකුව දැවැන්තම වැටුප් වැඩිවීම සේවකයින්ට ලබාදෙන්නෙ දිගින් දිගටම පාඩු ලබන අවස්ථාවක” – උදය ගම්මන්පිල

(06.05.2024 – 21:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහ බැංකුව අධික ලෙස අලාභ ලබමින් තිබියදී එහි සේවකයින්ට දැවැන්ත වැටුප් වැඩිවීමක් ලබාගත් මහ බැංකු අධිපතිවරයා සහ පාලක මණ්ඩලය වහා ඉල්ලා අස්විය යුතු බව ‘පිවිතුරු හෙළ උරුමයේ’ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 2023 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව පිළිබඳව අදහස් දක්වමින්.

2023 වර්ෂය තුළ සිදුකළ ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙහෙයුම් සහ ක්‍රියාකාරකම් පිළිබඳ යාවත්කාලීන කෙරුණු විස්තර ඇතුළත් ‘ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය ප්‍රකාශ සහ මෙහෙයුම් වාර්තාව’ උපුටා දක්වමින් උදය ගම්මන්පිල මේ අදහස් පළ කළා.

+++++++++

+


විදුලි මණ්ඩලය ලාභ ලබන්න. අපනයන ආර්ථිකය බිඳ දැමූ හැටි (06.05.2024)

+


වතු කම්කරුවන්ට 70% පඩි වැඩි කිරීමක්… ඡන්ද ගුණ්ඩුවක්ද? ඇත්තටම වෙනවද? (06.05.2024)

+


බුද්ධ දේශනාව විකෘති කිරීමේ උත්සහයක් ගැන අනාවරණයක් – ලංකාව භාරතයේ කොටසක් ? (06.05.2024)

+

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *